ජන්දේ-කාටද?

Jan 4, 2015
94
4
0
Colombo
මගේ ජන්දේ කාටද?

අද හතර වෙනිදා. ජන්දේ තියෙන්නේ අට වෙනිදා. තව දවස් හතරයි. මේක තමයි මම ජන්දය දාන පළමුවෙනි ජනාධිපතිවරණය. මිට කලින් 2010 දී මට ජන්දය තිබුනේ නෑ.

මගේ පලවෙනි ජන්දය හරියට,නිවැරදි එකක් වෙන්නයි මට ඕනි. ආයේ ඊළගට පස්සේ දුක් වෙන්න බෑ. අපේ ගෙදර නං ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. තාත්තා නං මහින්ද මහත්තයට. හැබැයි තාත්තා ටිකක් දෙගිඩියාවෙන් වගේ ඉන්නේ.

ඉතිං මං කල්පනා කරේ මම කාටද ජන්දය දෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහතාටද,එහෙමත් නැත්තං මයිත්‍රීපාල සිරිසේන මහත්තයටද?

දැන් ගොඩක් වෙලාවට අලුතින් ජන්දය දෙන අය තමුන්ගේ ජන්දය දෙන්නේ ගෙදර අනික් අය,වැඩිහිටියන්ගේ තීරණය අනුවමනේ. ලංකාවේ එහෙමනි වෙන්නේ. ඒත් අපේ ගෙදර දෙපැත්තටම ජන්දේ බෙදිලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාට තවත් සැරයක් දෙන්නත් හිතයි. හැබැයි ඔය කියනවා වගේ අවුරුදු 8 කට තමයි මේ පාර ජන්දේ දින්නොත් එතුමා පත් වෙන්නේ. අවුරුදු 8 ක් කියන්නේ අපේ හොදම තරුණ කාලය. රටේ තත්වය අයහපත් වෙලා, ඒකාධිපති වෙලා ගඩාෆි වගේ වෙයිද කියලත් බයක් තියෙනවා.

මයිත්‍රීපාල මහත්තයට ජන්දය දීලා වෙනසක් කරන්නත් හිතෙනවා. හැබැයි ආයේ හිතෙනවා එතුමත් ඔය කිව්වට බලයට ඈවිත් ඔය කියන දේවල් මොකුත් නොකර ඉදිද කියලා. නොදන්නා වෙනසට වඩා දන්නා කෙනාම හොදයි කියලත් හිතෙනවා.

මොකද කරන්නේ කියලා මේ කල්පනා කරේ.

ප.ලි.
මම තීරණය කරා,මගේ පළමුවෙනි ජන්දය දෙන්නේ කාටද කියලා.ඒක අලුත් ත්‍රෙඩ් එකක දැම්මා.
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,497
    16,250
    113
    Mama nam my3 ta.pawule okkoma my3 ta..mahindata ayeth chande denna pissuwak naha.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මහින්ද රාජපක්ෂ මහතාට තවත් සැරයක් දෙන්නත් හිතයි. හැබැයි ඔය කියනවා වගේ අවුරුදු 8 කට තමයි මේ පාර ජන්දේ දින්නොත් එතුමා පත් වෙන්නේ. අවුරුදු 8 ක් කියන්නේ අපේ හොදම තරුණ කාලය. රටේ තත්වය අයහපත් වෙලා, ඒකාධිපති වෙලා ගඩාෆි වගේ වෙයිද කියලත් බයක් තියෙනවා.
    Gadafitath eha weyi.

    හොඳම දෙය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මත තීන්දුවක් ගැනීමය.

    ධනාත්මකව සිතන්න.
    අරගලයෙන් තොර දිනීමක් නැත.

    ‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
    මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
    නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
    - එලී වීසල්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙන්නටම දෙන්න බැරිනම් බත්තරමුල්ලේ සීලරතන හිමිට දීපන්. හැබැයි චන්දේ නොදා ඉන්න එපා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දත් මේ දවස් වල ඔය කතාවම තමයි කියන්නෙ
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    Mama nam my3 ta.pawule okkoma my3 ta..mahindata ayeth chande denna pissuwak naha.

    අපේ පවුලේ ජන්ද බෙදිලා තියෙන්නේ. ගෙදර අයත් එක පැත්තකටම දෙනවා නං ඔන්න මටත් ඒකටම ජන්දේ දීලා ඉන්න පුළුවන්.

    බලමුකෝ.

    Gadafitath eha weyi.

    හොඳම දෙය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මත තීන්දුවක් ගැනීමය.

    ධනාත්මකව සිතන්න.
    අරගලයෙන් තොර දිනීමක් නැත.

    ‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
    මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
    නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
    - එලී වීසල්

    ඔය ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරයිද බං? මයිත්‍රී මහත්තයා ඔය තියෙන එව්වා කරේ නැත්තන් මොකද කරන්නේ?

    දෙන්නටම දෙන්න බැරිනම් බත්තරමුල්ලේ සීලරතන හිමිට දීපන්. හැබැයි චන්දේ නොදා ඉන්න එපා.

