මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා - ජනපති
( . . ) 2015-07-14 18:12:29
Comments - 0 Views - 329
(Update)
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන්ම විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.
ජනාධීපතිවරයා මේවනවිට ප්‍රකාශය සිදුකරමින් පවතී. ජනවාරි 08 පැරදුනා වගේම මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා
සමහරු මට පක්ෂ නායකත්වය ගැන දොස් කිව්වා. ආණ්ඩුව කළ සියලු වැඩ සාර්ථකව කරගත හැකිවුණේ මම පක්ෂ නායක ලෙස කටයුතු කළ නිසයි.
මම තරු දිහා බලලා අනාවැකි කියන්නේ නැහැ. නමුත් ඉතිහාසය දිහා බලලා අනාවැකි කියනවා.
මට ඉල්ලා අස්වීමේ උවමනාවක් නැහැ. ඉල්ලා අස්උනානම් මහාන්දට ඔන හැමෝටම නාමයෝජනා දෙනවා.
මේ සති දෙකට මට තරම් දෝශාරෝපනය කළ කිසිම ජනාධිපතිවරයෙක් නැතුව ඇති. පක්ෂය කුමක් උවත් ජනවාරී 08 දා පොරොන්දු වු දෙය දිය හැකි පාර්ලිමේන්තුවක් මට අවශ්‍යයි.
මහින්ද රාජපක්ෂත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා
මහින්ද දිනුවත් නිදහස් පක්ෂයේ ඕනැතරම් ජේෂ්ඨයෝ ඉන්නවා අගමැති තනතුරට පත්කරන්න
මහින්ද රාජපක්ෂ දැන් අනිත් අයත් අගමැති වීම වලක්වන්න හදනවා. මම මේ මැතිවරණයේදී තදින්ම ඉන්නවා
සන්ධානයෙන් නොලැබුණානම් මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලනවා සහතිිකයි
මහ බැංකු අධිපති ඉවත් උනොත් හොදයි කියලා මම රනිල් වික්‍රමසිංහට කිව්වා
ජනවාරී 08 දා දුන් පොරොන්දුව මම රකිනවා. මම සටන්වැද ලබා දුන් ප්‍රජාත්‍රන්තවාදය වැරදියට භාවිතා කරන්න එපා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේබව පැවසීය.
ithn bung ehenam wena pakshekin illanna denna thibba ne. ethkota agamathi kama gannath amarui. nikan dan boruwata mewa kiyala wadak na nomination dunnata passe. nomination ganna puluwan nam, agamathi kama ganna ekak wadak da mahindata lol







