ඊයේ තිබුන ලෝකයම තමයි..නමුත් ඊයේ පටන් අද වෙනකල් ඔබේ හිත් වල එකිනෙකට වෙනස් සිතිවිලි කොයිතරමක් නම් ඉපැදී මිය යන්න ඇත්ද ?...
ලෝකය එයම උනත් අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා...විටක දුක...විටක සතුට...නැත්නම් වෛරය...හැමදේටම මුල් වී ඇත්තේ සිත...
අපේ හිතට ඇතුල් වෙලා නිවිසැනසිල්ලේ ඒ සිතිවිලි විමසලා බැලුවොත් එකම ලෝකය දිහා ඕනෑ තරම් වෙනස් විදි වලින් බලන්න පුළුවන්...
නපුරු සිතිවිලි මරල දාල පහන් සිතිවිලි ඇති කරගත්තොත් හැම දවසක්ම එළි වෙන්නේ අලුත් ලෝකයකට...
සිතිවිලි පාලනය කරගන්න...ධනාත්මක සිතිවිලි වැඩි කරගන්න...
හැම සිදුවීමකම හොඳ නරක දෙකම විමසලා, එයින් වෙන පුංචිම හරි හොඳ දෙයක් වෙනුවෙන් සතුටු වෙන්න..
සිදු උන නරක වෙනුවෙන් පසු තැවෙන්න මොහොතක්වත් ගත කරන්න එපා.. එයින් ජිවිතයට යම් පාඩමක් එකතු කරගන්න...ඉදිරියේදී එවැනි දේට මුහුණ දීමට හිත ශක්තිමත් කරගන්න...මොකද නරක දේ නිතරම සිදු වෙනවා...එය ඔබටත් මටත් පොදු දෙයක්...
අතීතයට එකතු වුන තත්පරයේ ජීවත් වීමෙන් පලක් වෙන්නේ නැහැ...නිතරම වර්තමානයේ ජීවත් වෙන්න උත්සාහ කරන්න...නොපැමිණ අනාගතය ගැන හිතමින් වර්තමානය අපතේ යවන්න එපා...එයින් වෙන්නේ ඔබ අනාගතයක් නැති මිනිසෙකු වීම පමණයි...
වර්තමානය පලදායී ලෙස කළමනාකරණය කරගන්න..ඔබගේ ශක්තිය වර්තමානය වෙනුවෙන් යොදවන්න..එවිට ඔබට අනාගතය පිළිබඳව කරදර වීමට උවමනා නැහැ..එය අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා නියතයි...
මේ හමා එන හැම සුළං රැල්ලම නැවුම්...එය විඳින්න ඕනේ නම් හදවත හොඳින් හැර දමන්න...එවිට කුණු රොඩු හැලී යාවි...අලුත් හුස්මකින් ලෝකය විඳින්න හදවතට ඉඩක් තියේවි....ඔබට ජය..