මහබැංකු බැඳුම්කර - ඇත්තටම වුණේ මොකක්ද? Treasury Bonds Controvers

waligamaya

Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රශ්නය: පොළී අනුපාත කියන්නෙ මොනවද කියල දන්නවද?
    උත්තරය: ඔව්

    මේ ලිපියේ කිසියම්ම කිසියම් කරුණක් අළුතින් පෝස්ට් කරලා තියෙන ලිපියේ කරුණු හා ගැටෙන අවස්ථාවක් තියෙනවානම් කරුණාකරලා පෙන්වලා දෙන්න.
    ලිපි දෙකේ වෙනස ඔය අළුතින් පෝස්ට් කරපු ලිපියෙ (පරිවර්තනයේ ) කෝප් කමිටු වාර්තාවේ අන්තර්ගත කරුණු අන්තර්ගත නොවීමයි
    .

    මචන්, ඔය rocat90 දැන් මාස ගානක ඉදල මාර try එකක් දෙනවා, බැදුම්කර හොරකමක් උනේ නෑ කියල පෙන්නන්න... ඒ ගැන මාත් එක්කත් post දාගෙන තියෙනවා... මෙයා නිකන් නෙමෙයි දෙන්නේ, කොහෙන්ද මන්දා හොයාගත්ත article ටිකක් copy paste කරලා, ඒවායේ වචන දෙක තුනක් ඉස්සරහට දාලා, ආර්ථික විද්‍යා specialist කෙනෙක් වගේ talk එක දෙන්නේ... හරියට අර අනුර කුමාර රතු අලියා serious mood එකේ ටොම් පච අත අරිනවා වගේ... මොකද බැදුම්කර ගැන මෙලෝ සසරක් දන්නේ නැති මිනිස්සු හිතනවා, මූ නම් දන්නවා වගේ.. ඒනිසා මූ කියන දේ ඇත්ත වෙන්න ඕනේ කියල...

    මේ වගේ හොරට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න යන්න මහන්සි වෙන්න එපා මචන්... ඒත් අනිත් නොදන්නා මිනිස්සුන්ට දැනගන්න මේ වගේ post එකක් දාපු එක වටිනවා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහ බැංකුවෙ හොරා කවුද???


    elakiri.... මාත් මේක හොයල දාන්න හිටියේ... Rocat90 වගේ "රනිල් හොදයි.... රවී කරුපයියා හොදායි..." කියල, උන් කරපු බිලියන ගණන් හොරකම් ඔක්කොම හොදයි කියල නොදන්නා මිනිස්සුන්ව තව තවත් අන්දන අයගෙන් ඒ මිනිස්සුන් බේරලා ඇත්ත මේකයි කියල කියන්න මේ වගේ post වටිනවා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    kop kiyanne mokaddda /?aluth lipiya fb eke ewa piligannna ba ,man dapu eke data ganata thinawa....ekayi kiwwe
    kop repot kiyannne thawath wihiluwak withrayi

    යාලුවා, දන්නා දෙයක් නම් අනිත් මිනිස්සු එක්ක බෙදාගත්තට වරදක් නෑ... ඒත් තමන් යන්තම් හරි ඉගෙනගත්ත දෙයක්, වැරදි විදිහට පාවිච්චි කරලා අනිත් නොදන්නා, අසරණ මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා... ඔයා commerce කරලා ඇති.. නමුත් ඒ දැනුම, තමන්ගේ දේශපාලන හෙළුව වහගන්න යොදා ගන්න එපා... හොරකමක් කළා නම් ඒක කළා කියල පිළිගන්න එක හොද ගුණයක්... නමුත් හොරකම කළා කියල දැන දැන, තමන් දන්නා සියලු සාස්ත්‍ර දාල ඒක වහල, ඒ විතරක් නෙමෙයි, අනිත් නොදන්නා මිනිස්සුන්ටත් තමන් කලේ හරි දේ කියල පෙන්නනවා නම්, ඊට වඩා වසලකමක් නෑ...:no::no:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපි සමලිංගික, පොන්න ranil, පොන්න ranil පකයා, පොයි bbs, .ranil පොන්නයා, mr.clean, ranil පොන්නයා, ranil පොන්නයා., unp ලෝල්ලෝ, unp balloooo, yahapalanaya, ranil පොන්නයා, ranil පොන්නයා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාඩුව දිනෙන් දින පැටව් ගහන
    'බැඳුම්කර මගඩිය'




    arajuna.jpg





    දේශපාලනය සහ ආර්ථිකය යන්න නිරන්තරයෙන් එකිනෙකට බැඳී පවතින්නකි. එය ඉරක්‌ ගසා එකිනෙකින් වෙන් කළ හැකි දෙයක්‌ද නොවේ. මේ නිසාම දේශපාලන ආර්ථික විද්‍යාව (Political economics) කියා විෂයක්‌ද බිහිව තිබේ. එහෙත් මේ අප සූදානම් වන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව කුමක්‌ද කියා පැහැදිළි කිරීමට නම් නොවේ. එහෙත් මේ දෙය අප කීවේ නිකන්ම නොව හේතුවක්‌ ඇතිවය. මහ බැංකුව විසින් සිදුකරන භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව ආර්ථික කාරණයක්‌ වුවත් මේ දිනවල රටේ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන "බැඳුම්කර මගඩිය" ගැන කරුණු කීමට හැකි වන්නේ මේ කියන දේශපාලන ආර්ථිකය (Policitical economy) තුළය. ඒ නිසා ඇතැම් දේවල් හුදු ආර්ථික කරුණු ලෙස මතුපිටින් පෙනුනත් ඒවාට දේශපාලන පසුබිමක්‌ද තිබේ. මේ බැඳුම්කර මගඩිය ගැන කරුණු කියන විට ඇතැම් දේශපාලනඥයන් භූමි තෙල් ගෑවුණු ගැරඬින් මෙන් දඟලන්නේ ඇයි? එයට හේතුව ඇතැම් විට මේ කියන "දේශපාලන ආර්ථිකය" කියන කරුණ නිසා විය හැකිය. ඒ නිසා දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙයට ඇත්තේ තනිකර ආර්ථික පසුබිමක්‌ පමණක්‌ද නොවේ.

    රජය වෙනුවෙන් ණය ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. භාණ්‌ඩාගාර බිල්පත් මෙන්ම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද මහ බැංකුව ණය රැස්‌ කරයි. ඒ නිසා රජයට ණය ගැනීම සඳහා මහ බැංකුව විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම අමුතු දෙයක්‌ නොවේ. එහෙත් දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් පෙබරවාරි 27 දින සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී නම් අමුතු දේවල් සිදුව ඇති බව මේ විට රටටම හෙළිදරව් වී හමාරය. මෙගා ඩීල් චෝදනා එල්ල කළ මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවා පත්කර ගත් වත්මන් රජයටද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. එම මගඩිය නිසා පොලී වියදම ඉහළ යැමෙන් රජයට මේ වන විට සිදුව ඇති පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවටද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. එසේ නම් මෙය එසේ මෙසේ මෙගා ඩීල් එකක්‌ නොවේ. පසුගිය රජයේ සියලු මෙගා ඩීල් වලටත් එහා ගිය එකකි. පොලී අනුපාතයට සිදුවූ බලපෑම හමුවේ මේ පාඩුව දිගින් දිගටම ඉහළ යමින්ද තිබේ. ඒ නිසා මේ චෝදනා එල්ල වී ඇති "බැඳුම්කර මගඩිය" තුළ කවුරු ඩීල් දමා තිබුණත් නැතත් මහජනතාවට සිදුවන හානිය සිදුව තිබේ. තවදුරටත් සිදුවෙමින් ද තිබේ. අද දිනයේ අප මේ ගැන වඩඩාත්ම කතා කළ යුතු වන්නේද මේ නිසාය. එනම් මේ පාඩුව රජයට සිදුවූවා යෑයි කීවත් අවසානයේ මෙහි බර දරන්නේ සමස්‌ත බදු ගෙවන මහජනතාව විසින්ම වීමයි.

    පසුගිය පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පාඩුව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් විසින් ඇස්‌තමේන්තු කර තිබේ. ඒ අනුව එහිදී සිදුවූ පාඩුව කුමක්‌ද? එහි අගය වරින්වර වැඩි වන්නේ කෙසේද? එසේ පාඩුවක්‌ සිදුවීමට බලපෑ හේතුව කුමක්‌ද සහ එම පාඩුව පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් පසු පැවැති අනෙකුත් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලදී ද පාඩුවක්‌ සිදුවීමට (පොළී වියදම ඉහළ යැමට) බලපාන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසක්‌ තවමත් ජනතාවට තිබේ. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමග සාකච්ඡා කොට මේ ගැන පැහැදිලි කිරීමට මේ ලිපියෙන් අපි අදහස්‌ කරමු.

    චෝදනාවට ලක්‌ වී ඇති පසුගිය පෙබරවාරි 27 දින, මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ ගියේය. එහෙත් එම වෙන්දේසියට පෙර වෙළෙඳපොළේ පැවැති සාමාන්‍ය පොළිය සියයට 8.85 ක්‌ පමණ වූ බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ අනුව සියයට තුනකට ආසන්න අගයකින් පොළී අනුපාතයේ ඉහළ යැමක්‌ සිදුව තිබේ. මේ නිසා රජයට අති විශාල පාඩුවක්‌ සිදු වෙයි. එය සිදුවන්නේ පොළී අනුපාතය ඉහළ යැම හේතුවෙන් රජයට වැඩි පොළී වියදමක්‌ දැරීමට සිදු වීම නිසාය. එහෙත් එම පොළී අනුපාත ඉහළ යැම. වෙළෙඳපොළ අනුපාතවලට සිදු කළ බලපෑම හමුවේ, ඊට පසුව නිකුත් කරන භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසිවලට ද අහිතකර ලෙස බලපානු ලබයි. එනම් එම වෙන්දේසිවලදී තීරණය වන සාමාන්‍ය පොළී අනුපාතය ඉහළ යැමට ද එය හේතු වන බවයි. ඒ නිසා වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යැමේ බලපෑම හමුවේ පෙබරවාරි 27 දින නිකුත් කළ බැඳුම්කරයෙන් සිදුවන පාඩුවට අමතරව ඉන් පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකින්ම රජයට පාඩුවක්‌ සිදු වේ. වෙනත් වචනවලින් කියනවා නම් වැඩි පොළී වියදමක්‌ දරන්නට සිදු වේ. රජය දරනවා යනු මේ වියදම අවසාන වශයෙන් දරන්නේ, මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාවයි. ඒ නිසා මහ බැංකුව විසින් ගත් වැරදි තීරණයක්‌ හේතුවෙන් තමන් නොකළ වරදකට දඬුවම් විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ බදු ගෙවන මහජනතාවටය.

    පෙබරවාරි 27 දින සිදු කළ 30 අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මුලින් ලබා ගැනීමට අපේක්‍ෂා කළ ණය ප්‍රමාණය රු. බිලියනයකි. එනම් කෝටි සියයකි. එහෙත් වෙන්දේසියේදී රු. බිලියන 10.058 ක වටිනාකමක්‌ සඳහා වන ලංසු පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් මීට පෙරත් බැඳුම්කර වෙන්දේසිවලදී මුලින් ලබාගැනීමට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක්‌ සඳහා ලංසු පිළිගෙන ඇති බව සැබෑය. එහෙත් නිකුත් කළ අගය මෙන් දස ගුණයකටත් වඩා ලංසු පිළිගැනීම නම් සාමාන්‍ය තත්ත්වයක්‌ නොවේ. ඒ තුළ වැඩි පොලියට ඉදිරිපත් කර තිබූ ලංසුද මහ බැංකුව විසින් පිළිගැනීම හරහා වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක්‌ දක්‌වා ඉහළ යැම සිදුවිය. දැන් බිලියන 10 ක්‌ දක්‌වා වන ලංසු පිළිගැනීමට තීරණය කළේ කවුද සහ කාගේ උපදෙස්‌ මතද යන්න පිsළිබඳ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබේ. පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කෙරුණේ මහ බැංකු අධිපතිවරයා රු. බිලියන 10 ක්‌ දක්‌වා මුදල් රැස්‌කරන ලෙස උපදෙස්‌ ලබාදුන් බවට, රාජ්‍ය ණය අධිකාරීවරිය අදාළ ලේඛනයක සහනක්‌ තබා ඇති බවයි. එම සටහන ඇතුළත් ලේඛනය මාධ්‍යයටද පෙන්වනු ලැබිණි. එම සටහන බැඳුම්කර නිකුතුව ගැන විමර්ශනය කරන්නට පත්කළ කෝප් කමිටුවේ සාමාජික සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ම මේ වන විට දැක ඇත. එසේම රු. බිලියන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌a කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් උපදෙස්‌ ලබාදුන් බවට මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරිය සටහනක්‌ යොදා ඇති බව මේ වන විට මාධ්‍ය හරහා මේ රටේ මහජනතාව ද දන්නා කාරණයකි. දැන් එය සැඟවිය නොහැකිය. රු. බිලයන 10 ක්‌ දක්‌වා අරමුදල් රැස්‌ කිරීමේ තීරණය මහ බැංකුවේ ටෙන්ඩර් කමිටුව විසින් ගත් තීන්දුවක්‌ බවටත්, ඒ සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක්‌ නොමැති බවටත් ලෝකයට පෙන්වා දීමට බරපතළ උත්සාහයක්‌ තිබුණද එය මේ වන විට අසාර්ථක වී තිබේ. එයට හොඳම සාක්‍ෂිය වන්න් රාජ්‍ය ණය අධිකාරිවරිය තැබූ මේ සටහනයි. ඇය මෙවැනි සටහනක්‌ තබන්නට ඇත්තේද අනුන්ගේ පව් තමන්ට කරගසන්නට වේ යෑයි සිතා, මතු ආරක්‍ෂාවට විය හැකිය. ඒ නිසා පොලී අනුපාතය ඉහළ යැමට තුඩු දුන්නේ වැඩි පොලියකට ඉදිරිපත්ව තිබූ ලංසුද ඇතුළත්ව රු. බිලියන 10 දක්‌වා අරමුදල් රැස්‌ කිරීමට මහ බැංකු අධිපතරවියා දුන් උපදෙස්‌ නිසා නොවේද? තියරියට අනුව නම් මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයකු නොවන බවත්, මේ තීරණය ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් බවටත් කියා සිටින්නට පුළුවන. එහෙත් එය එසේ නොවන බව මේ වන විට රට වැසියාට හෙළිදරව් වී අවසන්ය.

    පෙබරවාරි 27 වැනි දින නිකුත් කළ බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළ යැම හරහා රටට පාඩුවක්‌ සිදුවූ අතර එම අගය රු. කෝටි 870 ක්‌ බවට ඇස්‌තමේන්තු කර තිබේ. මෙහිදී පාඩුව යෑයි අර්ථකථනය කරනුයේ රජයේ පොලී වියදම ඉහළ යැමයි. මේ අගය ගණනය කළේ කෙසේ ද? මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පවසන පරිදි පෙබරවාරි 27 දිනට පෙර පැවැති පොලිය සියයට 8.85 ක්‌ ලෙස සැලකුවහොත් එම අනුපාතය යටතේ මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයේ වසරක පොලී වියදම රු. මිලියන 890 කි. (රු. මිලියන 10,058 Ü 8.85%) එසේම සියයට 11.73 කට වැඩි වූ සාමාන්‍ය පොළී අනුපාතය අනුව වසරකට වැය වන පොළිය රු. මිලියන 1180 කි. ඒ අනුව එම තිස්‌ අවුරුදු බැඳුම්කරයට පමණක්‌ වසරකට වැඩියෙන් ගෙවීමට සිදුවන පොළී මුදල රු. මිලියන 290 ක්‌ වේ. එම බැඳුම්කරය 30 ස්‌ අවුරුදු බැඳුම්කරයක්‌ වන නිසා වසර 30 ක කාලයට දැරීමට සිදුවන අතිරේක පොළී වියදම මිලියන 8700 කි. එනම් රු. කෝටි 870 කි. එහෙත් පොළී අනුපාත ඉහළ යැම හමුවේ මෙය ඉන්පසු පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකටම මේ අහිතකර තත්ත්වය බලපෑම නිසා ඒවායෙහි රජයේ ණය පොළී වියදම ද ඉහළ ගොස්‌ ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දෙන කරුණකි. ඒ සෑම වෙන්දේසියකදීම පොළී වියදම ඉහළ යැම එක්‌ වසරකටත්, අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කරයේ හෝ බිල්පතේ පරිණත කාලය (කල් පිරෙන කාලය) අනුව සිදුවන මුළු පොළී වියදම ඉහළ යැමත් ගණනය කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. මේ ලිපිය ලියන විට අවසන් වරට (2015.07.02 දින) පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක දක්‌වා රජයේ මුළු පොළී වියදම ඉහළ යැම රු. මිලියන 59,211 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ. එනම් රු. කෝටි 5921 කි. එනම් මේ බැඳුම්කර මගඩියේ පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා පැටව් ගසා ඇති බවයි. රාජ්‍ය ණය පොළී වියදම් දරන්නේ මහජන බදු මුදලින් වන බැවින් මෙහි බර දරන්නේ මහජනතාව විසිනි. මේ බැඳුම්කර මගඩිය තුළ කාගේ ඩීල් තිබුණා ද නැද්ද කියා අප දන්නේ නැත. එහෙත් කිව යුතු වන්නේ කාගේ ඩීල් තිබුණත් නැතත් රටේ මහජනතාවට මේ පාඩුව විඳින්නට සිදුව ඇති බවයි. එනම් තමන් වගකිවයුතු නැති පාපකර්මයක විපාක විඳින්නට මහජනතාවට සිදුව තිබේ.

