මම නොදන්න කමට කාලයක් තිස්සෙ කල්පනා කළා, මේ ඔරලෝසුවෙ යටින් වැනෙන බට්ට නතර නොවී දිගටම පැද්දෙන්නෙ කොහොමද කියල..

වැඩේ පස්සෙ තමා තේරුණෙ.. මේ පැද්දෙන හැන්ද වගේ එකට, හැම තිස්සෙම පොඩි තල්ලුවක් ඔරලෝසුවෙන් ලැබෙනව. මේ ඔරලෝසු ඉබේ වැඩ කරන්නෙ නෑ.. වයින් කරන්ඩ ඕන.
අපි වයින් කරනව කියල කරන්නෙ, වානේ දුන්නක් හකුලවල හිර කරල තියන එක. ඊට පස්සෙ මේ දුන්න ටික ටික ඉබේම දිග ඇරෙනව. මේ දිග ඇරෙන එක පාලනය නොකළොත් එක පාරට දුන්න දිග ඇරෙනව. ඒක ක්රමානුකූලව හිමීට දිග ඇරෙන්ඩ දෙන්ඩ පුලුවං මේ වගේ මෙකැනිසම් (පැද්දෙන බට්ට) එකකින්
අපි පෙන්ඩලම් ඔරලෝසුවක් වයින් කරන කොට හකුලවන්නෙ මේ වගේ දුන්නක් තමා.
Last edited:



