Rest in Peace Tony Ranasinghe.

Jun 15, 2015
187
24
0
අබුඩාබි
ඔබෙ රුව චායා.. සැඟවේ පායා.. – ‘ටෝනි’ නොඑනා ගමනේ යයි..

June 16, 2015 at 8:02 am | lanka C news




ප‍්‍රවීන රංගණ ශිල්පී ටෝනි රණසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
වයස අවුරුදු 77 වූ ඒ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත විය.
දශක ගණනාවක් පුරා සිංහල සිනමාවට ඉමහත් සේවයක් කල ඒ මහතා රංගනයේ යෙදුනු රන් සළු, දෙලොවක්, හන්තානේ කතාව, දුහුළු මලක්, ගඟ අද්දර, අහසින් පොලෙවට, ගම්පෙරළිය, පරසතුමල් අතිශය ජනාදරයට පාත්‍ර විය.
 
Jun 15, 2015
187
24
0
අබුඩාබි
අද කාලේ නළුවොත් එක්ක බැලුවම…
මේ වගේ මිනිස්සු දහස් ගුණයක් ඉදිරියෙන් ඉන්නේ…
ඔබට නිවන් සුව….!!!!
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල සිනම්වේ අවසාන පතාකයත් ගියා එහෙනම්:(:(:(
    කියල වැඩක් නෑ......
    උදේ ම ආරංදිය අහපු වෙලාවේ මට අයියෝ කියවුණා.....

    එතුමාණන් හට නිවන් සුවය අත්වේවා!!!:(
     

    waligamaya

    Well-known member
  • කියල වැඩක් නෑ......
    උදේ ම ආරංදිය අහපු වෙලාවේ මට අයියෝ කියවුණා.....

    එතුමාණන් හට නිවන් සුවය අත්වේවා!!!:(

    මවුරුත් මැරෙනවා එක ඇතත. දුක කියන්නේ ඒවගේ කණ්ඩායමක් නැවත ඇතිවුනේ නැතිඑක. එවහේ සිවර්ණමය සිනමා යුගයක් අයිත ඉතින් අපිට හීනයක් තමයි. (දක්ෂයෝ හිටියට උවුන්ට වැඩ පෙන්නන්න සිනමාවක් නැති එක)


     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මවුරුත් මැරෙනවා එක ඇතත. දුක කියන්නේ ඒවගේ කණ්ඩායමක් නැවත ඇතිවුනේ නැතිඑක. එවහේ සිවර්ණමය සිනමා යුගයක් අයිත ඉතින් අපිට හීනයක් තමයි. (දක්ෂයෝ හිටියට උවුන්ට වැඩ පෙන්නන්න සිනමාවක් නැති එක)



    ඒක නම් සම්පුර්ණ ඇත්ත මචං :( ජෝ, ගාමිණි, ටෝනි අපේ සිනමාවේ ඉදිරියෙන්ම සිටි රංගන ශිල්පින් 3 කියුවොත් වැරදි නෑ. ඔවුන් 3 දෙනාම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් රඟපැවා. විජය වෙනත් තලයක සිටි නලූවෙක් ඔහුට මේ අය වගේ රඟපාන්න ප්‍රබල චරිත නොලැබුනත් ජනප්‍රිය සිනමාවේ ඉදිරියෙන් සිටියා. ඊට පස්සේ කාලේක රවින්ද්‍රට හොඳ චරිත කරන්න අවස්ථාව ලැබුනා. ඔහුගෙන් පස්සේ රංගනයේ දක්ෂතා පෙන්නපු මහේන්ද්‍ර, ජැක්සන්, කමල් වගේ අයට ලැබුන අවස්ථා මදි කියලා මට හිතෙන්නේ :( ජෝ පටන් ගත්තේ විකට චරිත වලින් ඒ වගේ විකට චරිත වලින් රංගනයට ඇතුල්වුන විමල් කුමාර කොස්තා වගේ රංගන ශිල්පියෙක්ට නිසි චරිත අවස්ථා ලැබුනේ නෑ. ඔහුගෙන් අපේ සිනමාව වැඩක් ගත්තේ නෑ

    ටෝනි මහත්තයාට නිවන් සුව අත්වේවා !!