Wedding Help

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :eek: ප්‍රාණඝාත අකුසලයක් වෙන්න සම්පූර්ණ වෙන්න ඕන කරුණු සම්පූර්ණ වෙන්නෙ නෑ ccye මස් මාළු කෑමෙන්. :no: ඒක නිසා ඕක ඔහොම වෙන්නෙ නෑ.

    :shocked::shocked::shocked: අනික් කාරණේ නම් සලකා බලන්න වෙනව. :rofl: :P

    එහෙමනම් මමත් මෙහෙම කියන්නම්

    අපි බොන්න දෙනවා මිසක් අපි බොන්නේ නෑනේ, බල කරන්නෙත් නෑනේ. බිව්වොත්නේ සුරාමේරය පන්සිල් පදේ කැඩෙන්නේ. එතකොටත් කරුනු සම්පූර්න වෙන්නේ නෑ

    මමනම් කියන්නේ වැරදිනම් බොන්න දෙන එකයි මස් මාලු දෙන එකයි දෙකම වැරදි. දෙනවනම් ඔක්කොම දෙන්න ඕනේ නොදෙනවනම් දෙකම නොදී ඉන්න ඕනේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් කීවට තරහ වෙන්න එපා. උඹ බෞද්ධයෙක් නම් පුළුවන් නම් අරක්කු සිගරට් බියර් නැතුව වෙඩිම කරන්න බලපන්. උඹ නොබීවත් කාටහරි බොන්න දෙන එකම පවක් නෙ. :no: අරක්කු සිගරට් බියර් වලින් සංග්‍රහ කරලා හරි කරන්න කලින් හරි පන්සලකට ගිහින් ෆොටෝ ගන්න එකම බලපන් මොන තරම් නොගැලපෙන දෙයක්ද කියල. පෙනුමෙන් බෞද්ධ වගේ පෙන්නුවට ක්‍රියාවෙන් අසත්පුරුෂ ගතිනෙ.

    අදහස විතරයි කීවෙ. උඹේ වෙඩිම උඹට සතුටු විදියට කරපන්. මම නම් තව බඳින්න තියා හිතලවත් නෑ. බඳිනව නම් ගෙදර අය එක්ක රන්ඩු කරලා හරි ඕවා නොදී ඉන්න උපරිම උත්සහ කරනව. :)

    උඹ කියන එක ඇත්ත මචන්.ඒත් හැම පැත්තම බැලන්ස් කරලා වෙඩිමක් ගන්නවා කියන්නේ හෙන අමාරු වැඩක්.පවුල් 2කේ අදහස් බාරගානක් තියෙනවා,ඕවා තනි මතේකට ගේනවා කියන්නේ හෙන අමරු වැඩක්.උඹට එහෙම කරන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Optimus Prime

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    රත්තරං;17863874 said:
    වෙඩින් කේක් සීන් එක. දැන් රුපියල් 30හේ ඉදන් කේක් තියෙනවා. නිකන් 10යේ මුද්දරේ වගේ කේක් දෙන්න එපා. 60කට 80කට වගේ සාමාන්‍යයෙන් ලොකු කෑල්ලක් දුන්නහැකි. කොල වල ඔතනවට වඩා ඔය පිටකොටුවේ ඇවිද්දනම් අඩුවට පොඩි අයිටම් එකක් හොයාගත්තහැකි.නිකන් පෝසිලේන් හෝ ප්ලාස්ටික් බොක්ස් එකක්. බොහොම අඩුවට, අලුත් දෙයක් කරපන් ඒකට. මම වීදුරු ඩොල්ෆින් මාලු දෙන්නෙක්ගේ පොඩි අයිටම් එකක් දුන්නේ.එකක් ඩොලර් 2 කටත් අඩු ගානක් ගානේ සින්ග වලින් ගත්තේ:P

    නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා:no::no:

    අශ්ටක කියන බුවාට කියපන් නිකන් වෙලාව කකා උගේ වැඩ පෙන්නන්නේ නැතුව කොරන මගුලක් ඉක්මනට කරන්න තියෙනවා හනිමූන් යන්න පරක්කු වෙනව කියල:P:P. නාකි හිපාටුවෝ ඉන්නවා ගම කනවා මචන්. උගේ වැඩේ ඉවරවෙච්ච ගමන් යවපන්. සමහර උන් දෙකක් දාගත්තහම කවි කියන්නයි එකම විකාරයයි.

    මංගල සභාව ඕනේ නෑ බන්. මල විකාරයක්.

    උබේ යාලුවන්ට සියල්ල බෙදල දීපන්. උබ කිසිම දෙයක් තියාගන්න එපා

    හනිමූන් යද්දි කන්ඩිශනර් බෝතල් දෙකක් තුනක් ගෙනියපන්(සිරාවටම දෙක තුනක් ගෙනියපන් ). වෙනවැඩක් කරන්න බෑ එදාට කොන්ඩ කටු ගලවනව ඇරෙන්න. මම කොන්ඩ කටු ගලවලා අතුගෑවේ කොස්සෙන්.

    හනිමූන් යද්දි ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්නම්. ඔය කිස්ම හෝටලයක් ෆුල් වෙන්නේ නෑ. උබ දන්නවද කලින් "හනිමූන්" කියල බුක් කලාම 50000හේ රූම් එක ගොනාසේ ගිහින් ගත්තහම 15000යි. ඇදුන් ටිකත් බෑක් එකේ දාන් හිමීට පලයන්. අමු බොරුව කරන්නේ හනීමූන් පැකේජ් කියලා

    කලින් දවසේ රෑ සේරම බුවාලට කෝල් කරපන්. මල් ගල් පොල් සේරටම.

    අර උදේට පොවන එලකිරි එකනම් ගහන්න එපා පුතෝ. ඕක හින්දා හුගක් උන්ගේ පවර් වෑල් ඔන් වෙනවා. ආ තව එකක්. බෙස්ට්මන් කෙනෙක් නොවන එක යාලුවෙක්ට කියපන් වෙඩින් එක පටන් අරන් ඉවරයක් වෙනකන්ම උබේ ඇස් දෙකට පේන මානේ ඇලට් එකෙක්න් ඉන්න කියලා

    උබලගේ පව්ලේ බීලා චාටර් සීන් දාන උන් ඉන්නවනම් කොල්ලෝ දෙන්නෙක් ලෑස්ති කරලා තියපන් ඩිකියකට දාලා වහල දාන්න., මම වෙඩින් වල දැකලා තියෙනවා ගම කන උන් ඉන්නවා

    බෑන්ඩ් එක ත්‍රීපීස් ගැහුවනම් හොදටෝම ඇති, උබ ආස ගායකයෙක් ඉන්නවනම් සෙට් කරගනින්. 25000කට වගේ ලොකු අත්තක් ඇල්ලුවහැකි. ඩීජේනම් මෙලෝ රහකට නෑ. මහ හිගන වැඩක් කොහෙවත් යන හිපියෙක් අල්ලන් ඩීජේ කිරිල්ල

    ආ වෙල්කම් ඩ්‍රින් එක වෙනස් විදිහකට දියන්. අර අන්නාසි වතුරේ දියකරල වගේ දෙන කහපාට ජරාව දෙන්න එපා. ටේබල් ඇරේන්ජ්මන්ට් එක හොටෙල් එකෙන් අහලා හොදට බලපන්. ඒවගෙන් තමා පෙනුම එන්නේ
    මේ තියෙන්නෙ වැඩේ වෙන විදිය ලෙසටම
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්තරං;17868137 said:

    එහෙමනම් මමත් මෙහෙම කියන්නම්

    අපි බොන්න දෙනවා මිසක් අපි බොන්නේ නෑනේ, බල කරන්නෙත් නෑනේ. බිව්වොත්නේ සුරාමේරය පන්සිල් පදේ කැඩෙන්නේ. එතකොටත් කරුනු සම්පූර්න වෙන්නේ නෑ

    මමනම් කියන්නේ වැරදිනම් බොන්න දෙන එකයි මස් මාලු දෙන එකයි දෙකම වැරදි. දෙනවනම් ඔක්කොම දෙන්න ඕනේ නොදෙනවනම් දෙකම නොදී ඉන්න ඕනේ

    :rofl: :rofl: හා හා... :lol: දැන් ඕක මදෑ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ කියන එක ඇත්ත මචන්.ඒත් හැම පැත්තම බැලන්ස් කරලා වෙඩිමක් ගන්නවා කියන්නේ හෙන අමාරු වැඩක්.පවුල් 2කේ අදහස් බාරගානක් තියෙනවා,ඕවා තනි මතේකට ගේනවා කියන්නේ හෙන අමරු වැඩක්.උඹට එහෙම කරන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.

    :yes: අනිවා මචන් මම පිලිගන්නව. :lol: වැඩියෙ ඕන නෑ බොන උන් ඉන්න තැනක නොබොන එකෙක් පොඩි හරි අවවාදයක් දුන්නම බලපන්කො ඇඟට ගොඩවෙන හැටි උන්. උඹේ කතාව සහතික ඇත්ත. පවුල් දෙකේම සමාන අදහස් දරණව නම් ඉතින් බොහොම කලාතුරකින් තමයි. බොහෝවිට වෙන්නෙ එකම පවුලකින් වත් බොන්න නොදී ඉන්න කැමති වෙන්නෙ නෑ. මොන තරම් අග හිඟකම් තිබ්බත්. :yes:

    :cool: හොඳින් වැඩ ටික කරගනින් මචන් මම මැදින් පැනලා ත්‍රේඩ් එක කෑවා නෙවෙයි මට හිතුන අදහස මම කීව. එච්චරයි.. එලස්ස්.. :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes: අනිවා මචන් මම පිලිගන්නව. :lol: වැඩියෙ ඕන නෑ බොන උන් ඉන්න තැනක නොබොන එකෙක් පොඩි හරි අවවාදයක් දුන්නම බලපන්කො ඇඟට ගොඩවෙන හැටි උන්. උඹේ කතාව සහතික ඇත්ත. පවුල් දෙකේම සමාන අදහස් දරණව නම් ඉතින් බොහොම කලාතුරකින් තමයි. බොහෝවිට වෙන්නෙ එකම පවුලකින් වත් බොන්න නොදී ඉන්න කැමති වෙන්නෙ නෑ. මොන තරම් අග හිඟකම් තිබ්බත්. :yes:

    :cool: හොඳින් වැඩ ටික කරගනින් මචන් මම මැදින් පැනලා ත්‍රේඩ් එක කෑවා නෙවෙයි මට හිතුන අදහස මම කීව. එච්චරයි.. එලස්ස්.. :)

    එහෙම අවුලක් නැහැ බන්,උඹට වෙඩින් කරන කාලෙක තේරෙයි.
    පවුල් දෙකෙ කෙසේ වෙතත් කෙල්ලවවත් එකම මතේට ගන්න පුලුවන්නම් ගොඩ. :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙම අවුලක් නැහැ බන්,උඹට වෙඩින් කරන කාලෙක තේරෙයි.
    පවුල් දෙකෙ කෙසේ වෙතත් කෙල්ලවවත් එකම මතේට ගන්න පුලුවන්නම් ගොඩ. :D

    :shocked::shocked: ඇඬෙනව නෙ ඉතින් ඕවා අහද්දි.. :sorry::(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිල්ලැව පන්සලේ අර ඇවිදින ඒකටත් ඒනවා මචන් වෙඩින් කපල් පොටො ගන්න
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා

    :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිල්ලැව පන්සලේ අර ඇවිදින ඒකටත් ඒනවා මචන් වෙඩින් කපල් පොටො ගන්න

    thankz machan :)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17864165 said:
    ඉග්නෝර් ලිස්ට් එකේ ඉන්න මැසේජ් හිඩ්න් වෙන කුක්කෙක්ට ඇරෙන්න අනික් සේරටම රිප්ලයි කලා. දැනගන්න ඕනේ දෙයක් තියෙන කෙනෙක් ඕනේ වෙලාවක VM එකක් දාලා අහන්න:yes::yes:

