මචං කැරැල්ලක් කරන්න අරමුණක් තිනුනේ නැහැ .-මාර කැරැල්ලක් නේ බං! එතකොට කැරැල්ල කරන්නේ තෙල වැඩි වෙලාද? දේශපාලන අරමුණක් නැති කැරලි තියේද?
එත් ජේ වී පි එකට රමුනක් තියනවා. - මොකක්ද අරමුණ?
විශේෂයෙන්ම 1988-89 කියලා කියන්නේ ඉතිහාසයේ අහම්බයක් නෙවෙයි. - අහම්බයක් නෙමෙයි, තදබල මෝඩකමක්!
1971 jvp මර්දනයට ලක්කළාට පස්ෙසේ jvp නායකයෝ විශාල ප්‍රමාණයක් ජීවිතාන්තය දක්වා හිරගෙට ඇරියා. - නිකම් නෙමෙයි බං හිරේ ගියේ....ආයුධ අරගෙන රටේ නීත්‍යානුකූල රජය පෙරලන්න ගියාට නේ...ඒකට දඬුවම් කරන එක හරි නේ....
1978 එළියට ආවාට පස්සේ - කොහොමද එළියට ආවේ? 77 දි ජේ ආර් ආව ගමන් ජවිපෙ තහනම ඉවත් කළා නේද? ඇයි ඒක මග ඇරුනේ? ඒ කියන්නේ පැවති රජය මර්ධනයක් නෙමෙයි මුලින් උදව්වක් නේද කළේ?
jvp එක දේශපාලන ව්‍යාපාරවල ප්රජාතන්ත්රවාදී ලෙස නිරතවෙමිn තමයි මචං හිටිය කියන්නේ. 1978 ආසන හතරක අතුරු මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණවලට දේශපාලන ව්‍යාපාරයක් හැටියට jvp චන්දේ ඉල්ලුව. - ඔව් ඒ වගේම මිනිස්සු ජවිපෙ ප්‍රතික්සේප කළා....
ඊට පස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. - පනත ගෙනාවේ ඒ කාලේ උතුරේ කොටි වැඩෙන්න ගත්ත හින්දා නේ....යුද්ධයේ ආරම්භක අවස්ථාව! ඒ කෙ වැරැද්දක් නෑ...
එය ප්රජාතන්ත්රවාදයට බරපතළ අනතුරක් කියලා, ප්රජාතන්ත්රවාදය පැත්තේ හිඳිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර කරුණු වලට එරෙහිව ජේ වී පි එක කතා කල. – ප්රජාතන්ත්රවාදයට අනතුරක් ඒ වගේම රටේ අවශ්‍යතාවක්!
1981දී ජනාධිපතිවරණෙට පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොදු ව්‍යාපාරයක් හදන්න උත්සාහ කළා. අසාර්ථක වුණා. පක්ෂය වෙනම තරග කරනවා එට පස්සේ. එට පස්සේ ජේ ආර් ජනමත් විස්හරණය ගෙනාවා. ඊට පස්සේ ජනමත විචාරණයේදී සියලූ විපක්ෂ දේශපාලන පක්ෂවලට ආරාධනා කරලා යෝජනාවක් ගේනවා දැන් එකම වේදිකාවකට ඉතා හොඳ අවස්ථාවක් තැබිලා තියෙනවා, චන්දයක් ඕනෑ කියලා ඔක්කොම එකට සටන් කරමු කියලා. ජනමත විචාරණයෙන් පසු ඒක නීති විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජේ වී පි එකඟ නඩුවක් පැවරුවා. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියනවා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය කියලා. - ඉතින් ප්රජාතන්ත්රවාදයට හානි කරනවා කියලා ?
ඊට පස්සේ තමයි ජේආර් ජයවර්ධන මැදිහත් වෙලා කළු ජූලියක් ගේන්නේ එක සියලු දෙනාම පිලිගන්නවා ඇති. - නැහැ කවුරුත් ඒක පිළිගන්නේ නෑ.....ජේ ආර් ගෙනාව කළු ජූලියක් නෑ...හැබැයි ජේ ආර් ඒක හරියට පාලනය කලේ නැ....නිකම් මහින්දගේ කාලේ බොබසේ වගේ......
ඒකට වගකීම් ජේ වී පි එක ගන්න ඕනි කියල පක්ෂය තහනම් කරනවා ජේ ආර්. එතකොට කැරැල්ලක් තිය කිසිදෙයක් ගැන හිතල වත් තිබුනේ නැහැ ජේවී පි එක. - ජවිපෙ 83 ට සම්බන්ධයි ......ඒ කාලේ වි වි ගෙනිච්ච දේශපාලනේ හොයලා බලන්න...
එතකොට unp බලය ඕනි හින්ද ජේ වී පි එක තහනම් කළා.- unp එක බලය ගන්න ජවිපෙ තහනම් කරන්නේ මොකටද? Unp නේ බලයේ හිටියේ? Unp කියන්නේ ආණ්ඩු බලය තිබ්බ පක්ෂය.........ජවිපෙට තිබ්බ බලයක් නෑ...
එතනදී පක්ෂය හිතන්න ගන්නවා මොකද කරන්නේ කියල. එක්කෝ දේශපාලනය අතාරින්න ඕනි නැත්තම් එකට මුහුණ දීලා මැරුම් කන්න ඕනි. ඒ කියන්නේ තහනම තියාගෙන දේශපලයක් කරන්න අමාරුයි නේද?? එත් ජේවී පි එක තහනමට මුහුණ දීල දේශපාලනය කරන්න ගත්ත. එත් දිගින් දිගටම එන පහරෛම අදත්තෙටම්, අතපය කඩ දැමීම වගේ ආණ්ඩුවේ මැරයන්ගේ ක්‍රියාකාරකම් නිසා me තත්වය වැඩි උනා. - මේ කියන කතාවට තහවුරු කරන්න විදිහක් නැනේ......ජවිපෙට ගහලා මොනා කරන්නද? ගහන්නේ තමන්ට තර්ජනයක් තියෙන පක්ෂයක් නේ...ජවිපෙන් unp ට තර්ජනයක් නැනේ..
අන්තිමට පක්ෂ සාමාජිකයන්ව ඝාතනය ලරන්න පවා පටන් ගත්ත. එය අවසානයේදී සන්නද්ධ ගැටුමක් දක්වා දික්ගස්සුනා. - ඇත්තට ? කියන්න කෝ මරා දමපු අයව ජවිපෙ වීම නිසාම (වි වි ශිෂ්‍යන්ව මැරුවා හැබැයි ජවිපෙ වෙනයි) සන්නද්ධ ගැටුම් ඇති වුණේ නෑ.....තියෙනවා නම් උදාහරණ දෙන්න!
එතැනදී ගොඩක් වැරදි උනා ජේ වී පි එක අතිනුත්. එත් ඒගැන කිසිම පැහැදීමක නැහැ අපි වගේ ජේවීපී හිතවාදී කිසි කෙනෙක්ගෙන්. ඒ ගැන පක්ෂය කනගටුවෙලා තියනවා මොකද වැඩිපුරම මරුනේ ජේ වී පි කොල්ලෝ. - බොරු කියන්න එපා කවදාවත් ජවිපෙ එහෙම කණගාටුවෙලා නෑ.....ඔයගොල්ලන් නෙමෙයි....ජවිපෙ පක්ෂයක් විදිහට
ඒ කෙනා පාඩුව ජේ වී පි එකට. එත් හොදම දේ කියන්නේ අද ඒ නැතිවෙච්ච් මිනිසුන්ගේ දුඅවා දරුවෝ සහෝදරයෝ ජේ වී පි එක අගයන එක. අන්තිමට කියන්න තියෙන්නේ කැරැල්ල සිද්දුනේ ජේ වී පි එකේ කැමැත්තෙන් නෙමයි. - ඒ කියන්නේ ආයුධ අතට අරන් මිනිස්සු මරන්න ගත්තේ වෙන කාගෙවත් කැමැත්තට?
71 එකන් පස්සේ එහෙම අරමුණක් ජේ වී පි එකේ තිබුනේ නැහැ කියලයි කියන්නේ. එත් කිසිසේත් බලපොරෝත්තුවෙච්ච නැති විදියට වැරදි සිද්දවෙලා තියනවා. ඒ පිළබදව වර්තමාන පක්ෂය සැහෙන කනගාටුවෙනව. අනාගටහ්යේ එවැනි දේ සිදු වෙන්නේ නැහැ කියන විශ්වශ්‍ය දීලා තියනවා. ඒ වගේම මිනිස්සු එකතුවෙමින් ඉන්නව ඒ විශ්වශ්‍ය මත......ගහලා මරලා විනාශ කරන්න බැරි දෙයක් බව පෙන්වා දෙමින් ඉන්නව - මට වර්තමාන ජවිපෙ එක්ක ප්‍රශ්නයක් නෑ.........හැබැයි ජවිපෙ ආයුධ අතට ගත්ත ඇත්ත හේතුව ඔයා දන්නේ නෑ..