හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1

    free-vector-helicopters.jpg



    ඔන්න කාලෙකින් දන්නා කියන දේවල් ගැන හොඳ ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උන නිසා හෙලිකොප්ටර් ගැන ත්‍රෙඩ් කීපයක්ම දාන්න අදහසක් ආවා.

    අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ හෙලිකොප්ටර් ගැන මුලික දේවල් ටිකක්. මුලින්ම අපි බලල ඉම්මු මොනාද හෙලිකොප්ටරේක තියෙන මුලික කොටස් කියලා.

    helicopter-basic-parts.gif


    Kupecz7big-eng.jpg


    1. Main Rotor

    ඔන්න මිනිස්සුන්ට rotor එකක් ආධාරයෙන් උඩ යන්න ආසාවක් ඇති උනා. ඉතින් මුලින්ම fuselage (බඳ කොටස) හදලා Main rotor blades හෛ කරා. Main rotor blades වලින් තමෛ හෙලිකොප්ටරේට lift එක ලැබෙන්නේ. බ්ලේඩ් කීයක් දානවද කියලා තීරණය කරන්නේ designer.
    බ'නුලිගේ තියරි එක අනුව rotor blades කරකෙද්දී අනාකුල හැඩය නිසා blade එකේ උඩට වඩා යට පීඩනය වැඩිවෙලා තමා උඩ යන්නේ. (බ'නුලිගේ තියරි එක දන්නේ නැති අය වහාම ඕක වෙන හැටි හොයාගන්න) Main rotor blades කීයක් ඕනෙද, ඒවගේ දිග පළල හෙලිකොප්ටරේ පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා.

    දැන් Main rotor blades කැරකෙනවා උඩයන්න පටන් ගත්තා. කට්ටිය හිතුව වැඩේ හරි කියලා. මල හත් ඉලව්වෛ මෙන්න Main rotor blades එක පැත්තකට කරකෙද්දී fuselage එක අනිත් පැත්තට කැරකෙන්න ගත්තා.

    2. Tail Rotor

    ඔන්න දැන් ඕක නවත්තන්නේ කොහොමද කියලා කල්පනා කරලා Tail rotor එක හොයාගත්තා. මේකෙන් ප්‍රති ව්‍යවර්තය (anti-torque effect ) ඇති කරනවා. දැන් නං වැඩේ හරි තමා කියලා Tail rotor එක හෛ කරලා බැලුවා. Tail rotor එක ප්‍රදාන වශයෙන් push type සහ pull type කියලා ජාති 2ක් තියෙනවා( තව ජාති තියෙනවා දැනට ඔය 2 දැන ගත්තම ඇති)

    12.jpg


    අඩේ අයෙත් කැරකෙනවා.හබෛ කලින්ට වඩා ටිකක් අඩුවෙන්. මොකද කියල බැලින්නන් Main rotor එකේ down wash (පහලට එන ලොකු හුලන් පාර ) එකට tail rotor එක අහු වෙන නිසා කියල තේරුනා.

    3. Tail Boom

    දැන් ඉතින් tail rotor එක Main rotor එකේ down wash එකට අහු වෙන එක වලක්වන්න Main rotor disk area එකෙන් එලියට ගෙනියන්න උවමනා උනා. නැට්ටක් දාලා ඈතින් හෛ කලා. මේකට තමා tail boom එක කියන්නේ.

    ඔන්න දැන් යන්තන් වැඩේ හරි ගියා. ( ඇත්තටම හරි ගියා කිව්වට හරි ගියේ නෑ තව ප්‍රශ්න අම්බානෙක ඇති වෙලා ඔය ඔක්කොම විසඳලා තමෛ මේ අද තියෙන තත්වෙට හෙලිකොප්ටරේ ආවේ. ඒවා පැහැදිලි කරන්න අමාරුඉ මේ විදියට. aerodynamics දන්නේ නැත්තන් කිව්වට තේරෙන්නෙත් නෑ.දැනට පැහැදිලි කරපු ටිකෙන් මේ කොටස් හෛ කරලා තියෙන්නේ ඇඉ කියලා තේරුම් ගන්න පුළුවන් කියලා මන් හිතනවා)

    4. Fuselage

    Fuselage එකේ හැඩයත් පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට බාන්ඩ සහ මගී ප්‍රවාහනයට ගන්න Chinook එකේ (උඩ රූපේ 4 වෙනි එක) fuselage එක ගොඩක් ලොකුඉ. මේ නිසා ප්‍රතිරෝදය වැඩි වෙලා වේගයත් අඩු වෙනවා. ඒත් ප්‍රහාරක යානාවක් වන Apache එකේ (උඩ රූපේ 1 වෙනි එක) fuselage එක ප්‍රමාණයෙන් සහ පලලිනුත් අඩුඉ. ඒ හින්දා වැඩි වේගෙකින් යන්න පුළුවන්.

    5. Landing Gear/Skids

    ඊළඟට හෙලිකොප්ටරේට දාන්නේ wheels ද landing skids ද කියන එක තීරණය වෙනවා ගෙනියන load එක අනුව(මේ 2 අමතරව තව ජාති තියෙනවා) . load එක වැඩිවෙනකොට හෙලිකොප්ටරේට hover කරලා උඩ යනවට වඩා සාමාන්යෙන් ගුවන් යානයක් take off කරන විධියට take off කරන එක ලේසි. හබෛ hover කරලා යන්නත් පුළුවන්. ප්‍රස්නේ වෙන්නේ apron/tarmac එකේදී hover කලොත් වටපිටාවේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන් down wash එක වැඩි නිසා. එතන ඉන්න ground crew එකටත් අමාරුඉ.

    6. Cockpit

    ගුවන් නියමුවන් (සමහර ඒවගේ flight engineer කෙනෙකුත් ඉන්නවා) ඉන්නේ cockpit එකේ. එකේ හැඩයත් ඉතින් පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. සාමාන්යෙන් American හෙලිකොප්ටර් වල ප්‍රදාන ගුවන් නියමුවා (captain pilot) ඉන්නේ දකුණු පැත්තේ Russian ඒවගේ ඉන්නේ වම් පැත්තේ. හෙලිකොප්ටරේ සම්පුර්න පාලන කටයුතු සන්නිවේදන කටයුතු ඔක්කොම වෙන්නේ මෙතනින් තමෛ.

    ලංකාවේ තියෙන හෙලිකොප්ටර් ජාති බැලුවම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Mi -17, Bell-206, Bell-212, Bell-412 පාවිච්චි කරනවා. පවුද්ගලික ගුවන් සමාගම් වල Eurocopter එහෙමත් තියෙනවා.


    දන්නේ නැති දෙයක් දැනගත්තා කියලා හිතෙනවනන් comment එකක් දාලා යන්න. ඊළඟ පාඩමෙන් මොන ගැනද දැනගන්න ඕනේ කියල කියන්න. ලියලා තියෙන විදිය තේරෙන්නේ නැත්තන් කියන්න. තියෙන ප්‍රස්නත් අහන්න. මුකුත් වැරදි දෙයක් කියා උනානං මටත් කියලා දෙන්න. මුකුත්ම කියන්න දෙයක් නැත්තන් bump එකක්වත් දාල යන්න. ඊළඟ එක දානවද නැද්ද කියන එක ලැබෙන ප්‍රතිචාර අනුව තීරණය කරනවා. කියවනවා තරන් අතල් නෑ මේවා ලියන්න ගියාම.


    සිංහල ජාතියට ජය වේවා !!!
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    හොද Thread එකක්. Thanks! බනුලි අනුව පීඩන වෙනස හොදටම ඇතිවෙන්නේ bladeඑක දෙපත්තේද (according to your thread) DP1? එහෙම නැත්නම් blade එකට ඉහලින් හා අර landing skid දෙක අතර ප්‍රදේශය අතරද DP2? Rep+
    4jn76e.gif
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    හොද Thread එකක්. Thanks! බනුලි අනුව පීඩන වෙනස හොදටම ඇතිවෙන්නේ bladeඑක දෙපත්තේද (according to your thread)? එහෙම නැත්නම් blade එකට ඉහලින් හා අර landing skid දෙක අතර ප්‍රදේශය අතර ද?

    blade eke udai yatai.:yes:

    landing skids walin flying walata kisima upakarayak wenne na. :no:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    <Quote>
    හොද Thread එකක්. Thanks! බනුලි අනුව පීඩන වෙනස හොදටම ඇතිවෙන්නේ bladeඑක දෙපත්තේද (according to your thread) DP1? එහෙම නැත්නම් blade එකට ඉහලින් හා අර landing skid දෙක අතර ප්‍රදේශය අතරද DP2? Rep+<Quote/>
    koheda machn depaththema ...ekapaththaka pidane wadiwunama(yata) ne udata yanne....bar nuli kaneru ata kay sini poddak dala.... :p
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල සහෝ ...වහනයක් කෙසේවෙතත් ඉස්සරහට හෙලියකට වත් ට්‍රයි කරන්න ඕනේ ටැක්ස් ගහන්න කලින් :rofl::dull:

    රේප් +6