    මයිත්‍රී හෝ මහින්ද මහත්වරු දෙදෙනාගෙන් එක්කෙනෙක්ට තමයි දෙන්නේ.

    e hamuduruwo MR ta neda.

    :confused::confused:
     
    මල්ලී, බයවෙන්න එපා. තාත්තට කියන්න මෛත්‍රී කියපු දේ නොකලොත් එහෙම නැත්තං බැරිවෙලාවත් උතුරු නැගෙනහිර ගැන ෆෙඩරල් කතා කිව්වොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙදී මිනිහගෙ කට්ටියම ගෙදර අරිනවා කියල. රාජපක්ෂ පවුල තව අවුරුදු 8ක් රජ වෙනවට වඩා එක හොඳයි. තව හිතන්න, ව්‍යවස්ථාවත් වෙනස් කරන් ඉන්න ලැස්ති වුනු කෙනා 2022දී අතහරියිද? ලෝක ඉතිහාසේ ඒ වගේ කිසි පාලකයෙක් කැමැත්තෙන් බිමට බැහැල නෑ එච්චර දිග පාලනයකට පස්සෙ. ඒ වගේ දේකට දායක වෙන්න එපා.
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    My3ta chande diyan. Anduwe boru mada pracharawalata rawatenna epa.

    බලමු.

    ඡන්දෙ නොද ඉන්නෙපා ... කැමති කෙනෙක්ට ගහ ගනින්

    ඒක තමයි කල්පනා කරේ. පලවෙනි ජන්දේ හරි තීරණයක්‌ ගන්න මේ කල්පනා කරන්නේ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔය ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරයිද බං? මයිත්‍රී මහත්තයා ඔය තියෙන එව්වා කරේ නැත්තන් මොකද කරන්නේ?

    eka thamayi Dhanathmakawa hithanna kiwwe.
    eka deyak aniwa wenawa, pawul palanaya awasan wima.
    jvp kiwwa wage methanin nawathinne nehe.
    kiyapuwa itu karanakam janathawa pela gahenna ona.
    methana thiyana lokuma prashne thawa awurudu 8k api hulla hulla inna oneda kiyana ekayi.

    meka anthima awasthawa wenna puluwan.
    uparima prayojanaya gaenima ape wagakima.
     
    Last edited:
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මල්ලී, බයවෙන්න එපා. තාත්තට කියන්න මෛත්‍රී කියපු දේ නොකලොත් එහෙම නැත්තං බැරිවෙලාවත් උතුරු නැගෙනහිර ගැන ෆෙඩරල් කතා කිව්වොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙදී මිනිහගෙ කට්ටියම ගෙදර අරිනවා කියල. රාජපක්ෂ පවුල තව අවුරුදු 8ක් රජ වෙනවට වඩා එක හොඳයි. තව හිතන්න, ව්‍යවස්ථාවත් වෙනස් කරන් ඉන්න ලැස්ති වුනු කෙනා 2022දී අතහරියිද? ලෝක ඉතිහාසේ ඒ වගේ කිසි පාලකයෙක් කැමැත්තෙන් බිමට බැහැල නෑ එච්චර දිග පාලනයකට පස්සෙ. ඒ වගේ දේකට දායක වෙන්න එපා.

    අන්න ඔය අවුරුදු 8 ක් එක දිගට බලය ලැබෙන නිසා තමයි මටත් මහින්ද මහත්තයට ජන්දේ දෙන්න බය. අවුරුදු 8 ක් කියන්නේ මගේ ජිවිතේ හොදම කාලේ. ඒ කාලේ රටේ ප්‍රශ්න ඇතිවෙලා,රට විනාශ වෙනවා කියන්නේ අපි අනාතයි..

    ඒත් ඔය මයිත්‍රී මහත්තයාටත් බලය ලැබෙන්නේ විධායක බලතල සහිතවනේ. එතුමාත් ඔය ආණ්ඩුවේ අය කියනවා වගේ යන්නේ නැතිව හිටියොත් මොකෝ වෙන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්න ඔය අවුරුදු 8 ක් එක දිගට බලය ලැබෙන නිසා තමයි මටත් මහින්ද මහත්තයට ජන්දේ දෙන්න බය. අවුරුදු 8 ක් කියන්නේ මගේ ජිවිතේ හොදම කාලේ. ඒ කාලේ රටේ ප්‍රශ්න ඇතිවෙලා,රට විනාශ වෙනවා කියන්නේ අපි අනාතයි..

    ඒත් ඔය මයිත්‍රී මහත්තයාටත් බලය ලැබෙන්නේ විධායක බලතල සහිතවනේ. එතුමාත් ඔය ආණ්ඩුවේ අය කියනවා වගේ යන්නේ නැතිව හිටියොත් මොකෝ වෙන්නේ?
    යන්නේ නැතුව හිටියොත් එන පාර පාර්ලිමේන්තු මැතිවරනෙන් ආන්ඩුව වට්ටපන්. ඉවරයිනේ..
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Hemoma wage 7 wenida wenakal my3 ekka hitapan udema gihin mahindata gahapan ape office eketh ennen a wage aya