අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවර&

Blacker

Member
May 15, 2015
277
35
0
අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවර&

අධිතාක්ශණික ලෝකය ගැන කතාකරන විට මයික්‍රෝසොෆ්ට් හි බිල් ගේට්ස්, ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, ගූගල් සමාගමේ ලැරී පේජ් ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් නූතන අධිතාක්ශණය, අද තත්වයට ගෙන එන්නට මහත් වැරවෑයම්ක් දැරූ, දැවැන්ත සමාගම් ගොඩනැගූ, සුපිරි තාක්ශණයන් බිහිකරන්නට මුල්ගල් තැබූ තවත් බොහෝ දෙනෙකු සිටිනවා. ඔවුන් වැඩිදෙනෙකු අදටත් ජීවත් වන අතර සමරුන් විශ්‍රාම සුවය විඳිතත්, තවත් සමහරුන් නිහඬව තාක්ශණික ලොව තම යුතුකම් ඉටුකරමින් සිටිනවා.

ස්ටීව් ජෝබ්ස් නම් සුප්‍රකට සුපිරි මිනිසා පිටුපසින් සිටිමින්, ඔහු නිර්මාණය කරන්නට දායක වුනු අයි-ෆෝන්, අයි-පෑඩ්, අයි-පොඩ් ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් නිමවන්නට මෙන් ඇපල් සමාගමට සුපිරි ලාභයක් එනලෙස දශලක්ශ ගණනින් නිපදවන්නට අවශ්‍ය සැපයුම් දාමය නිර්මාණය කල, ඔහුගෙන් පසු ඇපල් සමාගමේ අනාගතය භාරගත් ටිම් කුක් තවමත් අප්‍රකටය. එපමණක් නොව, ඇපල් සමාගමේ පලමුවැනි නිර්මාණය වන "Apple I" පුද්ගලික් පරිගණකය තනිවම නිර්මාණය කල, එමෙන්ම ඇපල් සමාගම අරම්භවූ කාලයේ එහි "ඉන්ජිනේරු මොළය" වූ ස්ටීව් ජෝබ්ස්ගේ හිත මිතුරු ස්ටීව් වොස්නියැක් ගැන ඔබ අසා තිබේද?

ඇමසන්.කොම් ගැන නොදන්නා කෙනෙක් නැතත්, ඇමසන් ගොඩනැගූ ජෙෆ් බෙසෝස් නම් කාල්පනික ව්‍යවසයකයා (visionary entrepreneur) ගැන් දන්නේ ස්වල්ප දෙනෙකි. එමෙන්ම ඉන්ටෙල් සමාගම ගැන නොදන්න කෙනෙකු නැතත් ඉන්ටෙල් සමාගම ලොව පරිගණක තක්ශණයේ දැවැන්තයෙකු ලෙසට ගොඩනැගූ ඇන්ඩෲ ග්‍රෝව් ගන දන්නෝ විරලය.
ස්ටීව් වොස්නියැක් - ඇපල් I පරිගණකයේ නිර්මාතෲ හා ඇපල් සමාගමේ සම-ප්‍රාරම්භක



ස්ටීව් වොස්නියැක් කැලිෆෝනියාවේ සැන් හෝසේ (San Jose - pronunciation San Ho-zay) කෝරළයේ උපත ලැබීය. ඒ 1950 වසරේදීය.

1971දී එවකට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පලමුවන වසරේ සිසුවෙකු වූ ස්ටීව් වොස්නියැක්ට, හෝම්ස්ටඩ් හයිස්කූල් උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටි ස්ටීව් ජෝබ්ස්ව හඳුනාගන්නට ලැබුණි. ඒ අන්‍යෝන්‍ය මිතුරෙකුගේ මාර්ගයෙනි.

කෙසේ වෙතත් ජෝබ්ස් හා වොස්නියැක් කළණ මිතුරන් බවට පත්වූයේ දෙදෙනාම හිව්ලට් පැකාර්ඩ් සමාගමේ (අද HP සමාගම) ග්‍රීෂ්ම නිවාඩු කාළයේ කෙටිකාලීන රැකියාවල නිරතව සිටියදීය.

1975 ජූනි මාසය වනවිට ස්ටීව් වොස්නියැක් ඇපල් පරිගණකයට පාදකවූ කුඩා පරිගණයකයක් නිර්මාණය කරමින් සිටි අතර ඔහු හා ජෝබ්ස් සාමාජිකයින්වූ හෝම්බෲ පරිගණක සමාජයේ සාමජිකයින්හට ප්‍රදර්ශණය කිරීම සඳහ නිර්මාණය කෙරිනි. 1975 ජූනි මාසයේ 29වැනිදා වොස්නියැක් සිය පරිගණකය හෝම්බෲ සාමාජිකයින්ට පෙන්වූ අතර, විකිපීඩියාවට අනුව කුඩා පරිගණකයක් මගින් සාමාන්‍ය ටෙලිවිශන් යන්ත්‍රයක් මොනිටරය ලෙස භාවිතාකොට ක්‍රියාත්මකවූ පලමු අවස්ථාව එයයි. ඒ අනුව ස්ටීව් වොස්නියැක් ටෙලිවිශනයක් පරිගණක මොනිටරයක් ලෙස භාවිතාකල පලමුවැන්නායි.

1976දී ස්ටීව් වොස්නියැක්, ඔහුව ලෝක ප්‍රකට කල නිර්මාණය සිදුකලේය. එනම් ඇපල් සමාගමේ පලමුවැනි නිර්මාණය වන ඇපල් 1 පරිගණකයේ මදර්බෝඩ් ඇතුලුව සියලුම හාඩ්වෙයාර් මෙන්ම එහි ඔපරේටින් සිස්ටම් එක පවා තනිවම නිර්මාණය කොට ස්ටීව් ජෝබ්ස්ට පෙන්වන ලදී. ඔවුන් එය වාණිජමය වශයෙන් විකිණීමට තීරණය කලේ ව්‍යාපාරික මනසක් තිබූ ස්ටීව් ජෝබ්ස්ගේ අදහසකට අනුවය. ඇපල් සමාගම ආරභ කිරීමට ප්‍රාග්ධනය වූ ඩොලර් 1300 සොයා ගැනීමට ස්ටීව් ජෝබ්ස් සිය පරණ වොක්ස්වාගන් වෑන් රථය විකුණා දැමූ අතර වොස්නියැක් සිය විද්‍යාත්මක කැල්කියුලේටරය ඇතුලු පුද්ගලික භාණ්ඩ රැසක් විකුණාදැමීය.

1976 අප්‍රේල් පලමුවැනිදා ඇපල් සමාගම බිහිවූ අතර ස්ටීව් වොස්නියැක් එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රධානියා විය. ඇපල් සමාගමේ දෙවැනි නිශ්පාදනය වූ ඇපල් 2 පරිගණකය නිර්මාණය කලේද ස්ටීව් වොස්නියැක් විසිනි. ඇපල් 2 එවක අලෙවි වාර්තා බිඳදැමූ අතර අදටත් එය ලොව වැඩියෙන්ම අලෙවිවූ පුද්ගලික පරිගණක අතර පවතී.

1981දී වොස්නියැක් සිය කුඩා ගුවන්යානය ගුවන්ගත කිරීමට යද්දී එය කඩාවැටුනු අතර ඔහු ඉන් බරපතල තුවාල ලැබීය. පූර්ණ සුවය ලැබූ පසු නැවතත් ඇපල් සමාගමට එක්වුවද සීග්‍රයෙන් විශාලවෙමින් යන සමාගමේ කළමණකාරි රාජකාරිවල නිරතවීමට ඇති අකමැත්තත්, ස්ටීව් ජෝබ්ස්ගේ නායකත්ව රටාවට ඇති අකමැත්තත් නිසා සමාගමේ කටයුතුවලින් ටිකෙන් ටික ඈත්වූ වොස්නියැක් 1987දී ඇපල් සමාගම සමග තිබූ සියළු සබඳතා අවසන් කලේය.

කෙසේවෙතත් ඇපල් සමාගම සිය ආදි කතෘවරයාව අත් නොහැරිය අතර රාජකාරි නොකලද ඇපල් සමාගම අදටත් ස්ටීව් වොස්නියැක්ට වසරකට ඩොලර් 120,000ක දීමනාවක් ගෙවන අතර ඔහු ඇපල් සමාගමේ කොටස් හිමියෙකුද වේ. ඇපල් සමාගමේ කටයුතු වලින් ඉවත්වූ පසු වොස්නියැක් පරිගණක තාක්ශණය පිලිබඳ දේශකයෙකු ලෙස හා විශේෂඥ උපදේශකයෙකු ලෙසද ක්‍රියා කරයි. එමන්ම සමාගම් කිහිපයක අධ්‍යක්ශක මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු අධිතාක්ශණික සමාගම් ගණනාවක් ආරම්භකොට ඇත.

එපමණක් නොව සිරතක් ලෙස ඔහු ඇපල් සමාගමේ අලුත් නිමැයුමක් වෙළඳපොලට නිකුත් කරන සෑම අවස්ථාවකම එය නිකුත්කරන පලමුදිනයේම සිය නිවසට ආසන්නම ඇපල් අලෙවි සැලට ගොස් ඇපල් රසිකයින් සමගම පෝලිමේ සිට අලුත්ම ඇපල් නිශ්පාදනය මිලට ගනී.



අන්තර්ජාලය ඇසුරින්
Repostනම්sorry
 
Last edited: