ආදරණීය නේරන්ජනා //
ආදරණීය නේරන්ජනා //
ඔබෙ මුදු මද හසරැලි මාලාවේ -
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින් -
යලි ඔබ දකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙඋයන් සීමාවේ -
එක මොහොතක් පමනකි තනි වූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ -
මමම නොවේ යලි ඉන් පිටවූයේ
කවුදො මාපසු පස එනු පෙනුනා -
පාලු වීදියෙ තනිකම මැකුනා
ජීවමාන කිසිවෙකු සිටියේ නැ -
එනමුදු කවුදෝ ඇතිබව හැඟුනා
නිදියහනෙ මා නින්දට වැටුනා -
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුනා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නෙ -
මගේ සිතම මට මුමුනනු ඇසුනා
ආදරණීය නේරන්ජනා //
ආදරණීය නේරන්ජනා //