වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ක්ලච් එක එජස් කරොත් හරි යන එකක් නැද්ද සිද්දිය.....?? :rolleyes: මේකේ එන්නේ ක්ලච් එක ඔටෝ එජස් ද.....??

    එක පාරක් මාමණ්ඩියා එන්ජිමක් තියන්න ලෑස්ති උනා..... දුම වැඩි..... අදින්නේ නෑ කියලා..... මම පොලොන්නරු ගිහින් කදුරුවෙල ටවුමේ ඩීසල් පම්ප් කඩේකට දාලා...... නොසල් ටික චෙක් කරා..... නොසල් වලින් ඩීසල් විදින්නේ නෑ..... වැක්කෙරෙනවා...... :dull: නොසල් ටික ප්‍රෙෂර් කරලා හයි කරා.... දුමත් නෑ.... අදිනවා නෙවේ විදිනවා...... :P

    නුවර එලිත් ගිහින් ආවා ඊට පස්සේ ගින්නක් නැතුව..... මම අරන් ගියේ..... :D :P

    ඒක කන්ද සහ පල්ලම නිසා මේකේ 5 වෙනි ගියර් එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ...... ලිවර් එක ලග ගහලත් නෑ...... පෙරේදා නිකමට හයිවේ එකේදි දාන්න ට්‍රයි කරා ගියර් එකක් තියේද බලන්න..... මේන් තියෙනවා කියහන්කෝ 5 වෙනි ගියර් එකකුත්...... :P :lol:
    නොමල් ගියර් දානකොට අඩියටම පාගලා රිලිස් කරනකොට උඩදිද ගියර් ඒක ඒන්ගෙජ් වෙන්නේ ?
    traffic වල ඒහේම ඒක දිගට ක්ලච් ඒක පාගගෙන ඉන්නකොට ඒහේම වෙනසක් දැනෙනවාද?
    ඹය මුකුත් කරන්න කලින් බාසාට පෙන්නලා බලන්න ක්ලච් ඹෂර්ද කියලා
    අර කන්දේ සින් ඒක නම් ඒන්නේ කාලේ හරි ගියාම තමා :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    නොමල් ගියර් දානකොට අඩියටම පාගලා රිලිස් කරනකොට උඩදිද ගියර් ඒක ඒන්ගෙජ් වෙන්නේ ?
    traffic වල ඒහේම ඒක දිගට ක්ලච් ඒක පාගගෙන ඉන්නකොට ඒහේම වෙනසක් දැනෙනවාද?
    ඹය මුකුත් කරන්න කලින් බාසාට පෙන්නලා බලන්න ක්ලච් ඹෂර්ද කියලා
    අර කන්දේ සින් ඒක නම් ඒන්නේ කාලේ හරි ගියාම තමා :sorry::sorry:

    :yes: උඩම සෙන්ටිමීටරේක විතර ප්‍රමාණෙකදි තමා ගියර් එකේ යන්න ගන්නේ වාහනේ...... :dull:

    :no: ට්‍රෑෆික් එකක් සෙට් උනේම නෑ.....

    එහේ බාසෙක්ට පෙන්වනවා කිව්වේ...... :yes:

    :shocked: මාමණ්ඩියාට කලන්තේ හැදෙයි ඕවා කියලා...... :dull:

    flatroof highroof 52 නම් 2c තියලාද ?:confused:

    :dull: කියන්නේ නම් මාමණ්ඩි මේක ගන්න කලින් තිබ්බ අය එන්ජිමක් තියලා කියලයි...... හරියට නොදනී... හයි රූෆ් තමා මේක..... :yes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: උඩම සෙන්ටිමීටරේක විතර ප්‍රමාණෙකදි තමා ගියර් එකේ යන්න ගන්නේ වාහනේ...... :dull:

    :no: ට්‍රෑෆික් එකක් සෙට් උනේම නෑ.....

    එහේ බාසෙක්ට පෙන්වනවා කිව්වේ...... :yes:

    :shocked: මාමණ්ඩියාට කලන්තේ හැදෙයි ඕවා කියලා...... :dull:
    52 තියලා තමා
    ඒහේනම් ක්ලච් ප්‍රෙෂර් ප්ලේට් වලට හරි තමා මචන් ඒ උනාට ඹෂර් ටිකත් බලවන්න මුලින්ම ඒක කචල් නැත්තම් ඉතින් දාන්න වෙනවා :no:
    ඹෂර් ගිහින් නම් ට්‍රෑෆික් ඒකේ ටිකක් වෙලා ක්ලච් ඒක අල්ලගෙන ඉන්නකොට ක්ලච් ඒක බහිනවා නිකම්ම ඒක කකුලට තෙරෙනවා

    පොල්වත්ත මමා ආවාම අහල බලන්න ඒයා විස්තරේ හරියටම කියයි :cool::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: තර්ඩ් එක තමා මට නම්........ බස් වලට සෙට් වෙන්නෙත් තර්ඩ් එක...... FB15 :love: ගෙදර නිකන්ම තිබිලා බැටරි බැස්සහම..... පොඩි තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්නෙත් තර්ඩ් එක තමා...... :yes:

    රිවස් එකට ස්ටාර්ට් කරලා තියෙනවා අපි ඉස්සර ඉසුසු ජර්නි යක් අපේ තිබ්බ...... :P

    මගෙ බයික් එක 5ට දාලා මේන් ස්ටෑන්ඩ් එක ගහලා රෝදේ ඇදලා ස්ටාර්ට් කරන්න පුලුවන් කුප්ප ක්‍රමේට...:cool: බැට්‍රිය කෙලවුන්නම එහෙම තමා කලේ තල්ලු කරන් දුවන්න කම්මැලි නිසා..:P:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මචන්ලා මේක දාන්න හොදම තැන මෙතන නෙමයි ඒ වුනාට වාහන ගැන දන්න ගොඩ දෙනෙක් මේක බලන නිසා තමයි මෙතන දැම්මේ. මගේ ලග තියෙන්නෙ Honda Civic FD4 එකක්. මම ට්‍රැෆික් එකේ බ්‍රේක් එක පාගගෙන ඉදලා පොඩ්ඩක් කකුල බුරුල් කරලා ආපහු පෑගුවාම බ්‍රේක් පැඩල් එක හෙමීට යටටම යනවා. සමහර වෙලාවට බ්‍රේක් පැඩල් එක බුරල් කරේ නැතුව හිටියත් හිටපු ගමන් හෙමීට යටට යන්න පටන් ගන්නවා. මේක මට දැනට 3 පාරක් විතර වුනා මේක වෙන්නෙ හරියට හුලං අයින් කරේ නැතිවුනාමද මචන්ලා? මේකට මොකද කරන්නේ කියලා පොඩි අයිඩියා එකක් දන්න කෙනෙක් කියනවා නම් ලොකු දෙයක්. හදන්න දාන්න කලින් මොකද සීන් එක කියලා දැනගන්න පුලුවන් නම් හොදයිනේ. (වාහනේ නතර කරලා බ්‍රේක් එක පැගුවාම ගල වගේ තියනවා එහෙම පාගගෙනම ස්ටාර්ට් කරාම බ්‍රේක් පැඩල් එක හෙමීට යටට බහිනවා ඒක එහෙම වෙන්න ඕන කියලා කවුරු හරි ත්‍රෙඩ් එකක දාලා තිබුනා මට ඒක හොයා ගන්න බැරි වුනා)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ම්ම් දන්න කට්ටිය කියන්න බලන්න වාහයක් තල්ලු කරලා ස්ටාට් කරනවානම් දාන්න සුදුසු ගියර් ඒක මැනුවල් ගියර් වල හො‍දේ
    24AFDA9200000578-2909720-image-m-41_1421234777036.jpg

    මම අනුමත කරන්නේ 2nd එක.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරන වාහන වල නම් ස්ටාට් කරනකොට බරාාස් ගාලා සද්දයක් ඒනවා ඹක ගෙවිලා හරියට සෙට් වෙන්නේ නැති උනාම ඒ වෙලාවට ගියර් ඒකකට දාලා ආයේ නිව්ටල් කරාම ස්ටාට් වෙනවා බොහොදුරට ඒත් නැත්තම් ගියර් ඒකකට දාලා වාහනේ ටිකක් ඉස්සරහට හරි පස්සට හරි යවලා ක්ලච් ඒක අතැරියානම් ඉවපස්සේ ස්ටාට් කරගන්න පුලුවන්
    වැරදි ඇති නම් නිවැරදි කරන්න :)

    ඔව්.. ඕක ගෙව්නාම ස්ටාර්ට් කරද්දී සද්දේ එන්නේ ක්ලච් එක භාගෙට පාගල ගියර් දැම්මම වගේ.. එහෙම තිබිල කට්ට අල්ලන්න්නෙම නැතුව ගියාම මොටරේ නිකම් කරකැවෙනවා විතරයි..වාහනයක ring gear එක ස්ටාටර් මොටරේ එක්ක සම්භන්ධ වෙන්නේ තැන් 4කින් විතරයි. ඒ තැන් 4 විතරයි ගෙවෙන්නේ. ඕක ගෙවුනාම කරන්න ගොඩ වෙදකම් දෙකක් තියෙනව . එකක් ring gear එක ගලවල අනික් පැත්ත දාල හයිකරාම තව ටික කාලයක් දුවන්න පුළුවන්. එනික් වෙදකම ගෙවෙච්ච කට්ට ටික ස්ටාටර් මොටරේ එක්ක සම්භන්ධ නොවෙන තැනකට කරකවල දාන එක... අලුත් බාස්ල ඕක දාද්දි ගෑස් ලාම්පුවෙන් රත්කරල බස්සන්ව . ඉස්සර පරණ බාස්ලානම් ඕක දැම්මේ පරණ වෙච්චි එන්ජින් ඔයිල් භාජනෙක දාල එන්ජින් ඔයිල් භාජනේ නටනකම් රත් කරලයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හම්මේ අද යාන්තම් සුපිරි කට්ටක් සෙට් වෙන්න ගිහින් යාන්තම් බේරුනා...... කට්ට සෙට් උනා නම්..... අද රෑ ටවුන් එස් 52- එකක් ඈතුලේ...... මදුරුවෝ තල තල ඉන්න තිබ්බා හෙට උදේ වෙනකම් දෙහිවල සූ එක ලගට වෙලා..... :dull:

    මාමණ්ඩිගේ ටවුන් එස් එක අරන් අද රවුමක් ගැහුවා ගෙදර කට්ටියත් එක්ක...... මගේ ඩ්‍රයිවින්..... :D :P 2C Engine නේ...... ලොවෙත් යනවා කැත යාමක්..... :love:

    මම නවත්තලා සූ එක ලග..... යතුර ලොක් පොෂිෂන් එකටම දාලා ගියේ...... අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.... ඈවිත් යතුර දානවා දානවා ලොක් එක ඈරෙන්නේ නෑ.... හෆ්ෆේ... හෙන ගේමක් දීලා යතුර යාන්තම් ලොක් එකෙන් පන්න ගත්තේ..... ඔරිජිනල් යතුර නෙවේලු..... කපපු යතුරක්ලු........ :dull:

    ඔරිජිනල් යතුර.... ටින්කරින් + පේන්ට් වලට දාපු වෙලාවේ..... ඒ අ.හු.වේ. බාසා නැති කරලලු...... තව පොඩ්ඩෙන් යතුරු වැඩ දන්න ඩයල් එක්ක හොයා ගන්නකම් අද එතන.... :dull:

    ආ අදම ඒ වාහනේ තව පරිප්පුවක් සෙට් උනා..... ඒකේ ක්ලච් ප්ලේ එක නෑ චිට්ටක්වත්..... :no: ක්ලච් එක ඔෆ් වෙන්නේ උඩම යාන්තම් සෙන්ටි මීටර් භාගෙක විතර ප්‍රමාණෙක...... පට්ට කන්දක (කොස්වත්තේ පයිප්ප පාරේ) කන්ද මැදදි තර්ඩ් එකේ හොදටම ස්ලෝ උනා..... සෙකන්ඩ් එකට දැම්මා..... ම්හු...... එන්නේ නෑ ඈදලා..... ෆස්ට් එකට දාලා ඈක්සලේටරේ පෑගුවා ලෑල්ලටම....... කර ගද ගහගෙන කෑ ගහගෙන ඈදලා ආවේ........ :dull:

