කින්ඩ_ජෝයි

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    කින්ඩ ජෝයි කන්න එපා ?

    කුඩා දරුවන් අතර ජනප්‍රිය චොක්ලට් වර්ගයක් වන කින්ඩ ජෝයි (Kinder Joy) දරුවන්ගේ පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.

    අදාල චොක්ලට් වර්ගය ලංකාවට ගෙන්වනු ලබන්නේ පාරිභෝගික පනතේ විධාන අංක 12 උල්ලංඝණය කරමින් බවද පැවසේ.

    මෙම චොක්ලට් වර්ගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබයි.

    ඉන්දීය රුපියල් 35 ක් පමණ වන මෙම චොක්ලට් එකක් ශ්‍රී ලංකාවෙදී රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කරන බවද පාරිභෝගික අධිකාරිය කියා සිටී.

    කින්ඩ ජෝයි නිෂ්පාදනය කරනු ලබන්නේ ෆෙරේරෝ (Ferrero) සමාගම විසිනි.

    අදාල නිෂ්පාදනය ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ ෆෙරේරෝ ලංකා පෞද්ගලික සමාගම (Ferrero Lanka PVT Ltd) නම් සමාගමක් විසින් බව පැවසේ.

    කෙසේවුවද අදා චොක්ලට් ආනයනය කර ඇති ආනයනකරුගේ නම සහ ලිපිනය ව්‍යාජ බවද පාරිභෝගික අධිකාරියේ පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    එහි ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ තැපැල් පෙට්ටි ලිපිනයකි.

    ඒ තැපැල් පෙට්ටිය 1807, කොළඹ 03 යන්නය.

    මේවා වැඩියෙන් තියෙන්නේ කාගීල්ස්වල

    ඉන්දියානු ෆෙරේරෝ (Ferrero) සමාගම විසින් නිපදවන ටික් ටැක් (Tic Tac), ෆෙරෙරො රොචෙර් (Ferrero Rocher) හා නිවුටෙලා ෆෙරෙරෝ (Nutella Ferrero) යන නිෂ්පාදනයන්ද සිදු කරන අතර මේවාද ලංකා වෙළෙඳ පොලේ තිබේ.

    අදාල නිෂ්පාදන වැඩි වශයෙන් දැකිය හැක්කේ කාගීල්ස් ෆුඩ්සිටි වෙළෙඳ සැල් ජාලයේ බවද පැවසේ.

    df5c103d684de73fb06b5a1cedf6d0f9_L.jpg

    Source: http://www.sinhala.srilankamirror.com/news/item/5289-kinder-joy
     
    • Like
    Reactions: Utumesh

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,486
    113
    ගග අද්දර
    ඕක පිටරටවල තහනම් කරල තියනව පොඩි සෙල්ලම් බඩු තියන නිසා නම්. මොකද පොඩි උන් ඕව කැටේ දාගන්නවනේ.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මම මීට කලිනුත් නෙට් එකේ ආර්ටිකල් එකක් දැක්කා මචන්ලා මේක හොද නෑ කියලා. මගේ දුවගෙනුත් පුදුම කරදරයක් තිබුනේ මේක නිසා. ඒත් දැන් කියලා කියලාම මේක පැත්තවත් බලන්නේ නෑ. කොහොමත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. හොදම වැඩේ නොදී ඉන්න එකයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මීට කලිනුත් නෙට් එකේ ආර්ටිකල් එකක් දැක්කා මචන්ලා මේක හොද නෑ කියලා. මගේ දුවගෙනුත් පුදුම කරදරයක් තිබුනේ මේක නිසා. ඒත් දැන් කියලා කියලාම මේක පැත්තවත් බලන්නේ නෑ. කොහොමත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. හොදම වැඩේ නොදී ඉන්න එකයි
    ඔව් බන්, අත්යාවශ්ය දෙයක්යැ.. හොදම දේ දේශීය පලතුරු ටිකක් දියන්.. ඇපල්, මිදි නම් ගන්නම එපා. වහ බොම්බ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කින්ඩ ජෝයි කන්න එපා ?

    කුඩා දරුවන් අතර ජනප්‍රිය චොක්ලට් වර්ගයක් වන කින්ඩ ජෝයි (Kinder Joy) දරුවන්ගේ පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.

    අදාල චොක්ලට් වර්ගය ලංකාවට ගෙන්වනු ලබන්නේ පාරිභෝගික පනතේ විධාන අංක 12 උල්ලංඝණය කරමින් බවද පැවසේ.

    මෙම චොක්ලට් වර්ගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබයි.

    ඉන්දීය රුපියල් 35 ක් පමණ වන මෙම චොක්ලට් එකක් ශ්‍රී ලංකාවෙදී රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කරන බවද පාරිභෝගික අධිකාරිය කියා සිටී.

    කින්ඩ ජෝයි නිෂ්පාදනය කරනු ලබන්නේ ෆෙරේරෝ (Ferrero) සමාගම විසිනි.

    අදාල නිෂ්පාදනය ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ ෆෙරේරෝ ලංකා පෞද්ගලික සමාගම (Ferrero Lanka PVT Ltd) නම් සමාගමක් විසින් බව පැවසේ.

    කෙසේවුවද අදා චොක්ලට් ආනයනය කර ඇති ආනයනකරුගේ නම සහ ලිපිනය ව්‍යාජ බවද පාරිභෝගික අධිකාරියේ පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    එහි ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ තැපැල් පෙට්ටි ලිපිනයකි.

    ඒ තැපැල් පෙට්ටිය 1807, කොළඹ 03 යන්නය.

    මේවා වැඩියෙන් තියෙන්නේ කාගීල්ස්වල

    ඉන්දියානු ෆෙරේරෝ (Ferrero) සමාගම විසින් නිපදවන ටික් ටැක් (Tic Tac), ෆෙරෙරො රොචෙර් (Ferrero Rocher) හා නිවුටෙලා ෆෙරෙරෝ (Nutella Ferrero) යන නිෂ්පාදනයන්ද සිදු කරන අතර මේවාද ලංකා වෙළෙඳ පොලේ තිබේ.

    අදාල නිෂ්පාදන වැඩි වශයෙන් දැකිය හැක්කේ කාගීල්ස් ෆුඩ්සිටි වෙළෙඳ සැල් ජාලයේ බවද පැවසේ.

    df5c103d684de73fb06b5a1cedf6d0f9_L.jpg

    Source: http://www.sinhala.srilankamirror.com/news/item/5289-kinder-joy

    :shocked::angry:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඉස්සර කාලේ මේ මගුල් මුකුත් තිබුනේ නෑ. අපි ඉස්කෝලේ යන කාලේ ගහක අඹ ගෙඩියක් පේර ගෙඩියක් කඩාගෙන කෑවේ. කිසිම වහක් විසක් නැති දේවල්. කඩේ තිබුනේ ඩෙල්ටා ටොෆී, හැක්ස් ටොෆී, තව තිබුනා බුල්ටෝ, නාරං සීනිබෝල. දැන් මේ එක එක මගුල් ඇවිල්ලා. ඒවත් එක්ක එන්නේ තනිකරම වහ.