ආණ්ඩුවේ මඩ කුමන්ත්‍රණයක් හෙළිවේ
ආණ්ඩුව විසින් මුද්‍රණයකර බෙදාහැරීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කලා යැයි ඔවුන්ගේ ව්‍යාජ අත්සන් සහිත ව්‍යාජ ගිවිසුමක පිටපතක් එක්සත් ජාතික පක්ෂය වෙත ලැබී තිබූ අතර ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ එජාප මහලේකම් කබීර් හෂීම් , මංගල සමරවීර සහ රවී කරුනානායක තිදෙන එහි සත්‍ය අසත්‍යතාවය ගැන කරුණු පැහැදිලි කළහ.
ඒ අනුව එය මහින්ද රාජපක්ෂ සහ තිස්ස අත්තනායක එකතු වී සිදුකළ කුමන්ත්‍රණයක් බවත් මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාටත් රහස් පොලිසියටත් ලිඛිතව පැමිණිලි කල බවත් සමරවීර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසිය.
රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර කිසිඳු රහසිගත ගිිවිසුමක් නොමැති බව එජාප සන්නිවේදන අංශයේ ප්‍රධානි මංගල සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
එම මාධ්‍ය සාකච්ජාවේ වීඩියෝව පහත දැක්වේ

Last edited: