දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා
මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමාගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි.
)
ඉතින් සිංහලු. පහුගිය දවස් වල මගේ කාර් රාජය හන්දා සෑහෙන්න කට්ටක් කෑවා බොලවු. කට්ටකටත් වඩා ඒක හිතේ ගින්දරක්. පණ වගේ පරිස්සම් කරන වාහනයක් තව කෙනෙකුට සති දෙකක් පදින්න දීලා ඒක නොදැකවත් ඉන්නව කියන්නේ මොන වගේ කට්ටක්ද කියල දන්නෝ දනිති.
මේ වන විට යසට තිබුණු වාහනේ එහෙන් මෙහෙන් කාලා ය.
1. රේඩියේටරේ වතුර අඩුවෙන ප්රශ්නය (මේය කටු ත්‍රෙඩ් වාසීන් දනිති)
පුදුමය නම් වතුර අඩු වන්නේ මාමන්ඩි පදින විට පමණි
2. ස්වීච් වලින් වැඩ කරන කන්නාඩි කුට්ටම මා ඉදිරි පිටදීම මාමාන්ඩියා විසින් අතින් වැර යොදා හැරවීමට තැත් කලේය.
3. ඉදිරි දකුණු රෝදයේ සෙන්ටර් කැප් එක නැත.
4. මාමාන්ඩිගේ ලොකු බෑනා යෝධයා දොරවල් වසන්නේ දොරවල් වලට මෝල් ගස් වලින් ගසන්නාක් මෙනි. දෙවරක් ඉවසා බලා සිට ඇමතුවෙමි.
5. එෆ් එම් මොඩියුලේටරයෙන් දුරකථන ආරෝපණය කිරිම නිසා එය දැවී ගොස්ය.
6. සති ගනන් පරණ මඩ තට්ටු පිටින් වාහනය ආපසු බාර දුන්නෝහ. මා විසින් සතියකට වරක් හෝදන වාහනය සති දෙකකින් වතුර දැක ඇත්තේ වැස්සකට පමනී.
7. කටින්ම කියලාත් වයිපර දෙකවත් අලුතෙන් දාලා නැත. ඒ වුනාට ලොකු බෑනා පොලාගේ රටේ වාසියෙකි. (වරක් හෙතෙම මට මෝටර් මිකැනික් උගන්නනන්නටද ආවේයඇමතුවෙමි
)
නිගමනය :- අම්මා මුත්තා කිවුවත් වාහනයක් හදිසිම අවස්ථාවක හැරෙන්නට වෙනත් කෙනෙකුට පැදවීමට නොදිය යුතුය. (විශේෂයෙන්ම වාහනයක අංගෝපාංග ගැන මෙලෝ මල දානයක් නොදන්නා වාහන පැදවීම ගැන පමණක් දන්නා අයට)
ප.ලි
පුදුම වැඩේ කියන්නේ මාමා පදින කොට විතරක් වතුර අඩු වෙනවා. දෙපාරක්ම වුනා එහෙම. හැබැයි මම පදිද්දි එක පාරක්වත් වුනේ නැහැ. මම අනුරාධපුරේ ඉඳන් මාතලේ සෙම්බුවත්ත හුන්නස්ගිරිය මහනුවර පින්නවල කෑගල්ල කොළඹ රවුම ඇවිල්ලත් වතුර දසමයක් වත් අඩු වුනේ නැහැ.
අපේ ඔපිස් එක කිට්ටුවමයි ඩිමෝ එක තියෙන්නේ. ඔයාලා කිවුවනේ ඇන්ජිමේ සද්දෙ වැඩියි කියලත්. ඒ නිසා ඕනි මගුලත් කියල මම ඩිමෝ එකට දාලා චෙක් කරා.
එන්ජිනේ එකේ සද්දෙ එන්න නං එන්ජින් එකේ මොකක් හරි රෙපෙයාර් එකක් කරල වගේලු. සමහර විට ගෑස්කට් දාලා ඇතිලු. ටැපට් ටයිමින් වල අවුලක් නෑ කිවුවා. හෙඩ් එක ගලවද්දි ටැපට් බාස්කට් ද මොකක්ද මන්දා මාරු කරලා හයි කරලා කතාවක් කිවුව වගේ තමා මතක. සද්දෙනං ආපහු හදන්න අමාරුයිලු.වාහනේටනං ප්‍රශ්ණ නෑ කියලත් කිවුවා. ඒ ඇරෙන්න වෙන කිසි ප්‍රශ්ණයක් නෑහැලු.
කැමතිනං ඊ ගාව ස්ර්විස් එකේදි ඕකට ට්‍රීට්මන්ට් එකක් කරන්න පුලුවන්ලු ඔයිල් වලට. එකෙන් සමහරවිට සද්දෙ ටිකක් අඩු වෙයි කිවුවා.
රේඩියේටරේට ප්‍රෙශර් චෙක් එකක් කරලා බැලුවා කොහෙන්වත් ලීක් වෙන්නේ නැහැ සිංහලු
ඔය ටෙස්ට් දෙකටම ගත්තේ 625/=යි.
අද වාහානේ හෝදලා දෙහි ටිකක් කප්පන්න ඕනි. සියලු දෝස නිවාරණය වෙලා යන්ඩ![]()
පොලයි රත්තරරනුයි කිවුව විදියට රේඩියේටර් කැප් එකත් දානව ඕන එක්ක කියලා.
කටු ත්‍රෙඩ් වාසින්ට ජය වේවා. ස්තූති වේවා.
(කටුවක් නෙමෙයි දාන්න ගියේ ඒ්ත් කටුවක්ද මන්දා)
මේවා උඹලටත් හොඳ පාඩම්. කවදාකවත් කොච්චර ෆිට් එකක් වුනත් වාහනේකට ආදරයක් නැති, තෙල් විතරක් ගහල වාහනේ දුවන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න කෙනෙකුට කිලෝ මීටරයක් යන්නවත් වාහනයක් දෙන්න එපා![]()
මගේ රථය නම් මම දෙන්නේ මගේ අයියට විතරයි. . . ඌ වෙන උන්ට දෙනවද දන්නේ නෑ. . .දීලා අහු උනොත් අය්යා කියලා බලන්නේ නෑ අමතන්න සිද්ධ වෙනවා...

ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි.
)











