මේ වගේ සිද්දි අහද්දී කියාගන්න බැරි අමුතු දුකක් හදවත පතුලටම දැනෙනවා බන්. මගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුනොත් කියලා ලොකු බයකුත් දැනෙනවා. මේ වගේ අපරාද කාරයෝ අපි එදිනෙදා ආශ්රය කරන සමාජය තුලම ගැවසෙනවා නේද කියල හිතද්දී පුදුම බියකරු හන්ගීමක් බන් දැනෙන්නේ අපි ආදරය කරන හැම කෙනෙක් ගැනම. මේවට වග කියන්න ඕනේ අපරාදකාරයින්ට දැඩි දඬුවම් ක්රියාත්මක කරන්න තරම් ශක්තිමත් අධිකරණ පද්දතියක් නැති නිසා දැන් ලංකාවේ. ඉස්සර මිනිස්සු වැරදි කරන්න ගොඩක් බයයි එල්ලුම් ගස් යන්න වේවි කියලා.
අපේ තාත්තා තරුණ කාලේ වලියක් ගිහින් එක මිනිහෙක්ව මරන්නම ගිහින් ඒත් එහෙම නොකර හිත පාලනය කරගෙන තියෙන්නේ එල්ලුම් ගස් යන්න වෙයි කියල හිතේ තිබ්බ බය නිසා. ඒත් දැන් කාලේ මිනිස්සු අපරාදවලට බය නෑ. මොකද මොන වැරැද්ද කලත් ටික කාලයක් ඉඳලා එන්න පුළුවන් නේ කියලා උන් දන්නවා.






