බලු හඬ මැදින් තවලම ඉදිරියට...
වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්‍රත්‍යක්‍ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්‍ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්‍ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය. මේ පුද්ගලයා පැමිණියේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බව කිය වේ. එහෙත් අවම වශයෙන් තම පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමටවත් මොහු සූදානම් නැති බවට ඔහුම සාක්‍ෂි සපයයි. සිරිසේනට ම අනුව මහින්දට නාමයෝජනා දීමට ශ්‍රිලනිපයේ සියයට 99ක් ම එකඟ වෙද්දී ඔහු පමණක් ඊට විරුද්ධ වූ බවට දැන් ආඩපාලි පැවසීමේ අර්ථය කුමක් ද? මහින්දට නාමයෝජනා ලැබීම නිසා උරණ වූ අන් පක්‍ෂවලින් සමාව ගැනීමට මීට වඩා ශීලාචාර ක්‍රමයක් මොහුට නොතිබුණේ ද?
මේ අතර, දේශපාලකයෙකු ලෙස හා පක්‍ෂ සභාපතිවරයෙකු ලෙස තමාගේ පක්‍ෂය මැතිවරණයෙන් පරාජය වන බව ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම ලෝක වාර්තාවක් බව කිව යුතු ය. 'ත්‍රීවිල්' පක්‍ෂක් ලෙස රටේ ම කුප්‍රසිද්ධ වික්‍රමබාහු පවා පවසන්නේ මෙවර ජයග්‍රහණය කරන්නේ තමා බව ය. අහෝ ඛේදයකි !
දැන් මොහුගේ සැඟවුණු පාපිෂ්ට අරමුණු බලන්න. තමා විසින් පාර්ලීමේන්තුව විසුරුවා හරින ලද්දේ බැඳුම්කර හොරකම ඇතුළු තව බොහෝ කාරණා ඇතුළත් රනිල්ට එරෙහි විස්වාසභංගය පරාජය කිරීමට බව ඔහු විසින් ම පිළි ගන්නා විට ඔහු තරම් මෙරට හොරුන් හා දූෂකයින් රකින අන් කිසිවෙකු සිටී ද? මහින්ද විසින් කළ කිසිදු හොරකමක් හෝ මූල්‍ය වංචාවක් පිළිබඳ අබමල් රේණුවක සාක්‍ෂියක් ඉදිරිපත් නොකර ඔහුට ම තවදුරටත් හොරා යැයි කියමින් දැන් ඇත්ත ම හොරකමට අනුබල දුන්නේත් එය ආරක්‍ෂා කළේත් මෛත්‍රීපාල විසින් නොවේ ද? තව ද මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් අත්සන් කළ ඉහත විස්වාසභංගය තම තනි ඒකාධිපති බල යොදා කඩාකප්පල් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද නැතිනම් පගාතන්ත්‍රවාදය ද? තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්‍ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරුත කුමක් ද?
අමතක නොකළ යුත්තක් තිබේ. මේ වඳුරු හඬවල් මැද කෙතරම් බල්ලන් බිරුව ද කඳු ශිඛර අතික්‍රමණය කරමින් තවලම ඉදිරියට ඇදෙනු ඇත. ඇදෙනු ඇත. එය නියත ය.
-මහින්ද පතිරණ
https://www.facebook.com/mahindapp/posts/10206107477218606