    ඉග්නෝ ලිස්ට් ඉන්න මම දාපු පොස්ට් තෝ දැක්කෙ කොහොමද රත්තරං බූරුවෝ? :lol:
    රිදෙයි Physical science කරලා Engineer කියාගන්න හීනමාන රත්තරං බූරුවට :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම වෙඩිමට සුභ පතනවා මචන්.....:D

    මෙහෙමයි ගවනස් චොයිස් එක ලෝකල් බ්‍රෑන්ඩ් එකක් උනත් පට්ටෙට වදිනවා... හොඳා ඒ නිසා ගානත් ශේප් උබට..:yes:

    වෙඩිමට වැට් 69 තියහන් ඔපීසියේ මතංලට එහෙම....... ගාන වගේම රස ගුණ කොලිටිය සේරම තත්වෙකට තියන බීමක්...:)

    තව ඕනි නම් ෆ්‍රෑන්ක් ලින්ක් එකක් උනත් ශේප් ඒකත් සුප්ප 1200 ගානක් වගේ බෝතලයක් මතං :cool:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිල්ලැව පන්සලේ අර ඇවිදින ඒකටත් ඒනවා මචන් වෙඩින් කපල් පොටො ගන්න

    මුලින්ම වෙඩිමට සුභ පතනවා මචන්.....:D

    මෙහෙමයි ගවනස් චොයිස් එක ලෝකල් බ්‍රෑන්ඩ් එකක් උනත් පට්ටෙට වදිනවා... හොඳා ඒ නිසා ගානත් ශේප් උබට..:yes:

    වෙඩිමට වැට් 69 තියහන් ඔපීසියේ මතංලට එහෙම....... ගාන වගේම රස ගුණ කොලිටිය සේරම තත්වෙකට තියන බීමක්...:)

    තව ඕනි නම් ෆ්‍රෑන්ක් ලින්ක් එකක් උනත් ශේප් ඒකත් සුප්ප 1200 ගානක් වගේ බෝතලයක් මතං :cool:

    thankz machan :)
    governor's choice eka gedarata ena ape pare set ekata denna baluwe.
    danata VAT 69,Red label thama kattiya wedding ekata recommend karala thibbe.
    thawa hoda brand thibboth kiyanna
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: අනිවා මචන් මම පිලිගන්නව. :lol: වැඩියෙ ඕන නෑ බොන උන් ඉන්න තැනක නොබොන එකෙක් පොඩි හරි අවවාදයක් දුන්නම බලපන්කො ඇඟට ගොඩවෙන හැටි උන්. උඹේ කතාව සහතික ඇත්ත. පවුල් දෙකේම සමාන අදහස් දරණව නම් ඉතින් බොහොම කලාතුරකින් තමයි. බොහෝවිට වෙන්නෙ එකම පවුලකින් වත් බොන්න නොදී ඉන්න කැමති වෙන්නෙ නෑ. මොන තරම් අග හිඟකම් තිබ්බත්. :yes:

    :cool: හොඳින් වැඩ ටික කරගනින් මචන් මම මැදින් පැනලා ත්‍රේඩ් එක කෑවා නෙවෙයි මට හිතුන අදහස මම කීව. එච්චරයි.. එලස්ස්.. :)

    බොන උන් නොබොන උන්ව දකින්නේ නිකන් ගෑනු වගේ. ඒත් නියම පිරිමි තමා බොන උන් ගොඩේ නොබී තමන්ගේ ප්‍රතිපත්තියේ ඉන්න උන්:yes::yes:

    හැබැයි මාත් ටිකක් බොනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම අවුලක් නැහැ බන්,උඹට වෙඩින් කරන කාලෙක තේරෙයි.
    පවුල් දෙකෙ කෙසේ වෙතත් කෙල්ලවවත් එකම මතේට ගන්න පුලුවන්නම් ගොඩ. :D

    බැන්දට කලින් නොබිව්වට බැන්දට පස්සේ උබ බොන්න පටන් ගනී

    ලෝක දර්මතාව සහෝ
    :lol::lol: