නෑ මචන්. ඒක හරි. බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තමා බුද්ධ ධර්මය කියන්නේ. ඒ යථාර්තය හොයා ගන්නේ, ඒ ලෝක විෂය අවබෝධ කරන්නේ බුදු කෙනෙක් විතරමයි. සාමාන්‍ය කෙනෙකුට කිසිදවසක කරන්න බෑ. බුදු කෙනෙක් කියන්නේ මනුෂයෙක් වුනාට සාමාන්‍ය මනුෂයෙක් නෙවේ. එහෙවු බුදු කෙනෙක් අවබෝධ කොට දේශනා කරන ඕනෑම කරුණක් බුද්ධ ධර්මය තමයි. එකේ තර්කයක් නෑ.
වැරදි කරුණු ගොඩයි.
1. "මස්" යනු හුදෙක් කය පවත්වා ගැනීමට ගන්න තවත් එක් ආහාරයක් විතරයි. එච්චරයි. ඊට වඩා කිසි වැදගත් කමක් එකේ නෑ. ඉහත පොස්ට් එකේ කරුණු අනුව ප්‍රාණ ඝාතයක් කරලා කෑවොත් පව පිරෙන්නේ ප්‍රාණ ඝාතයට. නැතුව මස් කෑමට නෙවේ. (චේතනාවේ ක්‍රියාකාරිත්වය හා බැඳෙන සංවේදී අවස්ථාවක්, කරුණක්. තනියෙන් තේරුම් ගන්න ඔයිට වඩා පහදන්න බෑ. https://docs.google.com/file/d/0B9gRFBbQCFWQRWVlaUc5VllIdDQ/edit)
2. කිසි දවසක සතෙක් ට පිං / පවු කරන්න බෑ. ඌ ඉන්නේ දැනටමත් කල පවු වලට දුක් විඳින සතර අපායෙන් එකක් වන තිරිසන් අපායේ. මාර්ගපල ලබන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ සිට දෙවිවරු බ්‍රහ්මයෝ වගේ ඉහල තල වලට විතරයි.
3. බුද්ධ ධර්මය කියන්නේ බන් බුදු කෙනෙක් වදාළ ධර්මයට. උඹට හිතෙන ධර්මයට කියන්නේ බුද්ධ ධර්මය නෙවේ නේ? එහෙනම් ඒක eransooriya-ධර්මය වෙන්න ඕනෑ.අපි බෞද්ධයෝ නං, බුද්ධ ධර්මය ඉගෙනගෙන ඒ අනුවයි හිතන්න ඕනේ. තිසරණයේ පිහිටි බෞද්ධයෙක් නම්, අපිට නොතේරෙන දහම් කරුණක් ආවම හිතන්නේ අපේ අවබෝධයේ ප්‍රශ්නයක් කියලා මිසක් බුදු හාමුදුරුවන්ගේ issue එකක් විදිහට නෙවේ. බුදුහාමුදුරුවන්ගේ issues නැහැ. එහෙම හිතෙන අයට තිසරණය නැහැ. තිසරණය නැති කෙනා බෞද්ධයෙක් නෙවේ.
මේ බැන්න නෙවේ. කරුණු දැක්වීමක් විතරයි.
මේ විදිහට නං උඹලා හිතන්නේ, උඹලට තිසරණය තියනවද කියලා මට නං සැකයි. උඹ බෞද්ධ වුනාට බුදුරජාණන් වහන්සේ ගැන කිසි ශ්‍රද්දවක් නෑ නේ! දැන් ඉන්න බෞද්ධයෝ කියා ගන්න මිනිස්සු බුදු රජාණන් වහන්සේව දෙකේ කොලේට දාලා බොහොම පහත් තත්වයෙන් නේ සලකන්නේ. ඉතින් කොහෙද ලංකාවේ ධර්මයක් රැකෙන්නේ? අනිවාර්යෙන් තම්බියා මේකට කෙලිනවා තව අවුරුදු 20-30ක් යද්දී!![]()
ඔබගේ අර්ථ නිරූපණයට එකඟ නොවෙන අනිත් හැමෝම අබෞද්ධයෝ කියල ලේබල කරන එක මම තරයේ හෙලා දකිනවා. ඒ වගේම ඔබ ධර්මාවබෝධයට කලින් "ශ්‍රද්ධාව", "තිසරණය" කියන දෙක දැමීමත් වරදක්. අනෙක බුද්ධ ධර්මය ගැන තර්කනය බුදුන්ට කරන අපහාසයක් බව ස්වයන්ක්‍රීයවම උපකල්පනය කරපු බවක් පේනවා. ඒ විතරක් නොවේ, බුදු දහම ගැන කතා කරපු පරිච්චේදයක් අන්‍යාගමිකයෝ ගැන ද්වේශ සහගත අදහසකින් ඉවර කලා.
>> කිසි දවසක සතෙක් ට පිං / පවු කරන්න බෑ
එතකොට සත්වයා සචේතනිකද, අචේතනිකද? අචේතනික නම් මැරීමේ පව මොකද්ද (වාදෙට නෙමේ අවංකවම දැනගන්න අහන්නේ). එතකොට බුදුන් බෝධිසත්ව අවධියේ සත්ව ස්වරූපයෙන් පෙරුම් පිරීම පැහැදිලි කරන්නේ කොහොමද?
අපි බෞද්ධයෝ නං, බුද්ධ ධර්මය ඉගෙනගෙන ඒ අනුවයි හිතන්න ඕනේ. තිසරණයේ පිහිටි බෞද්ධයෙක් නම්, අපිට නොතේරෙන දහම් කරුණක් ආවම හිතන්නේ අපේ අවබෝධයේ ප්‍රශ්නයක් කියලා මිසක් බුදු හාමුදුරුවන්ගේ issue එකක් විදිහට නෙවේ. බුදුහාමුදුරුවන්ගේ issues නැහැ. එහෙම හිතෙන අයට තිසරණය නැහැ. තිසරණය නැති කෙනා බෞද්ධයෙක් නෙවේ.

