ජවිපෙ 88-89

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    ජවිපෙ නෙමයි මුලින් මරන්න පටන් ගත්තේ, මුලින්ම ජවිපෙට තමයි මර්දනයට මුහුණ දෙන්න සිද්ද උනේ.
    බොහෝ දෙනෙක් අත්දැකල තියෙන පොත්වල තියෙන ඉතිහාසය ඊට වඩා වෙනස් සහෝදරයා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ජවිපෙ කරපු හරි විප්ලවය කලේ 71 , 88-89 ගොඩක් කලේ පුදගලික පළිගැනීම් එකතු කරපු එක. 2000 වර්ශයේ විතර ඉපදුනු උන්ගේ ඡන්ද බලය ඇවිත් අපේ අම්මලා , තාත්තලාගේ පරම්පරාව ඉවර උනු කාලෙකදි තමයි ජවිපෙට ආණ්ඩු බලයක් ගන්න වෙන්නේ, ඒත් ශුවර් නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හෙළයෙක්;17962391 said:
    බොහෝ දෙනෙක් අත්දැකල තියෙන පොත්වල තියෙන ඉතිහාසය ඊට වඩා වෙනස් සහෝදරයා.

    නිකම් නොරු කියන්න එපා මචං. ප්‍රජාතන්ත්රව්දී ප්‍රාවාහයක ඉදලා කළු ජුලිය පිට දාලා මර්දනය පටන්ගත්තට පස්සේ ජ වී පෙට එක තෝරාගන්න උනා. එක පිළිගනිම හෝ නොගැනීම උබේ දෙයක්. කොහොමත් ජවිපෙ අතින් වැරදි සිද්දවුන. ඒවා සුද්ද කරන්න මට කොහෙත්ම උවමනාවක් නැහැ. පිළිගන්න මතයක් මිසක් ,එක ආගමක් නෙමයි බහ්තියෙන් අදහන්න. වැරදි දේ අම්ම ටත්ත කලත් වැරදි
    කොහොම්මත් කැරැල්ලක් හෝ අරගලයක් කියන්නේ මල් පුජ කරනවා වගේ නෙමයි නේ.
     
    Machan ... ethakota JVP eken da anduwenda wadakagara karagena giye ?

    දෙගොල්ලන්ම! හැබැයි ආණ්ඩුවෙන් තමයි වැඩියෙන්ම..............මුලින් ජවිපෙ කරපු ත්‍රස්තවාදය ආමි එක උන්ගෙන් ම කොපි කරලා උන්ටත් වඩා හොඳින් කළා............
     
    නිකම් නොරු කියන්න එපා මචං. ප්‍රජාතන්ත්රව්දී ප්‍රාවාහයක ඉදලා කළු ජුලිය පිට දාලා මර්දනය පටන්ගත්තට පස්සේ ජ වී පෙට එක තෝරාගන්න උනා. එක පිළිගනිම හෝ නොගැනීම උබේ දෙයක්. කොහොමත් ජවිපෙ අතින් වැරදි සිද්දවුන. ඒවා සුද්ද කරන්න මට කොහෙත්ම උවමනාවක් නැහැ. පිළිගන්න මතයක් මිසක් ,එක ආගමක් නෙමයි බහ්තියෙන් අදහන්න. වැරදි දේ අම්ම ටත්ත කලත් වැරදි
    කොහොම්මත් කැරැල්ලක් හෝ අරගලයක් කියන්නේ මල් පුජ කරනවා වගේ නෙමයි නේ.

    මම උඹෙන් කීප සැරයක් ඇහුවා නේ....ඔය කියන කැරැල්ලේ අරගලයේ අරමුණ මොකක්ද?
     
    උඹ මේ ජවිපෙ බබා කරනන එපා....83 පිට දාලා උන්ව තහනම් කළේ නෑ....83ට ජවි‍පෙත් සහභාගි වුණා.........ඒකාලේ විශ්ව විද්‍යාල වල හිටපු අය දන්නවා ඇති....
    ඇයි වෙනත් මාක්ස්වාදි පක්ෂ ජවිපෙව කොන් කරන්නේ?
    83 දි ජාතිවාදී මාවතක තමයි ජවිපෙ හිටියේ.....
    මම දාලා තියෙන විස්තරයේම ඇති 88 ජවිපෙ තහනම ඉවත් කරලා 1800 විතර ජවිපෙ අයව හිරෙන් නිදහස් කළා කියලා.......ඒ මර්ධනය ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,534
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම උඹෙන් කීප සැරයක් ඇහුවා නේ....ඔය කියන කැරැල්ලේ අරගලයේ අරමුණ මොකක්ද?

    අරමුණ වුනේ රටේ පාලනය විජේවීර අතට අරගන්නයි. ප්‍රංශ, රුසියන්, කියුබානු විප්ලව වගේ එකක් කරල බලය ගන්න හීනයක් බුවාට තිබුන. චේ ගුවේර වගේ මේකප් එහෙම දාගෙන හිටිය. විජේවීර නැතිඋනාට පස්සෙ ජේවීපියෙ ඉතුරු වෙලා හිටපු අය කිහිප දෙනා පාවා දීපු අය කියලයි කියන්නෙ. ඒ අයට විජේවීරගෙ දර්ශනය තේරුනේ නැති අය. දැන් ජේවීපි ඉන්න අයට හරියටම තමන්ගෙ දේශපාලන දර්ශනයක් නැහැ මම දන්න තරමට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචං කැරැල්ලක් කරන්න අරමුණක් තිනුනේ නැහැ . එත් ජේ වී පි එකට රමුනක් තියනවා. විශේෂයෙන්ම 1988-89 කියලා කියන්නේ ඉතිහාසයේ අහම්බයක් නෙවෙයි. 1971 jvp මර්දනයට ලක්කළාට පස්සේ jvp නායකයෝ විශාල ප‍්‍රමාණයක් ජීවිතාන්තය දක්වා හිරගෙට ඇරියා. 1978 එළියට ආවාට පස්සේ jvp එක දේශපාලන ව්‍යාපාරවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නිරතවෙමිn තමයි මචං හිටිය කියන්නේ. 1978 ආසන හතරක අතුරු මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණවලට දේශපාලන ව්‍යාපාරයක් හැටියට jvp චන්දේ ඉල්ලුව. ඊට පස්සේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතළ අනතුරක් කියලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තේ හිඳිමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර කරුණු වලට එරෙහිව ජේ වී පි එක කතා කල. 1981දී ජනාධිපතිවරණෙට පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පොදු ව්‍යාපාරයක් හදන්න උත්සාහ කළා. අසාර්ථක වුණා. පක්‍ෂය වෙනම තරග කරනවා එට පස්සේ. එට පස්සේ ජේ ආර් ජනමත් විස්හරණය ගෙනාවා. ඊට පස්සේ ජනමත විචාරණයේදී සියලූ විපක්‍ෂ දේශපාලන පක්‍ෂවලට ආරාධනා කරලා යෝජනාවක් ගේනවා දැන් එකම වේදිකාවකට ඉතා හොඳ අවස්ථාවක් තැබිලා තියෙනවා, චන්දයක් ඕනෑ කියලා ඔක්කොම එකට සටන් කරමු කියලා. ජනමත විචාරණයෙන් පසු ඒක නීති විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජේ වී පි එකඟ නඩුවක් පැවරුවා. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියනවා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය කියලා. ඊට පස්සේ තමයි ජේආර් ජයවර්ධන මැදිහත් වෙලා කළු ජූලියක් ගේන්නේ එක සියලු දෙනාම පිලිගන්නවා ඇති. ඒකට වගකීම් ජේ වී පි එක ගන්න ඕනි කියල පක්‍ෂය තහනම් කරනවා ජේ ආර්. එතකොට කැරැල්ලක් තිය කිසිදෙයක් ගැන හිතල වත් තිබුනේ නැහැ ජේවී පි එක. එතකොට unp බලය ඕනි හින්ද ජේ වී පි එක තහනම් කළා. එතනදී පක්ෂය හිතන්න ගන්නවා මොකද කරන්නේ කියල. එක්කෝ දේශපාලනය අතාරින්න ඕනි නැත්තම් එකට මුහුණ දීලා මැරුම් කන්න ඕනි. ඒ කියන්නේ තහනම තියාගෙන දේශපලයක් කරන්න අමාරුයි නේද?? එත් ජේවී පි එක තහනමට මුහුණ දීල දේශපාලනය කරන්න ගත්ත. එත් දිගින් දිගටම එන පහරෛම අදත්තෙටම්, අතපය කඩ දැමීම වගේ ආණ්ඩුවේ මැරයන්ගේ ක්‍රියාකාරකම් නිසා me තත්වය වැඩි උනා. අන්තිමට පක්ෂ සාමාජිකයන්ව ඝාතනය ලරන්න පවා පටන් ගත්ත. එය අවසානයේදී සන්නද්ධ ගැටුමක් දක්වා දික්ගස්සුනා. එතැනදී ගොඩක් වැරදි උනා ජේ වී පි එක අතිනුත්. එත් ඒගැන කිසිම පැහැදීමක නැහැ අපි වගේ ජේවීපී හිතවාදී කිසි කෙනෙක්ගෙන්. ඒ ගැන පක්ෂය කනගටුවෙලා තියනවා මොකද වැඩිපුරම මරුනේ ජේ වී පි කොල්ලෝ. ඒ කෙනා පාඩුව ජේ වී පි එකට. එත් හොදම දේ කියන්නේ අද ඒ නැතිවෙච්ච් මිනිසුන්ගේ දුඅවා දරුවෝ සහෝදරයෝ ජේ වී පි එක අගයන එක. අන්තිමට කියන්න තියෙන්නේ කැරැල්ල සිද්දුනේ ජේ වී පි එකේ කැමැත්තෙන් නෙමයි. 71 එකන් පස්සේ එහෙම අරමුණක් ජේ වී පි එකේ තිබුනේ නැහැ කියලයි කියන්නේ. එත් කිසිසේත් බලපොරෝත්තුවෙච්ච නැති විදියට වැරදි සිද්දවෙලා තියනවා. ඒ පිළබදව වර්තමාන පක්ෂය සැහෙන කනගාටුවෙනව. අනාගටහ්යේ එවැනි දේ සිදු වෙන්නේ නැහැ කියන විශ්වශ්‍ය දීලා තියනවා. ඒ වගේම මිනිස්සු එකතුවෙමින් ඉන්නව ඒ විශ්වශ්‍ය මත......ගහලා මරලා විනාශ කරන්න බැරි දෙයක් බව පෙන්වා දෙමින් ඉන්නව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹ මේ ජවිපෙ බබා කරනන එපා....83 පිට දාලා උන්ව තහනම් කළේ නෑ....83ට ජවි‍පෙත් සහභාගි වුණා.........ඒකාලේ විශ්ව විද්‍යාල වල හිටපු අය දන්නවා ඇති....
    ඇයි වෙනත් මාක්ස්වාදි පක්ෂ ජවිපෙව කොන් කරන්නේ?
    83 දි ජාතිවාදී මාවතක තමයි ජවිපෙ හිටියේ.....
    මම දාලා තියෙන විස්තරයේම ඇති 88 ජවිපෙ තහනම ඉවත් කරලා 1800 විතර ජවිපෙ අයව හිරෙන් නිදහස් කළා කියලා.......ඒ මර්ධනය ද?

    උබ කියන්නේ කළු ජුලියටද ?? කලිජුලියට ජවිපෙ සම්බන්දයක් නැහැ
     
    අරමුණ වුනේ රටේ පාලනය විජේවීර අතට අරගන්නයි. ප්‍රංශ, රුසියන්, කියුබානු විප්ලව වගේ එකක් කරල බලය ගන්න හීනයක් බුවාට තිබුන. චේ ගුවේර වගේ මේකප් එහෙම දාගෙන හිටිය. විජේවීර නැතිඋනාට පස්සෙ ජේවීපියෙ ඉතුරු වෙලා හිටපු අය කිහිප දෙනා පාවා දීපු අය කියලයි කියන්නෙ. ඒ අයට විජේවීරගෙ දර්ශනය තේරුනේ නැති අය. දැන් ජේවීපි ඉන්න අයට හරියටම තමන්ගෙ දේශපාලන දර්ශනයක් නැහැ මම දන්න තරමට.
    :yes::yes:
    රටේ බලය අතට අරන් ඉන්දිය ආක්‍රමණයෙන් රට මුදවනවා කියලා තමයි ඔක්කොම පටන් ගත්තේ...13 ට විරුද්ධව තමයි පටන් ගත්තේ
     
    උබ කියන්නේ කළු ජුලියටද ?? කලිජුලියට ජවිපෙ සම්බන්දයක් නැහැ

    කළු ජූලියට ජවිපෙ විතරක් සම්බන්ධ නෑ....ඒත් ජවිපෙ සම්බන්ධයි ටිකක් හරි....විශ්ව විද්‍යාල වල ජාතිවාදී දේශපාලනයක් කළේ......86 දි දයා පතිරණ මැරුවේ ජවිපෙ!
    එතකොට ආයුධ අතට ගත්තේ ඇයි? මොකක්ද අරමුණ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,534
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes:
    රටේ බලය අතට අරන් ඉන්දිය ආක්‍රමණයෙන් රට මුදවනවා කියලා තමයි ඔක්කොම පටන් ගත්තේ...13 ට විරුද්ධව තමයි පටන් ගත්තේ

    71දි ඉන්දියන් ආක්‍රමණයක් තිබුනෙ නෑනෙ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොහොම උනත් දැන් ජවිපෙ ප්‍රජාතන්තවාදී මාවතේ උපරිමාබ ඉන්නවා. රටේ තියන හොදම පක්ෂය ( හොරු මැරයෝ නැති) අවූරුදු 25 කින් චෝදනවක් නැහැ කිසිම. මට උනත් මුලදී තිබුන ලොකු පර්ශ්නයක් තමයි ජවිපෙත් එක්ක 88 89. එට පස්සේ ආපු සියලුම ආණ්ඩු හෝ පක්ෂ මගින් විවිද අපරාද සිදුඋනා. ජවිපෙට විතරක් මිනීමරු චෝදනාව දාන එක කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. දැන් තියෙන්නේ වර්තමාන දේශපාලනය. අතීතයේ සිද්දි නැතව සිද්දවෙයි කියල සිතන අය ජවිපෙට සහය නොදී ඉදි. ඒ මතකයන් හා ආකල්ප අපිට වෙනස් කරන්න බැහැ වෙනස් කරන්න ඕනිත් නැහැ. ඒ මිනිසුම වෙනස වෙන් දෑසක වෙනස් වෙයි. අනාගතයේ සමහරවිට අපි ඉන්නකොට හෝ නැතිකොට සමාජ පරිවර්තය වෙන්න් පුළුවන්.... ඒ සදහා අද නැති මිනිස්සු හෙට එවි හෙට නැති උන අනිද්දා එවි...... :yes::yes:
     
    මචං කැරැල්ලක් කරන්න අරමුණක් තිනුනේ නැහැ .-මාර කැරැල්ලක් ‍නේ බං! එතකොට කැරැල්ල කරන්නේ තෙල වැඩි වෙලාද? දේශපාලන අරමුණක් නැති කැරලි තියේද?

    එත් ජේ වී පි එකට රමුනක් තියනවා. - මොකක්ද අරමුණ?

    විශේෂයෙන්ම 1988-89 කියලා කියන්නේ ඉතිහාසයේ අහම්බයක් නෙවෙයි. - අහම්බයක් නෙමෙයි, තදබල මෝඩකමක්!

    1971 jvp මර්දනයට ලක්කළාට පස්ෙසේ jvp නායකයෝ විශාල ප‍්‍රමාණයක් ජීවිතාන්තය දක්වා හිරගෙට ඇරියා. - නිකම් නෙමෙයි බං හිරේ ගියේ....ආයුධ අරගෙන රටේ නීත්‍යානුකූල රජය පෙරලන්න ගියාට නේ...ඒකට දඬුවම් කරන එක හරි නේ....

    1978 එළියට ආවාට පස්සේ - කොහොමද එළියට ආවේ? 77 දි ජේ ආර් ආව ගමන් ජවිපෙ තහනම ඉවත් කළා නේද? ඇයි ඒක මග ඇරුනේ? ඒ කියන්නේ පැවති රජය මර්ධනයක් නෙමෙයි මුලින් උදව්වක් නේද කළේ?

    jvp එක දේශපාලන ව්‍යාපාරවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නිරතවෙමිn තමයි මචං හිටිය කියන්නේ. 1978 ආසන හතරක අතුරු මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණවලට දේශපාලන ව්‍යාපාරයක් හැටියට jvp චන්දේ ඉල්ලුව. - ඔව් ඒ වගේම මිනිස්සු ජවිපෙ ප්‍රතික්සේප කළා....

    ඊට පස්සේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. - පනත ගෙනාවේ ඒ කාලේ උතුරේ කොටි වැ‍ඩෙන්න ගත්ත හින්දා නේ....යුද්ධයේ ආරම්භක අවස්ථාව! ඒ කෙ වැරැද්දක් නෑ...

    එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතළ අනතුරක් කියලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තේ හිඳිමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර කරුණු වලට එරෙහිව ජේ වී පි එක කතා කල. – ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් ඒ වගේම රටේ අවශ්‍යතාවක්!

    1981දී ජනාධිපතිවරණෙට පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පොදු ව්‍යාපාරයක් හදන්න උත්සාහ කළා. අසාර්ථක වුණා. පක්‍ෂය වෙනම තරග කරනවා එට පස්සේ. එට පස්සේ ජේ ආර් ජනමත් විස්හරණය ගෙනාවා. ඊට පස්සේ ජනමත විචාරණයේදී සියලූ විපක්‍ෂ දේශපාලන පක්‍ෂවලට ආරාධනා කරලා යෝජනාවක් ගේනවා දැන් එකම වේදිකාවකට ඉතා හොඳ අවස්ථාවක් තැබිලා තියෙනවා, චන්දයක් ඕනෑ කියලා ඔක්කොම එකට සටන් කරමු කියලා. ජනමත විචාරණයෙන් පසු ඒක නීති විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජේ වී පි එකඟ නඩුවක් පැවරුවා. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියනවා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය කියලා. - ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරනවා කියලා ?

    ඊට පස්සේ තමයි ජේආර් ජයවර්ධන මැදිහත් වෙලා කළු ජූලියක් ගේන්නේ එක සියලු දෙනාම පිලිගන්නවා ඇති. - නැහැ කවුරුත් ඒක පිළිගන්නේ නෑ.....‍ජේ ආර් ගෙනාව කළු ජූලියක් නෑ...හැබැයි ‍ජේ ආර් ඒක හරියට පාලනය කලේ නැ....නිකම් මහින්දගේ කාලේ බොබසේ වගේ......

    ඒකට වගකීම් ජේ වී පි එක ගන්න ඕනි කියල පක්‍ෂය තහනම් කරනවා ජේ ආර්. එතකොට කැරැල්ලක් තිය කිසිදෙයක් ගැන හිතල වත් තිබුනේ නැහැ ජේවී පි එක. - ජවි‍පෙ 83 ට සම්බන්ධයි ......ඒ කාලේ වි වි ගෙනිච්ච දේශපාලනේ හොයලා බලන්න...

    එතකොට unp බලය ඕනි හින්ද ජේ වී පි එක තහනම් කළා.- unp එක බලය ගන්න ජවි‍පෙ තහනම් කරන්නේ මොකටද? Unp නේ බලයේ හිටියේ? Unp කියන්නේ ආණ්ඩු බලය තිබ්බ පක්ෂය.........ජවිපෙට තිබ්බ බලයක් නෑ...

    එතනදී පක්ෂය හිතන්න ගන්නවා මොකද කරන්නේ කියල. එක්කෝ දේශපාලනය අතාරින්න ඕනි නැත්තම් එකට මුහුණ දීලා මැරුම් කන්න ඕනි. ඒ කියන්නේ තහනම තියාගෙන දේශපලයක් කරන්න අමාරුයි නේද?? එත් ජේවී පි එක තහනමට මුහුණ දීල දේශපාලනය කරන්න ගත්ත. එත් දිගින් දිගටම එන පහරෛම අදත්තෙටම්, අතපය කඩ දැමීම වගේ ආණ්ඩුවේ මැරයන්ගේ ක්‍රියාකාරකම් නිසා me තත්වය වැඩි උනා. - මේ කියන කතාවට තහවුරු කරන්න විදිහක් නැනේ......ජවිපෙට ගහලා මොනා කරන්නද? ගහන්නේ තමන්ට තර්ජනයක් තියෙන පක්ෂයක් නේ...ජවිපෙන් unp ට තර්ජනයක් නැනේ..

    අන්තිමට පක්ෂ සාමාජිකයන්ව ඝාතනය ලරන්න පවා පටන් ගත්ත. එය අවසානයේදී සන්නද්ධ ගැටුමක් දක්වා දික්ගස්සුනා. - ඇත්තට ? කියන්න කෝ මරා දමපු අයව ජවිපෙ වීම නිසාම (වි වි ශිෂ්‍යන්ව මැරුවා හැබැයි ජවිපෙ වෙනයි) සන්නද්ධ ගැටුම් ඇති වුණේ නෑ.....තියෙනවා නම් උදාහරණ දෙන්න!

    එතැනදී ගොඩක් වැරදි උනා ජේ වී පි එක අතිනුත්. එත් ඒගැන කිසිම පැහැදීමක නැහැ අපි වගේ ජේවීපී හිතවාදී කිසි කෙනෙක්ගෙන්. ඒ ගැන පක්ෂය කනගටුවෙලා තියනවා මොකද වැඩිපුරම මරුනේ ජේ වී පි කොල්ලෝ. - බොරු කියන්න එපා කවදාවත් ජවිපෙ එහෙම කණගාටුවෙලා නෑ.....ඔයගොල්ලන් නෙමෙයි....ජවිපෙ පක්ෂයක් විදිහට

    ඒ කෙනා පාඩුව ජේ වී පි එකට. එත් හොදම දේ කියන්නේ අද ඒ නැතිවෙච්ච් මිනිසුන්ගේ දුඅවා දරුවෝ සහෝදරයෝ ජේ වී පි එක අගයන එක. අන්තිමට කියන්න තියෙන්නේ කැරැල්ල සිද්දුනේ ජේ වී පි එකේ කැමැත්තෙන් නෙමයි. - ඒ කියන්නේ ආයුධ අතට අරන් මිනිස්සු මරන්න ගත්තේ වෙන කාගෙවත් කැමැත්තට?

    71 එකන් පස්සේ එහෙම අරමුණක් ජේ වී පි එකේ තිබුනේ නැහැ කියලයි කියන්නේ. එත් කිසිසේත් බලපොරෝත්තුවෙච්ච නැති විදියට වැරදි සිද්දවෙලා තියනවා. ඒ පිළබදව වර්තමාන පක්ෂය සැහෙන කනගාටුවෙනව. අනාගටහ්යේ එවැනි දේ සිදු වෙන්නේ නැහැ කියන විශ්වශ්‍ය දීලා තියනවා. ඒ වගේම මිනිස්සු එකතුවෙමින් ඉන්නව ඒ විශ්වශ්‍ය මත......ගහලා මරලා විනාශ කරන්න බැරි දෙයක් බව පෙන්වා දෙමින් ඉන්නව - මට වර්තමාන ජවිපෙ එක්ක ප්‍රශ්නයක් නෑ.........හැබැයි ජවිපෙ ආයුධ අතට ගත්ත ඇත්ත හේතුව ඔයා දන්නේ නෑ..

    කළු පාටින් තියෙන්නේ මගේ උත්තරේ

    Last edited:
    කොහොම උනත් දැන් ජවිපෙ ප්‍රජාතන්තවාදී මාවතේ උපරිමාබ ඉන්නවා. රටේ තියන හොදම පක්ෂය ( හොරු මැරයෝ නැති) අවූරුදු 25 කින් චෝදනවක් නැහැ කිසිම. මට උනත් මුලදී තිබුන ලොකු පර්ශ්නයක් තමයි ජවිපෙත් එක්ක 88 89. එට පස්සේ ආපු සියලුම ආණ්ඩු හෝ පක්ෂ මගින් විවිද අපරාද සිදුඋනා. ජවිපෙට විතරක් මිනීමරු චෝදනාව දාන එක කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. දැන් තියෙන්නේ වර්තමාන දේශපාලනය. අතීතයේ සිද්දි නැතව සිද්දවෙයි කියල සිතන අය ජවිපෙට සහය නොදී ඉදි. ඒ මතකයන් හා ආකල්ප අපිට වෙනස් කරන්න බැහැ වෙනස් කරන්න ඕනිත් නැහැ. ඒ මිනිසුම වෙනස වෙන් දෑසක වෙනස් වෙයි. අනාගතයේ සමහරවිට අපි ඉන්නකොට හෝ නැතිකොට සමාජ පරිවර්තය වෙන්න් පුළුවන්.... ඒ සදහා අද නැති මිනිස්සු හෙට එවි හෙට නැති උන අනිද්දා එවි...... :yes::yes:

    මට ජවිපෙ දැන් තියන ක්‍ර මය එක්ක ප්‍රශ්නයක් නෑ....හැබැයි මේ වගේ දේක ඉතිහාසය රටේ මිනිස්සු දැනගන්න ඕනි...ජවිපෙ කවදාවත් 88-89 ඝාතන ගැන රටේ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලලා නෑ...

    මෙච්චර කල් කිසි වැරැද්දක් කරලා නැතිව ඇති...ඒ බලය නැති නිසා...බලය ඇති තැනයි වැරදි වෙන්නේ