මටත් කාර් එකක් අරන් tourism වලට දාන idea එක තිබ්බා.මේ thread එක දැක්කම තමයි වැඩේ තේරුනේ.හිතන තරම් ලෙසි නැති බව.
කියලා වැඩක් නෑ බං...... මුන් එකෙක්වත් මට හිත සැනසෙන්නවත් දෙයක් කිව්වේ නෑ.... මානසිකව වට්ටපු එකමයි කරේ....... 
මටත් කාර් එකක් අරන් tourism වලට දාන idea එක තිබ්බා.මේ thread එක දැක්කම තමයි වැඩේ තේරුනේ.හිතන තරම් ලෙසි නැති බව.
කියලා වැඩක් නෑ බං...... මුන් එකෙක්වත් මට හිත සැනසෙන්නවත් දෙයක් කිව්වේ නෑ.... මානසිකව වට්ටපු එකමයි කරේ....... 
ඔය එකක් අර කුප්ප හරිදුවාගේ......
![]()


දැනුයි යකෝ ත්රෙඩ් එකට ආවෙත්.. මගුලක් කියෝනවා...![]()
ටැග් දාපු උන් නම්..... කුජීතයි නේහ්..... 
වල් බඩාට බම්ප්. දන්න කියන අය කියයි..![]()
ඔක්කොම මාව මානසිකව වට්ටලා දනිස්සත් තුවාල කෙරෙව්වා බං..... 
ඔක්කොම මාව මානසිකව වට්ටලා දනිස්සත් තුවාල කෙරෙව්වා බං.....
![]()

හයර් දුවන්න ඉතින් දානවනම් හයිබ්රිඩ් එකක් දාන එක වාසියි. එත් මචෝ උඹට 79 000 ක් ලීසිං එක වැටෙනවානම් ඔය වැඩෙන් ලාභ ගන්නනම් වෙන්නේ නැතෝ. මම රෙන්ට් කරන එක නැතුව අනෙකුත් හයර් දුවන සබ්ජෙක්ට් එක කරා ලංකාවේ ඉද්දි කාලයක්. ලාබෙ තියෙන්නේ ඒජන්සි එකට විතරයි. වාහන අයිතිකාරයෝන්ට ලැබෙන ලාභයක් නැහැ. මම කිලෝමීටර් 3000 ක් දුවවල වාහනේ අයිතිකාරයින්ට ගෙව්වේ 21000 යි. 3000 දිව්වාම මගේ ආදායම 50 ත් 60 ත් අතර තියෙනවා. ඩ්රයිවර් පඩි ගෙවල ඩීසල් ගහල 10ක් 15 ක් අතර ගානක් ශුද්ද ලාභ ඉතුරුයි අනුන්ගේ වාහනෙන්. අයිතිකාරයා තමයි සර්විස් කරන්න ඕන.
උඹට ලාභයක් ගන්නම ඕනෙනම් ඩ්රයිවර්, තෙල් උන්ට කරගන්න දීල වාහනේට ලැබෙන ගාන විතරක් ගන්න එක ලාබයි ඩ්රයිවර්ලා ට පඩි ගෙවල තෙල් ගහල අතේ සල්ලි හිර කරගන්නවාට වඩා. වාහනේ අවුරුදු 5 කින් කීයකට හරි විකුණලා දාල හිත හදාගන්න බලාගෙන ගනින්. අතින් සත පහක්වත් නොදී ෆුල් ලීස් එකක් දාල වාහනේ අරන් ගෙදර ගේන්නෙම නැතුව එහෙමම ඒජන්සියකට දීල එන්න පුලුවනිනම් වැඩේ ලාභයක් ගන්න පුළුවනි.
වාහනේට ආදරේ කරන්නයි වාහනෙන් සල්ලි හම්බුකරන්නයි බැහැ මචන්. මම වාහන දිවෙව්වේ වාහන වලට කිසිම ආදරයක් නැතුව. වැනට් එකක් තිබ්බ ඉරිදට විතරයි එන්ජිම නවත්තන්නේ. උදේට දිලිවරියකට දීල තිබ්බ, එතනින් එහෙමම ඇවිත් රෑට වෙන ඩ්රයිවර් කෙනෙක් එක්ක ගාර්මන්ට් යනවා නයිට් ශිෆ්ට් ළමයි අදින්න. උදේට ඩ්රයිවර් කෙලින්ම වාහනේ දෙන්නේ දවල් දුවන ඩ්රයිවර්ට. එහෙම දිව්වාම සල්ලි එනවා. අවුරුදු දෙකෙන් තුනෙන් ලීස් ඉවර කරලා වික්කාම සතයක්වත් ආයෝජනය නොකර ගානක් ඉතුරු වෙනවා අතට. උඹ එහෙම යකඩ ලවර් කෙනෙක් නෙවෙයිනම් වැඩේට අත තියපන්. වාහනේට පෙම් බඳින තත්වයක ඉන්නවනම් අවුරුදු දෙක තුනක් යද්දී පපුවේ අමාරුවක් හැදෙන්න ඉඩ තිබේ
පොල්වත්ත මාමි ඔයා......
ඔව් ඔව් මාමේ..... අවුරුදු 5 වාහනේ දුවලා..... 6 වෙනි අවුරුද්දේ වෙන වාහනේකට මාරු වෙන්න තමා කල්පනාව......

මචන් අනුන්ට හම්බුකරන්න නය වෙන්න එපා. තමුන්ට හම්බු කරන්න නය වෙයන්.. වෑන් එකක් අරන් cab service ස්ටිකර් එකක් ගහල ටිකක් දන්නා අඳුනන උදවිය අතරේ ප්රසිද්ද කරලා දුවවපන්. වැඩේ නැගල යනවා අනිවාර්යයි උඹේ රේට්ස් අඩුනම්. වැඩේ නැගල යද්දී ලීස් හිර වෙච්ච වෑන් ඕනෑතරම් තියනවා මාසෙට 25ක් 30 ක් දෙනකොට කුලියට ගන්න. තමුන්ගේ කියල ඒජන්සියක් පටන් ගන්න ඔලුව යොදවපන්.. අනුන් ළඟ දිව්වාම චෙක් පරක්කුයි මාස ගණන්. සල්ලි ඉල්ලලා කරදර කරාම වාහනේ එපා කියනවා. වාහන සබ්ජෙක්ට් එකේ ඉන්න එවුන් ලෝකේ කාල ඉන්නේ.
අපෝ ඔව් බං.... අපේ නෑ කෙනෙක් තැනකට ඈල්ටෝවක් දාලා.... උන් ඒක තව තැනකට දාලා..... උන් ඒක එකෙක්ට කුලියට දීලා..... ඒකා කාර් එක ඔට්ටු අල්ලලා..... මාස 9ක් විතර ගිහින් ත්රිකුණාමලේ තිබිලා වාහනේ හොයා ගත්තේ..... නඩු ගිහින් අවුරුදු එකහමාරකින් විතර වාහනේ හම්බ උනේ.......
15 දෙනෙක් ගමනක් යනවා නම්.... උන් ගන්නේ සීට් 42 බස් එකක් දැන් කාලේ...... 
Mage yaluwek Prius 2013 ekak dala thiyenawa "Kangaroo cabs" ekata u nm kiyana widiyata uta hoda profit ekak enawalu..porama thamai Drive karanne..habai "kangaroo cabs" eke patta rules lu.. GOOD LUCK BOSS!!!
http://www.2588588.com/
මචන් යාළුවටත් කියලා..... මට යාළුවගේ නම්බර් එක දීපන්කෝ.... පොඩ්ඩක් කතා කරලා විස්තර දැන ගන්න ඕනා මට...... 
ඒක හොඳයි. නැත්නම් හිරවුනොත් කුට්ටමත් උකස් තියන්න වෙයි.![]()
බය කරන්න එපා බොලව්..... 
පොල්වත්ත මාමි ඔයා......
![]()
![]()
ඔව් ඔව් මාමේ..... අවුරුදු 5 වාහනේ දුවලා..... 6 වෙනි අවුරුද්දේ වෙන වාහනේකට මාරු වෙන්න තමා කල්පනාව......
![]()
ඩ්රයිවර් නැතුව දාන තැන් වලින් ගෙවන්නේ සොච්චමයි මාමේ....... 75ක් 85ක් තමා ගෙවන්නේ එහෙම දැම්මොත්..... ලීස් එකම මට 79ක් 74ක් වැටෙයි......![]()
ඉතින් හයර් දුවන්න තමා දාගන්න වෙන්නේ ඩ්රයිවර් එක්ක......![]()
මට දැන ගන්න උවමනා..... හයර් දුවන එකට ඔය තරමට හයර් තියෙනවද කියන එකයි..... තියෙනවා නම් අවුලක් නෑ...... ඩ්රයිවර් ඉන්නවා..... වාහනේ දාන්න බය වෙන්න දෙයක් නෑ.... ඩ්රයිවර් 100% Sure බුවා මට.....![]()
![]()
මචන් යාළුවටත් කියලා..... මට යාළුවගේ නම්බර් එක දීපන්කෝ.... පොඩ්ඩක් කතා කරලා විස්තර දැන ගන්න ඕනා මට......
![]()

හයර් තියනවා .. එත් පටන් ගත්තු ගමන් හයර් උඹේ ලීස් එක ගෙවන්න තරම් ලැබෙන්නේ නැහැ.මාස පහක් හයක් යාවි අය වැය සමාන වෙන්න. එතකම් ඉතින් පාඩු තමයි. ඒ හින්ද මගේ අවවාදය ඉස්සෙල්ලම 79ක් තරම් ලොකු ලීස් එකකට කර තියන්න එපා. පුලුවනිනම් හිර වෙච්ච එකෙකුගේ වාහනයක් රෙන්ට් එකට අරන් හයර් ටික හදාගන්න. වෑන් වලින් තමයි වැඩේ පටන්ගත යුත්තේ මචන්. කාර් සබ්ජෙක්ට් එකට එන්න ඕන වෑන් වලින් වැඩේ ගොඩ දාගෙන තමයි. ලීස් හිර වෙච්ච බට්ටෝ වෑන් එකකුයි ලොකු වෑන් එකෙකුයි රෙන්ට් එකට අරගෙන ස්ටිකර් ගහල හෑන්ඩ් බිල් ටිකක් ගහල වැඩේ පටන් ගනින්. උඹට අවුරුදු දෙකක් යද්දී හයිබ්රිඩ් දෙකක් තුනක් බස්සගන්න පුළුවන් වෙයි.
මගේ යාලුවෙක් 3W & Nano කාර් කරනවා..... මාළඹේ..... ඌ නම් කියන්නේ හයර් අඩුයි කියලයි දැන්..... එහෙව් එකේ වෑන් වලට හයර් තියේද මාමේ...... ??දැන් නම් පොරගේ ෆෝන් එක ඕෆ්.. මම දවල්ට නම්බර් එක PM කරන්නම් ..![]()
එල එල මචෝ.... වැඩේ දැනට කරගෙන යන එකෙක්ගේ විස්තරේ තමා මට වැදගත්ම මේ වෙලාවේ..... මොකද ඌ දැන් වතුරට බැහැලා පීනන්න පටන් ගත්ත එකෙක්නේ...... මම තවම ගොඩ ඉදන් පීනන්න පුලුවන්ද කියලා හිතන එකානේ..... 