TESLA මෝටර්ස් - 1 කොටස
ටෙස්ලා මෝටර්ස්
ටෙස්ලා සමාගම 2003 වසරේදී ආරම්බ වුන විදුලි මෝටර් රථ, විදුලි මෝටර් රථ අමතර කොටස් සහ වාණිජ මට්ටමේ බැටරි නිෂ්පාදනය කරන පොදු සමාගමකි. ටෙස්ලා මවු සමාගම කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නගරයේ පිහිටා ඇත
2006 වසරේදී පළමු විදුලි මෝටර් රථය නිපදවමින් කරලියට පැමිණි ටෙස්ලා සමගම වර්තමානයේ ලෝකයේ ඉහල ක්රියාකාරීත්වයෙන් යුත් රථ මාදිලි ගණනාවක් නිපදවමින් පෙරමුණේ සිටි.
ටෙස්ලා සමගම ආයතන නාමය වශයෙන් යොදාගෙන ඇත්තේ කීර්තිමත් විදුලි ඉංජිනේරුවෙකු වු නිකොලා ටෙස්ලා ගේ නමයි.ටෙස්ලා සමාගමේ පළමු මෝටර් රථය වුනේ ටෙස්ලා රෝඩ්ස්ටර් (ROADSTER) රථයයි.
2006 වසරේදී ප්රකාශ අනතුරුව 2008 දී වෙළදපොලට ඉදිරිපත් කරන ලද රෝඩ්ස්ටර් රථය ඇමරිකාවේ හදුන්වාදුන් මිල $109000කි (රුපියල් 14,535,695.00).තත්පර 3.7-3.9 අතර කාලයකින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකි ප්රබල රථයක් වූ මෙය 2011 නිපදවීම් අවසන් කරන ලද්දේ ටෙස්ලා නව මාදිලිය එලි දැක්වීමටයි.
රෝඩ්ස්ටර් රථය ලිතියම් අයන බැටරි සෛල 6831 කින් සමන්විත වන අතර කිලෝ වොට් පැය 53 ක් බලයක් ගබඩා කරගනී.ඉන්වර්ටරයක් මගින් 70 ඇම්ප් 240 වෝල්ට් විදුලියක් සපයයි .ටෙස්ලා රෝඩ්ස්ටර් රථය වරක් ආරෝපණය කිරීමෙන් 393ක් (සැතපුම් 244ක්) ධාවනය කල හැකිය අදිබලති අරෝපකයකින් පැය 3 1/2කින් සම්පුර්ණ ආරෝපණය කල හැකිය.

ආරෝපන මද්යස්තානයක්
2011 දෙසැම්බර් රෝඩ්ස්ටර් රථය නිෂ්පාදනය නවත්වන විට ලොවපුර රථ 2600ක් අලෙවි කර ඇත.model S මාදිලිය ඇතුළුව වර්තමානය වනවිට රථ 70000ක් අලෙවි කර ඇත .
වර්තමානයේ ටෙස්ලා සමාගමේ ප්රදාන අලෙවියට ඇති රථය වන්නේ ටෙස්ලා model S රථයයි.ටෙස්ලා නවතම model X රථය 2015 - 3 වන කාර්තුවේදී අලෙවිය සදහා නිකුත් කිරීමට නියමිතයි.2016 දී model 3 නමින් නව මාදිලියක් ද එලි දැක්වීමට ඔවුන් බලාපොරොත්තු වේ.

Model S
Model X
දත්ත අනුව වර්තමානයේ ලොව ප්රමුකම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්ව ඇත්තේ ටෙස්ලා සමාගමයි.
ටෙස්ලා model S රථයේ තොරතුරු සමග නැවත හමුවෙමු.
සියලු තොරතුරු wikipidia සහ ගුගල් දෙවියා ඇසුරෙනි .
අනිත් අයටත් බලන්න බම්ප් කරන්න
ජයවේවා.
අනිත් අයටත් බලන්න බම්ප් කරන්න
ජයවේවා.
Last edited: