වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අම්මේ ඹව් කරට අත දාලා බඩට අනින්නේ විස්වාස කරන්න නම් බැ
    මේ උබ drag එකට ගියාද පැද්දාද?

    මොන Drag ද බන්.. සල්ලිත් නෑ සනීපත් නෑ මේ දවස් වල.. ඇස් ලෙඩ (conjunctivitis ද මොකක්ද කිව්වා) හැදිලා හිටියේ බන්... කාර් එකේ බ්රේක් මදි අනික..පෑඩ් දාන්න වෙනවා.. රේස් පෑඩ් භාවිතා කිරීමේ ආදීනව... පෑඩ් දාලා 10000kms දිවුවේ නෑ බන්...:(:(:(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අම්මේ ඹව් කරට අත දාලා බඩට අනින්නේ විස්වාස කරන්න නම් බැ

    එහෙම කියන්නත් බෑ බන්.මම ඉස්සෙලම වාහනය අරන් එන දවසේ කටුනායක හයි වේ එකේ ආවේ.පොඩි අවුලක් වෙලා එක්සිට් එකෙන් මට දඩ කොලයක් දුන්නා.මම කිසිම දෙයක් නොකියා එවෙලේම දඩ කොලේ ගෙවලා ඇවිත් ආපහු දෙන ගමන් කිව්වා අද මෙ ඉස්සෙල්ලම වාහනය ගෙන ගමන් කියලා .මේක ඇහුව විතරයි මට වැඩිය මෑන්ට අප්සෙට්.මට කියනවා ඇයි මනුස්සයෝ කිව්වේ නැත්තේ කලින්.අයිඕ අපරාදේ කියලා.පස්සේ ඌ කිව්වා මෙහෙම, අවුලක් ගන්න එපා මචන් ඔයාට ඉස්සෙලම මේ වාහනයට දඩ කොලේ දුන්නේ හොද පොලිස් කාරයෙක්.උබට ආයේ දඩ කොළ හම්බෙන්නේ නෑ කියලා.කිව්වා වාගේ තාම හම්බ උනේ නෑ ....හැබැයි හෙට හම්බෙයිද දන්නේ නෑ.මොකද මම උබල ගේ ඇස් වහ වැදිලා ..

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    99% ඉන්නේ සල්ලි කන්න බලාගෙන ඉන්න අය ඒත් ඉදලා හිටලා හොද මිනිස්සුත් හම්බ වෙනවා
    මම දැන්න පොලිස් මහත්තයෙක් ඉන්නවා ඒකා පරන lh30 caravan දිරපු කාර් නවත්තන්නේ නැ නැවැත්තුවත් යන්න දෙනවා මොකද ඒකා ගාවත් තියෙන්නේ ලඩි ඒවා මතක් වෙලා
    :lol::lol:

    මම දන්නා පොලිස් මහත්තයෙක් ඉන්නවා ගාල්ලෙ තල්පෙ . දැන් ඒ මහත්තය විශ්‍රාමිකයි. අවුරුදු ගානක් උදේ හවස අපි එකට තමයි රුහුණු කුමාරියේ වැඩට ආවේ. මම මේ කියන මගේ පොලිස් මිත්‍රය මහත්තය කියල හඳුන්වන්නේ මම දැකපු එකම මහත්මා පොලිස් කාරය එතුමා නිසා..

    එකදාස් නවසිය හැත්තෑ ගණන් අග භාගයේ මේ මහත්තය කසාද බැඳපු දවසේ මගුල් කාරෙකෙන් ඇවිල්ල තියනවා ගාල්ලේ තිබ්බ එකම එක චායාරූප ශාලාවට මගුල් පින්තුරේ ගන්න මනමාලි එක්ක. මේ එන අතරේ මගේ මිත්‍රය දැකල තියනවා ගාල්ලෙ ටවුමේදී හොරෙක් ගෑනු කෙනෙකුගේ මාලේ කඩාගෙන දුවනවා. අපේ එකත් ඇරල නැහැ. මගුල් කාරෙකෙන් පැනල හොරා පස්සේ එලෝලා ඌ අල්ලාගෙන ගාල්ලෙ පොලිසියට භාරදීලම තමයි මගුල් පින්තුරෙ ගන්න ඇවිත් තියෙන්නෙ .. ඒ කාලේ පත්තරේක ලොකු පිටුවක මේ සිද්දිය පලවෙච්චි විස්තරේ තාම ඒ මහත්තය ගාව තියනවා.. අවුරුදු ගානක් අපි එක්ක කෝච්චියේ එකම සීට් එකේ වැඩි වෙලා ඕමි ගහගෙන ආව ගියාට කවදාවත් පොලිස් පාර්ට් කාටවත් පෙන්නලා නැහැ.. දන්නා උදවිය හැරුණකොට කව්රුවත් ඒ මහත්තය පොලිසියේ කියල දන්නෙත් නැහැ.. දරුවෝ දෙන්නෙක් හිටිය දෙන්නම විශ්වවිද්‍යාල අද්යාපනේ ලැබුව. ඒ වගේ මිනිස්සු පොලිසියේ හිඟයි.. වැඩි හරියක් ඉන්නේ සත්තු
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අන්න ඒකයි මචන් මම කොතනදිවත් මුලු පොලිස්සියටම බනින්නේ නැත්තේ කොටසක් කියලා ඒ අයව අයින් කරන්නේ ඉස්සර ඹහොම නැ මචන් 2005 න් වගේ පස්සේ තමා පොලිස්සිය සල්ලි පස්සෙන් දුවන්න ගත්තේ ඉස්සර දඩ කොලයක් ලියනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක් ඒකට දැන් ඉතින් නවත්තලා යනකොට ද‍ඩ කොලේ අතට දෙනවානේ වැරැද්ද අහන්නවත් වෙලාවක් නැ
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියන එක ගැන පොඩි දෙයක් එකතු කරන්න හිතුනා.මොකද අපේ එක සහෝදරයෙක් අහල තිබුන මේ විදිහට බලපුවම ඔරිජිනල් පොතක් එක්ක වාහනයක් ගන්න බයයි නේ කියලා.මොකද එකට ඩුප්ලිකේට් එකක් නිකුත් කරලනම් එහෙම ඔරිජිනල් එක කැන්සල් නිසා .මම වාහනය ගන්න කොට ඕකට කරපුදේ කිව්වොත් මෙහෙමයි අදාල වාහනයේ නොම්මරය ආර්.එම්.වී .එකට දීලා එකට අදාල සියලු විස්තර ලිකිතව ඉල්ලගත්තා .මට ඒකට මගේ යාලුවෙක් උදව් කළා.මේ ෆැසිලිටි එක සල්ලි ගෙවල ගන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ .එකත් එක්ක අයිතිකාරයා ලග තියන පොත ක්‍රොස් චෙක් කළා .වැඩේ ඉවරයි.:):):):)

    sahenna watnawa.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්නා පොලිස් මහත්තයෙක් ඉන්නවා ගාල්ලෙ තල්පෙ . දැන් ඒ මහත්තය විශ්‍රාමිකයි. අවුරුදු ගානක් උදේ හවස අපි එකට තමයි රුහුණු කුමාරියේ වැඩට ආවේ. මම මේ කියන මගේ පොලිස් මිත්‍රය මහත්තය කියල හඳුන්වන්නේ මම දැකපු එකම මහත්මා පොලිස් කාරය එතුමා නිසා..

    එකදාස් නවසිය හැත්තෑ ගණන් අග භාගයේ මේ මහත්තය කසාද බැඳපු දවසේ මගුල් කාරෙකෙන් ඇවිල්ල තියනවා ගාල්ලේ තිබ්බ එකම එක චායාරූප ශාලාවට මගුල් පින්තුරේ ගන්න මනමාලි එක්ක. මේ එන අතරේ මගේ මිත්‍රය දැකල තියනවා ගාල්ලෙ ටවුමේදී හොරෙක් ගෑනු කෙනෙකුගේ මාලේ කඩාගෙන දුවනවා. අපේ එකත් ඇරල නැහැ. මගුල් කාරෙකෙන් පැනල හොරා පස්සේ එලෝලා ඌ අල්ලාගෙන ගාල්ලෙ පොලිසියට භාරදීලම තමයි මගුල් පින්තුරෙ ගන්න ඇවිත් තියෙන්නෙ .. ඒ කාලේ පත්තරේක ලොකු පිටුවක මේ සිද්දිය පලවෙච්චි විස්තරේ තාම ඒ මහත්තය ගාව තියනවා.. අවුරුදු ගානක් අපි එක්ක කෝච්චියේ එකම සීට් එකේ වැඩි වෙලා ඕමි ගහගෙන ආව ගියාට කවදාවත් පොලිස් පාර්ට් කාටවත් පෙන්නලා නැහැ.. දන්නා උදවිය හැරුණකොට කව්රුවත් ඒ මහත්තය පොලිසියේ කියල දන්නෙත් නැහැ.. දරුවෝ දෙන්නෙක් හිටිය දෙන්නම විශ්වවිද්‍යාල අද්යාපනේ ලැබුව. ඒ වගේ මිනිස්සු පොලිසියේ හිඟයි.. වැඩි හරියක් ඉන්නේ සත්තු

    ඒ වගේ හොද එව්නුත් ඉතාම කලාතුරකින් ඉන්නව තමයි. බලපං එහෙම මිනිස්සුන්ගේ පව්ල් පිටින් හොද තැන් වල ඉන්නවා. මොකද මිනිස්සුන්ගේ ගින්දරකින් නෙවෙයිනේ ඒ මිනිස්සු ජීවත් වෙන්නේ. ඔය වගේ හොද මනුස්සයෙක් මේ ලගකදී මට ඔත්තේ දවස්වල වාහන නවත්තන්න දෙන්නේ නැති තැනකත්, ඔත්තේ දවසක කාර් එක දාල යන්නත් දුන්නා. :) ඒ ට්‍රැෆික් පොලිස් නිලධාරියා එතන තවත් කෙනෙක් එක්ක වැඩ කරන්නේ. මම දැකල තියනවා ගොඩක් වාහන වලට වැරදි පෙන්නලා දීලා යවනවා.
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    මෙන්න ගහනවා නම් පට්ට ගේම් එකක්..තමන්ගේම ගරාජ් එකක් රන් කරන්න තියෙන්නේ...පට්ටයි....
    Car-Mechanic-Simulator-2015-Free-Download.jpg

    hqdefault.jpg

    බාගන්න ලින්කුව -
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න මම අද වාහන හින්දා කාපු කටු වලට මගේ පලවෙනි කතාව තමයි මේ දාන්න හදන්නේ.මේ කට්ට කන්න උනේ මම කාලයක් පාවිච්චි කරපු මගේ අතිජාත බයික් එක වන පල්සර් 180 විකුනලා අලුත් බයික් එකක් ගන්න යන වෙලාවෙදි තමයි.

    එලකිරි එකේ අපේ බයික් section එකේ කට්ටිය නම් දන්නවා මම බයික් එක විකුනලා මුලින්ම හෙව්වෙ Honda AX1 එකක් ගන්න කියලා.නමුත් කට්ටියගෙන් අහල විපරම් කරල බැලුවහම තමයි තේරුනේ ඒක නම් ලේසි වැඩක් නෙම් කියලා.හොද AX1:love::love: එකක් හොයා ගන්න නම් ඉතින් පට්ට කට්ටක් කන්න වෙනවා.ඒක නිසා japan bike ගන්න ආසාව අත ඇරල ආයෙත් ikman එකේ කරක් ගහල බැලුවා.මගේ ආසවක් තිබ්බ තවත් බයික් එකක් තමා Honda CB Trigger එක.Look එකක් japan bike එකකට ලගින් යන හින්දා හා තෙල් වැඩ කිරිල්ල අතින් හා performance අතින් හොදවගේ දැනුන හින්දා trigger එකක හිත ගියේ.පොඩි කොස්සට තිබුනේ මේ බයික් එක brand new price එක ලක්ෂ 3.15 වෙනවා.:no::no:

    ඉතින් සහොදර වරුනේ අමතුවෙන් කියන්න දෙයක් නැනේ ඉන්දියන් බයික් ගැන.කීය දිල ගත්තත් දෙන්න වුනොත් දෙන්න වෙන්නනේ අඩු ගනකට කියලා.එක නිසා මම ටිකිරි මොලෙන් කල්පනා කරලා තීරනය කරා second hand Trigger එකක් ගන්න. ඉතින් සුපුරුදු පරිදි Net එකේ search පාරක් දැම්මා යාලුවෙකුත් set කරගෙන. කොහොම හරි බයික් එක ලංකාවට ඇවිල්ල එච්චර කාලයක් නැති නිසා වැඩිය second hand බයික් විකුන්නන දාල තිබ්බෙත් නෑ. :angry: ඔහොම යන කොට මගේ යාලුවට set උනා add එකක් trigger යක් විකුන්න දාපු. :nerd::nerd: call එකක් දිලා බැලුවට කඩවත පැත්තේ එකක්. දැන් බයික් හෙවිල්ල තිත්ත වෙලා තිබ්බ නිසා එදා හවසම වැඩ ඉවර වෙලා ගියා බලන්න බයික් එක. මගට ඇවිල්ල ගිහිල්ල අපි call එකක් දුන්නම පොර ආව පාරට එකකන් යන්න.කොහොම හරි ගෙදරට ගියා කියමුකෝ ....මෙන්න add එකේ තිබුන බයික් එක තියෙනවා ඉස්සරහම නවත්තලා.මමත් සාමාන්‍යෙයන් ඉතින් බයික් ගැන දන්න විදියට search පාරක් දාලා බැලුවා. බයික් එක වැටිලා තියෙනවද ,oil ලික් තියනවාද, හැඩල් ඇදයිද, ලයිට් පත්තු වෙනවද. අනන් මනන් ගොඩක් .ඇත්තම කියනව නම් මචංලා බයික් එක පොඩ්ඩක් වත් වැටිලා, ඇද වෙලා නෑ.brand new Condtion එකේම තිබුනා. පැදල තිබුනෙත් 8000km විතර ඉතින් මට දැන් පුල් සැටිස් බයික් එක:):). එපාර ලියකියවිලි අරන් බැලුව ඒවත් අවුලක් තිබුනේ නෑ.
    ඉතින් දැන් ගනන් හිලව් කතා කරන time එක ඇවිලා.බයික් එකේ ගාන දාලා තිබුනේ 2.75 කියලා මාත් එකක් ගිහිපු එකා කිව්වා අපි බයික් එක ගන්න නම් 2.75 ක් වැඩි 2.50 කට දෙන්න කියලා.එපාර පොර කල්පනා කරල කිව්වා 2.65ක් දෙන්න කියලා අන්තිම ගාන.

    දැන් මට පුල් happy හිතුවට වඩා අඩුකර ගත්ත නිසා අපි හෙට හවසට සල්ලි අරන් එන් නම් කියලා මෑන්ට සමුදීලා ආවා.පස්වෙනිදා හවස සුපුරුදු පරිදි මමයි යලුවයි ඔන්න පිටත් උනා මගේ බයික් රාජයව කැන්දන් එන්න.කොහොම හරි සල්ලි ටිකක් බෑග් එකට දාගෙන අපි අදාල තැනට ආවා.ඇවිල්ල මම කිව්වා මට පොඩ්ඩක් පැදල බලන්න ඕන කියලා ඔන්න බුවා දාගෙන රවුමකුත් ගියා කියන්නකෝ.ඇවිල්ල ඊට පස්සේ අපි document වල වැඩ ඉවර කරලා transfer papers අනන් මනන් සේරම sign කරලා සල්ලිත් දීලා බයික් එකේ යතුරු 2ත් අතර ගත්ත.:lol:දැන් උබල බලයි කො බන් මේකේ කට්ටක් කිව්වට කිසිම කට්ටක් නෑනේ කියලා. ඔහොම හිටපල්ල දැන් තමයි හොදම හරිය.:lol::lol: දැන් තියන්නේ දෙයියනේ කියලා බයික් අරන් යන්න විතරයි.මම කොකටත් කියලා තෙල් මීටරේ බැලුවා .low තියෙන්නේ.තෙල් කරාමේ බැලුවා reserve එකේ තියෙන්නේ. දැන් ඉතික් වෙලාට 5.45 වගේ වෙලා නිසා කලුවර වැටෙන්නත් ලගයි.තෙල් ටිකක් ගහන් යන එක හොද නිසා මම නිකමය වගේ සහොදර වරුනේ තෙල් ටැංකියේ කටට යතුර දාල ඇරල බලන්න හැදුවෙ.......:growl::growl: ම ම ම යකෝ යතුර දැම්මට කර කවන්න බෑ.දැන් අයිති කාරය බලන් ඉන්නවා.මම යතුරදාලා එහෙට තටමනවා මෙහාට තටමනවා :growl::growl::growl: මොනවා කරලවත් පියන අරින්න බෑ.ඔන්න දැන් තමයි සහොදර වරුනු මට මරන බිය දැනෙන්න ගත්තේ.ඉලග පාර අයිතිකාරයත් යතුර අරන් ගෙමට බැස්ස මොන ටැන්කියෙ පියන ඇර ගන්න බෑ.මලා දැන් මොකද කරන්නේ.:no::no: රෑත් වෙලා දඩබඩ ගාලා අයිතිකාරය මාව ලගම තියෙන ගරාජ් දෙකකට එක්කන් ගියා ඒත් මගේ නරක වෙලාවට උන් එකෙක් වත් දැන් රෑ වෙලා නිසා කරන්න බෑ කිව්වා. දැන් මාර මරාලෙකට තමයි මට කර ගහන්න උනේ සල්ලිත් දීලා බයික් එක ගෙනියන්න විදියකුත් නෑ.මම මාර අමාරුවක වැටුනේ.කොහොම හරි මගේ යාලුව කිව්වා (මම දැන් ගොලුවෙලා) දැන් කරන්න දෙයක් නෑ මහත්තයා බයික් එක ඔහොම ගෙනියන්න බෑනේ.අපි තියල යන්නම් කියලා.ඇත්තම කියනවනම් එපාර ඒ මනුස්සය කිව්වා ඇත්ත බයික් එක තියල යන්න ඔයාගේ සල්ලි අපහු දෙන්නම් කියලා.:no::no:එපාර තමයි මට ටිකක් ඇගට ලේ ටිකක් ඉරුවෙ.:nerd::nerd: මම කිව්වා මම ඇත්තටම බයික් එක ගන්න නම් ඔයා මේක හදල තියන්න කියලා.එපාර පහුවෙනිදා පොර මට call එකක් දිලා කිව්වා බයික් එක හරි කැමති නම් ඇවිල්ලා ගන්න කියලා.පොර පන්දරම staffed motors එකකට ගිහිල්ල මොනවද දාලා ලොක් එක ඇරගෙන.ඇත්තටම වෙලා තියෙන්නේ බයික් එක පැදල තියෙන්නේ මෑන්ගේ පුතා.දැන් මාස 03 කට කලින් පුතා රට ගිහින් ඊට පස්සේ බයික් එක පැදල නෑ.ඉතින් නිකන් තිබිලා ටැංකියේ යතුර කට හිරවෙලා.

    මම එපාර පහුවෙනිදා ගිහින් සල්ලි ආපහු දිලා බයික් එක අරන් ආවා.ඔන්න ඔහොමයි උනේ කතාව.ඇත්තටම මම ලොකු වැරද්දක් කරා බයික් ගන්නව නම් අනිවා ටැංකිය ඇරල බලන්න ඕන මලකඩ කාලද කියල මට ඒක මිස් උනා.බයික් එක අලුත් නිසා මම ඒක එච්චර හිතුවෙත් නෑ.......කොහොම උනත් අයිති කාරයා ගොඩක් හොද මනුස්සයෙක් නැත්තන් සල්ලි අපහු දෙන්නේ නැනේ.
    තව කතා තියෙනවා හිමින් සැරේ දාන්නම් කෝ.............................

    ඔය තියෙන්නේ මගේ බයික් එක ඕක ගන්න ගිහින් තමයි මේ කට්ට set උනේ:P:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1670239

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඔන්න මම අද වාහන හින්දා කාපු කටු වලට මගේ පලවෙනි කතාව තමයි මේ දාන්න හදන්නේ.

    ඔය තියෙන්නේ මගේ බයික් එක ඕක ගන්න ගිහින් තමයි මේ කට්ට set උනේ:P:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1670239

    එල මචන්.. ඔන්න රෙප් දැම්මා...
    කොච්චර බැලුවත් මොකක් හරි උට්ටක් අමතක වෙනවා බන්.....
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න මම අද වාහන හින්දා කාපු කටු වලට මගේ පලවෙනි කතාව තමයි මේ දාන්න හදන්නේ.මේ කට්ට කන්න උනේ මම කාලයක් පාවිච්චි කරපු මගේ අතිජාත බයික් එක වන පල්සර් 180 විකුනලා අලුත් බයික් එකක් ගන්න යන වෙලාවෙදි තමයි.

    ඔය තියෙන්නේ මගේ බයික් එක ඕක ගන්න ගිහින් තමයි මේ කට්ට set උනේ:P:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1670239

    පැදලා වත් බලන්නේ නැතුව වාහන ගන්න උන් ඉන්න රටේ ඔවුවා මොනවද බං :D
    කට්ට එල.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම දන්නා පොලිස් මහත්තයෙක් ඉන්නවා ගාල්ලෙ තල්පෙ . දැන් ඒ මහත්තය විශ්‍රාමිකයි. අවුරුදු ගානක් උදේ හවස අපි එකට තමයි රුහුණු කුමාරියේ වැඩට ආවේ. මම මේ කියන මගේ පොලිස් මිත්‍රය මහත්තය කියල හඳුන්වන්නේ මම දැකපු එකම මහත්මා පොලිස් කාරය එතුමා නිසා..

    එකදාස් නවසිය හැත්තෑ ගණන් අග භාගයේ මේ මහත්තය කසාද බැඳපු දවසේ මගුල් කාරෙකෙන් ඇවිල්ල තියනවා ගාල්ලේ තිබ්බ එකම එක චායාරූප ශාලාවට මගුල් පින්තුරේ ගන්න මනමාලි එක්ක. මේ එන අතරේ මගේ මිත්‍රය දැකල තියනවා ගාල්ලෙ ටවුමේදී හොරෙක් ගෑනු කෙනෙකුගේ මාලේ කඩාගෙන දුවනවා. අපේ එකත් ඇරල නැහැ. මගුල් කාරෙකෙන් පැනල හොරා පස්සේ එලෝලා ඌ අල්ලාගෙන ගාල්ලෙ පොලිසියට භාරදීලම තමයි මගුල් පින්තුරෙ ගන්න ඇවිත් තියෙන්නෙ .. ඒ කාලේ පත්තරේක ලොකු පිටුවක මේ සිද්දිය පලවෙච්චි විස්තරේ තාම ඒ මහත්තය ගාව තියනවා.. අවුරුදු ගානක් අපි එක්ක කෝච්චියේ එකම සීට් එකේ වැඩි වෙලා ඕමි ගහගෙන ආව ගියාට කවදාවත් පොලිස් පාර්ට් කාටවත් පෙන්නලා නැහැ.. දන්නා උදවිය හැරුණකොට කව්රුවත් ඒ මහත්තය පොලිසියේ කියල දන්නෙත් නැහැ.. දරුවෝ දෙන්නෙක් හිටිය දෙන්නම විශ්වවිද්‍යාල අද්යාපනේ ලැබුව. ඒ වගේ මිනිස්සු පොලිසියේ හිඟයි.. වැඩි හරියක් ඉන්නේ සත්තු

    ඉතාම අත්ලොස්සක් අතර මහත්මයෙක් උබට හදුනගන්න ලැබිල තියෙන්නේ එ අතින් උබත් වාසනවන්තයි.:yes: අනික එ වගේ මිනිසු ගැන පොඩි සටහනක් දාන එක එ මිනිසුන්ට කරන උපහාරක්. thx bro:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අන්න ඒකයි මචන් මම කොතනදිවත් මුලු පොලිස්සියටම බනින්නේ නැත්තේ කොටසක් කියලා ඒ අයව අයින් කරන්නේ ඉස්සර ඹහොම නැ මචන් 2005 න් වගේ පස්සේ තමා පොලිස්සිය සල්ලි පස්සෙන් දුවන්න ගත්තේ ඉස්සර දඩ කොලයක් ලියනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක් ඒකට දැන් ඉතින් නවත්තලා යනකොට ද‍ඩ කොලේ අතට දෙනවානේ වැරැද්ද අහන්නවත් වෙලාවක් නැ

    හම්ම්.. ඔව් අයියේ. මේ ලගඩි ට්‍රැපික් පොලිස් කාරයෙක් අල්ලුවා අත් ට්‍රැක්ටෙර් එකක් ඉස්සර කරන්න ගිහින්. වරද වැරදි ලෙස ඉස්සර කිරීම. :frown::frown:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මෙන්න ගහනවා නම් පට්ට ගේම් එකක්..තමන්ගේම ගරාජ් එකක් රන් කරන්න තියෙන්නේ...පට්ටයි....
    Car-Mechanic-Simulator-2015-Free-Download.jpg

    hqdefault.jpg

    බාගන්න ලින්කුව -

    අඩෝ මම ඕක දැන ටික වදසකට කලින් පටන්ගත්තේ... මේකේදි අළුත් පාර්ට්ස් ගන්නේ කොහෙන්ද?:oo::oo:
     
    Status
    Not open for further replies.