ජවිපෙ 88-89

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    විප්ලාවක් කියන්නේ අරගලයක් කරනකොට මිනිස්සු මැරෙනවා. එක කොයිම යුද්දෙකදී උඅත් එකයි. අද උදහොසහ්නවලදිත් මිනිස්සු මරන්නේ. අනික වැඩි හරියක් මරුනේ ජේ වී පි කොල්ල. jvp එක ඉවක් බවක් නැතුව මිනිමරුවනම් ජේ වී පි එකේ විතරක් වැඩි පිරිසක් මැරෙන්නේ කොහොමද??
    ජේ වී පි කැරැල්ලට හේතුත් ඔය දන්නවා ඇති එහෙනම්
    කැරලි ගහල මිනිස්සු මරල ඉල්ලපුව ලැබුනද?තුවක්කුව දික්කරගෙන ඉස්සරහට එනව නන් වෙඩි තියල තමන්ගෙ ප්‍රාණය බේරගන්න එක ආත්මා ආරක්ෂාවට කියමුකො. ඒ උනාට ජවිපෙ නෙ මුලින්ම මරන්න පටන් ගත්තෙ. ඒකට මොකද්ද දන්නෙ නෑ මුල් වෙච්ච හේතුව. කාල්මාක්ස් කියල තිබ්බද තමන්ගෙ මතය පිළිගන්නෙ නැත්තන් කොටපන් කියල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හෙළයෙක්;17961874 said:
    කැරලි ගහල මිනිස්සු මරල ඉල්ලපුව ලැබුනද?තුවක්කුව දික්කරගෙන ඉස්සරහට එනව නන් වෙඩි තියල තමන්ගෙ ප්‍රාණය බේරගන්න එක ආත්මා ආරක්ෂාවට කියමුකො. ඒ උනාට ජවිපෙ නෙ මුලින්ම මරන්න පටන් ගත්තෙ. ඒකට මොකද්ද දන්නෙ නෑ මුල් වෙච්ච හේතුව. කාල්මාක්ස් කියල තිබ්බද තමන්ගෙ මතය පිළිගන්නෙ නැත්තන් කොටපන් කියල.

    ජවිපෙ නෙමයි මුලින් මරන්න පටන් ගත්තේ, මුලින්ම ජවිපෙට තමයි මර්දනයට මුහුණ දෙන්න සිද්ද උනේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන ඉන්න අය කලින් ම තේරුම් ගන්න ඕන දෙයක් තියනවා. ඒක තමා ජවිපෙ තෝරා ගත්ත දීර්ඝකාලීන සන්නද්ධ අරගල මාර්ගය වැරදි බව. මොකද ජවිපෙ හෝ දේ.ජ.ව්‍ය. සංවිධිත සන්නද්ධ කණ්ඩායමක් නෙවෙයි. එතකොට ආණ්ඩුවක සංවිධිත මර්දන යාන්ත්‍රණයකට මුහුණ දෙන්න බැරුව යනවා. ඒ නිසයි ජවිපෙට වැරදුනේ.
    දෙවැන්න 1987 දී ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවෙ දී ඔවුන් සූදානමින් නොසිටීම. මේක ජවිපෙ කරපු බරපතලම සහ අඥාණ ම දේශපාලන වැරැද්ද. 1983 දී පක්ෂය තහනම් වෙලා ඒ වන විට යටිබිම්ගත දේශපාලනයක සිටපු ජවිපෙ, ඒ මොහොතේ සූදානම් ව සිටිය නම්, රජයට විරුද්ධ ජනතා බලවේගය කලමනාකරණය කරගෙන රජය පෙරලන්න තිබ්බා.
    අනික් කාරණය අර කලින් කිව්ව වගේ හමුදා සාමාජිකයන් ගේ පවුල් ඝාතනය කරන්න තීරණය කිරීම. මේකෙන් ජවිපෙ තීරනාත්මක විදියට හමුදාවේ තිබ්බ සහය නැති කර ගත්තා. ඒ විතරක් නෙවෙයි හමුදා සාමාජිකයන් ගේ සහය මත ගොඩ තැනුණු අතුරු සන්නද්ධ ඒකක, ප්‍රා, ඩ්‍රා, කහ බලල්ලු, කළු බලල්ලු, කොළ කොටි, ආර්ඩීඑෆ් වගේ ඒවයින් තම සාමාජිකයන් විධිමත් ව ආරක්සා කරගන්න බැරි වීමත්, පක්ෂය තුලට ම ඔත්තුකරුවන් එන්නත් කර තීබීම හදුනා ගන්නට බැරි වීමත් ජවිපෙ සන්නද්ධ ඒකකයක් විදියට කරපු ලොකුම වැරදි.
    ඒ විතරක් නෙවෙයි ජනතාව අසීරුතාවයට පත් වන විදියේ තීරණ, බලෙන් උද්ඝෝෂණ වලට මිනිසුන් නෙවිත් ඔවුන් හමුදාවේ වෙඩි පහරට ලක් කිරීම, විරුද්ධ දේශපාලන මතවාදීන් පමණක් නෙවෙයි, තමන් ගේ මතවාදයට විරුද්ධ වන සියළු දෙනාම අමානුෂිකව ඝාතනය කිරීම වගේ දේවල් නිසා මිනිසුන් ගේ පොදු ඉවෙන් බැදි සහය ඔවුන් අහිමි කර ගත්තා.
    “බහුතර සහභාගීත්වයකින් තොරව සිදු වෙන ඕනෑම පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“ මේක තමා ඓතිහාසික දේශපාලන සත්‍යය මේ ඉර හද යට.ජවිපෙට වුණේ අන්න ඒ දේ....................
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හෙට උදේ 7.00 ට FM 107 - V-FM අහන්න. ප්‍රවෘත්ති වලින් පස්සේ අනුර කුමාර දිසානායක සජීවී සංවාදය.

    2015-පෙබරවාරි-27 උදේ 7.00
     
    ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
    නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවෙශ විය. 1969 දී ඇත්ත පත්‍රය විසින් “සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්” ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
    71 කැරැල්ල
    1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
    1976-83 දක්වා කාලවකවානුව
    1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත
    ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
    1983 සිට 1994 දක්වා කාලසීමාව
    1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි. කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. ‍රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
    1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
    1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතු‍රුව ඉදිරිපත් වූ මැතිවරණ තුළ 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි.
    2005 ජනාධිපතිවරණයේ සිට 2010 දක්වා
    1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. උතුර-නැගෙනහිර පළාත් වෙන් කිරීම, කුප්‍රකට ‘පීටොම්ස්‍‍‍්‍’ ගිවිසුම හකුලා ගැනීම සඳහා ජවිපෙ විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අගනා මෙහෙයක් කළ අතර එවක යුධහමුදාපති ජනරාල් සරන් ‍ෆොන්සේකා මහතාට තම භටයන් සාර්ථකව මෙහෙයවීම සඳහා අවැසි පසුබිම ජවිපෙ විසින් දකුනේ ජනමතය සැකසීම මගින් පාදා දෙන ලදී. තවද මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බුදය පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්ත්වය තුළ පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණ‍වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.
    2010 ජනාධිපතිවරණය
    2010 ජනාධිපතිවරණයේදී තනිව පක්ෂයක් ලෙස තරඟ වැදීම වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ ඇතුලු විපක්ෂය තීරණය කරන ලදී. ඒ අනුව හිටපු යුධ හමුදාපති ( එවකට )ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් පිහිටවූ “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය” නම් පක්ෂයට ජ.වි.පෙ සහය පල කල අතර පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ශයේ බොහෝ පක්ෂ මේ සන්ධානයට සහය පලකල අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට එක්වීම යම් තරමකට විවාදාත්මක විය. ඒ වන විට ජනතා ජ.වි.පෙ තුල සිටි සමහර පිරිස් පසු කාලයකදී ප්‍රකාශ කලේ පොදු අපේක්ෂකයාට සහය දීම සහ ඊට පෙර (2004 වසරේදී)එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීම හරහා ජ.වි.පෙ තම පන්ති සටන අත්හැර පන්ති සහයෝගීතාවයකට එකඟ වී ඇති බවයි.
    කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 4,173,185ක් (40.15%) පමණක් වන අතර ඡන්ද 6,015,934ක් (57.88%) ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ නැවටත් වතාවක් ජනපති ධූරයට පත් විය. මැතිවරණය දූශිත බව ජ.වි.පෙ ඇතුලු විපක්ෂ කණ්ඩායම් චෝදනා කලද ඒ පිලිබඳව වූ පරීක්ෂණ වලදී චෝදනා ඔප්පු කරගත නොහැකි විය. පසුකාලීනව ෆොන්සේකා මහතාට මුහුණ පෑමට සිදුවූ දේශපාලන පලිගැනීම් ජ.වි.පෙ විසින් හෙලා දුටු නමුත් ඉදිරියේදී පක්ෂයක් ලෙස තනිව තම දේශපාලන ගමන සිදු කිරීමට තීරණය කරන ලදී.

    මෙන්න මේකයි පුතේ නියම හේතුව...නැතුව මාක්ස්වාදී බයිලාවක් හින්දා නෙමෙයි....13 සංශෝධනයට හා ඉන්දීය හමුදාව ලංකාවට එන්න දීම නිසා තමයි මේක පටන් ගත්තේ..........ජවිපෙ වෙනුවෙන් කතා කරන අයවත් හරියට ජවිපෙ ඉතිහාසය දන්නේ නෑ...
    බලන්න ජවිපෙ සන්නද්ධ අංශයේ නම, දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය! එතන මාක්ස්වාදී බවක් තියෙනවාද? 1983 ජූලි කලබල වලත් සම්බන්ධයක් තියෙනවා....1986 මුලින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍ය යෙක්ව මරලා තමයි වැඩ පටන් ගත්තේ (දයා පතිරණ)............
    ඒ කාලේ වෙනකොට ජවිපෙ සිංහල ජාතිවාදී පක්ෂයක් විදිහට තමයි ඉස්මතු වුණේ.........13ට විරුද්ධ වීමත් ඉන්දීය අතපෙවීමට විරුද්ධවයි කැරැල්ල පටන්ගත්තේ...මේ බව අපේ ගොඩක් දන්නේ නෑ.........
    ඒ කාලේ ජවිපෙ හරියට මෑත කාලේ ඇති වෙච්ච බොදු බලසේනාව වගේ!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me awu 18/19ne podi bacho jvp karapu wada nodakka niasa kiyana kataha walata hinaa yanawaa :lol:

    kohoma unath warthamanaye jvp eka hodayi anith paksha deke inna dheshapalakayanta wadaa

    pera waradi amathaka karanan kalaya me pakshaya balayata nawath manthi asana 20k wath jvp ekata ganna chandaya dena eka ratak washayen hodayi anith paksha deke balu deshapalakayonwa palanaya karannanam
     
    මොකද හදිස්සියේ බය වෙලා .
    unp slfp ltte ඔක්කොම මිනිස්සු මරල තියෙනවා
    jvp විතරක් නරක් වෙන්නේ කොහොමද?

    ජවිපෙ නරකයි කිව්වේ නෑනේ......ඉතිහාසය දැනගන්න ඕනි කියලායි කිව්වේ!
     
    Last edited:
    ඇයි එකපාරටම J.V.P. ඉතිහාසයෙ වැරදි හොයන්නහිතුනෙ,
    මේ නිසාද....
    මම මුලින්ම කිව්වා ජවිපෙ දැන් කරන දේශපාලනය ගැන මම කතා කරන්නේ නෑ...අපේ රටේ දේශපාලනයේ අවශ්‍ය තැනක් ඒගොල්ලන් පුරවනවා කියන එක.....
    ඒත් මේ රටේ මිනිස්සු ඉතිහාසය දැනගන්න ඕනි....මේවා අපේ මිනිස්සු දන්නේ නෑ...........
     
    ඇයි එකපාරටම J.V.P. ඉතිහාසයෙ වැරදි හොයන්න හිතුනෙ,
    මේ නිසාද....


    මම මුලින්ම කිව්වා ජවිපෙ දැන් කරන දේශපාලනය ගැන මම කතා කරන්නේ නෑ...අපේ රටේ දේශපාලනයේ අවශ්‍ය තැනක් ඒගොල්ලන් පුරවනවා කියන එක.....
    ඒත් මේ රටේ මිනිස්සු ඉතිහාසය දැනගන්න ඕනි....මේවා අපේ මිනිස්සු දන්නේ නෑ...........
     
    ඔය ලොකු අකුරින් දාලා තියන කතව වැරදි. me ගැන පසුව විසත්රක් දාන්නම්

    නෑ ජවිපෙ තමයි ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ .....මුල් කාලේ ආමි එකේ අය ජවිපෙට උදව් පවා කළා......ඒත් ජවිපෙ රට ආගාධයට ගෙනිහින් රටම බය කරලා බලය ලබාගෙන තමන් ඉන්දීය ආක්‍රමණයට මුහුණ දෙනවා කියලා තමයි රටේ ආණ්ඩු පෙරලියක් කරන්න හැදුවේ!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ ජවිපෙ තමයි ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ .....මුල් කාලේ ආමි එකේ අය ජවිපෙට උදව් පවා කළා......ඒත් ජවිපෙ රට ආගාධයට ගෙනිහින් රටම බය කරලා බලය ලබාගෙන තමන් ඉන්දීය ආක්‍රමණයට මුහුණ දෙනවා කියලා තමයි රටේ ආණ්ඩු පෙරලියක් කරන්න හැදුවේ!
    :yes::yes:
     
    විප්ලාවක් කියන්නේ අරගලයක් කරනකොට මිනිස්සු මැරෙනවා. එක කොයිම යුද්දෙකදී උඅත් එකයි. අද උදහොසහ්නවලදිත් මිනිස්සු මරන්නේ. අනික වැඩි හරියක් මරුනේ ජේ වී පි කොල්ල. jvp එක ඉවක් බවක් නැතුව මිනිමරුවනම් ජේ වී පි එකේ විතරක් වැඩි පිරිසක් මැරෙන්නේ කොහොමද??
    ජේ වී පි කැරැල්ලට හේතුත් ඔය දන්නවා ඇති එහෙනම්

    ජවිපෙ තමයි මිනිස්සු ඉවක් බවත් නැතිව මැරු‍වේ.....තමන්ට ඕනි විදිහට මිනි මැරුවා. තමන්ට වෙනස් මතයක් දරණවා නම් දඬුවම මරණය කියලා වැඩ කළේ ජවිපේ....රටේ පවතින රජය විදිහට ඒකාලේ තිබ්බ රජය කැරැල්ල මර්දනය කළා........එතෙන්දි ජවිපෙට වඩා සැහැසි වෙන්න රජයට හමුදාවට සිද්ධ වුණා..........එදා රජය ඒ දේ කලේ නැත්තම් අද ලංකාවට ‍ මොනවා වෙයිද දන්නේ නෑ..............
     
    :lol::lol:

    ඒක තමයි මටත් මුලින්ම කල්පනාවුනේ. එකපාර නින්දෙන් නැගිටල 88-89 ගැන දොඩවන්නෙ මොකද? ඇරත් මේ යකා කට්ට කාගෙන මේ ත්‍රෙඩ් එක ඌම බම්ප් කරගෙන. :lol:

    අනිත් එවුන් කට්ට කාගෙන ත්‍රෙඩ් දාන්නේ ඇයි? ඒ හින්දා තමයි අපිත් දාන්නේ...........ඇයි මේවා දිරවන්නේ නැති ටොපික් ද?
     
    :lol: රටේ ඉන්නේ මොක්කුද කියලා ත්රෙනවා මහින්දගේ පස්සේ යන හැටි දක්කම.

    ඒ කලේ මොකද්ද උනේ ජේ වී පි එක ආතල එකට මිනි මැරුවද

    ආතල් එකටත් එක්ක තමයි මැරුවේ!