කින්ඩ ජෝයි කන්න එපා ?
කුඩා දරුවන් අතර ජනප්‍රිය චොක්ලට් වර්ගයක් වන කින්ඩ ජෝයි (Kinder Joy) දරුවන්ගේ පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.
අදාල චොක්ලට් වර්ගය ලංකාවට ගෙන්වනු ලබන්නේ පාරිභෝගික පනතේ විධාන අංක 12 උල්ලංඝණය කරමින් බවද පැවසේ.
මෙම චොක්ලට් වර්ගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබයි.
ඉන්දීය රුපියල් 35 ක් පමණ වන මෙම චොක්ලට් එකක් ශ්‍රී ලංකාවෙදී රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කරන බවද පාරිභෝගික අධිකාරිය කියා සිටී.
කින්ඩ ජෝයි නිෂ්පාදනය කරනු ලබන්නේ ෆෙරේරෝ (Ferrero) සමාගම විසිනි.
අදාල නිෂ්පාදනය ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ ෆෙරේරෝ ලංකා පෞද්ගලික සමාගම (Ferrero Lanka PVT Ltd) නම් සමාගමක් විසින් බව පැවසේ.
කෙසේවුවද අදා චොක්ලට් ආනයනය කර ඇති ආනයනකරුගේ නම සහ ලිපිනය ව්‍යාජ බවද පාරිභෝගික අධිකාරියේ පරීක්ෂණවලදී හෙළිවී ඇත.
එහි ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ තැපැල් පෙට්ටි ලිපිනයකි.
ඒ තැපැල් පෙට්ටිය 1807, කොළඹ 03 යන්නය.
මේවා වැඩියෙන් තියෙන්නේ කාගීල්ස්වල
ඉන්දියානු ෆෙරේරෝ (Ferrero) සමාගම විසින් නිපදවන ටික් ටැක් (Tic Tac), ෆෙරෙරො රොචෙර් (Ferrero Rocher) හා නිවුටෙලා ෆෙරෙරෝ (Nutella Ferrero) යන නිෂ්පාදනයන්ද සිදු කරන අතර මේවාද ලංකා වෙළෙඳ පොලේ තිබේ.
අදාල නිෂ්පාදන වැඩි වශයෙන් දැකිය හැක්කේ කාගීල්ස් ෆුඩ්සිටි වෙළෙඳ සැල් ජාලයේ බවද පැවසේ.
Source: http://www.sinhala.srilankamirror.com/news/item/5289-kinder-joy