~ ලිඳ ළඟ ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ ලිඳ ළඟ ~

    බවලත් උදවිය නාන අවස්ථාවක්ම බලා, නා ගැනීම සඳහා ළිඳට යාමට මා පුරුදුව ඇත්තේ, ස්වභාවධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කළ රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ. වැඩියෙන්ම ඔවුන්ගේ කතා බහට කන්දිමෙන් ලද හැකි ඉමහත් ආස්වාදය නිසාය.

    රටේ අමාරු තත්වය පිරිමින්ට වඩා හොඳින් වටහා ගැනීමෙන් දෝ ඕනෑවට වඩා ඉහළින් දිය රෙද්ද තද කර ගන්නා මොවුන් කිචිබිචියක් සමග අංග චලනයට මුල් තැන දෙවා කරනා කතා බහ එතරම් වැදගත් නොවේ. එහෙත් අද ඔවුන්, කෞතුකාගාරයට යැවීම පිණිස ලොරියක් එනතෙක්‌ එක් රැස් කර තබා ඇති ගල් රූප මෙන් ලංවී නොසැලී උනන්දුවෙන් කරන කතා බහ නම් වැදගත් විය යුතු බව ඈත දීම මට වැටහුණි. මම පඳුරු අස්සේ පහත් වී හෙමින් හෙමින් ළිඳ ලඟට ඇදී සැඟවී සිට කන් දුන්නෙමි. හත් දෙනෙකුගෙන් පමණ සමන්විත වූ බවලත් පිරිසේ කතා බහ මෙසේ විය.
    ''බලන්න අනේ රටේ හැම බඩුවක්ම ගණන් යනවා..''
    ''ඒක නේන්නං අනේ, එකට දෙක තුන හතර ගණන් ගිහිල්ලා..''
    ''බඩු කියන දේවල් වලින් තවම ගණන් ගිහිල්ල නැත්තෙ අනේ අපි විතරයි!''
    ''උන්ගෙ ගණන්වලට අපි අහු වෙනවා අනේ!''
    ''අපි උන් ගණන් ගන්නවා වැඩියි අනේ!''
    ''මං කියන්නං අනේ!''
    ''වට් අනේ..?''
    ''මං කියන එක ඔයාල කරනවද?''
    ''ටෙල් කො අනේ!''
    ''අපි ගණන් උස්සමු!''
    ''ඔව් අනේ ... අපි ගණන් උස්සමු!''

    ''පිරිමි තුට්ටුවකටවත් ගණන් නොගෙන, උන්ගෙ දිහා බලන්නෙවත් නැතුව උන් කියන දේ අහන්නෙවත් නැතුව, උන් දෙන දේවල් ගන්නෙවත් නැතුව අපි ගණන් පිට ඉමු. එතකොට අනේ උන් අපේ ගාවට දණ ගාගෙන, බඩ ගාගෙන, හතරට නැමි නැමී, වැඳ වැඳ එයි!''
    ''ගුඩ් අනේ!''
    ''දැන් අනේ, අරය නාන්න එන වෙලාව! වෙනද වගේ එයා අපේ දිහා හොරෙන් බලන්නයි, හිනාවෙන්නයි, කතා කරන්නයි, අපි ලවා පිට අතුල්ලා ගන්නයි, සරම හොදා ගන්නයි දඟලයි.. අහුවෙන්න එපා !''

    ''චී අනේ... අපි එහෙම අහු වෙන්නේ නෑ''

    ''එයා ගෑනුන්ට හරිම ආසයි.. මං හිතන්නේ ලෝකෙන් එයාට හොඳම, වටිනාම, ලස්සන දේවල් තමා අපි! එයාට අපිත් එක්ක නෑවත් සැපයි! ඒක නේ අපි ඉන්න වෙලාවටම එයා නාන්න එන්නේ!''
    ''මෙලාට අනේ එයා ඇවිල්ල හැංගිලා ඉන්නවද දන්නෙත් නෑ!''

