TESLA මෝටර්ස් - 1 කොටස

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    TESLA මෝටර්ස් - 1 කොටස

    ටෙස්ලා මෝටර්ස්

    2uy4lzd.png

    ටෙස්ලා සමාගම 2003 වසරේදී ආරම්බ වුන විදුලි මෝටර් රථ, විදුලි මෝටර් රථ අමතර කොටස් සහ වාණිජ මට්ටමේ බැටරි නිෂ්පාදනය කරන පොදු සමාගමකි. ටෙස්ලා මවු සමාගම කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නගරයේ පිහිටා ඇත

    23vn4vk.jpg

    2006 වසරේදී පළමු විදුලි මෝටර් රථය නිපදවමින් කරලියට පැමිණි ටෙස්ලා සමගම වර්තමානයේ ලෝකයේ ඉහල ක්රියාකාරීත්වයෙන් යුත් රථ මාදිලි ගණනාවක් නිපදවමින් පෙරමුණේ සිටි.

    2el6ryf.jpg


    dypwtl.jpg


    ටෙස්ලා සමගම ආයතන නාමය වශයෙන් යොදාගෙන ඇත්තේ කීර්තිමත් විදුලි ඉංජිනේරුවෙකු වු නිකොලා ටෙස්ලා ගේ නමයි.ටෙස්ලා සමාගමේ පළමු මෝටර් රථය වුනේ ටෙස්ලා රෝඩ්ස්ටර් (ROADSTER) රථයයි.

    4glwdg.jpg


    21o7fut.jpg

    2006 වසරේදී ප්රකාශ අනතුරුව 2008 දී වෙළදපොලට ඉදිරිපත් කරන ලද රෝඩ්ස්ටර් රථය ඇමරිකාවේ හදුන්වාදුන් මිල $109000කි (රුපියල් 14,535,695.00).තත්පර 3.7-3.9 අතර කාලයකින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකි ප්රබල රථයක් වූ මෙය 2011 නිපදවීම් අවසන් කරන ලද්දේ ටෙස්ලා නව මාදිලිය එලි දැක්වීමටයි.

    රෝඩ්ස්ටර් රථය ලිතියම් අයන බැටරි සෛල 6831 කින් සමන්විත වන අතර කිලෝ වොට් පැය 53 ක් බලයක් ගබඩා කරගනී.ඉන්වර්ටරයක් මගින් 70 ඇම්ප් 240 වෝල්ට් විදුලියක් සපයයි .ටෙස්ලා රෝඩ්ස්ටර් රථය වරක් ආරෝපණය කිරීමෙන් 393ක් (සැතපුම් 244ක්) ධාවනය කල හැකිය අදිබලති අරෝපකයකින් පැය 3 1/2කින් සම්පුර්ණ ආරෝපණය කල හැකිය.

    1hrzbl.jpg


    o9ff5u.jpg

    ආරෝපන මද්යස්තානයක්

    316khte.jpg

    2011 දෙසැම්බර් රෝඩ්ස්ටර් රථය නිෂ්පාදනය නවත්වන විට ලොවපුර රථ 2600ක් අලෙවි කර ඇත.model S මාදිලිය ඇතුළුව වර්තමානය වනවිට රථ 70000ක් අලෙවි කර ඇත .

    වර්තමානයේ ටෙස්ලා සමාගමේ ප්රදාන අලෙවියට ඇති රථය වන්නේ ටෙස්ලා model S රථයයි.ටෙස්ලා නවතම model X රථය 2015 - 3 වන කාර්තුවේදී අලෙවිය සදහා නිකුත් කිරීමට නියමිතයි.2016 දී model 3 නමින් නව මාදිලියක් ද එලි දැක්වීමට ඔවුන් බලාපොරොත්තු වේ.

    Model S

    v5h1ys.jpg

    Model X

    jpyexe.jpg

    දත්ත අනුව වර්තමානයේ ලොව ප්රමුකම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්ව ඇත්තේ ටෙස්ලා සමාගමයි.

    ටෙස්ලා model S රථයේ තොරතුරු සමග නැවත හමුවෙමු.

    සියලු තොරතුරු wikipidia සහ ගුගල් දෙවියා ඇසුරෙනි .
    අනිත් අයටත් බලන්න බම්ප් කරන්න
    ජයවේවා.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561
    113
    ඔක්කොම හොදයි..ඉස්සරහ හප්ප ගත්තොත් චප්ප වෙනවා..මොකද ඕකේ ඉස්සරහ පස්ස දෙකම හිස්.දෙපැත්තේම බඩු දාන්න පුළුවන්.+*****8
     
    • Like
    Reactions: hita makuna

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඕක HK වල පට්ටම මාර්කට්..බලන බලන අත ටෙස්ලා..කොහොමද ගාණ.HK$ 1=SLR 17:dull:

    IRIr8Hu.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,954
    99,320
    113
    ඔක්කොම හොදයි..ඉස්සරහ හප්ප ගත්තොත් චප්ප වෙනවා..මොකද ඕකේ ඉස්සරහ පස්ස දෙකම හිස්.දෙපැත්තේම බඩු දාන්න පුළුවන්.+*****8
    උබ එකක් ගන්නකොට ගල් ගෙඩියක් දාල ගනින්.:rofl::rofl:

    උබ ඒක කිව්වට පස්සෙ තමා හොයන්න හිතුනෙ ඒක හදල තියෙන හැටි.

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක පට්ට :yes:
    Model S P85D එකේ 0-60 ටයිම් එක 2.8 seconds :shocked:

    එන්ජිමක් නැති නිසා center of gravity පාතයි ඉතින් handling සුපිරිලු :yes: ගියර් කතන්දර නැති නිසා පට්ටම instant torque එකක්ලු තියෙන්නේ

    අලුතෙන් ලාභ මොඩ්ල් එකක් එනවලු model 3 කියල
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඕක පට්ට :yes:
    Model S P85D එකේ 0-60 ටයිම් එක 2.8 seconds :shocked:

    එන්ජිමක් නැති නිසා center of gravity පාතයි ඉතින් handling සුපිරිලු :yes: ගියර් කතන්දර නැති නිසා පට්ටම instant torque එකක්ලු තියෙන්නේ

    අලුතෙන් ලාභ මොඩ්ල් එකක් එනවලු model 3 කියල

    :)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක පට්ට :yes:
    Model S P85D එකේ 0-60 ටයිම් එක 2.8 seconds :shocked:

    එන්ජිමක් නැති නිසා center of gravity පාතයි ඉතින් handling සුපිරිලු :yes: ගියර් කතන්දර නැති නිසා පට්ටම instant torque එකක්ලු තියෙන්නේ

    අලුතෙන් ලාභ මොඩ්ල් එකක් එනවලු model 3 කියල

    :yes::yes: