තව මේ ත්රෙඩ් එකේ කාලේ නාස්ති කරලා වැඩක් නෑ.ජේසන් උඹ ගැන කළකිරුනා. උඹ අර වගේ පාහර කතාවක් කිව්වේ සිරාවටනේ. අවසාන වශයෙන් කැමති දෙයක් හිතා ගනින්. මම මිනිස්සු මම ගැන හිතන මගුල් ගැන වද වෙනනේ නෑ මම හරි දේ කරනවා කියලා මට හිතෙන තාක් කල්.
unsubscribed
උඹ දැන් මෙතන මම වැරැද්ද කරලා වගේනේ බන් කතා කරන්නේ. මම මෙතන අර comment එක දැම්මේ charith84 කියපු දේ නිසා නෙමෙයි. උඹ හිතන්නේ මම එලකිරියට ආපු පලවෙනි දවස අද කියලද? මේකේ එවුන් ගන්න ආතල් දන්නේ නෑ කියලද?
අනික Charith84 කියන්නේ එක එකාව ළිඳේ දාන්න ආතල් ගන්න fun එකේ ඉන්න එකෙක් කියලා මම දන්නවා මේකට ආපු දවසේ ඉඳන්. මමත් ඌ වගේමනේ. මේ thread එකේ මුල හරියේ වුනත් බලපන් උඹලා මාව ලිඳේ දාන්න කියපු ඒවාට මම කියල තියෙන ඒවා.
මම එහෙම උඹට කිව්වේ ඌ ඒ කතාව කියන්න ගොඩක් කලින් මට මේකේ එවුන් PM දාල, Annonymous rep comments දාල කිව්වා උඹ මාව expose කරන්න යන්නේ පරිස්සම් වෙයන් කියලා. උඹ මගේ photos කට්ටිය අතරේ යවනවා කියලත්. උඹත් මට PM කරලා කිව්වා උඹ මගේ facebook account එක හොයා ගත්තා කියලා? නැද්ද?
මම කිව්වා ඒකට කමක් නෑ. උඹ මගේ බොක්කෙම යාලුවෙක් නිසා උඹ කවදාවත් මාව expose කරන්නේ නෑ කියල දන්නවා කියලත්. මම ඕනේ නම් ඔය ඔක්කොම PM screen shot ගහලා දාන්නම් සාක්ෂි ඇතුවම. උඹ මෙහෙම වුනේ නෑ කියනවා නම්.
මම වලිවලට කැමති එකෙක් නෙමෙයි බන්. ඒ නිසා මම මේ වගේ සිදුවීම් වලට කැමතිම නෑ. ඒකයි මම හැමෝම එක්ක හොඳින් ඉන්න බලන්නෙත් හැම තිස්සෙම. හැමෝම මෙතන මම ගොනෙක් වගේ එකෙක් විහිලුවට කියපු එකක් ඇත්ත කරගෙන මැරෙන්න හදනවා කියලා කියලා හිතාගෙන ඉන්න නිසා මේ ටික කිව්වේ හැමෝටම ඇත්ත දැනගන්න.
දැන් හෙට උදේ ඇවිත් මට ගේම දෙනවා කියන්න එපා මචන්. මම එහෙම උඹත් එක්ක ඇර ගන්න එන එකෙක් නෙමෙයි. උඹට මතක ඇති මම උඹට කිව්වා මට මේකේ හම්බ වෙච්ච බොක්කෙම යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එකෙක් CrazyBuddy අනිත් එකා Hi Elakiri අනිත් එකා උඹ කියලා. ඒ තරම් විශ්වාසයක් තියන් හිටියා උඹ ගැන. ඒකයි පට්ටේටම හිත රිදුනේ බන්.