    රජයේ දේපළ උලාකන උන්දැලා ඊළඟ ආත්මවලදී උපදින්නේ බල්ලන්, කපුටන් වෙලා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (07) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මූලස්‌ථානයේදී පැවැති එම දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින් ප්‍රකාශ කර තිබූ බව පුවත්පත් වාර්තා කර තිබිණි. රජයේ දේපළ උලා කන අය ඊළඟ ආත්මවලදී බල්ලන්, කපුටන් වී උපදිනවාය කියන කාරණය ශ්‍රී පාද අඩවියේ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පැහැදිලිවම සඳහන් වන බව ද ඒ දේ කොයි කාලෙටත් වඩා ගැලපෙන්නේ අද කාලයට යෑයිද සඳහන් කර තිබූ ජනාධිපතිවරයා තවදුරටත් යෝජනා කර තිබුණේ, එම නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පිටපතක්‌ සියලු ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කළ යුතු බවයි. (විශේෂයෙන් මහ බැංකුව ඉදිරිපිට ද මෙය ප්‍රදර්ශනය කරන ලෙස අපි යෝජනා කරමු.) ජනාධිපතිවරයා මේ දෙය කීවේ මහින්ද රාජපක්‍ෂ සමයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද එසේත් නැත්නම් වත්මන් යහපාලන රජයේ දින 100 තුළම සිදුව අතැයි චෝදනා එල්ල වී ඇති 'බැඳුම්කර මගඩිය' නිසා දැයි කියන්නට අප හරියටම දන්නේ නැත. මහින්ද රාජපක්‍ෂ රජයේ මෙගාඩීල් ගැන වඩාත් කතා බහට ලක්‌ වූයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදීය. මේ දිනවල පසුගිය රජය සමයේ 'මෙගාඩීල්' වලටත් වඩා කතා බහට ලක්‌වන්නේ මහ බැංකුවේ 'බැඳුම්කර මගඩිය' ගැන බව අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිහිපත් කරමු.

    මහින්ද රාජපක්‍ෂ රජය යටතේ සිදු වුවත්, මෛත්‍රී පාලනය යටතේ සිදුවුවත් මේ කිසිවක්‌ යටගැසිය යුතු නැත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේදී ද වැරදි සිදුව ඇති බවට එක්‌සත් ජාතික පක්‍ෂය පැත්තෙන් චෝදනා එල්ල වී තිබේ. අප නම් කියන්නේ කබ්රාල්ගේ කාලයේ වැරදි සිදුවී ඇත්නම් ඒවාද සෙවිය යුතුය. එහෙත් එසේ කියා, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ සිදුවූ 'බැඳුම්කර මගඩිය' යට ගැසීමට ඉඩ දිය යුතු නැති බවද අපි කියා සිටිමු.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත



    අර rotocat90 ට පොඩ්ඩක් මේක කියවල බලල යන්න කියන්න... ඒ දවස් වල ඒ මනුස්සයා මාර ගේමක් දුන්නා, බැදුම්කර හොරකම, එහෙම හොරකමක් උනේ නෑ කියල ඔප්පු කරන්න... නිකන් නෙමෙයි ගේම දුන්නේ, තමන් ආර්ථික විද්‍යා විශේෂඥයෙක් කියල පෙන්නගෙන... ඒ ගැන නොදන්නා මිනිස්සුන්ව ගොනාට අන්දලා, හරියටම හංසයා කියල කොකාට කතිරේ ගහන්න සමහරක් මිනිස්සුන්ව ඇන්දුවා වගේ...



    බම්ප්
     
    • Like
    Reactions: Hyaenidae

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කෝ මේ thread එක දාපු හුටාපියා....!


    මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට (රු.කෝ. 20,000) අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණයකිරීමේ චූදිතයෙකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළි වී ඇත.

    මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් (රු.කෝ. 627) ලංකා බැංකුවට පොලු තැබීමට ඉඩ හැරීමෙන් සහ රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහක් (රු.කෝ.19,375) ණය වශයෙන් ලබාගෙන එකදු වාරකයක් හෝ නොගෙවා සිටීමට ඉඩ හැරීමෙන්ය.

    රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහ (රු.කෝ.19,375) ලබාගෙන ඇත්තේ ණය කරුවන් තිස්තුන්දහස් හයසිය අසූපස්දෙනෙකු (33,685) විසිනි. මේ අනුව ලංකා බැංකුවට රුපියල් කෝටි විසිදහසකට අධික පොලු තබා ඇත.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය


    - http://www.lankatruth.com/home/sinha...7-38&Itemid=72
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,376
    2
    53,850
    113
    කෝ මේ thread එක දාපු හුටාපියා....!


    මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට (රු.කෝ. 20,000) අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණයකිරීමේ චූදිතයෙකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළි වී ඇත.

    මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් (රු.කෝ. 627) ලංකා බැංකුවට පොලු තැබීමට ඉඩ හැරීමෙන් සහ රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහක් (රු.කෝ.19,375) ණය වශයෙන් ලබාගෙන එකදු වාරකයක් හෝ නොගෙවා සිටීමට ඉඩ හැරීමෙන්ය.

    රුපියල් කෝටි දහනවදහස් තුන්සිය හැත්තෑ පහ (රු.කෝ.19,375) ලබාගෙන ඇත්තේ ණය කරුවන් තිස්තුන්දහස් හයසිය අසූපස්දෙනෙකු (33,685) විසිනි. මේ අනුව ලංකා බැංකුවට රුපියල් කෝටි විසිදහසකට අධික පොලු තබා ඇත.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය


    - http://www.lankatruth.com/home/sinha...7-38&Itemid=72

    ඕකද කුඩු වෙන්න දානවා කිව්ව රිප්ලයි එක :lol:

    මේ ත්‍රෙඩ් එකේ සාකච්ඡා කරන බැඳුම්කර වංචා චෝදනාව පදනම් වෙලා තියෙන මුලාශ්‍ර මේවා:

    1. මහබැංකු Economic Indicators වාර්තාව 2015.02.27
    2. කෝප් කමිටු වාර්තාව - 2015.06.25 ප.ව. 8.45
    3. පුවත්පත් වාර්තා ( දිවයින )
    4. ස්වාධීන විශ්ලේෂකයන්ගේ වාර්තා ( Sam Samarasinghe, Dushyantha Mendis - මාධ්‍යවේදී)


    මේ සියළුම වාර්තා Share කරලා තියෙනවා ත්‍රෙඩ් එකේ.

    දැන් මේ ලිපියට අදාළ මුලාශ්‍ර, අඩුම ගානේ මේක ලියපු මාධ්‍යවේදියාගේ නම, මේ කවදා කෝප් කමිටු වාර්තාවද, අදාළ වාර්තාව ( කෝප් කමිටු වාර්තා Public Records ) ඉදිරිපත් කරන්න බලන්න. ඉරිදා ලංකා සංග්‍රහයේ පළවුණු මුල් ලිපිය කෝ?

    මේ ලිපිය විතරක් බැලුවාම තව ප්‍රශ්නයක් තියෙනව මම කලිනුත් අහපු, පුද්ගලයන් 33865 දෙනෙක් ණය අරං නොගෙවා ඉන්න එකට මුදල් ඇමති වගකිව යුත්තේ ඇයි කියන ඒකත් අදාළ පුද්ගලයන්ට විරුද්ධව ලංකා බැංකුව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද කියන එකත්.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මෙතන ඉන්න තරුණ ගොඩක් අය, ඇත්තටම පහුගිය ආණ්ඩුවේ වැඩ ගැන කලකිරිලා ඊට විරුද්දව චන්දය දුන්න. මේකේ වැටුන ගොඩක් නුල් වලින් ඔවුන්ගේ වේදනාව, දුෂණයට විරුද්දව හැගීම තේරුම් ගන්න පුළුවන්. ඔවුන් විස්වාස කරා මෙගා deal වලින් පහුගිය ආණ්ඩුව බිලියන ගණනින් ගසා කෑවා කියල.

    ගිය අවුරුද්දේ කැනඩාවට ආපු මෙගේ යාලුවෙක්ගෙ දෙමව්පියන් මෙහෙ ඉස්තිර පදිංචිය ගන්න හැටි මාත් එක්ක කතා කල. මම ඇහුව ඇයි ලංකාව දමල එන්නේ හිතුනේ කියල. ඒ ගොල්ලෝ කිව්වේ දැන් රට යන අත හොද නැහැ. බැසිල් රාජපක්ෂ උතුරේ හැම project එකකින්ම 10% ගන්නවා කියල ("මෙගා deal"). ලංකාවේ ඉදල වැඩක් නැහැ කියල.

    ඔවුන් අලුත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුනා යහ පාලනයක්, නිවැරදි දැක්මක්, විනිවිද තත්වයෙන් යුතු වැඩපිළිවෙලක්. මේ සියල්ල අද හීනයක් බවට පත්වෙලා. ඔවුන් අසරණ වෙලා. ඉහලම තැනීම ඉදන්ම මහා පරිමාණයේ වංචා, අයතා ගනුදෙනු සිදුකරනවා. මේවා අර මහින්දගේ සහ කට්ටියගේ ඔප්පු කරන්න කරුණු නැති මනෝරාජිත "මෙගා deal" වගේ නෙවි. සියලු කරුණු කරනා පැහැදිලිව විස්තර කරනවා.

    මීලග ආණ්ඩුව බොහෝවිට unp ආණ්ඩුවක් වෙන්න තියෙනව. නිසි ආණ්ඩුවක් පටන්ගන්න ඉස්සෙල්ල මෙහෙම නම්, අලුත් ආණ්ඩුවක් පිහිටවල ටික කාලයක් යනකොට කොහොම තියේවිද?

    ඔයා දන්නවද 10බිලියන් වලට ටෙන්ඩර් ඉල්ලුවම එකම කම්පැනි එකයි 15 බිලියන් වලට ටෙන්ඩර් එකක් දාල තියෙන්නෙ සදුදාට සල්ලි ඕන නිසා ඒ කම්පැනි එකට ටෙන්ඩර් එක දීල 10බිලියන් වලට අනිත් කම්පැනි ඔක්කොම දීලා තියෙන්නෙ 10 බිලියන් වලට අඩුවෙන් ඒකයි එකෙක් වත් උසාවි යන්නේ නැත්තේ ගම්මන්පිලවත් නිකමට වත් උසාවි යන්නේ නැත්තේ ඇත්ත කතාව දන්න නිසා

    මේ ආණ්ඩුවේ මෙගා ඩීල් කියල කැගහන්නේ මහින්දගේ උන් තමයි උසාවිය බය නැතුව ස්වාධීන තීරන දෙනව දැනටම ආණ්ඩුවට අවාසි තීනුදු 3 විතර දුන්නා GSP ලැබුනා දැන් ලංකාවෙ white van නැ බේබිලා night race යන්නේ නැ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    What's the point you make? How is this relevant to the original discussion?

    I'm trying to prove that Mr.Arjuna is a real professional and that he has no intention of doing such and so as for the allegations made by dumb fucks like you who has no idea about the whole situation.

    උබ මේ එක report එකක් අරන් කියවනවා, එකෙ තියන ඔක්කොම ඇත්තයි කියලා හිතාගෙන කෑ ගහනවා... උබ අඩුගානේ කෝප් වාර්තාවේ පිටුවක්වත් කියවලා තියෙනවද? කිසිම දෙයක් හරිහැටි නොදැන කතා කලාට වැඩක් නෑ. කුඩුවෙන්න දෙනවා ලඟදිම..