Game of Thrones Sinhala Review - Jon Snow

ghtvnath

Member
Apr 14, 2008
258
26
0
හැම දෙනෙක්ටම Game of Thrones පස්වෙනි කතා මාලාවේ අවසානයේ තියෙන ප්‍රශ්නයක් තමයි ජෝන් ස්නෝට මොකද වුනේ කියල. ඔන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. හැබැයි ඔන්න මුලින්ම අවවාදය. මේ වීඩියෝ වල spoilers තියෙන්න පුළුවන්.

දැනට TV Series එක සහ පොත් මාලාව බොහෝ දුරට එක තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන දේවල් TV Series එකේ පෙන්නපු නැති, පොතේ තියෙන දේවල් කියලම කියන්න බෑ. මේ වීඩියෝ වලට පාදක වෙන්නේ 'රසික අනාවැකි', එහෙම නැත්නම් fan theories. ඒත් ඒවා දැනගන්න කැමති නැත්නම් මේ වීඩියෝ බැලීමෙන් වළකින්න කියල මතක් කරන්න ඕන.

මේ වීඩියෝ වල මුල් කොටසේදී කතා මාලාවේ ප්‍රසිද්ධ අනාවැකියක් වන Azor Ahai (ඇසෝ අහායි) ගැන සහ ඊට සුදුසු චරිත ගැන කතා කෙරෙනවා. දෙවෙනි වීඩියෝ එකේදී වැඩි වශයෙන් කතා වෙන්නේ ජෝන් ස්නෝ ගෙ අම්මා කවුද කියන එක ගැනයි. තුන් වෙනි වීඩියෝ එකේ අපි ජෝන් ස්නෝ ගේ ඉරණම ගැන කතා කරනවා.







බොහෝ දෙනෙක් මගෙන් අහල තිබුණ අවසාන කොටසට review එකක් කරන්නේ නැද්ද කියල. පරක්කු වුණාට සමාව ඉල්ලනවා. තුන්වෙනි වතාවට තමයි මේ පටිගත කරේ, මොකද කලින් දෙවතාවෙම කතා කරණ කරුණු මදි හෝ අපැහැදිලියි කියල මටම හිතුණා. ඔබට තියෙන ඕනම ප්‍රශ්නයක් මේ වීඩියෝ එකට comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. මගේ මීළඟ වීඩියෝ එක ඒ ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ කතා මාලාව පටං ගන්නකම් අපි අතරින් පතර මේ වගේ කරුණු එක්ක හම්බෙමු.
 

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    එල මචෝ. මමත් ඊයේ බලලා ඉවර උනේ. පිස්සු හැදෙනවා :o
    මොකක්ද seen එක කියලා video වලද තියෙන්නේ. උබ ලියලා නැනේ. හෙට තමා බලන්න වෙන්නේ.
    ඉස්සරහට වෙන seen නම් දාන්න එපා මේකේ. එතකොට ආසාව නැතිවෙනවා. :p
     

    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0
    එල මචෝ. මමත් ඊයේ බලලා ඉවර උනේ. පිස්සු හැදෙනවා :o
    මොකක්ද seen එක කියලා video වලද තියෙන්නේ. උබ ලියලා නැනේ. හෙට තමා බලන්න වෙන්නේ.
    ඉස්සරහට වෙන seen නම් දාන්න එපා මේකේ. එතකොට ආසාව නැතිවෙනවා. :p

    ammo machan. ehenam umba me videos thuna balanna epaa. :confused: