බලු හඬ මැදින් තවලම ඉදිරියට...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්‍රත්‍යක්‍ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්‍ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්‍ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය. මේ පුද්ගලයා පැමිණියේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බව කිය වේ. එහෙත් අවම වශයෙන් තම පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමටවත් මොහු සූදානම් නැති බවට ඔහුම සාක්‍ෂි සපයයි. සිරිසේනට ම අනුව මහින්දට නාමයෝජනා දීමට ශ්‍රිලනිපයේ සියයට 99ක් ම එකඟ වෙද්දී ඔහු පමණක් ඊට විරුද්ධ වූ බවට දැන් ආඩපාලි පැවසීමේ අර්ථය කුමක් ද? මහින්දට නාමයෝජනා ලැබීම නිසා උරණ වූ අන් පක්‍ෂවලින් සමාව ගැනීමට මීට වඩා ශීලාචාර ක්‍රමයක් මොහුට නොතිබුණේ ද?

    මේ අතර, දේශපාලකයෙකු ලෙස හා පක්‍ෂ සභාපතිවරයෙකු ලෙස තමාගේ පක්‍ෂය මැතිවරණයෙන් පරාජය වන බව ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම ලෝක වාර්තාවක් බව කිව යුතු ය. 'ත්‍රීවිල්' පක්‍ෂක් ලෙස රටේ ම කුප්‍රසිද්ධ වික්‍රමබාහු පවා පවසන්නේ මෙවර ජයග්‍රහණය කරන්නේ තමා බව ය. අහෝ ඛේදයකි !

    දැන් මොහුගේ සැඟවුණු පාපිෂ්ට අරමුණු බලන්න. තමා විසින් පාර්ලීමේන්තුව විසුරුවා හරින ලද්දේ බැඳුම්කර හොරකම ඇතුළු තව බොහෝ කාරණා ඇතුළත් රනිල්ට එරෙහි විස්වාසභංගය පරාජය කිරීමට බව ඔහු විසින් ම පිළි ගන්නා විට ඔහු තරම් මෙරට හොරුන් හා දූෂකයින් රකින අන් කිසිවෙකු සිටී ද? මහින්ද විසින් කළ කිසිදු හොරකමක් හෝ මූල්‍ය වංචාවක් පිළිබඳ අබමල් රේණුවක සාක්‍ෂියක් ඉදිරිපත් නොකර ඔහුට ම තවදුරටත් හොරා යැයි කියමින් දැන් ඇත්ත ම හොරකමට අනුබල දුන්නේත් එය ආරක්‍ෂා කළේත් මෛත්‍රීපාල විසින් නොවේ ද? තව ද මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් අත්සන් කළ ඉහත විස්වාසභංගය තම තනි ඒකාධිපති බල යොදා කඩාකප්පල් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද නැතිනම් පගාතන්ත්‍රවාදය ද? තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්‍ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරුත කුමක් ද?

    අමතක නොකළ යුත්තක් තිබේ. මේ වඳුරු හඬවල් මැද කෙතරම් බල්ලන් බිරුව ද කඳු ශිඛර අතික්‍රමණය කරමින් තවලම ඉදිරියට ඇදෙනු ඇත. ඇදෙනු ඇත. එය නියත ය.

    -මහින්ද පතිරණ
    https://www.facebook.com/mahindapp/posts/10206107477218606
     
    • Like
    Reactions: kinkon

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මැතිවරණ සටනට
    යන කල මෙතේ පාලට
    හිතුණයි නාන්නට
    ගිහින් පැන්නයි නරා වළකට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,377
    113
    අගෝස්තු 18න් පස්සේ බණ්ඩාරනායක මහත්මයගේ ප්‍රතිපත්තිය පිලිපදින දූෂකයෝ නැති අලුත් ශ්‍රිලනිපයක් ගොඩ නැගෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    අගෝස්තු 18න් පස්සේ බණ්ඩාරනායක මහත්මයගේ ප්‍රතිපත්තිය පිලිපදින දූෂකයෝ නැති අලුත් ශ්‍රිලනිපයක් ගොඩ නැගෙනවා.

    උදාහරණයක් විදිහට, රාජිත සේනාරත්න?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,377
    113
    උදාහරණයක් විදිහට, රාජිත සේනාරත්න?

    උදාහරණයක් විදිහට M.K.D.S ගුණවර්ධන කිව්වොත් නිකන් අවුල් වගේද?:dull:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,277
    5,348
    113
    Panadura
    මෙව්වාට පිළිතුරු දීමට ලක්‍ෂ 58 ක් වූ සිංහල ජනතාව බලා සිටි. (ඊටත් වැඩියි දැන් නම්.) :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්‍රත්‍යක්‍ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්‍ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්‍ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය.
    -මහින්ද පතිරණ
    https://www.facebook.com/mahindapp/posts/10206107477218606

    එහෙම උනේ මහින්දම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරපු වගන්තියක් නිසා බව මේ මහින්ද දන්නේ නෑ වගෙයි :lol::lol::lol:

    පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ද වුන ඒ කටයුත්ත ඩැහැ ගැනීමක් කියන එකෙන්ම මේ මහින්දගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැනීම වගේම දේශපාලන සිදුවීම් ගැන දැනීමත් හොඳට පේනවා

    මහින්දලා ඔක්කොටම එකම ලෙඩේද මන්ද
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මහින්දට වැඩ කරා කියල වැඩක් නැහැ පුතා.
    වෙන ජොබ් එකක් හොයා ගත්තොත් නරකද?
    ආදරේට කිවුවේ.:love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    එහෙම උනේ මහින්දම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරපු වගන්තියක් නිසා බව මේ මහින්ද දන්නේ නෑ වගෙයි :lol::lol::lol:

    පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ද වුන ඒ කටයුත්ත ඩැහැ ගැනීමක් කියන එකෙන්ම මේ මහින්දගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැනීම වගේම දේශපාලන සිදුවීම් ගැන දැනීමත් හොඳට පේනවා

    මහින්දලා ඔක්කොටම එකම ලෙඩේද මන්ද

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති.
    එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි.
    සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නි‍යෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරන ලද සන්ධානයේ පාර්ශව‍ පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කරන ලද හා සන්ධානය නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නෑ.
    ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ පත් කරා කියලා කියනවා නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී පත්වීමක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.

    - නිමල් සිරිපාල ද සිල්වා

    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්‍ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරුත කුමක් ද?

    -මහින්ද පතිරණ
    https://www.facebook.com/mahindapp/posts/10206107477218606

    ආ තව බොරුවක්......මහින්ද අගමැති අපේක්ෂකයෙක් ලෙස පත්වෙනවා කිව්වේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියනවා කිසිම පුද්ගලයෙක් අගමැති අපේක්ෂකයෙක් ලෙස නම් කරලා නැහැ කියල.......ඒ වගේම චන්දෙට කලින් පක්ෂ නායකත්වයත් කියනවා මහින්ද අගමැති අපේක්ෂකයා නෙවෙයි කියල

    මහින්දව අගමැති අපේක්ෂකයා කරලා චන්ද අරන් අගමැති නොකලා නම් වැරදියි නමුත් කවුරුවත් එහෙම අපේක්ෂක කමක් දුන්නේ නෑනේ?

    තමන්ම හිතෙන අගමැති අපේක්ෂක වෙන එකට ඉතින් අනික් යට කරන්න දෙයක් නෑ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති.
    එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි.
    සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නි‍යෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරන ලද සන්ධානයේ පාර්ශව‍ පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කරන ලද හා සන්ධානය නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නෑ.
    ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ පත් කරා කියලා කියනවා නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී පත්වීමක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.

    - නිමල් සිරිපාල ද සිල්වා

    :)

    එතුමා එහෙම හිතනවා නම් ඔක අපිට කියල වැඩක් නෑනේ? පක්ෂයේ මධ්‍යමකාරක සභාව හෝ විධායක සභාව ඉදිරියේ ඔය කරුණ ඉදිරිපත් කරලා බහුතරය එකඟ නම් මයිත්‍රීපාලව සභාපති ධූරයෙන් ඉවත් කරන්න ඕනේ

    එහෙම නොකරන එකෙන් පෙන්නේ පක්ෂයේ බහුතරය මේ පත්වීමට විරුද්දත්වයක් නෑ ඔවුන් මේ වගන්තිය අර්ථ දක්වන්නේ වෙන විදිහකට කියන එකනේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එහෙම උනේ මහින්දම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරපු වගන්තියක් නිසා බව මේ මහින්ද දන්නේ නෑ වගෙයි :lol::lol::lol:

    මෙන්න මේක ගොඩක් උන්ට තේරෙන්නේ න බන්.
    චන්ද්‍රිකාට ගහපු ගැටේට මිනිහම හිරවුනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    ආ තව බොරුවක්......මහින්ද අගමැති අපේක්ෂකයෙක් ලෙස පත්වෙනවා කිව්වේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියනවා කිසිම පුද්ගලයෙක් අගමැති අපේක්ෂකයෙක් ලෙස නම් කරලා නැහැ කියල.......ඒ වගේම චන්දෙට කලින් පක්ෂ නායකත්වයත් කියනවා මහින්ද අගමැති අපේක්ෂකයා නෙවෙයි කියල

    මහින්දව අගමැති අපේක්ෂකයා කරලා චන්ද අරන් අගමැති නොකලා නම් වැරදියි නමුත් කවුරුවත් එහෙම අපේක්ෂක කමක් දුන්නේ නෑනේ?

    තමන්ම හිතෙන අගමැති අපේක්ෂක වෙන එකට ඉතින් අනික් යට කරන්න දෙයක් නෑ :lol:

    බහුතර මහජන නියෝජිතයන්ගේ කැමැත්ත = බහුතර මහජනයාගේ කැමැත්ත
    ඒ අනුව පැහැදිලිවම පක්ෂයේ බහුතර මහජන නියෝජිතයන්ගේ කැමැත්ත මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීම නම් එයට විරුද්ධ වෙන්න සභාපතිට අයිතියක් නැහැ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    එතුමා එහෙම හිතනවා නම් ඔක අපිට කියල වැඩක් නෑනේ? පක්ෂයේ මධ්‍යමකාරක සභාව හෝ විධායක සභාව ඉදිරියේ ඔය කරුණ ඉදිරිපත් කරලා බහුතරය එකඟ නම් මයිත්‍රීපාලව සභාපති ධූරයෙන් ඉවත් කරන්න ඕනේ

    එහෙම නොකරන එකෙන් පෙන්නේ පක්ෂයේ බහුතරය මේ පත්වීමට විරුද්දත්වයක් නෑ ඔවුන් මේ වගන්තිය අර්ථ දක්වන්නේ වෙන විදිහකට කියන එකනේ

    හිතනවා නෙවෙයි ඒක තමා ව්‍යවස්ථාව, කරුණ ඉදිරිපත් කරන්න රැස් වෙන්න දෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ වගන්ති පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විදිහට අරුත් දක්වන්න බැහැ. මේ ප්‍රකාශය කළේ ජනවාරි මාසයේ. එතකොට මයිත්‍රී නිර්පාක්ෂිකව ඉන්න තීරණය කරලා තිබුණේ නැහැනේ.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බහුතර මහජන නියෝජිතයන්ගේ කැමැත්ත = බහුතර මහජනයාගේ කැමැත්ත
    ඒ අනුව පැහැදිලිවම පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ කැමැත්ත මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීම නම් එයට විරුද්ධ වෙන්න සභාපතිට අයිතියක් නැහැ

    නෑ එහෙම දෙයක් ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නෙත් නෑ ඒ වගේම ජනතාව UPFA එකට චන්දය බාවිතා කරන්නේ මහින්ද අගමැති කිරීමේ අරමුනකිනුත් නෙවෙයි (කලින්ම කියල තියෙන්නේ එයාට දෙන්නේ නෑ කියල)

    මහින්දට අගමැති වෙන්න අයිතියක් අවශ්‍යනම් කරන්න තිබුනේ එයාව අගමැති අපේක්ෂක කරන්න සූදානම් පක්ෂයකින් චන්දෙ ඉල්ලන එක........එහෙම කරලා දිනුවොත් අන්න එතැනදී ජනතාව මහින්ද අගමැති කරන්න චන්දෙ දීල තියනවා ඔහු අගමැති නොකිරීම සදාචාර විරෝදී

    අනිත් කාරණාව මයිත්‍රී කොහෙදිවත් කිව්වේ නෑ මහින්ද අගමැති කරන්න පක්ෂෙන් බහුතරයක් කැමතියි කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිතනවා නෙවෙයි ඒක තමා ව්‍යවස්ථාව, කරුණ ඉදිරිපත් කරන්න රැස් වෙන්න දෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ වගන්ති පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විදිහට අරුත් දක්වන්න බැහැ. මේ ප්‍රකාශය කළේ ජනවාරි මාසයේ. එතකොට මයිත්‍රී නිර්පාක්ෂිකව ඉන්න තීරණය කරලා තිබුණේ නැහැනේ.

    ව්‍යවස්ථාවක කරුණු අර්ථ දැක්වීම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් ඒකයි රටේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය අධිකරණයට දීල තියෙන්නේ

    රැස් වෙන්න ජනවාරි ඉඳන් ඕනේ තරම් කල් තිබුනනේ? ආ නිර්පාක්ෂික වීම මත ජනාධිපති ධූරයට පත් උනේ කුමන පක්ෂයෙන්ද කොහොමද කියන එක වෙනස් වෙනවද?:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    නෑ එහෙම දෙයක් ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නෙත් නෑ ඒ වගේම ජනතාව UPFA එකට චන්දය බාවිතා කරන්නේ මහින්ද අගමැති කිරීමේ අරමුනකිනුත් නෙවෙයි (කලින්ම කියල තියෙන්නේ එයාට දෙන්නේ නෑ කියල)

    මහින්දට අගමැති වෙන්න අයිතියක් අවශ්‍යනම් කරන්න තිබුනේ එයාව අගමැති අපේක්ෂක කරන්න සූදානම් පක්ෂයකින් චන්දෙ ඉල්ලන එක........එහෙම කරලා දිනුවොත් අන්න එතැනදී ජනතාව මහින්ද අගමැති කරන්න චන්දෙ දීල තියනවා ඔහු අගමැති නොකිරීම සදාචාර විරෝදී

    අනිත් කාරණාව මයිත්‍රී කොහෙදිවත් කිව්වේ නෑ මහින්ද අගමැති කරන්න පක්ෂෙන් බහුතරයක් කැමතියි කියල

    පක්ෂයේ බහුතරයේ කැමැත්ත බලන්න මධ්‍යම කාරක සභා රැස්වීම පවත්වන්න ඉඩ නොදෙන එකෙන් මොකක්ද තේරෙන්නේ?

    කලින්ම එයාට දෙන්නේ නෑ කියන එක සදාචාර විරෝධී කියන එක තමා කියල තියෙන්නේ. මොකද ඒක පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනයක් නේ. පක්ෂයේ බහුතරයේ කැමැත්ත මහින්ද නොවේ කියලා දන්නවානම් මහින්දට වඩා ජේෂ්ටයෝ ඉන්නව පත්කරගන්න වගේ ප්‍රකාශයක් කරන්න ඕනෙ නැහැනේ. ජේෂ්ටත්වය මත නෙවේ පක්ෂයේ බහුතර කැමැත්ත මත අගමැති පදවිය දෙන්නේ.
    බලමු ඉදිරියට මොනවා වේවිද කියලා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙම උනේ මහින්දම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරපු වගන්තියක් නිසා බව මේ මහින්ද දන්නේ නෑ වගෙයි :lol::lol::lol:

    පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ද වුන ඒ කටයුත්ත ඩැහැ ගැනීමක් කියන එකෙන්ම මේ මහින්දගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැනීම වගේම දේශපාලන සිදුවීම් ගැන දැනීමත් හොඳට පේනවා

    මහින්දලා ඔක්කොටම එකම ලෙඩේද මන්ද
    :lol::lol::lol:නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරපු වගන්තිය පොඩ්ඩක් කියපන්...මයිත්‍රී නැවත නිදහස් පක්ෂ සාමාජිකත්වය ගත්තට පස්සේ තමයි.. ඔය වගන්තියට අහු වුනේ.. මහින්දය ඒ වෙලේ පක්ෂේ 2 කට කඩෙන එක වළක්වන්නයි මයිත්රිට සභාපති කම දුන්නේ.. මොකද මයිත්‍රී ජනාධිපති උනේ නිදහස් පක්ෂෙන් ඉල්ලලා නෙවෙයි...:):):)