වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    වාහන වලට කතා කරන්න පුලුවනිනම් අයිතිකාර මාමලාගේ නන්දල පගාව දීල වශී ගුරුකම් කරලා හරි වාහනේ යාලු කරගන්නවා බන්... වාහන කතාකරන්න ගත්තොත් උසාවි වල දික්කසාද නඩු පෝලිමේ තියේවි...:lol::lol::lol::lol: වෙලාවට වාහන වලට කතා කරන්න බැරි ...

    :baffled: මේක කතා කරන්න පුලුවන් නම් දික්කසාද නඩු කෙසේ වෙතත්...... ඒ කාලේ ගෙදරට හොරෙන් මේකේ ගියපු ගමන් ටික කිව්වොත් පටි රෝල්..... :baffled: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වරද උඹේ... ඒ නිසා නැවත ඒ වරද නොකරන්න උත්සහ කරපන්...

    මේ ලොව යම් නිර්මාණය වූ යමක් ඇතිද ඒ සියල්ලම නැතිවෙන සුළුයි බන්... ඒ සත්‍යය FB 15 එකටත් අදාලයි.. ඒ හින්ද යකඩ ගොඩවල් වලට ඕනවට වඩා පෙම්බඳින එක නවත්තපන්... මෙලොව සියල්ලම අනිත්‍යයි.....

    කාර් දෙක එකට වැදුන වගේ නෙවෙයි පාරේ යන අසරණයෙකුගේ ඇඟ උඩින් ගියානම්.. ඒ හින්ද පරෙස්සමෙන්...

    :baffled: :dull: හයියෙන් යනකොට නම් ෆෝන් එක බලන්නේ නෑ කොහොමත්.... මේ ට්‍රෑෆික් එකේ තමා..... :(

    යකඩ ගොඩ උනාට...... මේක කොච්චර නම් ජීවිතේට සමීපද..... අන්න ඒකයි අවුල...... :dull:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බොහොම වේදනයි සිංහළු...... :(

    28u00ew.jpg


    අම්මයි වයිෆුයි ඉන්නවා මාව කන්න වගේ බලං.....
    :yes:

    මොරාල් ඔෆ්ද ස්ටෝරි ඊස්..............

    6376caa451880bdbec0f6e25c60622a6.jpeg
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සමහර දේවල් තියනවා මචං ලග ඉන්න කෙනෙකුට කරදරයක් වෙනකොට ඒක වෙන ක්‍රමේකින් අපට දැනගන්න ලැබෙනවා. ඒ වගේ පණිවුඩයක් තමයි උඹට ඇවිල්ලා තියන්නේ. නැතුව උඹ අතින් වෙච්ච වැරැද්දක් නෙවෙයි. අපේ සීයා අසනීප වෙලා නවත්තලා ඉන්නකොට අපේ ලොකු තාත්තා බලන්න ගිහින් ආවා. ඒ එනකොට වෑන් එකට හරකෙක් හැප්පිලා තැලුනා. ඒක සීයා ලොකු තාත්තට අරං දීපු වෑන් එක. එවෙලෙම වගේ සීයට අමාරුවෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරලා. දවස් කීපයකින් සීයා නැති වුනා. ජිවිතේ ඔහොම තමයි. :(

    මගේ කාර් එක හැප්පෙනව හීනෙන් දැකල දවස් දෙකකට පස්සේ තමයි හැප්පුනේ. හීනෙන් දැකපු විදියටම තමයි හැප්පුනේ :baffled:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    අද තාත්තගේ 64වෙනි බර්ත්ඩේ එක. ඒ වෙනුවෙන් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා පානදුරේ

    මොරාල් ඔෆ් ද ස්ටෝරි :- ඩ්‍රයිව් කරනකොට ෆෝන් එක දිහා ඈහැක් ඈරලා බලන්න එපා...... :no: :yes:

    පුළුවන් කාලෙ පුළුවන් තරම් පිං කරගන්න ඕන මාමෙ.

    මමත් දවසක් රේඩියෝ එකේ සද්දෙ වැඩි කරන්න කියල ඇහැ පොඩ්ඩක් අහකට ගත්ත විතරයි ඉස්සරහ එකා බ්‍රේක් එකක් ගැහුව. මාමට කියන්න මාමෙ බොක්ක කූල් වෙලා ගියා එදා. උම්ම එකක් දෙන් නැතුව නූලෙන් බේරුනේ. එදායින් පස්සෙ හිතට ගත්ත ආයෙ එහෙම කරන් නෑ කියල.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...

    අපේ ගෙදර තිබුන ෂෙල් මොඩෙල් එකේ වෑන් එකක්, ඇත්තටම කියුවොත් මේක තමයි මට අඩුවෙන්ම කටු දුන්න වාහනේ, අරගෙන ටික දවසක් යද්දි කීපදෙනෙක්ම ඉල්ලුව වහනේ ටිකක් වටින ගනන් වලට, මුලදි අපේ අම්ම අකමැති නිසා දෙන්න හිතුවෙ නෑ, එත් වහනේ තිබුනු වැඩ වල හැටියට අපිට හදාගන්න සල්ලි අමාරුකම් නිසා වාහනේ දෙන්න හිතුන, හැබැයි කවුරුවත් රවට්ටල නෙමෙයි තියන ලෙඩ ටික කියලම තමයි අපි දෙන්න හිතුවෙත්.
    අපේ මාම කෙනෙක් ඉන්නව වාහන අරගෙන විකුනන, ඉතිං මන් දවසක් එයාට කිවුවා වාහනෙ විකුනන එක ගැන. එයත් කැමති වෙලා වහන හොයන අයට කියල.

    සෙනසුරාදා දවසක මන් නිදාගෙන ඉන්නකොට (උදේ පාන්දර 9.00 විතර ) අම්ම කෑගහනව,
    "ලොකු පුතේ, ලොකු පුතේ, නැගිටින්න කවුද කට්ටියක් වෑන් එක බලන්න ඇවිත්" කියල.
    මමත් ඉතින් ටක් ගාල හොරාට මුනත් හොදගෙන ඇදුමකුත් දාගෙන වහනේ පෙන්නන්න අවා.
    කට්ටිය වාහනෙ හැම තැනටම තට්ටු කර කර ගියා, වහලෙ පීල්ල බැලුවා, පැත්තෙන් බැලුවා, වාහනේ යට රින්ගලා බැලුවා, අන්තිමටම "වාහනේ හොදට පරිස්සම් කරගෙන පාවිච්චි කරල තියෙනවා වගෙ" කියල එයාල කතාවෙනවා මට ඇහුන.

    " මල්ලී දොර පොඩ්ඩක් ඇරා දෙන්නකො" කියල කට්ටිය අතරෙ උන්නු ටිකක් වයස මාම කීවා,
    කාර්පට් උස්සලා බලලා ඉස්සරහ දොර ලග පාපුවරුවේ තියෙන ගම් පාර හෙමත් බලලා හිනාවෙනව මන් දැක්ක.
    මන් වාහනේ ස්ටර්ට් කරල බොනට් එක අරින්න හදනකොට "ඕනෙ නෑ මල්ලි" කීවාම මට හොදටම තේරුනා බලන කට්ටියට වාහනෙ හොදටම අල්ලලා ගිහින් කියලා. මන් අම්මට හොරෙන් කියුව ගාන ටිකක් වැඩියෙන් කියන්න මෙයාල අනිවා මේක ගන්නවා කියල.
    දැන් ගානන් කතාකරගන්න වෙලාව, අම්මා කීව අපි හිතාගෙන උන්න ගනනටත් වඩා 50,0000.00 වැඩියෙන්.
    ආව කට්ටියත් තිබුනු අඩුපාඩු කියල කතාකරා තව ටිකක් අඩු කරා එ කියන්නෙ 10,000.00 අඩුකරල ගාන පොරොන්දු උන.
    මන් මෙ කියන්නෙ 2003 අග හරියෙ වගේ උනු ඩෙයක්, එ කාලෙ ෂෙල් 52-28xx යන්නෙ 6.25 - 6.50 අතරෙ උනාට අපේ ගාන උනේ 6.75 ක්
    එයාලාගෙ ගාන උනේ 6.65 අපි ගනන වැඩියෙනුත් කියුව නිසාත්, අපිට හොදටම ලභයක් ඇවිත් තිබුනු නිසාත් අපි එයාලාගෙ ගානට කැමති උනා.

