වනේ වන ඵල මියුරු වූ දා ~ නැතේ ළඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූ දා ~ කොහේදෝ බඹරුන්
බඹරුන්....
වෙළී නැති බැරි දුකින් කාලය ~ හැලී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත් කමින් ජයගනු ~ රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල් ඇයත් මනකල් ~ කල් බලා සිටියා
බලා සිටියා.....
නැඟී අළු යට ගිනි ඉරක් සේ ~ දිනූ දා කිත් යසස් අභිමන්
එදා ගොළු වුණු පෙමත් කුළුදුල් ~ දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන් මලත් නටුවෙන් ~තටු විදා ඉගිළී
ගියා ඉගිළී.....