මෙතන ඉන්න අය කලින් ම තේරුම් ගන්න ඕන දෙයක් තියනවා. ඒක තමා ජවිපෙ තෝරා ගත්ත දීර්ඝකාලීන සන්නද්ධ අරගල මාර්ගය වැරදි බව. මොකද ජවිපෙ හෝ දේ.ජ.ව්‍ය. සංවිධිත සන්නද්ධ කණ්ඩායමක් නෙවෙයි. එතකොට ආණ්ඩුවක සංවිධිත මර්දන යාන්ත්‍රණයකට මුහුණ දෙන්න බැරුව යනවා. ඒ නිසයි ජවිපෙට වැරදුනේ.
දෙවැන්න 1987 දී ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවෙ දී ඔවුන් සූදානමින් නොසිටීම. මේක ජවිපෙ කරපු බරපතලම සහ අඥාණ ම දේශපාලන වැරැද්ද. 1983 දී පක්ෂය තහනම් වෙලා ඒ වන විට යටිබිම්ගත දේශපාලනයක සිටපු ජවිපෙ, ඒ මොහොතේ සූදානම් ව සිටිය නම්, රජයට විරුද්ධ ජනතා බලවේගය කලමනාකරණය කරගෙන රජය පෙරලන්න තිබ්බා.
අනික් කාරණය අර කලින් කිව්ව වගේ හමුදා සාමාජිකයන් ගේ පවුල් ඝාතනය කරන්න තීරණය කිරීම. මේකෙන් ජවිපෙ තීරනාත්මක විදියට හමුදාවේ තිබ්බ සහය නැති කර ගත්තා. ඒ විතරක් නෙවෙයි හමුදා සාමාජිකයන් ගේ සහය මත ගොඩ තැනුණු අතුරු සන්නද්ධ ඒකක, ප්‍රා, ඩ්‍රා, කහ බලල්ලු, කළු බලල්ලු, කොළ කොටි, ආර්ඩීඑෆ් වගේ ඒවයින් තම සාමාජිකයන් විධිමත් ව ආරක්සා කරගන්න බැරි වීමත්, පක්ෂය තුලට ම ඔත්තුකරුවන් එන්නත් කර තීබීම හදුනා ගන්නට බැරි වීමත් ජවිපෙ සන්නද්ධ ඒකකයක් විදියට කරපු ලොකුම වැරදි.
ඒ විතරක් නෙවෙයි ජනතාව අසීරුතාවයට පත් වන විදියේ තීරණ, බලෙන් උද්ඝෝෂණ වලට මිනිසුන් නෙවිත් ඔවුන් හමුදාවේ වෙඩි පහරට ලක් කිරීම, විරුද්ධ දේශපාලන මතවාදීන් පමණක් නෙවෙයි, තමන් ගේ මතවාදයට විරුද්ධ වන සියළු දෙනාම අමානුෂිකව ඝාතනය කිරීම වගේ දේවල් නිසා මිනිසුන් ගේ පොදු ඉවෙන් බැදි සහය ඔවුන් අහිමි කර ගත්තා.
“බහුතර සහභාගීත්වයකින් තොරව සිදු වෙන ඕනෑම පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“ මේක තමා ඓතිහාසික දේශපාලන සත්‍යය මේ ඉර හද යට.ජවිපෙට වුණේ අන්න ඒ දේ....................