බටහිර සංගීතයේ ලස්සන තැන්-2

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Classical Era-බටහිර සංගීතයේ ලස්සන තැන්-දෙවන කොටස

    බටහිර සංගීතයේ ලස්සන තැන් ගැන ලියන ලිපි පෙලේ ඊලග ලිපිය තමයි මේ (පෙල කීවට තාම එකයි ලීවේ, මේ දෙවනි එක:P )
    මේ තියෙන්නේ ඉස්සර වෙලා ලියපු එකේ ලින්කුව!:nerd:
    http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
    (එසේනම් මගේ "ටොල්ක්ස්" පසෙක ලා එහෙනම් මේ හුය බලමු - කස්ටිය බංගලියන්ට ගහල හැප්පි හැප්පි හැපි එකේ ඉන්න එකේ!:rofl:)

    බටහිර සංගීතයේ ඊලග වකවානුව ගැන එහෙනම් කතා කරමු! ඒක තම ක්ලැසිකල් (Classical) පීරියඩ් එක. හුගක් අය ක්ලැසිකල් මියුසික් කියන එකයි ක්ලැසිකල් පීරියඩ් එක කියන එක ලාවට වගේම කලාවටත් පටලවා ගන්නවා:baffled: - ක්ලෑසිකල් පීරියඩ් එක සරලව
    බැලුවොත් ක්ලැසිකල් වෙස්ටර්න් මියුසික් වල එක කාල පරිච්චේදයක්
    සාමාන්යයෙන් 1730 ඉදන් 1820 දක්වා කාලය තමයි මීට අයිති වෙන්නේ - මුල සහා අග පෙර පැවති බැරොක් පීරියඩ් එක සහා පසුව එන රොමැන්ටික් පීරියඩ් එකත් එක්ක ඔවර්-ලැප් වෙනවා!
    ඕවා ඉතින් හරියට රූල් ගහලා බෙදන්න පුලුවන් ඒවා නොවෙයි නෙ?:oo:
    ඔය කට කැඩිච්ච උන් මේ කාලේ හදුන්වන්න කියන්නේ මේ කාලේ ඇවිල්ලා P for Piano; ඒ කීවේ සොෆ්ට් සවුන්ඩ්ස් සහ F ෆොර් ෆොර්ටෙ ( forte) ලවුඩ් සවුන්ඩ්ස් කියලා:angry:
    පියැනොෆොර්ටේ වල කොටහලු මංගල්ලේ තිබුනෙ මේ කාලේ - :rolleyes:(තේරෙන බාසාවෙන් කීවොත් අද තියන අපි ඔය පියනො කියල කියන බඩුව!:eek:-එයාට කලින් හිටිය කෑල්ලට කොල්ලෝ කීවේ ෆෝටේ පියානේ කියලා- පොඩි බඩුවක්:love:)
    මේ කාලේ නම ගිය අය බොහොමයි. සමහරු නිකන් මැරයො වගේ හොස්ස ලගින් මැස්ස යන්න බැරි අය - ඉස්සරහට ඒ ගැන කියන්නම්!

    මේ වෙනකොට සාස්ත්‍රීය සංගීතේ මුලු යුරොපේ පුරාම පැතිරිලා රුසියාව, වගේ තැන් වලිනුත් ලොකු ලොකු පොරවල් බිහිවෙන්න ගත්තා (පටන් ගත්තා කීවට තාම තටමනවා හබැයි:frown:)- හැබැයි ගොඩක් අය තාමත ඉතාලිය හරි වැනීසිය හරි යන ප්‍රදේශවලට පොඩි කොක්කක්
    ගහගන්න අමතක කලෙත් නෑ!
    පෙර පැවති පොලිෆොනි කලාවට වඩා හාමොනයිස් මියුසික් වලට මුල් තැන දුන්න මේ කාලේ - ඉස්සසර බැරොක් ඒවා විච්චූර්න වලින් අනූනයි හැබැයි මේ කාලෙදි විච්චූර්න, තොරොම්බල් කෑලි අඩු කරලා කනට වදින ටියුන් එකට මුල් තැන දෙන්න පටන් ගත්තා. ඒ නිසා ගොඩක් ලස්සන කනට මිහිරි ඒවා බිහිවෙන්න ගත්තා - :yes:
    මේ කාලේ සංගීත ඛන්ඩ පොදුවේ ගත්තහම ඊසි ගොයින් - අහන්න ලේසියි. - Simple Case!
    බැරොක් වගේ බරක් නෑ අහනකොට!:P
    අලුත් ස්ටයිල් එකට මිනිස්සු කැමති නිසා එක ගොඩ ගියා, පරන එක හැරෙන තැපෑලෙන් කටුගෙට ගියා!
    මේ සිස්ටම් එක වෙනස් කරපු මුල් කාලේ අය අතර බැරොක් පතාකයෙක් වෙච්ච බාක් ගේ එක පුත්‍ර රත්නයකුත් ඉන්නවා:shocked:
    Carl Philipp Emanuel Bach
    Christoph Willibald Gluck
    Domenico Scarlatti
    මේ තුන්දෙනාගේ වැඩනම් මම ඒ තරම්ම අහලා නෑ සහා extra-ordinary විදිහට හිතට වදින ඒවා මට හම්බවෙලත් නෑ මතක විදිහට. ඒ වුනාට එයාල හරියට "ඇන්ටන් PVC"වගේ අය - "වැදගත් තැනක මුල් තැන":dull:

    ඔන්න දැන් එනවා හුගක් ප්‍රසිද්ධ දෙපලක්. සීනියර් තුමා තමා Joseph Haydn (1732 –1809) ඉපදුනේ ඕස්ට්‍රියාවේ
    haydnfj1.jpg

    මේයා තමා සිම්පොනියේ තාත්තා (Father of symphony):baffled: - අද කාලේ අපේ රටේ ඉන්න සමහර ගාන්ධර්වයෝ වගේ නම් නෙවෙයි හේඩ්න් උන්නැහැ. එයා මොසාර්ට් කොලුගැටයා විදිහට වැඩ දානවා දැකලා "මේපොර නම් නියම බුලට් එකක් වන්නාහ යැයි සංතුෂ්ඨි සම්පන්න සිත් ඇතිව මොසාර්ට්ව වර්ණනා කර එතකිනුදු නොනැවතී හේඩ්න්ට වඩා අම්බ ජුනියර් වූවත් මොසාර්ටයන්ගේ ඒවාද අධ්‍යයනය කරපු නිහතමානි කෙනෙක්!:yes:
    මේ කාලේ වෙනකොට ඕස්ට්‍රියාව සංගීතයෙන් පිබිදෙන්න පටන් ගත්ත කාලයක් ( ඒ කීවේ ඕස්ට්‍රියන් සංගීතඥයෝ වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙන්න ගත්තා යුරෝපේ පුරා- හරියටම කීවොත් මෙයාගෙන පස්සේ කාලේ තමා)
    ක්ලැසිකල් යුගේ කෙරුමො දෙන්නා මොසාර්ට්-බීතෝවන් වුනාට, ක්ලැසිකල් මියුසික් කියන වෙනස ඇතිකරන්න වැඩියෙන්ම කටු කෑවේ මට හිතෙන විදිහට හේඩ්න්! හුදී ජන පහන් සන්වේගය උපද්දවන්න එහෙම!:rolleyes:
    මෙන්න මේක මම මාරම ආස එකක්
    Symphony No. 101 in D major - "Clock" - Movement 2

    String Quartet in E flat major - Opus 33 string quartets (no2) -එකත් මාරම ටැලන්ට් එකක් ඕන එකක් ප්ලේ කරන්න -ටිකක් දිගයි කැමතිනම් විතරක් අහන්න -


    මේ උන්නැහෙගේ Farewell Symphony එකත් හරිම ලස්සනයි- යු ටියුබ් එකෙ තියෙන කෑලි ටිකක් දිගයි:oo:. ඒ නිසා කැමති අය පොඩ්ඩක් සර්ච් කරල බලන්න. කොටස් කීපයක්ම තියෙනවා:P

    ට ඩා.... දැන් බලමු අපි කවුරුත් අදුනන මොසාර්ට් උත්තමයව එහෙනම්!

    Wolfgang Amadeus Mozart (1756 - 1791) in Austria
    152550-004-669D4462.jpg

    මෙයාගේ ගන්න දෙයක් නෑ:rofl: - ගහපු ගහපු හැම එකම, ලියපු ලියපු හැම මගුලම ලස්සනයි!
    මෙයා පැංචා සන්දියෙම සංගීත කම්පෝස් කරපු කෙනෙක්. මුලම එක හදද්දි වයස 5යි ලු! :shocked:- පහ වෙද්දී වයලින්, කී බොර්ඩ් වලින් කෙල පැමිනිලා උත්සව වල ඔය ලොකු ලොකු නෝබල් පොරවල් වෙනුවෙන් වැයුම් කලාලු
    (මෙයා වගේම මෙයාගේ අක්කත් දස්සයි:love:- පවුලේ ආරේ)
    හැබැයි මුලදි හරිම සිරියස් ජීවිතයක් ගෙන ගිය කෙනෙක් නෙවෙයි. පැරිස් වලට ගියාට පස්සේ තමා ටිකක් හරි හරි ගියේ . ඊට පස්සේ වියාන ඇවිත් වැඩ පෙන්නුවා සින්-සින් ගාලා
    මෙතුමා අක්කට ලව් කරලා නංගි බැදපු කෙනෙක් මොනවා වුනත්!:P:rofl:
    මෙන්න මේ මියුසික් එක ඔයගොල්ල අහලා ඇති. එලකිරි පීස් එකක්
    මේක Symphony no.40 එකේ කොටසක්
    Mozart Symphony No 40 in G Minor, K 550 - 1. Molto Allegro



    Piano Sonata No. 11 in A major, K. 331 - I. Andante grazioso
    මේක මුල කෑල්ල හොදට පුරුදු බවක් තේරේවි (අනික මිනිත්තු 10.27 ඉදන් අහන්න ලස්සනම කොටස තියෙන්නෙ එතන් ඉදන් (මේ නංගියාත් - Olga Jegunova- ලස්සන එකේ ඕක දිගටම බලහල්ලා පුලුවන් නම්!:love::love::love:)
    මට හිතෙන්නේ අඹ යාලුවෝ එකේ මල් පිපෙයි සින්දුවට මේකෙ මුල හරියෙන් පොඩි උදව්වක් අරන් තියෙනවා කියලා!


    මෙන්න අනික් සුපිරිම මියුසික් පීස් එක (මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක ලියලා තියෙන්නේ කාටද හයි ෆයි පොරකට සතුට දනවන මියුසික් එකක් මොසාර්ට් ට කියල කරවගන්න ආපු වෙලාවක ඒ වෙනුවෙන්.
    හැබැයි ඒ වෙනකොට මොසාර්ට් , මොසාර්ට් හාමිනේ, දෙන්නම ලෙඩ පිට. මොසාර්ට්ගේ තාත්තා මැරුන අලුත සහා, සල්ලි අග හිග කමින් නට්ටටම දුක් විදිනවලු -සල්ලි ඕන නිසාම මේ වැඩේ බාර ගත්තලු)
    Eine Kleine Nachtmusik: Allegro




    Turkish March - මෙයද එළකිරි වැඩකි!



    තව වැඩ නම් ගොඩයි- ඒ වුනාට කනට වදිනම ඒවා කියලා හිතුන හින්දා මේ ටික දැම්මා

    ඔන්න එනවා මදාවියා ඊලගට:shocked:
    බීතොවන් සර්!. මෙයා මාර පොරක් කියල කවුරුත් දන්නවානේ
    Ludwig van Beethoven (1770 - 1827) මේ ගොයියා ජර්මානු ජාතිකයෙක්
    1310334-Ludwig_van_Beethoven.jpg

    ක්ලැසික් ඊරා එකේ අග භගෙ කෙනෙක්. මූනෙන්ම පේනවනේ තියන චන්ඩි පාට. මෙයාට හරියට තරහා යනවලු (හේඩන් උන්නැහේ හරියට ජෝකර් කෙනෙක් වගේලු, මොසාර්ට් නම් ටිකක් විතර සැර කෙනෙක්, මෙයානම් මරුමුස් කෙනෙක්!) - හැබැයි මේවා අතිශෝක්තියෙන් මවපු ඒවා සහ, කන් නොඇසෙන එකේ අතුරු ප්‍රතිපල කියලා තමයි මම නම් හිතන්නේ-:rolleyes:
    මට බුදු ශුවර් යකා කියන තරම් කලු නෑ කියලා:yes:
    බීතෝවනුත් ඇටකුරුඥං කාලේ ඉදන් ප්‍රස්ංග පවත්වපු කෙනෙක්- චයිල්ඩ් ලේබර් ද මන්දා? වයස 7දී:baffled:
    (බීතොවන්, මොසාර්ට් දෙන්නගෙම මුල් ගුරුවරු එයාලගෙ තාත්තලා - බීතොවන්ගෙ තාත්තා මිනිහා වගේම සැර පොරක්ලු සහ බේබද්දෙක් වෙනවා පසු කාලීනව:()
    මේ කාලේ වෙනකොට වියානාව සංගීතෙට ප්‍රසිද්ධ වෙලා තිබුනේ හේඩන් හින්දයි, මොසාර්ට් හින්දයි
    ඉතින් බීතොවන් කොලුගැටයා ගියා වියානාවට ඒ දෙන්නගෙන් සංගීතේ ඉගන ගන්න - වැඩේ (බාගෙට) හරි ගියා - කොල්ලා දස්සයා නේ! හැබැයි මොසාර්ට් හම්බවුනේ නෑ හේඩන් විතරයි
    මෙයාගේ ප්‍රධාන බඩුව පියැනෝ එක!:rolleyes:
    තව එකක් මෙයාගේ වයස 26 වෙනකොට කන් ඇහෙන එක අඩුවෙන්න ගත්තා. 44 වෙද්දි සම්පූර්නයෙන්ම බිහිරියි.හැබැයි එයාගේ ගොඩක් ලස්සන නිර්මාන එයා බිහිරිවෙලා ඉද්ද්දි කරපුවා. :yes:
    විශෙෂයෙන් පහල තියෙන 5th symphony එක එහෙම මුලුමනින්ම කන් නොඇසී කරපු දෙයක්
    හරි දැන් බලමු මෙයාගේ මැක්සා වැඩ මොනාද කියලා එහෙනම් (මේ දාලා තියෙන්නේ මට දැනුන හොදම -හොදම කීවෙ ශබ්ධ රසය අපේ රසට ගැලපෙන ඒවා- කොටස් විතරයි - මුලු ඒවා මීට වඩ දිගයි)
    මේක තමා මම ආසම එක Fur Elise



    5th Symphony -මේකේ ඔපනින් නොට් හතරේ රිදම් එක දෙවන ලෝක යුද්දෙදි මිත්‍ර හමුදා මෝස් කෝඩ් එකක් විදිහට සංඥා යවන්න යොදා ගත්තලු:nerd: (ජර්මන්ලට විරුද්දව ජර්මන් කෙනෙක්ගෙ නිර්මානයක්ම!):baffled:



    Symphony 9, 2nd movement මේ සිම්ෆොනි එක කරද්දි මෙයා මුලුමනින්ම බිහිරියි - කොහොමද වැඩේ?:love: (උඩ දාලා තියන එක -5th sym- කරද්දිත් එහෙමලු)



    තව මූන්ලයිට් සොනාටා එක හරිම ප්‍රසිද්ධයි.



    තව එකක් මෙයත් ආදරයෙන් පැරදුනු කෙනෙක් - කුලමල කේස් නිසා:frown:.
    ඔය Fur Elise එක සහා Moonlight Sonata එක එයා ලව් කරපු අම්මන්ඩිලට ලියපු ඒව කියනවනේ:yes:
    මේ තරම් කේස් වෙච්ච මුන්නැහේ බීල බීලා සිරොසිස් හදිලා වලකජ්ජන් ගැහුවා කියලා ඉරිසියා කාරයො කීවට සමහරු කියන්නේ වෙන ලෙඩකින් මලාය කියලා:(
    (සමහර පන්ඩිත්ලා කියනවා බීතොවන් ක්ලැසිකල් වලට නෙවෙ අයිති ඊලගට එන රොමැන්ටික් කොල්ලන්ගේ ගොඩටය කියලත්:growl:)

    මේ කාලේ තව අඩුවෙන් ඇහෙන කීප දෙනෙක්ගේ ලස්සන ඒවා වගයක් දාන්න කියලා හිතුවා -
    මේක කරපු කෙනා Muzio Clementi කියලා පියානොවට පෙම් බැන්ද බුවෙක් - ඉතාලි වුනාට එන්ගලන්තෙ තමා හිටියේ

    Sonatina in C major



    මෙයාත් තාත්තා කෙනෙක්:dull:- ඒ කීවෙ මෙයා තමා "නූතන පියානොෆෝටේ සංගීතයේ පියා"

    Luigi Boccherini:
    Minuetto (classical)



    Musica Notturna delle Strade di Madrid



    ඕකේ 4.30, 6.00 හා 9.00 හරියේ තියන මියුසික් කෑලි අපේ සිංහල සින්දුවලත් මට ඇහිලා තියෙනවා:rolleyes:

    Gioachino Rossini සහ Franz Schubert මේ දෙන්නා ක්ලැසිකල් යුගේ අග, රොමැටික් මුල කස්ටිය. හුගක් වෙලාවට රොමැන්ටික් යුගේ අය විදිහට සලකනවා- ඒ හින්දා ඒ අය ගැන ඊලග
    හුයෙන් ලියන්නම් - ඒක දිග එකක් වෙයිද මන්දා - මොකො චන්ඩි ගොඩයි ඒ කාලේ වෙනකොට බජාර් එකට බැහැල හිටියා! - එහෙම වුනොත් අඞු-කඩලා ලියනවා!:baffled::dull:
     
    Last edited:

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    එළකිරි එළකිරි,පුළුවන් නම් සෙල්ටික් මියුසික් ගැනත් පොඩ්ඩක් දාන්න සහෝ :) :yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එළකිරි එළකිරි,පුළුවන් නම් සෙල්ටික් මියුසික් ගැනත් පොඩ්ඩක් දාන්න සහෝ :) :yes:

    එල මචන් මම හිමිහිට දාන්නම්.Folk music fan කෙනෙක් වගේ!:rofl::D

    Good Post..Keep on :yes:

    ථැණ්ඛූ වේවා!:D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,767
    113
    canada
    නියමයි නියමයි ඔහොම යමු. මම පස්සේ හෙමිහිට මේක නිවිහන්හිල්ලේ කියවල සින්දු ටිකත් අහල කතා කරන්නම්

    මේක කොහොමද?Pachelbel පොරක් නේද? මම ගොඩක් අස එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ


     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,767
    113
    canada
    අපිත් පෙරදිග සංගීතයේ උසස් නිර්මාණ රස විදලා තියෙනවා. සමහරු දේශීය සංගීතය විතරයි රස විදින්නේ. බටහිර සංගීතයට කැමති නැහැ (බටහිර සංගීතය කියන්නේ michael jackson, Madonna කියල තමයි හිතන්නේ). මේක නිසා ඉතාම පටු විදියට සංගීත රසය සිමා කරගන්නවා. ලංකාවේ මාද්‍ය වල උනත් මේ සංගීතයට තැනක් නැහැ. රුසියානු සහ පැරණි සොවිඑට් රටවල කොච්චර හොද නිර්මාණ කෙරුනද?
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Pachelbel පොරක් නේද? මම ගොඩක් අස එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

    ඔවු මචන්! පොර ඇවිල්ල මම අර කිව්ව ඉස්සර අවදියේ- බැරොක්- එක්කෙනෙක්. හැබැයි එයා ට බාක්ලට තරම් පිලිගැනීමක් ලැබුනේ නෑ.:dull::(
    Canon in D major නිසා තමා එයා ප්‍රසිද්ද වුනේ. උබ වගේම ලෝකෙ ගොඩ දෙනෙක් ඔය
    මියුසික් පීස් එකට කැමතියි(එයාගේ කාලෙදි නෙවෙයි ඒකත්. මෑත කාලෙ තමයි ජනප්‍රිය වුනේ - 20 ශතවර්ශේදී). විකි එකෙ ගහල බලන්න Pachelbel's Canon කියලා. අකාලෙ ඔය පොරවල් කියල හිතන් ඉන්න ගොඩක් අය ඔය මියුසික් එකෙන් කවර්ස් ගහලා තියෙනවා

     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එකේ වටිනාකම කියන්න බැරි තරම් මචන්... උඩින් උඩින් බැලුව.. වෙනම වෙලාවක් අරගෙන සම්පුර්ණ විඳින්න ඕන... උඹට පින් මේ ත්‍රෙඩ් එකට..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks මචං. දෙවෙනි පෝස්ට් එක දානකන් බලාගෙන හිටියේ.
    You must spread some Reputation around before giving it to Magodis-Thuma again.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපිත් පෙරදිග සංගීතයේ උසස් නිර්මාණ රස විදලා තියෙනවා. සමහරු දේශීය සංගීතය විතරයි රස විදින්නේ. බටහිර සංගීතයට කැමති නැහැ (බටහිර සංගීතය කියන්නේ michael jackson, Madonna කියල තමයි හිතන්නේ). මේක නිසා ඉතාම පටු විදියට සංගීත රසය සිමා කරගන්නවා. ලංකාවේ මාද්‍ය වල උනත් මේ සංගීතයට තැනක් නැහැ. රුසියානු සහ පැරණි සොවිඑට් රටවල කොච්චර හොද නිර්මාණ කෙරුනද?


    ඔවු මචන්. ඒක එක විදිහක කුහක කමක්. ඉස්සර මචන් කේමදාස මාස්ටර්ට සමහරු(ඉතාමත් ප්‍රසිද්ධ අය ) පලු පැලෙන්න බනිනව අහලා තියෙනව බටහිර සාශ්ත්‍රීය සංගීතේ ලංකාවේ වැඩ වලට යොදාගත්තය කියලා. අනික මට මතකයි ඇබින්දන් කාලේ ඉස්සර ජාතික රූපවාහිනියේ ඔය බටහිර සශ්ත්‍රීය මියුසික් තියෙන ලස්සන වීඩියෝ ක්ලිප් දානවා. හැබැයි පස්සේ ඔය අනික් චැනල් ආවට පස්සේ ඒවා නැතිවෙලා ගියා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,767
    113
    canada


    ඔවු මචන්. ඒක එක විදිහක කුහක කමක්. ඉස්සර මචන් කේමදාස මාස්ටර්ට සමහරු(ඉතාමත් ප්‍රසිද්ධ අය ) පලු පැලෙන්න බනිනව අහලා තියෙනව බටහිර සාශ්ත්‍රීය සංගීතේ ලංකාවේ වැඩ වලට යොදාගත්තය කියලා. අනික මට මතකයි ඇබින්දන් කාලේ ඉස්සර ජාතික රූපවාහිනියේ ඔය බටහිර සශ්ත්‍රීය මියුසික් තියෙන ලස්සන වීඩියෝ ක්ලිප් දානවා. හැබැයි පස්සේ ඔය අනික් චැනල් ආවට පස්සේ ඒවා නැතිවෙලා ගියා

    ජාතික රුපවාහිනියේ හරි itn එකේ වැඩසටහන් පටන් ගන්න ඉස්සර ඔය වගේ සින්දු ගිය මට මතකයි.

    ඔව්. සමහරු කේමදාස මාස්ටර් ගැන වපර ඇහෙන බලනවා. කමතිවුනත් අකමැති උනත් සංගීතය කියන්නේ විශ්වයට අයිති පොදු දෙයක්. උසස් නිර්මාණයක් පිටසක්වල ජීවියෙක් කරත් රස විදින්න පුළුවන්.

     
    Last edited: