▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රොබින් වගේ එකා..
    මේ අයියාහ් කියන දේ අැහුනා නේහ්......

    පලමුව ඒ ලෙවල්-දෙවනුව බොඩිය.....

    සිරාවට මූට පොල් පිත්තෙන් එකක් කෙලින්න ඕනේ :growl::frown:. එක්සෑම් එකට තව මාස 2 යි දවස් 10 ක් වගේ. කිසි ගාණක් නෑ :growl::growl:.

    me aug A/L bn :sorry: ubala maasa 3k ohomma adan giyoth mamath set wennan :cool:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මයික්‍රෝ වයිබ්‍රේටර් එකක් මගින් දත් වල බැදී ඇති මැලියම් සහ කහට සීරීම. (නිතර කිරීම නොකටයුතු බව මතක් කරමි)

    සොරි කොල්ලා. මේ ත්‍රෙඩ් එකක්වත් මගේ පෞද්ගලික අභිවෘද්ධිය සදහා යොදා ගන්නේ නෑ. අනික මට ඉහලින් ආ නියෝගයක් මත එළකිරියන් හට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති බව මතක් කරමි.:nerd:

    :(:(:( :(:(:( :(:(:(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපේ අම්මා මොනවාහරි කනකොට කට කට ගාලා සද්දයක් එනවා. Doctor කෙනෙක්ට පෙන්නුවම කියල තියෙනව Mouth wash එකක් කරන්න වෙයි තව ටික දවසක් බලමු කියලා බෙහෙත් වගයක් දීලා තිබුනා. මොකක්ද මේ Mouth wash කියන්නේ? මේ ගැන කිසිම අදහසක් නැහැ. මේ ගැන හැකිනම් පැහැදිලි කරදෙන ලෙස ඉල්ලා සිටිමි. ස්තුතියි.

    ප.ලි. - අපේ අම්මා දැන් සෑහෙන කාලෙක ඉඳන් තයිරොක්සින් ඌනතාවයට බෙහෙත් බොනවා. ඒකේ අතුරු ඵලයක් වෙන්න පුලුවන්ද මේක?
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    mage right hand eka samahara welawala weulanawa.manik katuwen
    pahala tika.mokada e saho

    ඔබගේ වයස සහ වෙව්ලීම පෙන්වන වේලාව ගැන සඳහන් කරන්න, තව පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    Machan podi ayata Chicken Fox vaccine eke denna puluwan 2 year walin da?

    පැපොල හෙවත් chicken fox වැල‍ඳෙන්නේ Varicella Zoster නැමැති Herpes ගණයේ වෛරසයක් හේතුවෙනි. එබැවින් ඒ සඳහා වැලඳීමට ප්‍රථම අවැසිනම් එන්නත පෞද්ගලික රෝහලකින් ලබා ගත හැක. Varicella එන්නත සජීවී (Live attenuated) එන්නතකි. එනම් සජීවී වයිරසයේ ආසාධන ප්‍රචණ්ඩත්වය අඩු කර අතේ මේද ස්ථරයට (Sub cutaneous එන්නත් කරනු ලැබේ. සජීවී එන්නතක් බැවින් උණ , හෙම්බිරිස්සාව වැනි ඇඟේ ප්‍රතිශක්තිය අඩු අවස්ථාවක ලබා ගැනීමෙන් එන්නත මගින් පැපොළ වැලඳීමට අවධානමක් වුව ඇත. එමෙන්ම කුඩා ලමුන්ට වැල‍ඳෙන Nephrotic Syndrome සඳහා ලබාදෙන Prednisolon වැනි ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධයක් ගන්නේනම් එය නවතා මාස 3 ක් යනතුරු සජීවී එන්නතක් ලබා ගත නොහැක. එමෙන්ම MMR - සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා , JE මොළේ උණ සඳහා දෙන එන්නත, OPV - පෝලියෝ වැනි සජීවී එන්නතක් ලබාගෙන සති 4ක් වත් අවමය ඉක්ම යන තුරු තවත් සජීවී එන්නතක් ලබා ගැනීම යෝග්‍යය නොවේ.

    ඔබගේ ගැටලුවට පිලිතුර නම් කුඩා ලමයෙකුට වයස අවුරුදු 1 ඉක්මවූ පසු පැපොල සඳහා එන්නත් ලබා දිය හැකි බව ශ්‍රී ලකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කල එන්නත් මාර්ගෝපදේශන (Immunization guidline) අනුමත කරයි.

    නමුත් මෙම එන්නත නිර්දේශ කරනු ලබන්නේ,
    නිවැසියෙක්ට හෝ රෝගය වැලඳුනු කෙනෙක් සමඟ එකට සිටින කෙනෙකුට රෝගියාට නිරාවරණය වී දින 3 - 5 ට කලියෙන්
    ගර්භනී භාවයට පෙර රෝගය නොවැලඳුණු කාන්තාවකට අවැසිනම්
    සෞඛයය ශේත්‍රයේ නියැලෙන්නන්ට.

    අභාග්‍යයට කරුණ නම්. සරම්ප වැනි අනික් එන්නතක් එන්නත් කළ පසු 100 % ක් ආරක්ෂාව ලැබෙන නමුත් මෙම එන්නතෙහි ආරක්ෂාව 75 -80% කට පමණක් සීමාවේ. එමෙන්ම අනික් සජීවී එන්නත් මෙන් ජීවිත කාලය තේක් ආරක්ෂාව නොසැලසේ. ඒ ගැන නිශ්චිතව තවම හොයාගෙන නොමැත.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇදුම රෝගය සදහා ගන්න වෙන්ටලීන් පෙත්ත දිගු කල් ගැනිමෙන් පසුව බලපානවාද
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එයින් එකෙක් අයිඩී එකක් හදාගෙන පැමිණ සිටී. නමුත් එය නපුරක් කිරිමේ අභිප්‍රාෙයන් නොවන නිසා ෆේක් එකක් ලෙස නොසලකමි.....
    :cool::cool::cool:
    ඔබතුමා සිටින තාක්කල්
    අවුලක් නැ :cool::cool:
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    අපේ අම්මා මොනවාහරි කනකොට කට කට ගාලා සද්දයක් එනවා. Doctor කෙනෙක්ට පෙන්නුවම කියල තියෙනව Mouth wash එකක් කරන්න වෙයි තව ටික දවසක් බලමු කියලා බෙහෙත් වගයක් දීලා තිබුනා. මොකක්ද මේ Mouth wash කියන්නේ? මේ ගැන කිසිම අදහසක් නැහැ. මේ ගැන හැකිනම් පැහැදිලි කරදෙන ලෙස ඉල්ලා සිටිමි. ස්තුතියි.

    ප.ලි. - අපේ අම්මා දැන් සෑහෙන කාලෙක ඉඳන් තයිරොක්සින් ඌනතාවයට බෙහෙත් බොනවා. ඒකේ අතුරු ඵලයක් වෙන්න පුලුවන්ද මේක?

    තයිරොක්සීන් වලින් ප්‍රසිද්ද අතුරු ආබාධ පවතින්නේ,
    හිසරදය
    කෑම අරුචිය
    රාතියට නින්ද නොයාම
    නුරුස්සුම් ගතිය
    උණ
    ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති වීම
    පපුව ගැහෙනවා දැනීම
    අදික ලෙව දහදිය දැමීම වැනි හේතුවේ.

    ඔබගේ ගැටලුවට පිලිතුරු අපගේ දත් කිඹුලා මහතා විසින් ලබාදෙනු ලැබේ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔබගේ වයස සහ වෙව්ලීම පෙන්වන වේලාව ගැන සඳහන් කරන්න, තව පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    :eek: Doctor ඔයාගේ වැඩ ලේසිකරගන්න පොඩි නර්ස් නංගිලා දෙන්නෙක් ගන්නද :cool:;)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ගාල්ලෙන් අමිල

    දොස්තර තරමක් වියවුල් සිතක් ඇත්තෙමි
    රාත්‍රී නින්දයාමේ අඩු පාඩුවක් ඇති අතර නින්ද යන්නේ ගල් පාන්දරටය
    එමෙන්ම දහවල් කාලයේ අලස බවක් ඇතිවේ එය සාමාන්‍ය දෙයක් වෙන්න ඇති නින්ද නැති නිසා
    මේ සදහා ප්‍රතිකාරයක්
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    ඇදුම රෝගය සදහා ගන්න වෙන්ටලීන් පෙත්ත දිගු කල් ගැනිමෙන් පසුව බලපානවාද

    සුලු සුලු අතුරු ආබාධ හැර වෙන්ටොලීන් හෙවත් Salbutamol වලින් දීර්ඝකාලීන අතුරු ආබාධ නොපවතී. නමුත් ඔබට ඇදුම රෝගය පවතීනම් Salbutamol පෙත්ත දීර්ඝකාලීනව අනුමත නොකරයි. ඒ සඳහා ඔබ DPI - Dry Powder Inhaler එකක් වෙත මාරු වී කරල් ඉරීම ආරම්භ කලයුතුය. අවැසි විටක ගැනීමට පමණක් එවිට වෙන්ටලීන් වල අඩංගු බෙහෙත් සහිතව Asthalin නම් කරලක් දෙන නමුත් එයින් ක්ෂණික නිරාවරණයක් පමණක් ලැබෙන නමුත් දීර්ඝ කාලීනව හතිය නැවැත්විමට Steroid අන්තර්ගත කරලක් දිනපතා උදේ - හවස භාවිතයට ගත යුතුය. ඔබ හතිය නැවැත්වීමට Salbutamol ගැනීම මිරිඟුවක් පසු පස පන්නාගෙන යෑමක් පමණි. කිසි දිනක නිට්ටාවට සුව නොවේ.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    :eek: Doctor ඔයාගේ වැඩ ලේසිකරගන්න පොඩි නර්ස් නංගිලා දෙන්නෙක් ගන්නද :cool:;)

    :lol::lol::lol: :no::no: තව ඉන්න දෙතුන් දෙනා සෙට් උනොත් නම් වැඩේ ලේසි වේවි. :):)
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    ගාල්ලෙන් අමිල

    දොස්තර තරමක් වියවුල් සිතක් ඇත්තෙමි
    රාත්‍රී නින්දයාමේ අඩු පාඩුවක් ඇති අතර නින්ද යන්නේ ගල් පාන්දරටය
    එමෙන්ම දහවල් කාලයේ අලස බවක් ඇතිවේ එය සාමාන්‍ය දෙයක් වෙන්න ඇති නින්ද නැති නිසා
    මේ සදහා ප්‍රතිකාරයක්

    රාත්‍රී කාලයේ නින්ද නොයාම Insomnia ලෙස හඳුන්වයි. දිනපතා නින්දට යෑමට එකම වේලාවක් බාවිත කරන්න. උදා හරණයක් ලෙස රාත්‍රී 11 ‍තෝරා ගන්නේ නම්. හැමදාම රාත්‍රී 11 ට නින්ද ගියත් නොගියත් නින්දට යන්න. ඔබ ඇඳේ පෙරලි පෙරලී පැය 3 ක් සිටියත් ගැටලුවක් නොමැත. අවශ්‍යය දේ වන්නේ හැමදාම එකම වෙලාවකට නින්දට යෑමයි. නින්ද යනකන් කියා ජංගම දුරකතනය ඇඳේ තබාගෙන එයින් එලකිරි ලොග් වීම, මූණත් පොතේ හෝ වට්ස් ඇප් වල ජවුසන් නැටීම අනුමත නොකරමි. ජංගම දුරකතනය කාමරයේ මේසය හෝ පු‍ටුව මත තබා එය නොමැතිව ඇඳට යන්න. පළමු සතියම ඔබ පැය 3 ක් පමණ ඇඳේ පෙරලි පෙරලී සිටියද දෙවැනි සතියේ එක කාලය පැය දෙකකට හෝ අනිවාර්‍යයෙන්ම අඩු වේ. ක්‍රම ක්‍රමයෙන් එය අඩුවී ඇඳට වැටෙන විට නින්ද යෑම ආරම්භ වේ.

    ඔබ කිසියම් ඖෂධයක් භාවිත කරන්නේ නම් එහි අතුරු ආබාධයක් ලෙසද නින්ද නොයාම සිදුවිය හැක. එසේනම් ඔබට එම ඖෂධ නිර්දේශ කළ වෛද්‍යය් වරයා හමුවී ඖෂධ වර්ගය වෙනුවට වෙනත් විකල්ප ඖෂධයක් ලබා ගන්න. රාතී ආහාරයෙන් පසු කෝපි හෝ කැෆේන් අන්තර්ගත ශක්ති ජනක පාන හෝ, මධ්‍යයසාර වැනි දෑ ගැනීමත්, දුම් ඉරීම, බුලත්විට කෑම වැනි නරක පුරුදු ප්‍රගුණ කල අයෙක්නම් එයින් ඉවත් වෙන්න. නින්ද නොයාම එයටද හේතුවක් විය හැක්. තවද රාත්‍රියේ ව්‍යයාම කිරීම, උණු වතුරෙන් ඇඟ සේදීම හෝ ස්නානය කිරීමත් නොකළ යුතුය.

    දහවල් කාලයේ විඩාව දැනෙන්නේ ඔබට ප්‍රමාණවත් නින්දක් රාත්‍රී කාලයේ නොලැබෙන බැවිනි. තවත් ඔබ මේ දිනවල ජීවිතය එපා වී හෝ හිතේ කිසි සතුටක් නැතිව පෙළෙන, ජීවිතේ වැඩක් නෑ කියා හෝ කිසියම් ප්‍රශ්නයක් ගැන කල්පනා කරන ආතතියට පත් වුනු කෙනෙක්නම් කරුණා කර හැකි ඉක්මනින් මනෝ වෛද්‍යය වරයෙක් හමුවෙන්න.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සුලු සුලු අතුරු ආබාධ හැර වෙන්ටොලීන් හෙවත් Salbutamol වලින් දීර්ඝකාලීන අතුරු ආබාධ නොපවතී. නමුත් ඔබට ඇදුම රෝගය පවතීනම් Salbutamol පෙත්ත දීර්ඝකාලීනව අනුමත නොකරයි. ඒ සඳහා ඔබ DPI - Dry Powder Inhaler එකක් වෙත මාරු වී කරල් ඉරීම ආරම්භ කලයුතුය. අවැසි විටක ගැනීමට පමණක් එවිට වෙන්ටලීන් වල අඩංගු බෙහෙත් සහිතව Asthalin නම් කරලක් දෙන නමුත් එයින් ක්ෂණික නිරාවරණයක් පමණක් ලැබෙන නමුත් දීර්ඝ කාලීනව හතිය නැවැත්විමට Steroid අන්තර්ගත කරලක් දිනපතා උදේ - හවස භාවිතයට ගත යුතුය. ඔබ හතිය නැවැත්වීමට Salbutamol ගැනීම මිරිඟුවක් පසු පස පන්නාගෙන යෑමක් පමණි. කිසි දිනක නිට්ටාවට සුව නොවේ.
    :baffled::baffled::baffled::baffled:
    ඉන්හේලර් එකක් තිබෙනවා

    නිතර නිතර හැදෙන්නේ නෑ දැන්:oo::oo:

    ක්ශනිකව අඩු වෙන නිසා මන් අහුවෙ එහෙම

    ස්තූතියි:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ අම්මා මොනවාහරි කනකොට කට කට ගාලා සද්දයක් එනවා. Doctor කෙනෙක්ට පෙන්නුවම කියල තියෙනව Mouth wash එකක් කරන්න වෙයි තව ටික දවසක් බලමු කියලා බෙහෙත් වගයක් දීලා තිබුනා. මොකක්ද මේ Mouth wash කියන්නේ? මේ ගැන කිසිම අදහසක් නැහැ. මේ ගැන හැකිනම් පැහැදිලි කරදෙන ලෙස ඉල්ලා සිටිමි. ස්තුතියි.

    ප.ලි. - අපේ අම්මා දැන් සෑහෙන කාලෙක ඉඳන් තයිරොක්සින් ඌනතාවයට බෙහෙත් බොනවා. ඒකේ අතුරු ඵලයක් වෙන්න පුලුවන්ද මේක?
    මවුත් වොෂ් යනු මුඛ ශෝධක දියරයි. ඔහු අදහස් කරන්න ඇත්තේ දත් සුද්ධ කිරීම බව සිතමි. නමුත් දත් සුද්ද කිරීම සහ හපන විට කට කට ගෑම සම්න්ධකරවන කිසිදු සම්බන්ධතාවයක් මාගේ ශිෂ්‍ය දිවියෙහි හෝ පශ්චාද් ශිෂ්‍ය දිවියෙහි අධය්‍යනය කොට නොමැති බව සදහන් කරනු කැමැත්තෙමි.

    හණුව චලනය කරන විට ශබ්දයක් ඒමට ප්‍රධාන ම හේතුව අධෝ හණුක සන්ධියේ ඇතිවන යම් තත්ත්වයකි. මෙය පොදුවේ Temporo-Mandibular Dysfunction Syndrome ලෙස දන්නා අවස්ථාවකි. මෙයට බොහෝ හේතු පවතී. ලංකාවේ බහුලව ම ඇතිවන තත්ත්වය ලෙස අප සොයා ගෙන ඇත්තේ පසු කාලීනව දත් ගැලවීම නිසා දත් ඇදි දෙක අතර ඇති ඉඩ-නැතිනම් උස- අඩු වීමෙන්, හණුව වැඩියෙන් වැසී යාමෙන් මතු සදහන් හණුව පීඩනයට ලක්වීමෙන් ඇතිවන තත්තවයක් බවය.

    මෙවැන්නකට දත් සුද්ධ කිරීම යනු අහිවාකත රෝගයට ගුද මාර්ගයේ කපුරු දැල්වීම බදු ප්‍රතිකාරයක් බව පමණක් ඔබේ දැන ගැනීම සදහා පළකරමි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    Elaz
    11.gif