ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,393
    5,475
    113
    සන්නස්ගල අරූව කපන්න වගේ කතා කලාට, කොතලාවලව බේරෙන විදිහටයි සාක්ෂි අරන් ඇවිල්ල තිබ්බෙ, පොරට කටටම උත්තර ටික දුන්න ... කොතලාවලට බේරෙන්න පුළුවන් සුද්ද වෙන්න පුළුවන් නියම ප්‍රශ්න ටිකක් දුන්නෙ ... කොතලාවල ඒ ප්‍රශ්න ටිකට කල්පනාකාරීව උත්තර දුන්නෙ නෑ ... කොතලාවල හොඳ කතිකයෙක් උනා නම්, සන්නස්ගල ඇහුව ප්‍රශ්න වලින්ම මිනිහට ගොඩ යන්න තිබ්බ. කොතලාවල ඇදගෙන නා ගත්ත. අන්තිමටත් සන්නස්ගල උත්තරයක් කටටම දුන්න අර යාළුවොන්ගෙන් සල්ලි අරන් දෙන්න බැරි උන හේතුව, ඒක පාවිච්චි කලේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි සුළු ප්‍රමානෙකින් හරි බේරන්නයි කියන එකයි කියන්න තිබ්බේ කොතලාවලට .. මිනිහ සේරම , නෑ මට මතක නෑ, මම දන්නෙ නෑ, නෑ ඒක එහෙම නෙමෙයි .. කියල උත්තර දුන්න නිසා කොතලාවලට සුද්ද වෙන්න චාන්ස් එක පොරම නැති කර ගත්ත .... දේශපාලකයෙක් උනා නම් අනිවා සන්නස්ගලගේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීල ඒ ප්‍රශ්න වලින්ම තමන්ව ගොඩ දා ගන්නව අනිවා ... කොතලාවල බිස්නස් කරන්න මොලේ තිබ්බට, දෙයක් වටහාගෙන ප්‍රතිචාර දැක්වීම නම් අන්තිමයි ... යම් කිසි ප්‍රමානෙකින් වයසත් එක්කත් පොඩි වයර් ෂෝර්ට් ගතියකුත් නොතිබුනාම නෙමෙයි ... මොනා උනත් ලෝකෙ කොහෙවත් සම්පුර්ණයෙන් සුදු චරිතවත්, කළු චරිතවත් නැත ... හැමෝම එකතුවෙලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි විනාස කළා ... කී දෙනෙක් මැරුණද ඔය ගෝල්ඩන්කී සීන් කෝන් එකෙන් ... අනිත් එක තමයි ලංකාවෙ ස්ටොක් මාකට් එක, අපිට නම් තාම මතකයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලට කල දේ බ්ලුඩයමන්ඩ් වගේ කම්පනි වල ට්‍රේඩින් හෝල්ට් කරල , දැන් ලජ්ජ නැතුව ටී වී එකේ ප්‍රෝග්‍රෑම් පවා දානව Colombo stock exchange එකෙන් ඒක ගැන දැනුම මනින මුවාවෙන් මිනිස්සුන්ව අද්දගෙන මිනිස්සුන්ගෙ සල්ලි ටික ආයිත් පාරක් හූරන් කන්න ... සමහර මිනිස්සු තියෙන විශ්වාසෙට ඉඩම් පවා උකස් කරල සල්ලි දාල තිබුන ... :dull: ලංකාව නම් ගන්න දෙයක් නෑ බන් ... :dull:
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ......... අනිත් එක තමයි ලංකාවෙ ස්ටොක් මාකට් එක, අපිට නම් තාම මතකයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලට කල දේ බ්ලුඩයමන්ඩ් වගේ කම්පනි වල ට්‍රේඩින් හෝල්ට් කරල , දැන් ලජ්ජ නැතුව ටී වී එකේ ප්‍රෝග්‍රෑම් පවා දානව Colombo stock exchange එකෙන් ඒක ගැන දැනුම මනින මුවාවෙන් මිනිස්සුන්ව අද්දගෙන මිනිස්සුන්ගෙ සල්ලි ටික ආයිත් පාරක් හූරන් කන්න ... සමහර මිනිස්සු තියෙන විශ්වාසෙට ඉඩම් පවා උකස් කරල සල්ලි දාල තිබුන ... :dull: ලංකාව නම් ගන්න දෙයක් නෑ බන් ... :dull:

    :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අසාදාරන ප්‍රශ්න .....තටු ගලවපු කුරුල්ලෙක්ගෙන් පියබලා පෙන්නපිය කියනවා වගේ වැඩක් සන්නස්ගලයා කලේ
     

    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0
    අසාදාරන ප්‍රශ්න .....තටු ගලවපු කුරුල්ලෙක්ගෙන් පියබලා පෙන්නපිය කියනවා වගේ වැඩක් සන්නස්ගලයා කලේ

    හරියට හරි!! ඔක තමයි උනේ
    කියලා අපිත් කථා වුනා.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    w3lanka[dot].com උපුටාගැනීමක්

    සත්‍යාගාරයේදී ලලිත් ‍කොතලාවල විච්ඡෙදනය කිරීමෙන් හමු වුණේ මොනවා ද?
    lalith.jpg


    මහින්ද රාජපක්ෂ, ලලිත් කොතලාවල, හැරී විජේවර්ධන


    සන්නස්ගල ලලිත් කොතලාවල එක්ක කළ සත්‍යාගාරය සාකච්ඡාව නිසා මට මතු වූ ප්‍රශ්න:

    ලලිත් කොතලාවල ව්‍යාපාරිකයෙක්. ඔහුගේ රස්සාව බිස්නස් කරන එක. ඔහු ව්‍යාපාර පටන් ගන්න එක වැරදි ද?

    ඔහු සිය ව්‍යාපාරයේ සමාගම්වල සභාපති. ඒවා කළමනාකරණය කරනවාට වඩා ඔහු කර තිබෙන්නේ mentor කෙනෙකුගේ හෙවත් දැනමුත්තකුගේ භූමිකාව බව ඔහු අඟවනවා. ඒත්, ඔහුට ඒ ව්‍යාපාර සම්බන්ධ වගකීමෙන් මිදෙන්න බැහැ.

    ඒ වගේ ම, ගෝල්ඩන් කී කළමනාකාර අධ්‍යක්ෂ කාවන් පෙරේරා කියන්නේ ඇතැම් මාසවල ලක්ෂ 65ක් විතර පඩි ගත්ත කෙනෙක්. මේ පඩි නෙමෙයි. මේ තමයි, දැන් සමාගම්වල ලාභ බෙදෙන අලුත් ම ක්‍රමය. සාපේක්ෂව ගත්තා ම ඔහු තමයි, මේ මගඩියේ සක්විති. එහෙත්, අපි අල්ලාගෙන තිබෙන්නේ ලලිත් කොතලාවලගේ බෙල්ලෙන් විතරයි වගේ.

    ඔහු ම කියන පරිදි ගෝල්ඩන් කී සමාගම යනු අනුන්ගේ ජරා සල්ලිවලින් කළ බිස්නස් එකක්. ඔහු නො කිව්වාට එය ජරා බිස්නස් එකක්. නීති විරෝධී පිරමිඩ් ක්‍රමයක්. පළපුරුදු ව්‍යාපාරිකයකු ලෙස ඔහු එවැනි කටයුත්තකට අතගැසුවේ ඇයි?

    ඔහු වැනි ව්‍යාපාරිකයකු පවා ආකර්ශනය කරන කළු සල්ලි වෙළඳපොළක් එදා තිබුණා. ඒකට වගකිව යුත්තේ කවුරු ද?

    ගෝල්ඩන් කී සමාගමේ දැවැන්ත මුදල් තැන්පත් කළ ‍සල්ලිකාරයන් ඒ මුදල් ඉපැයුවේ කොහොම ද? ඔවුන් සිය ආදායම් වෙනුවෙන් බදු ගෙව්වා ද? දැන් ඔවුන් තමන්ට අහිමි වූ මුදල් ගැන නිහඬ ඒ නිසා නේ ද?

    ඔහු කියන පරිදි දේපල විකුණා තැන්පත්කරුවන්ට‍ ගෙවන්න ඔහුට සැලැස්මක් තිබුණා. ඒත්, ඔහු සිරගත කර, ඔහුව ව්‍යාපාර හා දේපලවලින් ඈත් කර ඒවා කොල්ල කා ගත් අය ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට දුන්නේ නැහැ.

    ලලිත් කොතලාවල කියන්නේ ඇත්ත නෙමෙයි. එහෙත්, මෙතන ඔහුට වඩා හොරු ටිකක් විසින් ඔහුගේ ව්‍යාපාර කොල්ල කා තිබෙන බව පෙනෙනවා. ඒ වගේ ම ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන් ඇතැමෙක් ද හොරු. ඒ නිසා ලලිත් කොතලාවලට ඔවුන්ට මුවා වී අභියෝග කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.

    මේ ගැන රාජපක්ෂ පවුල මොනවද කියන්නේ කියන එකත්, ලලිත් කොතලාවල කියන දේ තරමට ම වැදගත්.

    වයෝවෘද්ධ ලලිත් ඉල්ලන්නේ ඔහුට තම දැනුමෙන් සමාජයට සේවයක් කරන්නට අවස්ථාව දෙන්න කියලායි. ඔහු ළමයින්ට ටොෆි බෙදමින්, සිරකරුවන්ගේ දඩ ගෙවමින් සනසා ගන්න හදන වරදකාරී හිත සනසා ගන්න ‍වඩා ඵලදායී ක්‍රමයක් ලබා දෙන එක වරදක් නොවෙයි.

    ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ ගෝල්ඩන් කී අවුල ලිහන්න ඔහුට අවස්ථාව ලබා දෙන එකයි.

    ලලිත් කොතලාවලලා බිහි වීම ධනවාදයේ ස්වභාවයයි කියලා සරළ විග්‍රහයක් කරලා අපට ඕවා අදාළ නැහැ කියන්න පුළුවන්. ඒත්, ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන සමාජවාදය කියන විස්මය ඇති වන අපි නො දන්නා දවස තෙක්, ලලිත් කොතලාවලලා බිහි වීම වළක්වා ගන්නේ කොහොමද? ඒ සඳහා සමාජයක් ලෙස අප විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද?
     
    එහෙත් මෙ ‍වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට ‍මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති.


    මේකනම් සහතික ඈත්ත
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සන්නා චන්දෙන් පස්සේ චන්ඩියා වෙලා. මීට මාස 2-3 කට ඉස්සර හිටියෙ කොහෙද කියලවත් දන්නේ නෑ. තව ටික දවසකින් හඩ්සන් සමරසිංහගේ තත්වෙටම වැටෙයි වගේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොතලාවල ඇඟ බේරගන්න හදන සීන් එකක් තියෙන්නෙ.
    එහෙම කියලා මිනිහගෙ දේපල රජපක්ෂ ඇතුලු සට්ටැඹියෝ කොල්ල කාපු එක හරි කියලා කියන්න බෑ.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මටනම් හිතුන විදියට කොතලාවල මහා පට්ට ආණ්ඩයෙක්.. මිනිහගෙ ඇක්ෂන් වලින්ම පේනව බොරුව කරන්නෙ කියල. මිනිහම මුලින් කියනව ගෝල්ඩන් කී එකේ ප්‍රසිද්ද එවුන් මිලියන ගනන් කළු සල්ලි දාල තියෙනව කියල. ඊට පස්සෙ කියනව මම කිසි දෙයක් දන්නෙ නෑ, ඕව මගෙන් අහන්නෙපා කියල. දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ මිලියන් ගණන් කළු සල්ලි දාල තිබුන කතාවක්. අන්තිම ටිකේ රගපාන හැටි බලපන්කො. මූ නිකන් "මට මතක නෑ පාට් 2" වගේ.. නොදකින්, මාත් මෙච්චරකල් හිතන් හිටියෙ මු හොද ඩයල් එකක් කියල.:no:
     

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    අසාදාරන ප්‍රශ්න .....තටු ගලවපු කුරුල්ලෙක්ගෙන් පියබලා පෙන්නපිය කියනවා වගේ වැඩක් සන්නස්ගලයා කලේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සන්නා චන්දෙන් පස්සේ චන්ඩියා වෙලා. මීට මාස 2-3 කට ඉස්සර හිටියෙ කොහෙද කියලවත් දන්නේ නෑ. තව ටික දවසකින් හඩ්සන් සමරසිංහගේ තත්වෙටම වැටෙයි වගේ..

    ඡන්දෙට කලින් වැලිවේරිය හළාවත කටුණායක පහු කරං රට පුරාම මිනිස්සු භයෙන් තමා බං හිටියෙ. සුදුවෑන් වල යන්න භය නැත්තෙ කව්ද :lol: :lol: :lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඡන්දෙට කලින් වැලිවේරිය හළාවත කටුණායක පහු කරං රට පුරාම මිනිස්සු භයෙන් තමා බං හිටියෙ. සුදුවෑන් වල යන්න භය නැත්තෙ කව්ද :lol: :lol: :lol:

    Ai machan, baya wela wage?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,783
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ අම්මට වයස 65යි ‍මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, ‍මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාත‍ාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.

    මගේ අම්මා පුහුණු විශ්‍රාමික ගුරුවරියක් ඇය කිව්වා, ප්‍රාථමික පන්ති වල සිසුන්ට උගන්වන්න සාමන්‍යයෙන් යොදවන‍්නේ පුහුණු ගුරුවරුන්ව. මොකද එ පුංච් ළමයාගේ ශබ්ද කෝෂයේ තියන වචන මාලාව හදුනගෙන ඔවුන් සමග අදහස් හුවමාරු කරන්න සුදුසු ආකාරයට ඒ අයව පුහුණ කර තිබෙන නිසා. බැරි වෙලාවත් විශ්‍ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් එහෙම නැත්නම් උසස් පෙල ගරුවරයෙක් ප්‍රාථමික පන්තියකට උගන්වන්න ආවොත් බොහෝ විට පුංචි ළමයිගේ මට්ටමට එවැනි ගුරුවරුන්ට පැමිණ වැඩ කරන්න අපහසුයි. මේ අවස්ථාවත් එයට කදිම උදාහරණක්.
    අනිත් කරුණ නම් කොතලාවල මහත‍ා සමහර දෙවල් මතක නැ කියන්නේ ඇත්ත‍ටමයි කියලා අපට පැහැදිලියි, මොකද තරුණ කෙනෙක් මතක නැ කියන එකෙයි වයසක කෙනෙක් මතක නැ කියන එකෙයි ලොකු වෙනසක් තියන නිසා.
    මගේ අම්ම‍ා කියන විදියට වයස 70 පසු කල ‍කෙනකුට මතක ශක්තිය බොහෝ අඩුයි. එ් අමතක විම මානසික විද්‍යාවට අනුව Dementia තත්වයක්. වයසක අයට ළමා කාලේ එ‍වා හොදට මතකයි මැත සිදුවිම් තමයි මතක හිටින්නේ නැත්තේ. එ නිසා ප්‍රශ්ණ අහන කෙනා තමන් ඉදිරියේ ඉන්න කෙනාගේ තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ‍ඕන.
    මගේ අම්මා ඔය කියපු පත්තරේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා, ‍එහෙත් මෙ ‍වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට ‍මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති.

    එයා ගුරුවරයෙක් හැටියට සාර්ථකයි, එහෙත් මේ වැඩසටහන වෙන කෙනෙක් කළානම් මිට වඩා සර්ථක වීමට ඉඩ තිබුණා.

    :rofl:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මටනම් හිතුන විදියට කොතලාවල මහා පට්ට ආණ්ඩයෙක්.. මිනිහගෙ ඇක්ෂන් වලින්ම පේනව බොරුව කරන්නෙ කියල. මිනිහම මුලින් කියනව ගෝල්ඩන් කී එකේ ප්‍රසිද්ද එවුන් මිලියන ගනන් කළු සල්ලි දාල තියෙනව කියල. ඊට පස්සෙ කියනව මම කිසි දෙයක් දන්නෙ නෑ, ඕව මගෙන් අහන්නෙපා කියල. දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ මිලියන් ගණන් කළු සල්ලි දාල තිබුන කතාවක්. අන්තිම ටිකේ රගපාන හැටි බලපන්කො. මූ නිකන් "මට මතක නෑ පාට් 2" වගේ.. නොදකින්, මාත් මෙච්චරකල් හිතන් හිටියෙ මු හොද ඩයල් එකක් කියල.:no:
    :yes:
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    මටනම් හිතුන විදියට කොතලාවල මහා පට්ට ආණ්ඩයෙක්.. මිනිහගෙ ඇක්ෂන් වලින්ම පේනව බොරුව කරන්නෙ කියල. මිනිහම මුලින් කියනව ගෝල්ඩන් කී එකේ ප්‍රසිද්ද එවුන් මිලියන ගනන් කළු සල්ලි දාල තියෙනව කියල. ඊට පස්සෙ කියනව මම කිසි දෙයක් දන්නෙ නෑ, ඕව මගෙන් අහන්නෙපා කියල. දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ මිලියන් ගණන් කළු සල්ලි දාල තිබුන කතාවක්. අන්තිම ටිකේ රගපාන හැටි බලපන්කො. මූ නිකන් "මට මතක නෑ පාට් 2" වගේ.. නොදකින්, මාත් මෙච්චරකල් හිතන් හිටියෙ මු හොද ඩයල් එකක් කියල.:no:

    eka aththa. uta mulin face to face u karapu prog eka gana ahuwama mathakai..yaluwange 10million gane aran ara prog eka gana ahaddi mathaka na. u amu boruwa kale. mu marshiyak damma...eth muta e salli gewanna puluwan kama thibba.

    mahindaya maddata panala mu ire dala depala tikata widda.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන පිස්සුද දුන්නනෙ ඇට්ටි හැලෙන්න. කොතලාවලට කට උත්තර නැතුව ගියා. පොර බොරුත් කිවුවද කොහෙද, අන්තිමට.

    එක ඇත්ත කොතලාවලයත් ලෝකේ තියෙන හොරකම් ටික කරලා සුදනා වෙන්න හැදුවේ සක්විති,දඩුවම් මුදලාලි ඔය ගේම් එක ඉගෙන ගත්තේ ලලිත් කොතලාවලගෙන් ඒ කාලේ ලලිත් කොතලාවල කියන්න මිනිහට ලොකු ප්‍රතිරුපයක් තිබුනා එක තමයි ඔය සල්ලි ඔය විදියට මිනිස්සු දුන්නේ දෙයියෝ කලත් වැරද්ද වැරද්දම තමයි .උගේ දේපල කොල්ල කාපු බවත් ඇත්ත .තව මු මෛත්‍රිගේ ආර්ථික ප්‍රතිපත්තියටත් උදව් කරන්න කතාව රාඡපක්ෂලා කොතලාවලයා ඔක්කෝම ‍කම්බ හොරු .
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    eka aththa. uta mulin face to face u karapu prog eka gana ahuwama mathakai..yaluwange 10million gane aran ara prog eka gana ahaddi mathaka na. u amu boruwa kale. mu marshiyak damma...eth muta e salli gewanna puluwan kama thibba.

    mahindaya maddata panala mu ire dala depala tikata widda.

    මහින්ද කොහොමත් බොර දියේ මාළු බාන්න දස්සයනේ බන්...:) මොනව උනත් කොතලාවලයට වෙලා තියෙන්නෙ මනුස්සකමට රෙද්ද ඉස්සුවම *කේ ඇරිය වගේ වැඩක්..:baffled: පව් කියලත් හිතෙනව.:lol::lol: