ඉතින් ආයුබෝවන් DSLR ගරු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ඉතින් ආයුබෝවන් DSLR ගරු

    3rd Generation Digital Camera



    මදැයි ඉදල ඉදල DSLR camera එකක් ගත්ත. දැන් ඉතින් DSLR camera යුගයත් ඉවරවීගෙන යන්නේ. අලුත්ම තාක්ෂනය MILC. ඒ කියන්නේ mirrorless interchangeable-lens camera.

    මේක ඇත්තටම අලුත් තක්ෂනයක් නෙවි. සාමාන්‍ය digital camera වල තියෙන්නේ මේක තමයි. එකේ viewfinder එක LCD display එකක්. එත් මේක professional photography වල බලාපොරොත්තු වන තත්වයට ගෙන එක අබියෝගයක්. මොකද වේගවත් ක්‍රියාකාරිත්වයක් තියෙන, කැමරා එකෙන් පෙනෙන දෙය ඒ විදියටම ගන්න (correct colors and high quality image) LCD display එකක් හදන එක අමාරු වැඩක්.

    DSLR camera වල දැනට තියෙන viewfinder එක මෙන්න මේ වගේ දෙයක්.

    CameraDiagramDPS1.png


    ඒ කියන්නේ කච තුලින් පේන දෙයයම අපිට බලාගන්න පුළුවන් ඒ විදියට දර්පන කිහිපයක් හරහා. දැන් මේක ඉවත්වෙලා පරණ LCD display එකට මාරු වෙනවා. එත් MILC මගින් DSLR මට්ටමේ උසස් ජයාරූප ගන්න පුළුවන්.

    pSNYNA-ILCE7K~B_alternate2_v786.png




    එතකොට MILC වල වාසි මොනවද?

    වාසි

    (1) බර අඩු වීම
    DSLR-vs-Mirrorless-scale-weight.png


    (2) ISO වගේ දේවල් වෙනස් වුනත් ඔයාට dslr viewfinder එකෙන් පෙන්නේ නැහැ. LCD display එකෙන් අපි ගන්න ජයරුපයට ආසන්න දෙයක් තමයි දකින්න ලැබෙන්නේ

    (3) Speed - උඩට පහලට යන mirror එක නැති නිසා ක්‍රියාකාරිත්වය වේගවත්

    (4) සෙන්සර් එකේ dust බැදෙනවා අඩුයි (උඩට පහලට යන mirror එක නැති නිසා).

    (5) video quality වැඩියි -DSLRs can't use phase detection with the mirror up while recording video, so they have to use the slower, less accurate, contrast-detection focus method (මේකේ තේරෙන්නේ නැතෝ)

    අවාසි

    (1) battery life- LCD එක බැටරි කනවනේ

    (2) different lenses තවම පාවිච්චි කරන්න බැහැ - දැන් ටික ටික පුළුවන්

    (3) sensor එක පුංචි - එත් දැන් full frame පවා තියෙනවා.

    (4) LCD display ටිකක් හෙමින් වැඩ කරන්නේ. එත් වේගවත් LCD display තාක්ෂනය දැන් එනවා

    (5) ජයරුපකරණයේ ශිල්පීන්ගේ පරුෂත්වය අඩුවීම :P. දැන් ඉස්සරහට එන professional camera බබාල පාවිච්චි කරන ඒවා වගේ පෙන්නේ පොඩි නිසා.

    MILC තක්ෂය්නය දියුණුවීමත් එක්ක මේ අවාසි මගහරිමින් පවතිනවා. දැන් full frame professional camera පවා තියෙනවා. මෙන්න

    pSNYNA-ILCE7K~B_main_v786.png


    j5_01_01.png


    තවම Nikon, sony, samsung, Olympus වගේ brands කිහිපයක් තමයි මේවා හදන්නේ. Canon තවම ලොකුවට පටන් අරගෙන නැහැ.

    MIRRORLESS INTERCHANGEABLE LENS CAMERAS are optimal for photographers who want lightweight, state-of-the-art cameras that take professional shots. By removing the mirror within the camera, Sony packs bigger capability into a smaller body. With a line of cameras boasting the world’s fastest auto focus3, ability to shoot up to 11 frames per second, Full Frame Image Sensors and Wi-Fi®/NFC connectivity for instant sharing, Mirrorless cameras are the future of photography and Sony Alpha cameras are the leaders.

    pSNYNA-ILCE6000L~B_alternate1_v786.png


    professional photographers ලා මේක දිහා වපරාහින් බැලුවත් දැන් ටික ටික බොහෝ දෙන සුබවාදීව බලනවා. මොකද ගොඩක් දෙනෙක් කියන්නේ මේක තමයි ඊලග පරම්පරාව කියල. මෙන්න මෙයත් සුබවාදීව තමයි කතා කරන්නේ.



    DSLR හෝ MILC කැමරාවක් සහ සාමාන්‍ය digital කැමරාවක් අතර වෙනස්කම් තමයි.

    (1) sensor එක සාමාන්‍ය digital කැමරාව වඩා ලොකුයි. එතකොට පැහැදිලිලි තියුණු ජයාරූප DSLR හෝ MILC කැමරාවක් මගින් ගන්න පුළුවන්

    (2) හැමදෙයක්ම අතින් වෙනස් කරලා තමන්ට අවශ්‍ය විදියට ජයාරූප ගන්න පුළුවන් (manually change ISO, shutter speed etc). සාමාන්‍ය digital කැමරාව බොහෝ දේවල් ස්වයන්ක්‍රියව වෙන්නේ

    (3) professional lenses පාවිච්චි කරන්න පුළුවන්. මාරු කරන්න පුළුවන්.




    ගත්තේ

    http://digital-photography-school.com/dslr-versus-mirrorless-which-is-right-for-you/

    http://www.tomsguide.com/us/dslr-vs-mirrorless-cameras,news-17736.html

    sony website
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දන්න තරමින් SONY DSLR ලු හොඳම කියන්නේ. ඒත් මචං ලංකාවේ ප්‍රසිද්ධ නැත්තෙ ඇයි? ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගෙන් ඇහුවම කියන්නේ Nikon,Canon ගැන. ඒ කියන්නේ ඇත්තටම SONY DSLR හරි නැද්ද? :eek:
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Machan Mata podi deyak Dana ganna one. Mama inne New Zealand wala. Mama lagadi Dslr wala price check kara cameralk Web site eke. Meheth ekka baluwama unge camera hena labaie. ekama brand eka, ekama model eka namuth price eke hena wenasak thiyenawa. Samahara ewage laksa 1k ho 2k gap ekak thiyenawa. Kohomada bun ehema wenne..podi ganak Nam kama na. ekko mehe ewun Hoda profit ekak thiyala vikunanawa, nathnam cameralk eke awun mokak hari gamak denawa. Danna ekek meka poddak pahadili karapanko. ...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Machan Mata podi deyak Dana ganna one. Mama inne New Zealand wala. Mama lagadi Dslr wala price check kara cameralk Web site eke. Meheth ekka baluwama unge camera hena labaie. ekama brand eka, ekama model eka namuth price eke hena wenasak thiyenawa. Samahara ewage laksa 1k ho 2k gap ekak thiyenawa. Kohomada bun ehema wenne..podi ganak Nam kama na. ekko mehe ewun Hoda profit ekak thiyala vikunanawa, nathnam cameralk eke awun mokak hari gamak denawa. Danna ekek meka poddak pahadili karapanko. ...

    cameralk ඒකෙන් අනිවා ඉතින් ගානක් ගහනවා. ගණන් වැඩි නම් ප්‍රශ්නයක් නෑ. මොකද සමහර තැන් වල cameralk එකට වඩා ගණන්. පිළිගන්න පුළුවන් ලංකාවේ ඒකම තැන cameralk තමයි. ඒක නිකන් උඹ ගිහින් තරු 5 හොටෙලෙකින් බත් එකක් ගන්න යන වියදමයි තරු 3 හොටෙලෙකින් බත් එකක් ගන්න යන වියදමයි වගේ තමයි. උන්ගේ standard එකටත් ගානක් තියාගෙන ඉන්නේ. හැබැයි offer දෙනවා කාලෙන් කාලෙට.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    දන්න තරමින් SONY DSLR ලු හොඳම කියන්නේ. ඒත් මචං ලංකාවේ ප්‍රසිද්ධ නැත්තෙ ඇයි? ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගෙන් ඇහුවම කියන්නේ Nikon,Canon ගැන. ඒ කියන්නේ ඇත්තටම SONY DSLR හරි නැද්ද? :eek:

    මම sony ගැන දන්නේ නැහැ. එත් මම හිතන්නේ වාහන නම් ටොයෝට වගේ camera නම් canon/nikon කියල ථංඅයී කට්ටිය හිතන්නේ :lol:. එත් sony වේගයෙන් ඉදිරියට එනවා.


    http://improvephotography.com/2420/sony-dslr-review-can-sony-compete-with-nikon-and-canon/
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    viewfinder එකක් වෙනම තියෙන පාටයි. මම හිතුවේ LCD screen එක විතරයි කියල

    pSNYNA-ILCE7K~B_alternate2_v786.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංද බං.....
    මම නං තාම කැමති අර ෆිල්ම් රීල් එක දාන, මැනුවල් ෆෝකස් කරන්න තියන පරණ හුචක්කුවකට.....
    මොකක්ද මංද කියා ගන්න බැරි බැදීමක් තියෙන්නේ මැනුවල් කැමරා එක්ක මට
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    අනේ මංද බං.....
    මම නං තාම කැමති අර ෆිල්ම් රීල් එක දාන, මැනුවල් ෆෝකස් කරන්න තියන පරණ හුචක්කුවකට.....
    මොකක්ද මංද කියා ගන්න බැරි බැදීමක් තියෙන්නේ මැනුවල් කැමරා එක්ක මට

    අපේ මාම ලග තිබ්බ මැනුවල් එකක්. අල්ලන්න වත් දෙන්නේ නැහැ.

    එත් digital එකක තියෙන ලොකුම වාසිය ට්‍රිප් එකක් ගිහාම හතර වටේටම photo ඕනෑතරම් ගහන්න පුළුවන් වැඩිය හිතන්නේ නැතිව. රීල් ගැන කරදරයක් නැහැ.