කසුන් කල්හාරගේ අලුත් සින්දුව පට්ට නේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකා කිවුවත් කලාකාරයෝ කරන්න ඕනි සින්දු හදාගෙන කියන එක නෙමයි මේ වෙලාවේ. එක තවත් ප්‍රශස්ති ගායනාවක් විතරයි. කළාකාරයෝ කරන්න ඕනි ජනතාවට සමීපවෙලා ඇත්ත යුක්තිය ත්රුම් කරලා දෙන එක. ගීත ගායනා කිරීමයි. මයිත්‍රී කියලා ගහපු ටිෂට් ඇදීමෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලකින් මහජනයාත් එක්ක මුහුවෙලා ජනතාව දැනුවත් කරන්න ඕනි වැඩ පිළිවෙල ගැන. හැබැයි අවාසනාවකට වගේ අපේ මිනිස්සු ඉල්ල්න්නේ රජ කෙනෙක්. නායකයෙක් නෙමයි. මෙහෙම රජවරු හොයලා පත් කරගත්තම ලංකාවට වෙන්නේ ලොකු මාළුවා රජෙක් හැටියට සලකපු මාලුරන්චුවට වෙච්චදේ තමයි.
     
    chootyputha1

    Well-known member
  • මේ සිංදුව ඇහුනම පුදුම ජාතික හැගීමක් එන්නෙ මචංල. රටේ අනාගතය පිලිබඳ නව බලාපොරොත්තුවක් ඇති වෙනව.:) මේ මනුස්සය දිහා බැලුවම කොච්චර සරල චරිතයක්ද කියල පේනව. කොහොම හරි මේ උතුම් මිනිසව ජනපති කරන්න රටේ ජනයාට සිහි නුවණ පහල වෙයි කියල හිතෙනව. හැබැයි මහින්දයගෙ වැඩ sure නැහැ බං.:angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදුව නම් පට්ටෙට කරලා තියෙනවා.. මාර කොලිටි..:love:

    ලොවෙත් ඔය කසුන් වෙන්න නම් බැහැ බං.. මලාට දේශපාලකයන්ට කඩේ යන ඩයල් එකක් නෙමෙයි.. ලංකාවෙ ගායකයින් ගත්තොත් අමුතුම විදියට හිතන පතන චරිතයක් තමා කසුන් කියන්නෙ..:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සකල ප්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ඨත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

    යුද්ධයෙන් ලැබුවා වූ හමුදා ජයග්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිඛෙන අතර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවටල තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප්‍රතිවිපාකයයි.

    කලාකරුවා වූ කලී සමාජ ප්‍රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත් රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.

    ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.

    ධර්මසේන පතිරාජ
    ධර්මසිරි බණ්ඩාරනායක
    කේ. බී.හේරත්
    පරාක්‍රම නිරිඇල්ල
    ලුෂන් බුලත්සිංහල
    ප්‍රසන්න විතානගේ
    ගාමිණී වියන්ගොඩ
    චූලානන්ද සමරනායක
    චන්ද්‍රගුප්ත තේනුවර
    ඩබ්ලිව්. ජයසිරි
    ලක්ෂ්මන් මෙන්ඩිස්
    අනෝමා රාජකරුණා
    ලක්ෂ්මන් විජේසේකර
    ඛෙනට් රත්නායක
    කෞෂල්‍යා ප්‍රනාන්දු
    දීපානි සිල්වා
    නලින් ප්‍රදීප් උඩවෙල
    සෞම්‍ය ලියනගේ
    කසුන් කල්හාර
    මොහාන් හෙට්ටිආරච්චි
    මාලක දේවප්‍රිය
    ජගත් මනුවර්ණ
    සමනලී ෆොන්සේකා
    ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි
    කෞෂල්‍ය කුමාරසිංහ
    දමින්ද මඩවල
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    :love::love:
     
    chootyputha1

    Well-known member
  • Bhathiya nem redi nathuwama Mara ta kade yanawa

    යන්න එපෑයැ බං chogm එකෙන් මිනිහට කෝටි ගානක් හම්බ වුනා කියන්නෙ them song එක කිව්වට. ඌට එච්චර හම්බුනාද දන්නෑ හැබැයි chogm බිලේ them song එකේ වියදමට කෝටි 100ක්ද කොහෙද වෙන් කරල තිබ්බ කියල ඒ කාලෙ හෙන ආරංච්චියක් ගියා.:rolleyes: