මගේ ජන්දේ කාටද?
අද හතර වෙනිදා. ජන්දේ තියෙන්නේ අට වෙනිදා. තව දවස් හතරයි. මේක තමයි මම ජන්දය දාන පළමුවෙනි ජනාධිපතිවරණය. මිට කලින් 2010 දී මට ජන්දය තිබුනේ නෑ.
මගේ පලවෙනි ජන්දය හරියට,නිවැරදි එකක් වෙන්නයි මට ඕනි. ආයේ ඊළගට පස්සේ දුක් වෙන්න බෑ. අපේ ගෙදර නං ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. තාත්තා නං මහින්ද මහත්තයට. හැබැයි තාත්තා ටිකක් දෙගිඩියාවෙන් වගේ ඉන්නේ.
ඉතිං මං කල්පනා කරේ මම කාටද ජන්දය දෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහතාටද,එහෙමත් නැත්තං මයිත්‍රීපාල සිරිසේන මහත්තයටද?
දැන් ගොඩක් වෙලාවට අලුතින් ජන්දය දෙන අය තමුන්ගේ ජන්දය දෙන්නේ ගෙදර අනික් අය,වැඩිහිටියන්ගේ තීරණය අනුවමනේ. ලංකාවේ එහෙමනි වෙන්නේ. ඒත් අපේ ගෙදර දෙපැත්තටම ජන්දේ බෙදිලා තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාට තවත් සැරයක් දෙන්නත් හිතයි. හැබැයි ඔය කියනවා වගේ අවුරුදු 8 කට තමයි මේ පාර ජන්දේ දින්නොත් එතුමා පත් වෙන්නේ. අවුරුදු 8 ක් කියන්නේ අපේ හොදම තරුණ කාලය. රටේ තත්වය අයහපත් වෙලා, ඒකාධිපති වෙලා ගඩාෆි වගේ වෙයිද කියලත් බයක් තියෙනවා.
මයිත්‍රීපාල මහත්තයට ජන්දය දීලා වෙනසක් කරන්නත් හිතෙනවා. හැබැයි ආයේ හිතෙනවා එතුමත් ඔය කිව්වට බලයට ඈවිත් ඔය කියන දේවල් මොකුත් නොකර ඉදිද කියලා. නොදන්නා වෙනසට වඩා දන්නා කෙනාම හොදයි කියලත් හිතෙනවා.
මොකද කරන්නේ කියලා මේ කල්පනා කරේ.
ප.ලි.
මම තීරණය කරා,මගේ පළමුවෙනි ජන්දය දෙන්නේ කාටද කියලා.ඒක අලුත් ත්‍රෙඩ් එකක දැම්මා.

Last edited: