ඔව් මචන් ..ඇත්තටම මගෙ වයිෆ් එයාට වඩා ගොඩක් හොඳයි මචන්..
(අවුරුදු 10ට ගොඩක් දේවල් වුනා මචන් )
කියලා වැඩක් නෑ....... මට ඈල්ලුවේ නැත්තේ.... වාහන වර්ග බර ගානක් ස්කෑන් කරන්න පුලුවන් කියපු මැෂින් එකේ රිපෝට් එක අපේ බස් ටිකට් එකකටත් වඩා පලලින් පොඩි කඩදාසි කෑල්ලක ආවේ..... මට ඒක ඈල්ලුවේ නෑ.......
ඌ අවුරුදු දහයක් අරාබියේ නිසාන් එකේ හදපු වාහන වලට අබ සරණයි තමා..... අවුලක් නෑ ඉතින් ඒක නම් අරාබියේ උන්ට අල්ලාගේ කැමැත්තනේ.......
![]()
මාමි ඔයා තවම බැදලා නැතැයි.......
![]()



අයෙත් බඳින්න පුලුවනිනම් මරු ඉතින් ...






club gihin beela marenna hadana ekaa lankave inna ekekda...??? prasidda vahana agent company ekaka wrkshop manager kenekda...???
mama danna ekek innava poraget life eka vihin winaasa wenava habai wadda....![]()



මටත් එකක් දාන්න හිතුනා කාපු සුපිරිම කට්ටක්..
මේ කියන කතාව දැන් අවුරුදු 10කට විතර කලින් වුන එකක්..
ඒ කාලෙ මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා..
මගෙ තිබුනා එක්තරා ජපන් කාර් එකක් ටිකක් විතර පරන..ඒ කියුවෙ ඒ කාලෙත් අවුරුදු 20ක් විතර පරනයි.. (වර්ගෙ සහ නොම්මරෙ දැමීමට නොහැක..ඒක මගෙ නමට වඩා අපේ යාලුවෝ නෑදෑයො දන්නවා ඒකාලෙ..නිකන් එක්ස්පෝස් වෙන්න ඕනෙ නෑනේ )
ඇත්තටම ඒකාලෙ මට ඒ වාහනෙ ටිකක් අඩුවට හම්බවුනෙ..හැබැයි කලින් අයිති කාරයා මහ සවුත්තු විදියට තමයි පාවිච්චි කරලා තිබුනෙ.මට පුලුවන්නම් තව ආත්ම 7 ක් යනකල් ඌට වාහන පාවිච්චි කරන්න තහනම් කරනවා ඒ කාරෙකට කරල තිබුන දේවල් වලට ඇත්තමයි..
මම ගන්න කාලෙ මිනිහා කාර් එක ඇතුලෙ කෑන් එකක් තියාගෙන ඒකට පෙට්‍රල් දාල තමයි දුව දුව හිටියෙ..ඉතින් මම කරපු වැඩෙ ගරාජ් එකකට ගිහින් පෙට්‍රොල් ටැංකිය ගලවලා හයි ප්‍රෙෂර් වතුර අල්ලලා වේලෙන්න තියලා ආයෙම ලාම්පු තෙලෙන් හෝදලා හයි කරලා පෙට්‍රල් ලයින් එක හයි කරලා ගෙදර අරන් ආවා..
පහුවෙනිදා නිවාඩු දවස ..මම කරපු වැඩෙ උදෙන්ම මගෙ ගෑනු ලමයගෙ ගෙදර ගියා කාර් එකෙන්.එයත් මගෙ බැච් එකේමයි.එයාට නංගිලා දෙන්නෙකුත් හිටියා..චූටි නංගිට ඒ කාලෙ අවුරුදු 14ක් විතර ඇති..මේ නංගිට කිතුල්ගල යන්න දොලදුකක් ඇවිල්ලා ගෙදර අයට වද දිදී ඉඳලා තියෙන්නෙ. මම උදෙන්ම ගියා විතරයි අපේ නැන්දම්මා මගෙන් ඇහුවෙ නැද්ද පුතා කාර් එකෙන් කිතුල්ගල යන්න බැරිද කියලා.. මගෙ හිතෙ අරූ පාවිච්චි කරපු විදිය ගැන මතක්වෙලා පොඩි චකිතයක් ආවට වෙන්ඩ නැන්දම්මයි,මාමයි නෑනල දෙන්නයි ඉස්සරහ සෙකන්ඩ් වෙන්නත් බෑනෙ..මමත් ඉතින් හා යමු කියුවා..
ඔන්න ඉතින් ගමන පිටත් වෙලා දැන් යනවා..වාහනෙත් කිසි අවුලක් නෑ..කරවනැල්ලත් පහුකරලා දැන් හැටන් පාරෙ යනවා. මටත් ඉතින් හෙන හැපී..මගේ වෙන්ඩ නෝනටයි නෑනලා දෙන්නටත් ඉතින් ෆුල් සතුටුයි..
ටික දුරක් ඔහොම ගියා විතරයි එක පාරටම මිස් කරන්න පටන් ගෙන නැවතුනෙ නැද්ද එක පාරටම..විනාඩ්යක් විතර ස්ටාර්ට් කරන්න ට්‍රයි කලාම ස්ටාර්ට් වුනා..දැන් ඉතින් බයෙන් බයෙන් ආයෙම ගමන පිටත් වුනා.ඒ වෙද්දි මටනම් හොඳටම දාඩිය දාල තිබුනෙ බයටම. කොහොම හරි තවත් කිලෝමීටර් 2ක් විතර ගියා විතරයි අයෙම හිටියා..ට්‍රයි කලා ට්‍රයි කලා ස්ටාර්ට් උනේම නෑ..
දැන් ඉතින් මොකද කරන්නෙ . වාහනෙ ඉඩ කඩ ඇති තැනකට අයින් කරගන්න්නත් එපාය..ඔන්න ඉතින් දැන් ගෙඩර කට්ටියම වෙන්ඩ බෑණගෙ වාහනෙ තල්ලු කරනවා.. මීටර් 100ක් විතර තල්ලු කරලා ඉඩ කඩ ඇති අයිනකට දාගත්තා.
ඒ වෙලාවෙ ලඟ ගෙදරක අය්යා කෙනෙකුත් ඇවිත් සෑහෙන්න උදව් කලා..එයත් වාහන ගැන ටිකක් දන්න කෙනෙක්.හැබැයි මිනිහ ගාව ආයුධ තිබුනෙ නෑ
දැන් ඉතින් බාස් කෙනෙක් හොයාගන්නත් එපාය..අර අය්ය කියපු තොරතුරුවලට අනුව ලඟ පොරක් ඉන්නව කියලා කෝල් එකක් දුන්නා. ටික වෙලාවකින් බාස් ආවා ගෝලයත් එක්ක ත්‍රීවීල් එකකින්..බැලින්නම් මුන් දෙන්න බොන පාර්ටියකට සෙට් වෙල ඉදලා පණිවිඩෙ ලැබුණ ගමන් ඇවිල්ල තියෙන්න.. දෙන්නටම ගානට වැදිලා..
දැන් ඉතින් මොකද කරන්නෙ..හැබැයි මුන් ආයුධ අරන් ඇවිල්ල තිබුනෙ.දැන් මුන් දෙන්න එක එක විකාර කරනව.. පස්සෙ අර මම කලින් කියුව අය්ය පටන්ගත්ත කාර්බ් එක ගලවන්න.. බැලින්නම් කාර්බ් එක සම්පූර්නයෙන්ම බ්ලොක් වෙලා..
හේතුව මම අර කලින් දවසෙ කෙලින්ම පෙට්‍රල් ටැන්කියෙන් දුන්නනෙ..පෙට්‍රල් ෆිල්ටරෙ දාන්න අමතක වුනා..හදපු ගරජ් එකෙ බාස කියුවෙත් නෑ.ඉතින් ටැන්කියත් හරියටම සුද්ද වෙලා තිබිලත් නෑ..ඉතින් ටැන්කියෙ තිබුන රොඩු බොඩු ඔක්කොම කෙලින්ම කාර්බ් එකට ඇවිල්ලා බ්ලොක් වෙලා. ඊට පස්සෙ ඔක්කොම සුද්ද කරලා ෆිල්ටර් එකකුත් හයි කරලා ඉවර වෙනකොට හවස 5.30ට විතර ඇති ..
බාස්ල දෙන්න ගියා යන්න ගානකුත් කපාගෙන..ඇත්තටම වැඩෙ ගොඩක් කලේ අර අය්ය තමයි..ඊට පස්සෙ අර අය්යටත් ස්තුති කරලා පින් දීල යන්න පිටත් වුනා.
දැන් කලුවර වැටෙන්නත් ඔන්න මෙන්න.. ලයිට් දැම්මා කාර් එකෙ.. හුටා තමයි ලයිට් පත්තු වෙන්නෙ නෑ..දැන් ඉතින් මොකද කරන්නෙ කියල කල්පනා කර කර යනකොට ගරාජ් එකක් තියෙනවා.පස්සෙ බැලින්නම් අර මුලින් කියුවා බාසගෙ ගරාජ් එක. පොරවල් 2 ඉන්නවා..මම ගිහින් ප්‍රශ්නෙ කියුවාට පස්සෙ මුන් දැන් වෙරි මර ගාතෙ ලයිට් හදනව.
කොහොමහරි පත්තු කරලා පෙන්නුවා.දැන් ඉතින් එන්නත් හදිස්සියනෙ.මම ත් ඉතින් හරි කියල හිතල එන්න පිටත් වෙලා ටිකක් කලුවර වෙනකල් ඉඳල ලයිට් දැම්ම..ලයිට එක කණා මැදිරි එලියක් වාගෙ.. පාර පොඩ්ඩක්වත් පේන්නෙ නෑ.හැබැයි බ්රේක් ගහන්කොට ලයිට් හොඳට එනවා. කකුල ගත්ත ගමන් කණාමැදිරි එලිය... බැලින්නම් අර මකබාසා වෙරිමරගාතෙ බ්රේක් ලයිට් එකෙ වයර එකක් කොහොම්ද මන්ද හෙඩ් ලයිට් වලට අටවලා.. මොනව කරන්නද ටෝර්ච් එකක් පිහිටෙන් අමාරුවෙන් ඉතිරි දුර ගෙවල ගෙදර ආවා..වාහනෙ එනකල් සහ ඇවිත් පැයක් විතර යනකල් ගෙදර කවුරුත් කතා කලෙත් නෑ..පොඩි නෑනට කිතුල්ගල ගැන කියද්දිත් තරහ යනව ඊට පස්සෙ
එදායින් පස්සෙනම් කවදාවත් ලග හන්දියට යන්නවත් මට කතා කලෙ නෑ . වාහනේ දිහා බැලුවෙවත් නෑ ඊට පස්සෙ.
පස්සෙ කාලෙක ඒ වාහනෙ දුන්න මට හොඳටම එපා වෙලා.. ඒ මගෙ ගෑනු ලමයත් අද වෙන කෙනෙක් බැඳලා


ඔව් මචන් ..ඇත්තටම මගෙ වයිෆ් එයාට වඩා ගොඩක් හොඳයි මචන්..
(අවුරුදු 10ට ගොඩක් දේවල් වුනා මචන් )
උඹේ පලවෙනි කාර් එකේ විස්තරේ කියවල හරිම හිතට අමාරුයි බන්... මගේ බලවත් කනගාටුව උඹේ love එක brake උන එකට..![]()
ඉස්සෙල්ලම උඹට හද පුරා ස්තුතියි මේක ලියල දැම්මට.. මේකේ ඉන්න එවුන් බදාදා පනිනකොට මාව කන්න හදනවා කතා දාපන් කතා දාපන් කියල.. සති අන්තෙ වෙද්දී කොහොමහරි කටුවක් කාපු සීන් එකක් ලියල දානවා. එත් මේ සති අන්තය සිකුරාදා රෑ ඉඳන්ම බුක් වෙලා .. කොහොම හරි වෙලාවක් හදාගෙන ලියන්න ඕන...
ජීවිතේ සමහර දේවල් එහෙම උන එක හොඳයි කියල හිතෙනව උනත් ඒ ඒ දේවල් හින්ද ඇතිවෙච්ච හිත් අමාරු මැරෙනකම්ම හිත් වල කොහේ හරි මුල්ලක කාලයක් හැංගිලා ඉඳල හිටපු ගමන් එලියට ඇවිත් පපුවට ඇනල යනව බන්.. මිනිස්සුන්ට අතීතෙට ගිහින් වෙච්ච වැරදි delete කරලා අයෙත් වැරදි නොවෙන විදිහට වර්තමානෙට එන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම්....
මම එහෙනම් මගේ 13 වැනට් එක නිකම් දුන්නත් ගන්නෙ නැතෝ...
රෝද හතරක් තියන වාහනේ රෝද දෙකෙන් යන්න තරම් මොලේ නැති ගොන් හරක්ගෙ වාහන හදන්න අපේ වැල්ඩින් බාස් කෙනෙක් ගියත් උන්ට මැජික් පෙන්නලා ලොකු වැඩකාරයෙක් වෙලා තමයි බන් ආපහු ලංකාවට එන්නේ. මම දන්න වාහන පේන්ට් බාස්ල ඉන්නවා මැදපෙරදිග ගිහින් මකෑනික් විදිහට වැඩ කරපු. එත් ලංකාවට ආවාම කරන්නේ පොටි දාන එකයි කට්ලෝයි කපන එකයි විතරයි. අඩුම තරමේ පේන්ට් කෝර්ඩ් එකක් ගහන්නවත් දන්නේ නැහැ උන්. එත් මැදපෙරදිග ගිහින් කරලා තියෙන්නේ mechanic රස්සාව. මොනාද කරේ කියල ඇහුවාම උන් කියන එව්වට බඩ අල්ලාගෙන හිනා යනවා ගොන් යක්කුන්ව අන්දපු අන්දිලි වලට
කතා කරලා වැඩක් නෑ......

අයෙත් බඳින්න පුලුවනිනම් මරු ඉතින් ...
![]()
නෑ ඉතින් ඈදට යන්නේ ලැපත් අරන් කිව්වහම මම හිතුවේ මාමි තවම සිංගල් කියලා...... 
කතා කරලා වැඩක් නෑ......
![]()
අපි ඉස්සර ලේලන්ඩ් හදන තැනක් තිබ්බා..... එක බස් එකක බ්රේක් වල හුලං බහිනවා විනාඩි පහක් නවත්තලා තිබ්බත්..... ඉස්සරහා පැඩල් එකේ ඉදන්..... පිටිපස්සේ බ්රේක් ගෙඩි ටිකට වෙනකම් ඔක්කොම රෙපයාර් කිට් දැම්මා....... ඒත් හරි ගියේ නෑ.......![]()
අන්තිමට මට එපාම වෙලා..... වෙන බාස් කෙනෙක් ගාවට දැම්මා...... අයියෝ කහවණු...... පැඩල් එක ගාව Y හැඩයේ ගැජට් එකක් තියෙනවා...... ඒකේ පොඩි පැල්මක්..... එතනින් හුලං ලීක් වෙන්නේ...... රු. 250/= න් වැඩේ ගොඩ..... ඕකට මම රු. 15000/= කට වඩා වියදම් කරා..... අන්න බාස් ලා..... එදා ඉදන් ඉතින් ඒ බාස් නැත්නම්...... බස් එක බ්රේක් කට්ටයක් වත් දාන්න යවන්නේ නෑ..... දවස් ගණන් ගෙදර තිබ්බත් හදවන්නේ අපේ බුවාට කියලම තමා..... ඕනා රෑක ඕනා වෙලාවක..... අපේ වාහනයක් නම් පොර එනවා ඈදගෙන හරි එන්න.......![]()
එක දවසක් ගියර් බොක්ස් එක හිර වෙලා...... රෑ 8.30 ඉදන් පාන්දර 3.30 වෙනකම් අනිත් බස් එකෙන් ඈදන් ආවා පොරත් එක්ක......![]()
මොකක් හරි සීන් එකක් වෙලා..... මෙන්න මෙහෙම සද්දයක් එනවා... මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා කියලා කිව්ව ගමන්.... මෑන් ගානට කියනවා..... මෙන්න මේ බඩු ටිකත් අරන් එන්න කියලා...... ආයේ ඉතින් කිව්ව බඩු ටිකම තමා ඕනා කරන්නේ වැඩේට......![]()
කිසිම බාසෙක් ඔය ගලවන කෑල්ලක් හොදට හෝදන්නේ නෑ නේ..... ඒකට අපේ එකා..... ආයේ කම්පැණියෙන් ගෙනාවා වගේ වෙනකම් භූමිතෙල් දාලා හෝදලා..... සුපිරියටම හයි කරනවා......![]()
එන්ජිමක්ම බෑවත් මෑන් තනියම තමා......![]()
නෑ ඉතින් ඈදට යන්නේ ලැපත් අරන් කිව්වහම මම හිතුවේ මාමි තවම සිංගල් කියලා......
![]()
වටිනා මනුස්සයෙක්. සිංහල අවුරුද්දට බාස්ගේ ගෙදර හැමෝටම තෑගි අරන් දුන්නත් පවු නැහැ මචන්. ඒ විදිහ මිනිස්සු අද කාලේ හරි හිඟයි.. මම හදිසියට සෙරීන එකේ එන්ජින් එක හයි කරවල එකෙකුට කියල හෙඩ් එකටම කෙල උනා බන්. මම ඌ වාහනේ ගලවන්න දාල වැඩට ගිහින් එනකොට මේක දවල්ට කන්න දීපු සල්ලි වලින් කන පැලෙන්න බීල සෙරීන එක යටම නිදි බන්. දැන දැනම තමයි දුන්නේ වැඩේ.. කොහෙද ඉතින් අපේ හදිසිය ඉතින් සල්ලි හම්බුකරන්න හැකි ඉක්මනින් ස්ටාර්ට් කරලා යවන්නනේ.. අන්තිමේ පාඩුව වැඩියි දවස් දෙක තුනක් පුරුදු ගරාජ් එකේ දාල හදනවට වඩා...
එකෙන්ම..... කොහොමත් එහෙම තමා.....
මට ඩ්‍රයිවින් උගන්වපු අපේ හිටිය හොදම ඩ්‍රයිවර්ගේ ගෙදරයි.... ඔය බාස් ගේ ගෙදරයි.... හැම අවුරුද්දෙම මොනවා හරි උස්සන් යනවම තමා......

එකෙන්ම..... කොහොමත් එහෙම තමා.....
මට ඩ්‍රයිවින් උගන්වපු අපේ හිටිය හොදම ඩ්‍රයිවර්ගේ ගෙදරයි.... ඔය බාස් ගේ ගෙදරයි.... හැම අවුරුද්දෙම මොනවා හරි උස්සන් යනවම තමා......
![]()
අපි ට්‍රිපක් යනකොට..... අනිවා බාස්ගේ ගෙදර සෙට් එකත් එක්කන් යන්නේ.... ගිය අවුරුද්දේ කතරගම ගියා..... මගදි තණමල්විල පාරේ මම එලවන් යනකොට තේරුනා පොඩ්ඩක් ඩිෆරන්ෂල් එකේ සද්දේ අවුල් කියලා..... හෆ්ෆට සිරි නවත්තලා බැලින්නම් ඔයිල් සීල් ගිහින්.....![]()
ආයේ මොකට බය වෙන්නද.... වැඩ්ඩා බස් එකේ ඈතුලේ ඉන්නකොට..... ගත්තා ඔයිල් කෑන් දෙකක් + අර ටියුබ් දෙක කලවම් කරලා ගාන ගම් එකෙන් එකක්..... මග නතර කරලා...... ගම් එකෙන් ගාලා..... ඔයිල් දාලා...... ආයේ ගමනේ...... ආයේ ඈදුමේ දූවිලි පොදක් ගාවගන්නේ නැතුව වැඩේ කරලා ආවේ අපේ බාස්.....![]()
තවමත් දුවන්නේ එදා කරපු ප්රතිකර්මෙන්ම තමා.......![]()
![]()


ඒවා ගන්නේ පාරේ දකුණු පැත්තේ අයිනෙන්... ඉස්සර මට වාහනේක යද්දී නින්ද යන්නේ නැහැ , එත් කතරගම ලේලන්ඩ් කාරයින්ට පින් සිද්ද වෙන්න දැන් මරුව අතේ තියන් උනත් නින්ද යනවා මලා වගේ..වේගය 120 පැනල යන බස් එකේ... බීට් සයිලන්සරෙන් එක අලි පිඹින සද්දෙයි.. කැසට් මරාලෙන් එන නොනවතින ත්‍රිබල් සද්දෙයි.. එන්ජින් මොලේ සද්දෙයි , ජොයින්ට් ගැලවෙන්න තරම් එන vibration එකයි, රැයක් දවාලක් නැතුව ගහන හොර්න් එකයි එක්ක ලේලන්ඩ් එකේ නිදාගන්න පුළුවන් එකෙකුට ඕන තැනක සුව නින්දක් යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. රෝද හතරක් තියන වාහනේ රෝද දෙකෙන් යන්න තරම් මොලේ නැති ගොන් හරක්ගෙ වාහන හදන්න අපේ වැල්ඩින් බාස් කෙනෙක් ගියත් උන්ට මැජික් පෙන්නලා ලොකු වැඩකාරයෙක් වෙලා තමයි බන් ආපහු ලංකාවට එන්නේ. මම දන්න වාහන පේන්ට් බාස්ල ඉන්නවා මැදපෙරදිග ගිහින් මකෑනික් විදිහට වැඩ කරපු. එත් ලංකාවට ආවාම කරන්නේ පොටි දාන එකයි කට්ලෝයි කපන එකයි විතරයි. අඩුම තරමේ පේන්ට් කෝර්ඩ් එකක් ගහන්නවත් දන්නේ නැහැ උන්. එත් මැදපෙරදිග ගිහින් කරලා තියෙන්නේ mechanic රස්සාව. මොනාද කරේ කියල ඇහුවාම උන් කියන එව්වට බඩ අල්ලාගෙන හිනා යනවා ගොන් යක්කුන්ව අන්දපු අන්දිලි වලට
ඒ සීන් එක මම දන්නෙ නෑනේ