    මාමණ්ඩියාට දෙහි කැපුවා මම..... මේක මෙහෙම දිව්වොත්...... ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ඔක්කොටම අබ සරණ තමා කියලා...... :angry: මාමණ්ඩි ඉතින්.... පොලොන්නරුවේ ගෙදරින් එලියට දානකොට සෙකන්ඩ් එක..... ගෙදරට පොඩ්ඩක් එහා තර්ඩ් එක..... ඊට පස්සේ ඊලග හන්දියෙදි ෆෝත් එක..... ආයේ ඉතින් ඒ ගමන කදුරුවෙලින් නතර කරනකම්ම...... ස්පීඩ් එක 20Km/h වලට විතර අඩු උනත්...... ගියර් අඩු කිරිල්ලක් නෑ..... ඒ ගියර් එකේම තමා නතර කරනකම්ම...... :rofl: :P

    ඔය වාහනේ හින්දම ඔහේ දුවනවා.... ඉන්දියන් ඈල්ටෝවක් ගන්න හදනවා මේක දීලා..... මම කිව්වා පිස්සු නටන්න නම් එපා කියලා...... අවුරුද්දෙන් ඉන්දියන් හුචක්කුව බිමට පත බෑවෙයි..... :dull:

    ඕකෙ ක්ලච් එක ටිකක් ඇජස් කරලා දීපන් මාමණ්ඩියට .. දෙහිවල සත්තු වත්ත ගාව මගේ වනට් රාජ්‍ය එක්ක සුපිරි කට්ටක් කෑව මම. ඉදිරියේදී ලියන්න හිතන් ඉන්නවා හොඳේ.. තව සුපිරි කැත වැඩක් උනා දෙහිවල සත්තු වත්ත ගාවදි.. එත් වනට් රාජයා සමග ගිහින් තමයි.. එකනම් ප්‍රසිද්දියේ ලියන්නත් බැරි තරම් කැච වැඩක් මට උනේ.. කොහොම ලිව්වත් ඒ සිද්දීයනම් ලිව්වොත් පටි රෝල් වෙන සිද්දියක්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...

    ඔන්න මගේ වැනට් එකෙන් පොල්ගස් ගිය මගේ සුදු අයියට පොඩි එවුන්ට සත්තු වත්ත පෙන්නන්න යන්න ඕන උනා එක්තරා සති අන්තෙක.. බැහැ කියන්නත් බැරි නිසා... ඩීසල් ටික ඇරෙන්න රියදුරාගේ පඩියවත් ලැබෙන්නේ නැති නිසාත් වැනට් එකෙන්ම මමම මේ ගමන යන්න ඉදිරිපත් උනා..

    ඔන්න ඉතින් ගාලු පුරවරයේ ඉඳන් සූටි එවුන් සහ මහා එවුන් පුරෝගෙන වනට් රාජයා කොළොඹ බලා පිටත් උනා.. කෙලින්ම ගියේ කැළණි රජ මහා විහාරයට.. දෙයියනේ කියල කැළණි වෙහෙර වැඳගෙන , බෙල්ලන්විල රජ මහා විහාරයට.. ඔන්න එතනත් වැඳගෙන ආව කියමුකෝ සත්තු වත්තට...වාහනයක් නවත්තන්න තියා බයිසිකල් කටුවක් නවත්තන්නවත් ඉඩක් නැහැ.. කට්ටිය බල්ලලා ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි වාහනේ සත්තු වත්තේ තාප්පේ ගාවින් ගාල් කරලා මමත් සතෙක් වගේ බලන් ඉන්නවා මුන් දැන් එයි දැන් එයි කියල.. ම්හ් එන පාටක් නැහැ.. ඔන්න ඒ වෙලාවේ තමයි මට මුත්තරා බරක් දනීගෙන එන්න ගත්තේ.. වාහනෙත් ලොක් කරලා දාල දැන් පොලා ඇවිදිනවා සත්තු වත්ත පාරේ එහා කොනට සහ මෙහා කොනට.. බර හෑල්ලු කරගන්න කඩ පිලක්, අහු මුල්ලක්, තාප්ප කෑල්ලක්, ලයිට් කණුවක්, පඳුරක්, සහ එකී මෙකී හාවෝ අල්ලන කිසිම මුලාශ්‍රයක් පෙන තෙක් මානෙක නැහැ... දැන් පොලා සත්තු වත්තේ ගේට්ටුව පහු කරන් වයිපරේ දැම්ම වගේ එහා කොනටත්, මෙහා කොනටත් ඇවිදිනවා, ම්හ්.. සත්තු වත්ත ඇතුලට යන්නත් බැහැ එතනත් සීයක් දෙසීයක් විතර පෝලිම ටිකට් ගන්න.. :shocked::shocked:

    ඔහොම පිස්සෙක් වගේ බර හෑල්ලු කරන මුලාශ්‍රයක් හොයාගෙන එහාටත් මෙහාටත් ඇවිදින පොලාට මසුරන් අදහසක් පහල උනා.. මසුරන් කිව්වේ ඒ වෙලාවේ හැටියට බර කලිසමේ හෑල්ලු වෙන්න කලින් පොලාට තිබ්බේ එකම එක වන් ඇන්ඩ් ඔන්ලි ඔප්ෂන් එක එපමණයි... ඔන්න පොලා ගිහින් නැග්ග වැනට් රාජයාගේ පසුපස ආසනයට.. නැගල වැහුව දොර.. දැන් ඇතුල පෙන්නේ නැහැ කාටවත්..මොකද වැනට් එක ෆුල් ටින්ටට් චොකලට් හයර් එකට හොඳට AC ඕන නිසා. සැලසුම තමයි ප්ලාස්ටික් බෝතලයක් හෝ එවන් කාණුවට විසි කළහැකි භාජනයක් සොයාගෙන බර එම භාජනයට හෑල්ලු කරලා අසල තියෙන කාණුවට විසික්කා කොරල මුකුත් උනේ නැති ගානට සුදු අයියා ඇතුළු නඩය වාහනයට වාර්තා කරන වෙලාවට බබා වගේ සිටීම .. කොහමද ටිකිරි මොලේ...

    වාහනය සිසාරා ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කරත් පොල් පුතාට එවන් විසික්කා කොරන්නට හැකි භාජනයක් සොයාගැනීමට නොහැකි වීම කොයි තරම් අරාධාරණද දෙයියනේ.. දැන් තියෙන්නේ විකල්ප අංක දෙක.. පොල් මාමට කවදත් එදත් අදත් plan A සහ plan B කියල දෙකක් තිබ්බ.

    දැන් පොල් පුතා හොයන්නේ ඉටි කවරක් හෝ සිලි සිලි බෑගයක් .. යුරේකා ... සොයන්නාට සම්භවේ කිව්වලු.. ඔන්න පොල් පුතා දැන් ලැහැස්ති වෙන්නේ ඒ අසික්කිත වැඩේ කොරන්නයි.. බඩු භාණ්ඩ සියල්ලම නූලට ලැහැස්ති නිසා ඔන්න පොල් පුතා දැන් හොඳ ළමය වගේ වාහනෙන් බැහැල නිකම් ටයර් වල හුලන් බලන ගානට වාහනේ වටේ ඇවිදල හොර ඇහෙන් බලනවා සුදු අයියා ප්‍රමුක නඩය ඈතින් එනවද කියල.. මොකද මේ අසික්කිත වැඩේ කොරද්දී අතටම මාට්ටු උනොත් පොඩි උන් පොල් බාප්පිව ගම රට පුරා සුප්‍රසිද්ද කරලා තමයි වැඩේ නවත්තන්නේ.. සුදු අයිය සහ නඩය පේනතෙක් මානයේ නැති නිසා හනික වාහනේට පැනගත් පොල් පුතා ඔන්න ඒ අසික්කිත වැඩේ කොරා සිලි සිලි බෑගයට .. හිතහල්ලකෝ දැනෙන සනීපෙ...මේක කියවන උඹලත් ඉතින් මේ වගේ ලිඳට වැටෙන්න ගිහින් ගට්ට ගාවදි බේරිලා ආපු අවස්ථා හෙම ඇතිනේ ඕන තරම්.. ඔන්න ඔහොමයි පොල් පුතාගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා ඒ බරෙන් නිදහන් උනේ... දැන් උඹල හිතනවද ප්‍රශ්නෙ එතනින් ඉවරයි කියල... :no::no::no::no:

    ඔන්න පොල් පුතා දැන් ලැහැස්ති වෙන්නේ කප්පරක් දුක් විඳලා කන්දක් විලි රුදා විඳලා උපන් පලය කාණුවට විසික්කා කොරන්නයි.. අහෝ දෙවියනේ ඇයි පොල් පුතාට එදා එහෙම කලේ... වාහනේ දොර ඇරලා ඒ වටිනා කියන සිලි සිලි මල්ල කාණුවට විසික්ක කොරන්න උස්සද්දී තමයි ඒ සුන්දර දර්ශනය දැක්කේ මිත්‍රවරුනි..:(:(:(:(

    images

    ජාමේ බේරගන්න පිහිට උණු සිලි සිලි මල්ල ෂවර් එකක් වගේ හිල් 750 ක් විතර තිබිච්චි එකක් වග ඒ සුන්දර දර්ශනය දුටු පොල් පුතා තේරුම් ගන්නා විට අස්සයා පැනගිහින් ඉවරයි මිත්‍ර වරුනි.. හනි හනික සිලි සිලි මල්ලේ ඉතිරි වූ මුත්තරා සුට්ට එක්ක සිලි සිලි මලු ෂවර් එක කාණුවට විසික්ක කොරපු පොල් පුතා කල්පනා කරේ සිලි සිලි මල්ල නැතුව මේක කොරානම් එක තැනකට කොරන්න තිබ්බ උනාට දැන් ඉතින් හැම තැනම නේද කියලයි.. දැන් පොල් පුතාගේ ඔලුව පිස්සු වගේ.. සුද්දා ප්‍රමුක පොඩි එවුන් ආවොත් පටි රෝල් වීම අනිවාර්ය බැවින් හනික ඩ්‍රයිවින් සීට් එකට පැනගත් පොල් පුතා වාහනය හරවාගෙන පාමංකඩ පැත්තට ඉගිල්ලුනේ සර්විස් එකක් හොයාගෙන.. ඔන්න පිළියන්දල පාරට දාල වැඩි දුරක් යන්න කලින් සර්විස් එකක් හමු උනා.. එත් දවස සති අන්තය නිසා උන් පට්ට බිසී කිව්වලු.. ගරාජ් වලට , බාස්ලාට, අමතර කොටස් විකුණන කඩ වලට කන් කෙඳිරි ගාන එක වැනට්ටුව විසින්ම පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා සර්විස් එකේ ගෝලයෙකුට සන්තෝසමක් දෙන්නම් කියල පොරොන්දු වෙලා වැඳලා වගේ වාහනේ ෆලෝ බෝර්ඩ් එක සෝදාගන්න යන්තම් සන්තම් එකඟ කර ගත්ත.

    වාහනේ සෝදන ගමන් ගෝලය අහපි මහත්තය පොඩි දරුවෙක් නේද මුත්‍රා කොරා කිව්වේ නේද කියල... පොල් පුතා ඉතින් හ්ම් කිව්වා.. ඌ හිතන්න ඇති ඉතින් මුනම් යක්ස පොඩි එකෙක් කියල..මේ තරම් මුත්‍රා කරන පොඩි දරුවෙක් ගැන ඇහුවමයි කියලත් හිතන්න ඇති මයේ හිතේ ..

    සර්විස් එකටයි ගෝලයටයි 400ක් පුදල පොල් පුතා අයෙත් සත්තු වත්ත ගාවට එනකනුත් අරුන් නෙවෙයි සත්තු බලල එලියට ආවෙ .. උන් සත්තු බැලුවද සත්තු උන් බැලුවද කියල පොල් මාම දන්නේ නැහැ.. එත් සත්තු වත්ත ඇතුලට වඩා බලන්න වටිනා දේවල් තිබ්බේ ඉතින් වැනට් එක අතුලනේ... වැනට් එක ගත්තු දවසේ හිටන්ම පොල් මාමගේ සාක්කුවට කොයි තරම් අපලද කියල දැන් උඹලට තේරෙනවා ඇති නේද.. සනීපෙට ගෙදර ඉඳල රියදුරා යව්වනම් තව වියදම් වෙන්නේ පොල් මාමට රුපියල් සීයයි... මේකෙන් උඹල ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්‍යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ ..:no::no::no::no::no:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...

    ඔන්න මගේ වැනට් එකෙන් පොල්ගස් ගිය මගේ සුදු අයියට පොඩි එවුන්ට සත්තු වත්ත පෙන්නන්න යන්න ඕන උනා එක්තරා සති අන්තෙක.. බැහැ කියන්නත් බැරි නිසා... ඩීසල් ටික ඇරෙන්න රියදුරාගේ පඩියවත් ලැබෙන්නේ නැති නිසාත් වැනට් එකෙන්ම මමම මේ ගමන යන්න ඉදිරිපත් උනා..

    :lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:

    පට්ට කට්ට පොල්මාමේ........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපෝයි.. සිලි සිලි බෑග් කියද්දිම මගෙ ඔලුවට ආවේ හිල් තියෙන්න ඇති කියලා......:lol::lol::lol:

    ඔයින් ගියා මදෑ අයියේ...:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පහුගිය ටිකේ අම්බානක බිසී වුන නිසා වැඩිය එන්න බැරි වුනා... ත්‍රෙඩ් එක විදලා ගිහිල්ලානේ... :D

    තව කට්ටක් සෙට් වේගෙන යන්නේ... කට්ට කාලම විස්තරේ කියන්නම්... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්මේ අද යාන්තම් සුපිරි කට්ටක් සෙට් වෙන්න ගිහින් යාන්තම් බේරුනා...... කට්ට සෙට් උනා නම්..... අද රෑ ටවුන් එස් 52- එකක් ඈතුලේ...... මදුරුවෝ තල තල ඉන්න තිබ්බා හෙට උදේ වෙනකම් දෙහිවල සූ එක ලගට වෙලා..... :dull:

    මාමණ්ඩිගේ ටවුන් එස් එක අරන් අද රවුමක් ගැහුවා ගෙදර කට්ටියත් එක්ක...... මගේ ඩ්‍රයිවින්..... :D :P 2C Engine නේ...... ලොවෙත් යනවා කැත යාමක්..... :love:

    මම නවත්තලා සූ එක ලග..... යතුර ලොක් පොෂිෂන් එකටම දාලා ගියේ...... අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.... ඈවිත් යතුර දානවා දානවා ලොක් එක ඈරෙන්නේ නෑ.... හෆ්ෆේ... හෙන ගේමක් දීලා යතුර යාන්තම් ලොක් එකෙන් පන්න ගත්තේ..... ඔරිජිනල් යතුර නෙවේලු..... කපපු යතුරක්ලු........ :dull:

    ඔරිජිනල් යතුර.... ටින්කරින් + පේන්ට් වලට දාපු වෙලාවේ..... ඒ අ.හු.වේ. බාසා නැති කරලලු...... තව පොඩ්ඩෙන් යතුරු වැඩ දන්න ඩයල් එක්ක හොයා ගන්නකම් අද එතන.... :dull:

    ආ අදම ඒ වාහනේ තව පරිප්පුවක් සෙට් උනා..... ඒකේ ක්ලච් ප්ලේ එක නෑ චිට්ටක්වත්..... :no: ක්ලච් එක ඔෆ් වෙන්නේ උඩම යාන්තම් සෙන්ටි මීටර් භාගෙක විතර ප්‍රමාණෙක...... පට්ට කන්දක (කොස්වත්තේ පයිප්ප පාරේ) කන්ද මැදදි තර්ඩ් එකේ හොදටම ස්ලෝ උනා..... සෙකන්ඩ් එකට දැම්මා..... ම්හු...... එන්නේ නෑ ඈදලා..... ෆස්ට් එකට දාලා ඈක්සලේටරේ පෑගුවා ලෑල්ලටම....... කර ගද ගහගෙන කෑ ගහගෙන ඈදලා ආවේ........ :dull:

    මාමණ්ඩියාට දෙහි කැපුවා මම..... මේක මෙහෙම දිව්වොත්...... ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ඔක්කොටම අබ සරණ තමා කියලා...... :angry: මාමණ්ඩි ඉතින්.... පොලොන්නරුවේ ගෙදරින් එලියට දානකොට සෙකන්ඩ් එක..... ගෙදරට පොඩ්ඩක් එහා තර්ඩ් එක..... ඊට පස්සේ ඊලග හන්දියෙදි ෆෝත් එක..... ආයේ ඉතින් ඒ ගමන කදුරුවෙලින් නතර කරනකම්ම...... ස්පීඩ් එක 20Km/h වලට විතර අඩු උනත්...... ගියර් අඩු කිරිල්ලක් නෑ..... ඒ ගියර් එකේම තමා නතර කරනකම්ම...... :rofl: :P

    ඔය වාහනේ හින්දම ඔහේ දුවනවා.... ඉන්දියන් ඈල්ටෝවක් ගන්න හදනවා මේක දීලා..... මම කිව්වා පිස්සු නටන්න නම් එපා කියලා...... අවුරුද්දෙන් ඉන්දියන් හුචක්කුව බිමට පත බෑවෙයි..... :dull:

    ඕක දීලා ඇල්ටො එකක් නම් ගන්න දෙන්න එපා මචෝ. :growl: ඕක කොච්චර පට්ට වාහනයක්ද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ම්ම් දන්න කට්ටිය කියන්න බලන්න වාහයක් තල්ලු කරලා ස්ටාට් කරනවානම් දාන්න සුදුසු ගියර් ඒක මැනුවල් ගියර් වල හො‍දේ
    24AFDA9200000578-2909720-image-m-41_1421234777036.jpg

    2 ට තමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්ලච් එක එජස් කරොත් හරි යන එකක් නැද්ද සිද්දිය.....?? :rolleyes: මේකේ එන්නේ ක්ලච් එක ඔටෝ එජස් ද.....??

    එක පාරක් මාමණ්ඩියා එන්ජිමක් තියන්න ලෑස්ති උනා..... දුම වැඩි..... අදින්නේ නෑ කියලා..... මම පොලොන්නරු ගිහින් කදුරුවෙල ටවුමේ ඩීසල් පම්ප් කඩේකට දාලා...... නොසල් ටික චෙක් කරා..... නොසල් වලින් ඩීසල් විදින්නේ නෑ..... වැක්කෙරෙනවා...... :dull: නොසල් ටික ප්‍රෙෂර් කරලා හයි කරා.... දුමත් නෑ.... අදිනවා නෙවේ විදිනවා...... :P

    නුවර එලිත් ගිහින් ආවා ඊට පස්සේ ගින්නක් නැතුව..... මම අරන් ගියේ..... :D :P

    ඒක කන්ද සහ පල්ලම නිසා මේකේ 5 වෙනි ගියර් එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ...... ලිවර් එක ලග ගහලත් නෑ...... පෙරේදා නිකමට හයිවේ එකේදි දාන්න ට්‍රයි කරා ගියර් එකක් තියේද බලන්න..... මේන් තියෙනවා කියහන්කෝ 5 වෙනි ගියර් එකකුත්...... :P :lol:

    ක්ලච් එක සිලිප් කරන්නෙ නැත්තං එජස් කරහම හරි යයි මචං.
    උඹේ විස්තරේ අනුව මම හිතන්නේ ඕකේ ක්ලච්ප්ලේට් අව්ලක් නෑ කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොමල් ගියර් දානකොට අඩියටම පාගලා රිලිස් කරනකොට උඩදිද ගියර් ඒක ඒන්ගෙජ් වෙන්නේ ?
    traffic වල ඒහේම ඒක දිගට ක්ලච් ඒක පාගගෙන ඉන්නකොට ඒහේම වෙනසක් දැනෙනවාද?
    ඹය මුකුත් කරන්න කලින් බාසාට පෙන්නලා බලන්න ක්ලච් ඹෂර්ද කියලා
    අර කන්දේ සින් ඒක නම් ඒන්නේ කාලේ හරි ගියාම තමා :sorry::sorry:

    මූට ඒකේ ක්ලච් එක හුරු නැති නිසා එක පාර පිකප් කර ගන්න බැරි වුනාද දන්නෙ නෑ මචං.
     
    Status
    Not open for further replies.