යකෝ උඹ ඉදල හිටලා නේද එන්නෙත් මන් හිතුවෙ අරුන් ටික විතරයි කියලමාමල හතර දෙනා පැත්තක දාල අහිංසක මාව කුමන්ත්රණේ මුලට දාල![]()
යකෝ උඹ ඉදල හිටලා නේද එන්නෙත් මන් හිතුවෙ අරුන් ටික විතරයි කියල

මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...
හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...
කකියන දඬු කුරුසේ...
වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ
මිරිකා කඳුළු ඇසේ...
“ඔවුන් මගේ පුත්රයාට කටු ඔටුනු පලන්දා
කස පහර දී මුහුණට කෙළ ගසා
කුරුස ගසේ තබා ඇණගසලා…”
ගලවා සළුපිලි අධර්මයේ ගලවා අභරණ අයුක්තියේ ..
පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත
පාලක ඝාතක ජඩයන්ගේ...
පාහර පූජක ගවයන්ගේ...
“ඔහු කල මහා පාප කර්මය එයයි..
අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත
පෙන්වා දීමයි..”
ඉපදී පොඩි ගව මඩුවේ හැදී වැඩී වඩු මඩුවේ…
මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ...
අභීත මැයි පුතුනේ...
“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”
සෙබළුනි මන්ද විරාමය හෙල්ලට
අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට
සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...
සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...
“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ
නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා
කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”
නිබ්බුතා නූන සා මාතා...
නිබ්බුතා නූන සෝ පිතා...
නිබ්බුතා නූන සා නාරී..
යස්සායං ඊදිසෝ පතී...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ස්ටැන්ලි පීරිස්.
