වෙසතුරු සදිසි පියවරුන්..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙසතුරු සදිසි පියවරුන්..

    ගීයක රසය විදින්නට හැකි වියමනක් ගොතන්නට මා දරනා දෙවන උත්සාහයයි මේ. මා දෙවැනියට ඔබ සමග රස විදින්නට තෝරා ගත්තේ අපි කව්රුත් ආස කරන තවත් ගීතයක්. මේගීතය ලිව්වේ බණ්ඩාර ඇහැලියගොඩයන්, මේ තරම් අලංකාර තනුවක් දැම්මේ ඔහු නොවේ නම් වෙන කව්රුද ඒ රෝහණ වීරසිංහයන්. :) මෙහෙම හැදෙන මේ මනරම් අරුත්බර ගීතය කට හඩින් පණගන්වන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. :)
    මේ ගීතය අහනකොට මේකේ තියන ගැමි සුවදත් එක්කම නාගරික ජීවිතයේ ඇති කටුකත්වය නවීන සමාජයේ මිනිසුන්ගේ තියන ආකල්පමය පිරිහීම වගේ හැමදෙයක්ම හිතට දැනෙනවා. ඒ වගේම ලයාන්විත තනුවට එකතුවුනු සොදුරුතමයාගේ කටහඩ නිසා මේ ගීය කොතරම් හැහුවද එපා නොවෙන බව මා අමුතුවෙන් කිවයුතු නෑ.

    වන්නි වන පෙතේ..
    ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
    වෙසතුරු සදිසි පියවරුන්..
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

    අපේ රට මීට දශක කීපයකට කලින් මේ වගේ නාගරීකරණය වෙලා තිබුනු එකක් නෙවෙයි. හරිම නිස්කලංකයි ගම්මාන තිබුනේ වනපෙත් වලට යාබදවයි. ඒ සුන්දර ගම්මානවල ජීවත්වුන පියවරු වෙස්සන්තර රජුන් වැනිය. හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ තපස් රකින්න වංකගිරියට ගියා වගේ මේ පියවරු ගමේ ගොවිතැනක් බතක් කරගෙන බොහෝම හිත හොදින් ජිවත් වුනා. මේ පියවරුන්ගේ තියන බෝසත් ගති නිසා එවැනි පියවරුන් දෝත් මුදුන් තබා වැදීමටද දෙවරක් සිතිය යුතු නොවේ.

    4025-sri-lanka-polonnuwara-rice-fields-in-the-rain.jpg

    කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
    ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
    ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

    මේ පියවරු වගා කලේ තමන්ට තනියම කන්න නෙවෙයි. මේ නිසා ගමේ ඕනිම කෙනෙකුට මේ ගේකට ගොඩවැදුනොත් බත් කටක් නම් වරදින්නෙ නෑ. තමන් මහන්සිවී වගාකරගත් දේ කිසිම ලාභයක් බලාපොරෙත්තු වෙන්නේ නැතිව ගමේ අනිත් අය එක්ක බෙදාගත්තු මේ පියවරු වෙස්සන්තර රජුන් මෙන් නොවේදැයි අපිට සිතේ. මේ තරම් පින්වත් පියවරුන්ට ජාතක වෙලා ඉපදුනු දරු මුණුපුරන්, පුරුවේ කරපු පවක් පලදීල වගේ නගරයටම කොටු වෙන එක මොන තරම් කරුමයක්දැයි සිතෙන්නේ, වෙස්සන්තර වැනි පියවරුන්ගේ තිබුනු උතුම් ගතිගුනවලින් අඩක් හෝ දරුවන් තුළ නැතැයි සිතන විටය.

    කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

    මේ දරුවන් තුළින් ඒ උතුම් ගතිගුණ වියැකී ගිය එක ගැන එයාලටම විතරක් දොස් කියන්න බෑ. ඒ තත්වෙට මේ ලමයින්ව පත්කරල තියන්නේ අද කාලේ ඇති ආර්ථික සමාජ තත්වය නොවේද. දැන් මිනිස්සු මාසයක් මහන්සිවෙලා උපයන්නේ සොච්චම් මුදලක්, ඒකෙනුත් නය තුරුස් ගෙව්වම ඉතිරි වෙන්නේ මොනවද. ඉතිං කොයින්ද මිනිසත් කම හම්බු කරන්න වෙලාවක්. ඉතිං තමන් උපය ගත්තු දෙයින් තමන් පමණක් යැපෙමින්, තාප්ප වලට වටවෙමින්, හුදකලා ජිවිත ගත කරන්න මේ සමාජය හුරුවුන අරුමයක් නොවෙයි.
    මේ ගිතයේ නිමාවත් එක්කම මගේ හිතට නැගෙන්නේ 'වෙසක්‌ ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා' කියන ගිතය. ඒ ගීතයෙනුත් නුතන සමාජය සිහින් උපහාසයකට ලක් කරලා තියනවා. මොකද අපේ මිනිස්සුන්ට වෙසක්, පොසොන් කාලෙට තමයි දන්දෙන්න, පිං කරන්න හිතෙන්නේ අනිත් කාළ වලට ගෙදරට එන මනුස්සයෙකුට තේ එකක් දෙන්න, කෙසෙල් ගෙඩියක් දෙන්න මිනිස්සු මැලිවෙනවා. ඒ මොකද කියලා අපි අපේ හිත්වලින්ම ප්‍රශ්ණ කර ගන්න ඕනෙ නේද?

    කලින් ලියූ වියමන
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගීතය ලියූ බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ සේවා ලිභියෙක්.
    ඔය ගීයේ සංදර්භය ගැන ඔහු වරක් මා සමග කතා කලේ අතිශය වේදනාවෙන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ගීතය ලියූ බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ සේවා ලිභියෙක්.
    ඔය ගීයේ සංදර්භය ගැන ඔහු වරක් මා සමග කතා කලේ අතිශය වේදනාවෙන්

    රසාස්වාදය ලියනකොට මගේ අතින් වැරැද්දක් වුනාද කියල හිතෙනවා :sorry: මම ලිව්වට වැඩිය ගොඩක් හැගීම් මේ ගීතයේ තියනවා. හැමදේම අකුරු කරන්න තේරෙන්නේ නෑ.
     
    waligamaya

    Well-known member
  • මේක කියවද්දී මට අද බුකියේ දැකපු දෙයක් මතක් උනා. එකේ කියනවා සිංහල තරුණ තරුණියන් විවාහය පරක්කු නිසා සිංහල ජාතිය නැතිවෙනවා එක නිසා ඉක්මනට බදින්න් කියලා. එක ඇත්ත උනාට එකට හේතුවමොකක්ද.
    කක කන්නි ඩ්ස්පලනය නිසා ජරාජීර්ණ වුන ආර්ථිකයක මිනිස්සු කොහොම ඉක්ක්මනට බසින්නද. බැදලා දරුවන්ට කන්න බොන්න් දෙන්නේ කොහොමද. ඉන්න ගෙයක් හදාගන්නේ කොහොමද. කෝ අපේ ඒකාලේ ගම්වල තිබුණු සව්බග්‍ය. අපි නගෙට වෙලා කාටවත් දෙන්න වෙයි කන දේවල අනිකය කි කියලා ගන්ගිලා කන්න උනේ ඇයි. මේ කල කන්නි පාලන ක්‍රමය නැති කරන කන් සිංහලයටවත් දෙමලටවත් නිවනක් ලැබෙන්න නැ. එකට කරන්නේ තියෙන්න එකමදේ අපි පටු මන සිතත්වයෙන්, අපු ආකල්ප වලින් මිදෙමු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක කියවද්දී මට අද බුකියේ දැකපු දෙයක් මතක් උනා. එකේ කියනවා සිංහල තරුණ තරුණියන් විවාහය පරක්කු නිසා සිංහල ජාතිය නැතිවෙනවා එක නිසා ඉක්මනට බදින්න් කියලා. එක ඇත්ත උනාට එකට හේතුවමොකක්ද.

    :lol::lol::lol:

    ඔය ඒ ක‍ාලේ ගම්වල තිබුන සභග්‍යත්වය තියෙන්නෙ උඹේ හිතේ විතරයි. ඇත්තට එහෙම දෙයක් නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ගීතය ලියූ බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ සේවා ලිභියෙක්.
    ඔය ගීයේ සංදර්භය ගැන ඔහු වරක් මා සමග කතා කලේ අතිශය වේදනාවෙන්

    බෙදා හදා ගත්තන්න නේද වටින්නෙ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කියවද්දී මට අද බුකියේ දැකපු දෙයක් මතක් උනා. එකේ කියනවා සිංහල තරුණ තරුණියන් විවාහය පරක්කු නිසා සිංහල ජාතිය නැතිවෙනවා එක නිසා ඉක්මනට බදින්න් කියලා. එක ඇත්ත උනාට එකට හේතුවමොකක්ද.
    කක කන්නි ඩ්ස්පලනය නිසා ජරාජීර්ණ වුන ආර්ථිකයක මිනිස්සු කොහොම ඉක්ක්මනට බසින්නද. බැදලා දරුවන්ට කන්න බොන්න් දෙන්නේ කොහොමද. ඉන්න ගෙයක් හදාගන්නේ කොහොමද. කෝ අපේ ඒකාලේ ගම්වල තිබුණු සව්බග්‍ය. අපි නගෙට වෙලා කාටවත් දෙන්න වෙයි කන දේවල අනිකය කි කියලා ගන්ගිලා කන්න උනේ ඇයි. මේ කල කන්නි පාලන ක්‍රමය නැති කරන කන් සිංහලයටවත් දෙමලටවත් නිවනක් ලැබෙන්න නැ. එකට කරන්නේ තියෙන්න එකමදේ අපි පටු මන සිතත්වයෙන්, අපු ආකල්ප වලින් මිදෙමු

    ඔව් මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් ඇති කරන්න පාළකයන්ට උවමනාවක් නෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රසාස්වාදය ලියනකොට මගේ අතින් වැරැද්දක් වුනාද කියල හිතෙනවා :sorry: මම ලිව්වට වැඩිය ගොඩක් හැගීම් මේ ගීතයේ තියනවා. හැමදේම අකුරු කරන්න තේරෙන්නේ නෑ.

    ඒ වුනාට බොහොම හොඳ උත්සහයක්..:D:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol:

    ඔය ඒ ක‍ාලේ ගම්වල තිබුන සභග්‍යත්වය තියෙන්නෙ උඹේ හිතේ විතරයි. ඇත්තට එහෙම දෙයක් නැහැ.

    මම හිතන්නේ එතන කියලා තියෙන්නේ ගම්වල තිබිච්ච සෞභාග්‍ය කියන එක..නැතුව සභ්‍යත්වය ගැන නෙමෙයි.:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක කියවද්දී මට අද බුකියේ දැකපු දෙයක් මතක් උනා. එකේ කියනවා සිංහල තරුණ තරුණියන් විවාහය පරක්කු නිසා සිංහල ජාතිය නැතිවෙනවා එක නිසා ඉක්මනට බදින්න් කියලා. එක ඇත්ත උනාට එකට හේතුවමොකක්ද.
    කක කන්නි ඩ්ස්පලනය නිසා ජරාජීර්ණ වුන ආර්ථිකයක මිනිස්සු කොහොම ඉක්ක්මනට බසින්නද. බැදලා දරුවන්ට කන්න බොන්න් දෙන්නේ කොහොමද. ඉන්න ගෙයක් හදාගන්නේ කොහොමද. කෝ අපේ ඒකාලේ ගම්වල තිබුණු සව්බග්‍ය. අපි නගෙට වෙලා කාටවත් දෙන්න වෙයි කන දේවල අනිකය කි කියලා ගන්ගිලා කන්න උනේ ඇයි. මේ කල කන්නි පාලන ක්‍රමය නැති කරන කන් සිංහලයටවත් දෙමලටවත් නිවනක් ලැබෙන්න නැ. එකට කරන්නේ තියෙන්න එකමදේ අපි පටු මන සිතත්වයෙන්, අපු ආකල්ප වලින් මිදෙමු

    :yes::yes::yes:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මමත් ගොඩක් ආස කරන සින්දුවක්...තාමත් ගම් වල මේ කියන සිරිත් විරිත් නැති වෙලාම නෑ...යාන්තමට වගේ තියෙනවා....ඒත් ආර්ථික ගැටළු නිසාම නාගරිකව මේ තත්වය ඇති වෙලා....ඒකත් එක්කම මට මතක් වෙනවා කපුගේ මහත්මයාගේ මේ සින්දුව......

    රම්‍ය නගරය යන්න ඕනෑ
    රම්‍ය නගරය ඉන්න ඕනෑ
    කිය කියා යනවා...
    ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි යනවා....

    ගමේ කුඹුරේ වී හාල් ටික
    පලා මැල්ලුම් පොලොස් ගැට ටික
    කොළඹදී අපි මුදල් ගෙවමින් රටට ණය වෙනවා....
    කොළඹ අපි යනවා........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචන්... පට්ටෙටම ලියා තියනව.:yes: බොහොම ස්තූතියි.:) හෙට සුනිල් එදිරිසිංහගෙ ප්‍රසංගයක් තියනව යන්න ඉන්නේ..:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම හිතන්නේ එතන කියලා තියෙන්නේ ගම්වල තිබිච්ච සෞභාග්‍ය කියන එක..නැතුව සභ්‍යත්වය ගැන නෙමෙයි.:D

    මහලොකු සෞභාග්‍යකුත් නැහැ. ස්වභාව සවුන්දර්ය නන් තියෙන්න ඇති.