මේ මනුස්සය දිහා බැලුවම කොච්චර සරල චරිතයක්ද කියල පේනව. කොහොම හරි මේ උතුම් මිනිසව ජනපති කරන්න රටේ ජනයාට සිහි නුවණ පහල වෙයි කියල හිතෙනව. හැබැයි මහින්දයගෙ වැඩ sure නැහැ බං.



ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්රජාතන්ත්රවාදයේ සකල ප්රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ඨත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.
යුද්ධයෙන් ලැබුවා වූ හමුදා ජයග්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිඛෙන අතර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවටල තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප්රතිවිපාකයයි.
කලාකරුවා වූ කලී සමාජ ප්රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත් රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.
ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.
ධර්මසේන පතිරාජ
ධර්මසිරි බණ්ඩාරනායක
කේ. බී.හේරත්
පරාක්‍රම නිරිඇල්ල
ලුෂන් බුලත්සිංහල
ප්‍රසන්න විතානගේ
ගාමිණී වියන්ගොඩ
චූලානන්ද සමරනායක
චන්ද්‍රගුප්ත තේනුවර
ඩබ්ලිව්. ජයසිරි
ලක්ෂ්මන් මෙන්ඩිස්
අනෝමා රාජකරුණා
ලක්ෂ්මන් විජේසේකර
ඛෙනට් රත්නායක
කෞෂල්‍යා ප්‍රනාන්දු
දීපානි සිල්වා
නලින් ප්‍රදීප් උඩවෙල
සෞම්‍ය ලියනගේ
කසුන් කල්හාර
මොහාන් හෙට්ටිආරච්චි
මාලක දේවප්‍රිය
ජගත් මනුවර්ණ
සමනලී ෆොන්සේකා
ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි
කෞෂල්‍ය කුමාරසිංහ
දමින්ද මඩවල


Full Song
Bhathiya nem redi nathuwama Mara ta kade yanawa
