ජවිපෙ 88-89

ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......

අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........

ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු counter-insurgency (COIN) campaign එකක් කරන්න වුණා.

ලංකාවේ COIN සොල්දාදුවෝ පිළිපැද්දේ Search, Interrogate and Destroy”කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! COIN මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..


ආණ්ඩුවේ හමුදාවේ death squads වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්‍රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....
 
victim-of-jvp-hit-squad-apr-89.jpg


1989 අප්‍රේල් මස ජවිපෙ විසින් පුද්ගලයකු සිය නිවස තුළදීම ඝාතනය කර ඇති අවස්ථාවක්..........
 
Last edited:
ඇමරිකානු රජය 1987-89 ජවිපෙ භීෂණය ගැන කතා කළේ මෙහෙමයි..


1989 දි ජවිපෙ රජයට හා සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කළා...මිනී මැරුම්, බිය වැද්දීම්, වර්ජන වලින් ලංකා‍වේ සිවිල් පාලනය කඩා බිඳ දමා ආර්ථිකය කඩා වට්ටවා, සමාජය බිය වද්දා ලංකා රජය පෙරලා රටේ බලය ඇල්ලීම අරමුණ වුණා....ජවිපෙ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ගේන්න ලංකා රජය කීප වතාවක්ම උත්සාහ කරන අතරතුර තමයි මේ දේවල් සිදු වුනේ....


1988 වසරේදි ජවිපෙ තහනම ඉවත් කර ඡන්දයට ඉදිරිපත් වෙන්න ලංකා රජය ඉඩ දුන්නා...
 
ඡන්දයට එන්න කියලා රජයේ අවස්ථාව සැලැස්සුවාට පස්සේ ජවිපේ ඒකට උත්තර දුන්නේ ඡන්ද දායකයින් හා අපේක්ෂකයින් මරලා ඡන්ද කටයුතු කඩාකප්පල් කිරීම මඟිනි.

1989 ජනවාරි මස ප්‍රේමදාස ජනපති ජවිපෙ එක්ක හොඳ හිත වර්ධනය කරගන්න 1800 ක් පමණ අත්අඩංගුවේ සිටි ජවිපෙ සැකකරුවන් අත් නිදහස් කළා....හදිසි නීතිය අයින් කර ගත්තා.....

ඒත් තමන්ගේ භීෂණය දිගටම කරගෙන යන්න ජවිපෙ කටයුතු කළා......ඉස්පිරිතාල වලට පහර දෙමින්, ගමනාගමනය අඩාල කරමින් , තමන්ට සහාය නොදෙන සේවක සංගම් වල නායකයින්ව, හමුදා පවුල් වල සාමාජිකයින් ඝාතනය කරන එක දිගටම කර‍ගෙන ගියා................

නමුත් 89 මැද භාගය වන විට රජය ජවිපේට එරෙහිව තදින් කටයුතු කරන්න ගත්තා.....ජවිපෙ සැක කරුවන් අත්අඩංගුවට ගෙන්නත් ජවි‍පෙ මර්ධනය කරන්නත් ගත්තා.............

අවුරද්ද අවසාන වෙනකොට ජවිපෙ ඉදිරිපෙල නායකයින් හැමෝම වගේ මරන්න හරි අත්අඩංගුවට ගන්න හරි රජය සමත් වුණා...............
 
1987-89 කාලය තුළ ජවිපෙ විසින් මරාදැමූවන් දළ වශයෙන් ගත්ත සංගණනයකට අනුව සාමාන්‍ය වැඩ කරන පන්තියේ ජනතාව දහස් ගණනින් ඝාතනය කළා...රජයට එරෙහි වර්ජන වලට සහභාගී කරවන්න කියලා බලකිරීමට මේ විදිහට මිනිස්සුන්ව මරා දැම්මා..........
1700+ රජයට සහයෝගය දීපු අයත් 500+ රජයේ සේවකයිනුත්, 200+ හමුදා පිරිස්, 350+ පොලිස් පිරිස්, 100+ සිවිල් ආරක්ෂකයින් හා 70+ දේශපාලකයින් රැසක් ජවිපෙ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වුණා......
තමන්ගේ මෙහෙයුමට විරුද්ධව කටයුතු කළා යයි 32000ට ආසන්න සාමාන්‍ය ජනතාවක් ඝාතනයට ලක් වුණා....
 
1989 දි තමන්ගේ ඉල්ලීම වලට එකඟ වූයේ නැතැයි බෞද්ධ හිමිවරුන් 24 දෙනෙක් ජවිපෙ විසින් ඝාතනය කළා....120ට වැඩි විදුහල්පතිවරුන්, අධ්‍යාපනඥයින්, මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතීඥයෝ, මාධ්‍ය ‍වේදියෝ ත් මරණයට පත්කළා.....

රජයේ ඉහළ ස්ථානයක සිටි ඕනැම කෙනෙක් තමන්ගේ ඉලක්කයක් බවට ජවිපෙ සැළකුවා...
 
ජවිපෙවෙනත්වාමාංශිකදේශපාලකයින්වමරාදැම්මා....1988 සැප්තැම්බර්වලදිරටපුරාවර්ජනකරන්නයයිජවිපෙඅණකළා..........මරණයටබියවෙච්චමිනිසුන්ජවිපෙඅණටකීකරුවුණා.....කඩසාප්පුවැහුණා.රෝහල්හාවෙනත්සේවාවැසුනා....ගුවන්විදුලියටසවන්දීම , රූපවාහිනියනැරඹීමත්ජවිපෙවිසින්තහනම්කරලාතිබ්බා.....තහනමඋල්ලංඝණයමරණදඬුවමලැබියහැකිවරදක්....
1988 නොවැම්බර් වන විට ලංකාව නියම අරාජික බවට පත්වුණා....ප්‍රවාහනය ඇණ හිටිලා ආහාර නැති කමින් මිනිස්සු පීඩා විඳින්න ගත්තා........


1988 දෙසැම්බර් වන විට වැහුණු පාරවල් අකුරැස්ස
jvp-strike-village.jpg
 
බැංකු, තැපැල්, සන්නිවේදන සම්පූර්ණයෙන් ඇණ හිටලා. ඉවරයක් නැති ඝාතන විතරයි දිනපතාම දකින්න තිබ්බේ....ජවි‍පෙ විසින් සිදුකළ ඝාතනත් ඊට පිළිතුරු විදිහට හමුදාවෙන් සිදුකළ ඝාතන ත් පොදු දෙයක් වුනා... ජවිපෙට අවශ්‍ය වුනේ පවතින දේශපාලනය වෙනස් කරලා සමාජය වෙනස් කරන්න........
1986 දි .වි වි.ශිෂ්‍ය නායකයෙක් මරලා දාලා දේශපාලන ඝාතන රැල්ල පටන් ගන්න ජවපෙ කටයුතු කළා......
 
ලංකා හමුදාව දෙපැත්තකින් යුද්ධයක!


උතුරේ කොටිත් එක්ක යුද්ධ කරන රජයේ හමුදාවන්ට දකුණේදි ජවිපෙ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිදුවුණා....

1987 අප්‍රේල් වලදි පල්ලේකැලේ ආමි කෑම්ප් එකට ගහලා ආයුධ ගන්න ජවිපෙ කටයුතු කළා...රටේ පවතින් ප්‍රචණ්ඩකාරී වාතාවරණය හොඳින් පාවිච්චි කළා රට අරාජික කරන්න.

1987 ජූනි වල කටුනායක air force base එකට ගැහුවා....ඒ වෙද්දි අරන්තලාවේ භික්ෂුන් 33ක් කොටින් විසින් ඝාතනය කරලා ......ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දැම්මා විතරයි.............(හිතන්න ඒ කාලේ ලංකාව කොහොම තියෙන්න ඇත්ද කියලා )
 
ජවි‍පෙ විසින් කිව්ව දේ තමයි මේ ආමි කෑම්ප් වලින් අල්ලාගත්ත ආයුධ ‍යොදා ගන්නේ ඉන්දීය වඳුරු හමුදාව එළවන්න කියලා...............ඒත් ජවිපෙ අතින් මැරුම් කෑවේ සිංහල අයම තමයි....
 
හමුදා සොල්දාදුවන්ට ආමි එක අත ඇරලා තමන් එක්ක එකතු වෙන්න කියලා නිතරම ජවිපෙ විසින් දෙන ලද පණිවිඩයයි...89 අගෝස්තු වෙන කොට හමුදා සාමාජිකයන්ට ජවිපෙ හා බැඳෙන්න කියලා නියෝග කළා....එහෙම නොකරන සොල්දාදුවන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට දඬුවම - මරණයයි!


හැබැයි සොල්දාදුවන් වත් හමුදාවේ කවුරුවත් ඒ කිව්ව දේවල් ගණන් ගත්තේ නෑ......අන්තිමට කරන්න පුළුවන් ලොකුම මෝඩකම ජවිපෙ කළා.........හමුදාවේ අයවත් ඒ අයගේ පවුල් වල අයවත් මරන්න පටන් ගත්තා.........එදා ඉඳන් ජවිපෙ වැඩ වරද්ද ගත්තා.................