    මේ වෑන් එක ගැන මන් පොඩ්ඩක් කියුවනම් හොදයි කියල මට හිතෙනව, මට මතක විදියට මේකෙ සේරම දෙවල් තිබුන වැඩකරන "AC" එක ඇරෙන්න, ඉරි ඩෑෂ් බෝර්ඩ්, DX, හීටර් වයිපර්, 88 තමයි අවුරුද්ද, වැකියුම් හොර්න් එකක් තිබුන ස්විච් එකෙන් මාරුකරන්න පුලුවන් විදියට, හොද සෙට් එකක තිබුන, බාර් සෙට් දෙකක් තිබුන, හුඩ් රැක් එක තිබුන, ටින්ටඩ් කරල ලස්සන ස්ටිකෙර් වගයකුත් ගහල තිබුන ( සමහරවිට කිරිල්ලවල පැත්තෙ අය දැකලා ඇති, මලක් අලවලා ඒක ලගින්ම "වී ඔබ" කියල ස්ටිකෙර් එකක් තිබුනා)

    flower_zpsk8bt4bgf.jpg


    , හොදටම තියෙන ශීට් සෙට් එකක් තිබුනා, වාහනේ බොඩියනම් සුපිරියටම තිබුන, කැටලොයි පොඩ්ඩක් වත් දාල තිබුනෙ නැහැ, ලොකු ෆොග් ලයිට් දෙකක් තිබුනා, එන්ජින් එකත් සෑහෙන්න හොදයි, කූරෙන් ඔයිල් පොඩ්ඩක් වත් ගැහුවෙ නෑ. අඩුපාඩු වලට තිබුනෙ ටයර් සෙට් එකම ගෙවිල, ඉස්සරහා රෝද දෙකේ බ්රරේක් අඩු ගතියක් තිබුන ( එක තමය් මට කට්ට සෙට් කරෙත් ) බෝල් ජොයින්ට් ගෙවිලා, තටු බුශ් ගහන්න වෙලා තිබුනා. අපි වාහනේ ගත්තෙ ටිකක් නය වෙලා නිසා වාහනේ හදාගන්න සල්ලි ටික හදාගන්න අමාරු නිසයි විකුනන්න හිතුවෙ, නැතිනම් තවමත් එක අපි ලග.

    CS00006347M1VMKBT6RZ.jpg


    දැන් ඉතින් කතාවට එමුකෝ,
    ආව කට්ටිය වාහනේ ගන්නව කියල, අත්තිඅකරමක් දෙන්නම් කියුව සතියකින් එවිත් ඉතුරු සල්ලි ටික දීලා අරගෙන යන්නම් කියලා.
    අපිත් අවුලක් නැති නිස එකග වෙලා ලියුමක් ලියල අත්තිකාරම විදියට රූ 10,000.00 බාරගත්තා.
    අපේ වාහනේ ස්කූල් සෙර්විස් එකක් කරන්නෙ, වාහනේ විකුනල තිබුනු නිසාත් වෙන වාහනයක් යවන්න කතා උනා, ඒත් යවන්න වෙන වාහනයක් හොයාගන්න බැරි උන නිසා අපේ එකම ඊලග සතියෙත් ස්කුල් සෙර්විස් එකට යැව්ව.
    සදුදා දවසෙ හවස වාහනේ වැඩකරන අයිය කතාකරලා " මල්ලි වාහනේ බ්රේක් ටිකක් අඩුයි පස්සෙ රෝද දෙකේ විතරයි බ්රේක් වදින්නෙ, ලිස්සන්න බලනව බ්රේක් කරාට නවතින්නෙ නැහැ " කියල පොඩ්ඩක් බලවගන්න පුලුවන්ද කියල ඇහුවා.
    මන් අහන්නත් කලින්ම හා කියුවා, මොකද මම ගොඩ දවසකින් වාහනේ රවුමක් ගැහුවෙ නැති හින්දා මම ටිකක් ආසාවෙන් උන්නෙ වාහනේ එලවන්න, අනික දැන් විකුනලත් තියෙන නිසා ආපහු මට මෙක එලවන්න හම්බවෙන්නෙම නැහැ කියන එක මගෙ හිතෙ තිබුන. ( කොල්ලට හොදටම සනීප නැහැ මේ කාලෙ, හොහ් හෝ, රථගාය හැදිලා )
    අම්ම ගෙදර නැති වෙලාවෙ වාහනේ හදන්න ගියානම් හොදයි කියල මගෙ ටිකිරි මොලෙට හිතුන. කොල්ල දෙපාරක් හිතුවෙ නෑ, කතාකර පාඩම් කරන්න ගෙදරට ඇවිත් උන්න යාලුවාට, යාලුවත් නියම කොල්ලෙක් කිසිම දෙයකට නෑ බෑ කියන්නෙ නෑ, දෙන්නම එකතුවෙලා වීරක්රියාවට සූදානම් උනා,
    මන් A/L වලට පාඩම් කරන නිසා වැඩිය වාහනෙ එලවන්න දෙන්න අම්ම වැඩිය කැමති නැහැ, මොකද අම්මත් එක්ක ගියත් මන් ටිකක් හයියෙන් යනවා, ඉතින් අම්මා ටිකක් බයයි ( මට රියදුරු බලපත්රයක් වත් නැහැ මේ කියන දවස් වල )

    පුරුදු ගැරිජ් එකට යන්න ටිකක් දුර තියෙනව, කිලෝමීටර් 4ක් විතර, මේ වෙනකන්ම මන් වාහනේ යනවනම් අනිවා අම්ම එනවා එත් අද මන් අම්මව මගැරල යන්නේ, අඩුගානෙ අම්මට කියන්නෙවත් නැතිව.
    අතුරුපාරෙන් ගිහින් ප්රධන පරට දාගත්තා, මන් වැඩිය වේගෙන් ගියෙ නැ මොකද අද කොල්ලව දක්කන්න, මන් කියුව හෙමින් හෙමින් කියන්න අම්ම ලග නැහැනෙ.
    ටිකකින් මගෙ අතිජාත මිත්රයාට දුමක් දාන්න ඕනෙ කියල වාහනේ පිටිපස්සට ගියා, ටින්ටඩ් නිසා කටවත් පේන්නෙ නෑනෙ එකයි, නැතිනම් ගැරිජ් එකට යන්නත් කලින් අම්මට ආරංචියක් යන්ව, අද වෙනකන් සිගරට් නොබොන මං සිගරට් එකක් බිබී ගියා කියල.

    මට ටිකක් ඉස්සරහින් යනව ට්කක් පරන, ටිකක් කීවට හොදටම දිරුම් තියෙන, අවුරුද්දකින් වත් හෝදපු නැති ඩෙලිකා වෑන් එකක් කපල ලොරියක් කරපු වාහනයක්,
    mitsubishi-delica-l300-181152043.jpg

    (මෙන්න මේ වගේ එකක්, හැබැයි මේකනම් ගොඩාක් හොදයි හැප්පුනු එකටා වඩා.)
    හැබැයි මේක ටිකක් හෙමින් ගියේ, මන් ඒකෙ බ්රේක් ලයිට් එක දිහ බලගෙන 50 kmph විතර වේගෙන් ගියා, ඩෙලිකා එකේ මාමා ඉස්සර කරන්න ඉඩ දුන්නෙ නැතිනිසා මන් යලුවට කියුව "බලපංකො බන් බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන් " කියනකොටම මට තෙරුනා මන් ඩෙලිකා මාමාට ගොඩාක් ලංවෙලා කියල, අනේ දෙවියනේ මේකෙ බ්රේක් නෑනෙ දැන් මොකද කරන්නෙ, අනික පාරෙ වැලි තියෙන හරියක්, බ්රේක් තිබුනත් නවත්තගන්න බෑ, එත් මන් බ්රේක් කරා, කරා නෙමෙයි පැඩ්ල් එක උඩ හිටගත්තා, එත් වාහනේ ලිස්ස්නවා, ලිස්සගෙන යනවා කියල දැනුන, මට හොදටම ෂුවර් අනිවා හැප්පෙනවා කියල.
    මන් පාරෙ අනික් පෙත්තට කැපුවා,

    1351.jpg


    අම්බෝ...... වයිකින් රාජයෙක් වේගයෙන් එනවා,

    මට අම්මව මැවිල පේනුනා අයියෝ මන් කරන්න යන වැඩේ කියල මට හිතුන,
    මොනව කරන්නද දෙවියනේ වයිකින් රාජයාට හැප්පෙනවාට වඩා හොදයි, කැත උනත් ඩෙලිකා මාමා කියල මං ආපහු මගේ ලේන් එකට ගන්නකොටම ඩෙලිකා මාමාගෙ සිකපුබෙනවා (පුk%$ සිබිනවා) මට දැනුනා.
    #%$%^&*&&^%$@#@ දඩාං... වගෙ සද්දයක් අවා:oo::oo::oo:, මන් දැක්ක මගෙ යාලුව සිගා එක කටේ තියාගෙනම ඩැශ්බොර්ඩ් එකට උම්මා එකක් දෙන්න හදනව, අත තියල නැවතුනේ නැතිනම් මගේ යාලුවා වින්ඩ්ස්ක්රීන් එකත් බිදගෙනම එලියෙ.
    විනඩියක් විතර යනකන් මගෙ කන් දෙකෙන් කීං..... ගාන සද්දයක් අවා,
    යාලුව එලියට බැහැල බලලා කියුව වරෙන් බන් ලොකු අවුලක් නැහැ කියල.
    එහෙමම වේවා කියල ප්රර්තනකරගෙන මමත් බැස්ස, බැස්ස නෙමෙයි බැස්සුනා.
    මන් මුලින්ම කරේ ඩෙලිකා මාමාට බනින එකයි මොකද ඒකෙ බ්රේක් ලයිට් වත් පත්තු උනේ නැහැනෙ, අනික සිග්නල් වත් නොදාම මිනිහා පාරෙ අනික් පැත්තට හරවන්නයි හදල තියෙන්න. මම බනිනවාට මුකුත් කියුවෙ නැති ඩෙලිකා මාමා පාර මරුවෙලා ඒහා පැත්තට ගියා, එතකොටයි මට තෙරුනෙ ඩෙලික මාමාගෙ ගෙදරට හරවන්න තමයි හදල තියෙන්නෙ කියල. ඩෙලික මාමාගෙ වාහනයටනම් මුකුත්ම නොවුනු ගානයි.
    වට උන අය කියන්න උනේ ම්ගෙ වරද කියලයි, මොකද මන් පිටිපස්සෙන් ඇවිත් හප්පපු නිසා. මටත් කියන්න් බැහැනේ වාහනේ ඉස්සරහා රොද වල බ්රේක් නැති නිසයි ලිස්සල ගිහින් වැදුනෙ කියලා. අනික මට රියදුරු බලපත්රයක්වත් නෑ.
    මන් ඩෙලිකා මාමා ලගට ගිහින් කතාකරා, එයාට පාඩුවක් නෑලු, :shocked:
    ඔව් ඉතින් මටනෙ පාඩුව, ඇඩ්වන්ස් ගත්ත වාහනය හැප්පුනහම දෙවියනේ මන් මොකද කරන්නෙ කියල හිතනගමන් වාහනය අරගෙන ආපහු අවා.
    එනගමන් මගදි නවත්තල බැලුව මොකද වෙලා තියෙන්න කියල, වම් පැත්තෙ මුල්ල වැදිල තියෙන්නෙ, දොරත් ටිකක් පස්සට ඇවිත් ලග හිටපු අයනම් කියුවෙ කනුව ගිහින් කියල, වින්ඩ්ස්ක්රීන් එක කැඩුනෙ නෑ.
    මදෑ ඇඩි හොදට හදන්න ගිහින් කරගත්ත දෙයක්,
    දැන් මට ප්රශ්න ගොඩායි, කොහොමද මේක අම්මට කියන්නෙ, කොහෙන්ද හදාගන්නෙ, අත්තිකාරම ගත්ත අයට කියනවද නැතිද?
    දහ අතේ කල්පනාකරල, කොහොම හරි අම්මට නම් කියාගත්ත.
    වාහනේ වැඩකරන අයියා කියනව කිට්ටුව තැනකින් හදන්න එපා එතකොට හැමෝම දැනගන්නව කියලා, හදන්න වෙන්නෙ ටිකක් දුර තැනක්න් කියල.

    ඒවෙලවෙ පිහිටට ආවෙ මගෙ අතිජාත මිත්රයා, එයාගෙ තත්තගෙ යාලුවෙක් ඉන්නවාලු හංවැල්ලේ, එතනට දාල හදාගන්න පුලුවන් කියලා අපි එතනට යමු කියුවා,
    මමත් වැඩිය හිතන්නෙ නැතිවම හා කියුව මොකද වෙන උත්තරයක් මට පේන මානෙ තිබුනෙ නැති නිසා.
    එදාම ගියා බාස්ට වාහනේ පෙන්නන්න,
    බාස් කියුවෙ කනුව ඇද වෙලා දවස් දේකින් හදලා දෙන්නම් කියලා, තව දවස් හතරකින් වාහනේ ගන්න කට්ටිය එන නිසා දවස් දෙකකින් හදාගන්න පුලුවන්නම් හොදයි කියලා හිතලා යාලුවයි මමයි වාහනෙ දාලා ගෙදර අවා,
    පහුවදා උදෙන්ම යාලුවය් මමයි ගියා ගැරෙජ් එකට, අපෙ වාහනේ ඇරෙන්න අනික් සේරම වාහන වල කට්ටිය වැඩ, මන් 8.00 ඉදන් 11.00 වෙනකන් බලාගෙන ඉදල බැරිම තැන බාස්ගෙන් ඇහුවා " මාමෙ , අපේ එක බලන්නෙ තව පරක්කු වෙලාද" කියල බාස් නිකන් ඔලොක්කුවට වගෙ හිනාවෙලා අහක බලාගත්ත.
    දවල්ට කෑම දුන්නෙත් බාස්ලාගෙ ගෙදරින්මයි, මටයි යාලුවටයි කෑම කන්න ගෙදරට කතා කරා, කන ගමන් මමයි යාලුවයි බාස්ගෙ නෝනාට කියුව අනේ නැන්දෙ වාහනෙට ඇඩ්වන්ස් එකක් අරගෙනයි තියෙන්නෙ අපිට මේක වෙලාවට හදලා දෙන්න වෙනව, ඒත් තාවම බාස් මාමා වැඩ පට අරන් නෑ කියලා,
    මගෙ අතිජාත ම්ත්රයා මෙහෙ ගෙදරට නිතර ඇවිත් තියෙන නිසා අවුලක් නැහැනේ, ඉතින් අපි ටිකක් විස්තර කියුවා,
    මට කියන්න බැරි උනා, මගෙ යාලුවගෙ ගෙදර කාර් එකත් මෙදවස් වල තිබුනෙ මේ ගැරිජ් එකේමයි, ඉතින් අපි දෙන්න ඒක ගැනත් කතාකරා නැන්දත් එක්ක,
    නැන්ද නම් පොඩ්ඩක්වත් අපිත් එක්ක තරහක් පෙන්නුවෙ නෑ, අපිත් ඉතින් ගානක් නැතිවම කියවගෙන ගියා,
    එදා හවස් වෙනකන්ම මමයි යාලුවය් ගැරිජ් එකෙ උන්න උනාට අපේ වාහනේ ඇල්ලුවීවත් නෑ.
    අපි දෙන්න ගෙදර ගියා, ගිහින් අම්මත් එක්ක කියුව," අනේ අම්මෙ බාස්නම් මාරයි මිනිහ පොරොන්දු උනාට තවම කෑල්ලක්වත් ගැලෙව්වෙ නෑ කියල.
    පහුවදා උදෙන්ම එන පොරොන්දුව උඩ මගෙ යාලුව ගෙදර ගියා, මම අම්මටත් කතාකර හෙට ගැරිජ් එකට යන්න, අම්මත් ඉස්කොලෙ නිවාඩුවක් දාල එන්නම් කියුව. කොම හරි පහ්වද උදෙන්ම අපි ආපහු ගැරිජ් එකට ගියා, අම්ම ගැරිජ් එකෙ ගෙදරට ගියා නැන්දත් එක්ක කතාකරන්න, උදේ 10.00 විතර අපේ වාහනේ ගාවන්න පටන් ගත්ත, මුලින්ම බෆෙර් එක ගලවල වම් පැත්තෙ කන ගැලෙව්වා, ඔච්චරම තමයි දවසටම කරේ. අපි අපහු අවා, දැන් දවස් දෙකක් ඉවරයි, ඒ කියන්නෙ අපි තව දවස් දෙකකින් වාහනේ දෙන්න ඕනෙ.
    පහුවදාත් උදෙන්ම ම්න් තනියම ගියා ගැරෙජ් එකට, උදෙ ඉදන්ම උන්න තවම මුකුත් කරල නෑ ඊයෙ කරල තිබුනු ටික විතරයි, දවල් කාල එහෙම මන් බාස් මාමට කතාකරා, හපොයි මෙන්න මේ මනුස්ස්යා මට බැනගෙන බැනගෙන ගියා, "වාහනයක් හදන්න ගලවනකොට අයිතිකාරයා ඉන්නකොට කුලුගෙඩි පාරක් වත් ගහන්න බෑ, එහෙම ගහන්නෙ නෑ, ඔයාලා පෙරෙයිදා නෝනටත් ඇනුම් පද කියල තිබුන, ඔය විදියට මෙකෙ වැඩෙ කරන්න බැහැ" :growl::growl:කියල මට ටිකක් කියවාගෙන ගියා,
    මන් සෑහෙන්න අසරන උනා, මොකද තව දවස් දෙකකින් වාහනේ දෙන්නත් ඕනෙ.
    මන් කියුවා අපි නොදාන්න කමටයි හැමදාම ආවෙ, ඇවිත් බලාගෙන උන්නෙ, එහෙම කරන්න එපා මේක පොරොන්දු උන විදියට හදලා දෙන්න කියල. මන් බුලත් විටක් එහෙම අරගෙන දීල බාස් මාමව ෂෙප් කරගන්න ට්රයි කරා, අවුලක් උනේ නෑ මිනිහා පොටි ඇදලා කැටලොයි දාලා සැහෙන්න වැඩ ටිකක් කරා, හෙට විතරයි තියෙන්නේ වාහනේ හදල ගෙනියන්න ඕනෙ, හෙට පේන්ට් වැඩ ටික කරන්න කතාකරගෙන මම ගෙදර ආව. පහුවදාත් පුරුදු පරිදි මන් උදෙන්ම ගැරෙජ් එකට ගියා, උන්න උන්නා, තවම වැඩ පටන්ගත්තෙ නෑ, පේන්ට් එකට බඩුගේන්න යන්න කතාකරාට මුකුත්ම කියන්නෙත් නැතිවම ඔහේ බාස් මාමාගෙ වැඩ කරගෙන ගියා. දවල්ට කාලත් ඉවර උනාම මන් ඇහුවා මාමෙ මගෙ වැඩේ කෝමද ඉවර කරන්නෙ කියල. මෙන්න බාස් මාමා කියපි " මගෙ වැඩ ඉවරයි, වාහනේ අරන් යන්න" කියල. මන් වැන්දෙ නැති ටික විතරයි පොරොන්දු උන විදියට වැඩේ කරල දෙන්න කියල,එත් මිනිහා බැහැ කියලාපොරොන්දු උන ගානට වඩා 3,000.00ක් අඩු කරලා සල්ලි ගත්තා.
    මන් කෝල් කරලා මගෙ අතිජාත මිත්රයාට බැන්න" උබ සෙට් කරපු බාස් කාරයා මොකෙක්ද" කියලා.
    වාහනේ අරගෙන ආව, එනකොට හවස 4.00 විතර ඇති, මන් හැමතැනකම බැලුව පේන්ට් එක කරගන්න කෙනෙක්, එත් හොයාගන්න බැරි උනා.
    ගෙදරට ඇවිත් අම්මගෙනුත් බැනුම් ඇහුවා, ඒකත් කමක්නැහැ කියමුකො, දැන් කෝමද වාහනේ ගන්න එන අයට මූන දෙන්නෙ කියන එකයි ඊලග ප්රශ්නෙ උනේ.
    රෑ 7.00 විතර කෝල් එකක් ආවා ගන්න කට්ටියගෙන් හෙට උදේ 10.00 එනවා කියල. අම්මා එයාලට ඒවෙලාවෙම කියුවා වාහනේ පොඩ්ඩක් මොකකද ගෑවිලා, අපි ඒක හැදුවා, ඔයාල ආවහම බලලා ඔයාලට අවුලක් නැතින්ම් අරගෙන යන්න, නැතිනම් අපි අඩ්වාන්ස් එක ආපහු දෙන්නම්" කියල
    හැබැයි එයාල මුකුත් කියුවෙ නෑ "හෙට ඇවිත්ම බලන්නම්" කියනවා ඇරෙන්න.
    ඔන්න මන් පුල පුලා බලාසිටි දවස උදා උනා,
    වෙනදාට වඩා මූසල ගතියක් දැනෙන්න පටන්ගත්තා, කවදාවත් නැතිව අපේ බලත් මට බුරාගෙන පැන්න. මට තෙරුන තව ටිකකින් අපේ අම්මත් මට බනිනවා, බනිනවා ඒකනම් අනිවා වෙනවා කියලා.
    මෙන්න උදේ 10.00 වෙන්නත් කලින්ම ගැණුම් කාර කට්ටිය ආව.
    කෙලින්ම ගියෙ වෑන් එක ලගට, "අයියෝ මල්ලි , මේකෙ ෆූට් බෝර්ඩ් එක ඇද වෙලානේ, ඔර්ජිනල් ගම් පරත් නෑ, දැන්නම් මල්ලි මේකෙ ඔර්ජිනල් ගතිය නැහැ, අනික ඩෑෂ් බොර්ඩ් එකත් ගලවලානෙ"
    මන් දැන් කට වහගෙන බල්ලා වගේ ඉන්නවා ඉතින් මොනවා කරන්නද??
    ආපු කට්ටිය වාහනේ ගන්නම් කියුව 25 ක් අඩුවෙන්,
    දැන් ඉතින් මොකද කරන්නෙ, හදාගන්න සල්ලිත් නෑ, වාහනේ පේන්ට් කරගන්නත් වෙලා, තියාගන්නත් මොකක්ද වගේ කියල දීල දැම්මා,
    අම්මගෙන් ටිකක් බැනුම් ඇහුවා ඒකත් හැප්පුනාට නෙමෙයි, පිට කට්ටියකට වචනයක් දීල, ඒක වෙනස් කරන්න උනු උන එකටයි,
    වාහනේ අරගෙන යනකොට අම්ම කියුවෙ, "අපි ඔය වාහනේට වඩා හොද එකක් ගේමු පුතේ" කියල.
    මන් ඉගෙනගත්ත වටිනම දෙය තමයි, විකුනපු වාහනයක් කවදාවත් පාවිච්චිකරන්නෙ නෑ, කවුරුත් කියුව පලියට නොදන්න තැන්වලට වාහන හදන්න දාන්නෙ නෑ, හොදම දෙය තමයි "අම්මා එපාකියුව දෙයක් කරන්නෙ නෑ කියන එක"
    ටයිප් කරල අත රිදෙනවා මාමෙ, :(:(
    මට කථා ලස්සනට ලියන්නනම් බෑ, බෝරින් නම් සමාවෙයන් මචන්ලා.......
    මගෙ කට්ටෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් මට ඒ ඇති,,:sorry:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...


    මට කථා ලස්සනට ලියන්නනම් බෑ, බෝරින්ග් නම් සමාවෙයන් මචන්ලා.......
    මගෙ කට්ටෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් මට ඒ ඇති,,

    අම්මෝ කටු නැතිව වේලෙන අපිට උබ හරි කට්ටක් දාපු එක ලොකු දෙයක්.:)
    උබට වෙලා තියෙන්නේ නම් කුජීත වැඩක්, වාහනේ ඔයිට වැඩ Damage උනානම් මල කෙලියයි.
    අර බාසනම් කැ*$ වේ$*#පුතෙක්නේ.:growl: මිනිහෙක් අසරණ වෙලා ඉන්නවෙලවකවත් උදව්වක් නැති උන්.:growl:
    ** ලිවීමේ අව්ලක් නැත.:)
    ** මීට වඩා කටු කෑවා කියල කිව්වා නේද ඒවත් හේමිට හුදීජන පහන්සංවේගය උදෙසා කොටනු මැනවි.:)
     
    Last edited:

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අම්මෝ කටු නැතිව වේලෙන අපිට උබ හරි කට්ටක් දාපු එක ලොකු දෙයක්.:)
    උබට වෙලා තියෙන්නේ නම් කුජීත වැඩක්, වාහනේ ඔයිට වැඩ Damage උනානම් මල කෙලියයි.
    අර බාසනම් කැ*$ වේ$*#පුතෙක්නේ.:growl: මිනිහෙක් අසරණ වෙලා ඉන්නවෙලවකවත් උදව්වක් නැති උන්.:growl:
    ** ලිවීමේ අව්ලක් නැත.:)
    ** මීට වඩා කටු කෑවා කියල කිව්වා නේද ඒවත් හේමිට හුදීජන පහන්සංවේගය උදෙසා කොටනු මැනවි.:)

    ඔව් බන්, මට වාහනත් එපා උනා, මන් හිටහන්නෙ දැන් ඒ බාස් ගරජ් එක වහල බන්,

    අනිවා, කටු ගොඩක් තියේ මචං, අනික්වත් දාන්නම්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්, මට වාහනත් එපා උනා, මන් හිටහන්නෙ දැන් ඒ බාස් ගරජ් එක වහල බන්,

    අනිවා, කටු ගොඩක් තියේ මචං, අනික්වත් දාන්නම්....

    :rofl: බාස් ලා එහෙම තමා බං.... උන්ගේ ලොකු ලයින්....... :growl:

    ශෙල් හයි එස් එක කියන්නේ සුපිරි බාණ්ඩයක් නේ.... :love: :D
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...
    මට කථා ලස්සනට ලියන්නනම් බෑ, බෝරින් නම් සමාවෙයන් මචන්ලා.......
    කට්ටක් දැම්මට බොහොම ස්තුතියි මචෝ..
    11.gif
    11.gif
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    :rofl: බාස් ලා එහෙම තමා බං.... උන්ගේ ලොකු ලයින්....... :growl:

    ශෙල් හයි එස් එක කියන්නේ සුපිරි බාණ්ඩයක් නේ.... :love: :D

    ඔවු මචන්, එකෙන්ම හොද වාහනයක්, සල්ලි තිබුනෙ නැ බන් හදාගන්න, ඒකයි විකිනුවේ. :no:
     
    Status
    Not open for further replies.