    ''ඔයාට පිස්සු! එයා ඈත ඉඳන්ම ඔළුව උස්සගෙනයි එන්නෙ අපි ඉන්නවද කියලා බලාගෙන.. තව කොහේද?''
    ''වංගුවෙන් එනකොට පේනවා! එතකොට අපි ලැස්ති වෙමු මං නං නාලත් ඉවරයි !''
    ''මාත් එහෙම තමා. ඒ උනාට එයා එනකංම නාමු..''


    හඹුහොරුව යට සිට සේනකාදී පණ්ඩිතයන් සිව් දෙනාගේ රහස් අසා ගත් මහෞෂධයන් මෙන් වැටකෙයියා පඳුරු අස්සේ සිට සියල්ලට කන් දුන් මම, නැමී සිටි අයුරෙන්ම පස්සෙන් පස්සට ගොස්, වංගුව පසුකර නැගිට ගෙන, කිසිත් නොදත්තෙකු සේ යලිත් ළිඳ දෙසට පා නැගුවෙමි. කාන්තාවෝද

    මහෞෂධ පණ්ඩිතයෝ දැන් එති දැන් එතියි කොකුන් සේ දික් වූ කර ඇතිව උන් කේවට්ටයන් මෙන් මග බලා සිටියෝ මා දුටු සැනින් අනිත් පැත්ත හැරී වතුර අදින්නටත්, සබන් ගාන්නටත්, කුණු අතුල්ලන්නටත් වූහ.

    මම ළිඳට ලංවීමි. ඇඳුම් මාරු කළෙමි. ඔවුන් සිටින බවක් වත් නොදුටු ලෙස, වැටකේ පඳුරු දෙස පියාසර කරමින් උන් සමනලයන් දෙස නෙත් හෙලා, ආ කොච්චර ලස්සන සමනලයෝද? මනුස්සයොත් මෙහෙම ලස්සනට ඉන්නවනං කොච්චර හොඳද? කියා, වල් කපමින් උන් පොඩි කොල්ලෙකු හා කතාවට වැටුනෙමි. කාන්තාවෝ කෙස් රොදවල් මෑත් කර මුහුණු පෙනෙන්නට සැලස්වුහ.

    ''ආං බලනවා අයිසේ අර දේදුන්නේ ලස්සන!'' මම අහසට ඇඟිල්ලක් දික් කළෙමි. ''ඔය වාගෙ පාට අපිට තියෙනවනං..!''
    කාන්තාවෝ වඩාත් උස් ගල් උඩ කකුල් තබා වඩාත් නිදහස්ව කකුල්වල කුණු අතුල්ලන්නට වූහ.
    ''අයිසේ, අන්න බලනවා අර කඳු ගැටවල ලස්සන!'' මම ඈතට ඇත දික් කළෙමි.
    කාන්තාවෝ දිය රෙදි වඩාත් බුරුල් කරගෙන ඔවුනොවුන්ගේ පිට අතුල්ලා ගන්නට වූහ. එහෙත් මේ පුතා නොවේ ඒ දෙස හැරිවත් බැලුවේ!
    ''මහත්තයට මේ මල කඩල දෙන්නද?'' කොල්ලා ඇසුවේය.
    ''ඔව් අයිසෙ, වැටකෙයියා මල්වලට මං හැරී ආසයි, බලනවකො සුවඳ විතරක්! ආ අපේ ඇගෙත් මේ වගේ සුවඳ තියෙනවනං !''
    මම වැටකේ මලක් ගෙන සිඹින්නට වුයෙමි.
    වැඩි වැඩියෙන් සබන් ගා ගත් කාන්තාවෝ වෙනත් වුවමනාවකට යෙදෙන්නාක් මෙන් මා ලඟින්ම එහෙ මෙහෙ යන්නට වූහ.
    ''අයිසෙ, ඔය මොන කුරුල්ලන්ගේ සද්දෙද?''
    ''මහත්තයා ඒ බට්ටිච්චෝ..''
    ''ඇත්තට! හරිම හුරතල් කටහඬක් නේද උන්ට තියෙන්නෙ? හරියට සංගීත භාණ්ඩෙක හඬ වගේ නේ. මිනිස්සුන්ටත් ඔය වගේ ලස්සනට..''

    කාන්තාවෝ ඔවුනොවුන්ට කිති කවා ගනිමින් කිචි බිචි ගා සිනා හඬ නංවා, මවාගත් සුරතල් හඬින් කතාබස් කරන්නට වූහ. එහෙත් එය ඇසුණු බවක් වත් දැක්වුයේ මේ පුතා නොවේ.

    ''ඇයි මහත්තයො, නා ගන්නෙ නැද්ද?'' කොල්ලා ඇසුවේ මා යලිත් ඇඳුම් අතට ගනු දැකය.
    ''නෑ අයිසෙ, මෙතන හරි නෑ.. ඉඩක් නෑ.. මං යනවා කුඹුකේ ළිඳට. මිට පස්සේ මගෙ හිතේ මෙහාට නෑවිත් එහාට යන්නයි!'' කියා මම හැරුණෙමි.
    ''අපි නාලා ඉවරයි! දැන් නෑ ගන්න!'' එකියක් කීවාය.
    ''ඒ උනාට ළිඳ ළඟ තව ඉඩ නෑනේ!'' මම බොරු කනස්සලු ගතියක් පෙන්වීමි.
    ''අපි දැන් යනවා!'' තවත් සුන්දරියක් කීවාය.
    ''මෙතැන කවුරුත් නැතුව තනියම නාන්න බෑ!'' මම යටි තොල පෙරලීමි.
    ''ඔච්චරම තනිය නං අපි ඉන්නං!''
    ''කවුරුත් නිකං බලං ඉන්නකොට මට නාන්න බෑ..''
    ''එහෙනම් අපි තව නාන්නං! කොච්චර නැවත් ඇඟට ඇලෙන එකක් යැ!'' කාන්තාවෝ යලිත් බාල්දි අතට ගත්හ.
    ''මගේ මේස් බැනියම හෝද ගන්නත් තියෙනවා..''
    ''අප්පේ, ඕකත් වැඩක්ද? මං හෝදලා දෙන්නං! නෑනලා මස්සිනාලගේ වැඩ කරලා දුන්නට මොකෝ!'' එක් පින්වන්තියක් ඉදිරිපත් වුවාය.
    ''මගෙ පිට අතුල්ල ගන්නත් ඕනෑ. මෙතැන ගහක්වත් නෑ..''
    ''මොකෝ වෙනදත් පිට උලා ගත්තෙ ගහේද? ඔන්න ඔහොම නැමෙන්න!'' කියා තව සුන්දරියක් මට කිට්ටු වූවාය.
    ''රිදෙනවා නං කියන්න!''
    ''කාටද ? පොලිසියටද ?''
    ''නෑ.. නැන්දම්මට!''
    ''ඒ කියන්නේ ඔයාලෑ අම්මටද ?''
    ''හරි නරකයි!'' කියා ඈ මගෙ පිට කෙනිත්තුවාය.
    ''ඌයි.. ඔන්න මං වෙන ළිඳකට යනවා!''
    ''අනේ එපා''

    ගණන් ඉස්සිමෙන් විනාඩි දහයක ගත වන්නට පෙර ඔවුන්ගේ ගණන් බස්සවා, පෙර තිබුනාටත් වඩා පහල බැස්සවීමට සමත් වූ මා කවදා හෝ ලංකාවේ මුදල් ඇමැතිකමට සුදුසු නැත්දැයි කියා කල්පනා කර බැලීමි.


    0002064B.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::lol:

    කලින් කියවලත් තියනවා වගේ මතකයි.......නරලොව හොල්මන් සීන් එකක්ද........:eek: