මැලේෂියා =
NZ=
NZ වල IT jobs කොහොමද මචන්? DBA/ BI වගේ fields වල? Diploma එකක් කරන්න කියලා ගිහින් පස්සේ job එකක් set කරගෙන PR ගන්න තමයි මට නම් ඕනේ
මැලේෂියා වල ලිවින් කොස්ට් එක NZ වලට වඩා අඩුයි මචන්. එහෙම කියලා සුර සැප විඳින්න බෑ මොකද පාට් ටයිම් ජොබ් නැති නිසා. ගෙදරින් එවන සල්ලි වලින් තමයි හැම දීම කරගන්න වෙන්නේ. මැලේෂියා වල කෑම ශේප්. ගොඩක් ළමයි ගෙදරම කන්නේ මැගී නූඩ්ල්ස්. ඉඳලා හිටලා බත් කනවා. මම මේ කිව්වේ නෝමල් යුනි ගැන. තව ගොඩක් ගණන් යුනි වලට කොහොමත් ගොඩක් සල්ලි වියදන් කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙම යට ශේප්. මොකද එළියෙන් කට්ටියක් සෙට් වෙලා ගෙදරක් ගත්තම හැමෝටම ගෙදර රෙන්ට් එක ගෙවන්න පුළුවන්. මම ඉන්න කාලේ මැලේ රිංගිට් එකක් රුපියල් 32යි. ගෙදර මාසේ කුලිය රිංගිට් 500යි. රූම් එකට රිංගිට් 150යි. තමන් දැනගන්න ඕනේ මචන් බජට් කරන්න
NZ වල කොස්ට් ඔෆ් ලිවින් වැඩි. ඒකත් තමන් ජීවත් වෙන විදිය අනූව තමයි මචන්. එහෙ ඔක්කොම රෙන්ට් ගෙවන්න ඕනේ ප වීක්. ලංකාවේ සල්ලි රුපියල් 100ක් වෙනවා NZ ඩොලර් එකක්. දැන් වීසා වලට NZ ඩොලර් 18000 යනවා අවුරුද්දකට කෝස් එකට. වීසා වලට කලින් මේ ගාන කොලේජ් එකට ගෙවන්න ඕනේ එතකොට රිසිට් එක දෙනවා ඒක වීසා වලට පෙන්නන්න ඕනේ. ඊට අමතරව අවුරුද්දටම අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා NZ ඩොලර් 15000ක් එක්ක කෝස් එක ඉවර වෙලා ආයේ එනවා කියලා පෙන්නන්න ටිකට් සල්ලිත් පෙන්නන්න ඕනේ. NZ වලට ස්ටුඩන්ට් ලේසි ලු මේ දවස් වල. ඔක්කොම ඩොකුමන්ට් හරි නං මාස තුනක් ඇතුලත යන්න පුළුවන්. ඒකට හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගනින් මචන්. NZ වල හම්බු වෙන පඩි හැටියට එහෙ ආණ්ඩුවට ටැක්ස් එකක් ගන්නවා. ඒවා ගැන වැඩිය හිතන්න එපා. NZ වල ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලු. ගොඩ දෙනෙක් එහෙ ජොබ් කරනවා හැබැයි ඉතින් ජීවිතේ බැලන්ස් කරගෙන යන්න ඕනේ මචන්ලා.


එහේ මේ කෝස් එක කරලා වෙන රටකට මාරු වෙන්න පුලුවන්ද? 



