ජීවිතයේ Plan B

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උපයන අදායමෙන්,

    1. 2/4 ආයෝජනය
    2. 1/4 පරිබෝජනය
    3. 1/4 මතු භාවිතයට.

    මේ විදිහට තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගෙන,
    ඔය තුන් වෙනි කොටස රක්ෂණයක ආයෝජනය කරනවා නම් හොදයි මම හිතන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්ත. ඔය ගැන ගොඩක් කතාකරන්න තරම් අත්දැකීමක් නෑ මට. පොලයියා විස්තර ටිකක් දාන්නකො හිමීට.:)

    අපේ නම් තියන එකම දේ ඉගෙන ගෙන ඉවර කරන්න පුලුවන් විදියට පාර හදල දීල තියනවා අම්මයි තාත්තයි. අපේ තාත්තා බොහොම පිලිවෙලට ප්ලෑන් කරගෙන වැඩ කරන කෙනෙක්. ඒ නිසා රක්ෂණ පස්සෙ දිව්වෙ නැති වුනාට ඉස්සරහට ප්ලෑන් එකක් දීල තියනව. :)

    ඉන්ෂුවරන්ස් ගැන පැහැදීමක් නෑ ඇත්තටම. නෑදෑ වෙන එකෙක් ඉන්නවා උගෙ වැඩ දැක්කම තවත් එපා වෙනවා.:dull:

    මම මේකෙන් කියන්නේ රක්ෂණයක් ගන්නම කියන එක නෙවෙයි... මොකක් හෝ සැලසුමක් තිබුය යුතුයි යැපෙන්නන් වෙනුවෙන්... හැමදේටම වඩා වැදගත් හැමදේම සැලසුම් සහගතව සිද්ද කිරීම... උඹ ඒක දන්නව කියම මම හොඳටම දන්නවා...

    සමහර ඉන්සුරන්ස් ඒජන්තලා ගැන නම් කතා කරලා පලක් නැහැ... එත් වයසින් මුහුකුරාගිය වුර්තිකයින් බොහොම ගෞරවාන්විතව ඒ රැකියාව කරනව මචන්..
     
    • Like
    Reactions: King_cobra

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව්. එක හරි. හැබැයි රක්ෂණය කරන්නන්ගෙන් 99% විතරම එක්ස්පීරියන්ස් ලබන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් නේද? මාසේ හම්බ කරන දෙයින් යම් සැලකිය මුදලක් රක්ෂණයට ගෙවනවා. කල් පිරුණම ලැබෙන මුදල බොහොම අඩුයි. ඒ මේ සල්ලි ඩිරෙක්ට් ආයෝජනය නොකරන නිසානේ...
    මට හිතෙන/තේරෙන විදියට ලික්විදිබිලිටි වැඩි ආයෝජනයන පවත්වාගෙන යාම වාසි දායකයි. සල්ලි බැංකුවේ ඉතුරු කරන එක විතරක් නෙවෙයිනේ ඉතිරි කිරීමේ ක්‍රම තියෙන්නේ...

    ප්ලැන් කරලාම වැඩ කරනවා නම්, රිස්ක් වලට කැමතිම නැත්නම්, රක්ෂණය සහ ආරක්ෂණයට අමතරව ගැනියෙක් මිනිහෙක් එහෙම දරුවොන්ට අම්මෙක් තාත්තෙක් විදියට බැකප් කල හැකිනේ..

    සල්ලි වලට වැඩිය වටිනවනේ ඒ ආරක්ෂණය... :lol::lol::lol:

    මගේ තියන රක්ෂණ වල නම් මම ගෙවන මුදලම යම් පොලියක් සමග කල් පිරුනාම ලැබෙනව..ඒ වෙද්දී මුදලේ වටිනාකම අඩු උනාට මගේ අවදානම එයාල දරන එක මට ඊට වඩා හුඟක් පහසුවක්..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ තියන රක්ෂණ වල නම් මම ගෙවන මුදලම යම් පොලියක් සමග කල් පිරුනාම ලැබෙනව..ඒ වෙද්දී මුදලේ වටිනාකම අඩු උනාට මගේ අවදානම එයාල දරන එක මට ඊට වඩා හුඟක් පහසුවක්..

    අපි අවුරුදු 20,30කට රක්ෂණයක් දැම්මට පස්සේ, ඒ අවුරුදු 20,30න් පස්සේ ඒ ආයතනය ස්ථාවරව පවතීද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අපිට කරදරයක් වුනොත් ගෙවන්න පොරොන්දුවෙලා ඉන්න ගාන කිසි අවුලක් නැතුව ගෙවයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මම අහල තියෙන විදියට වලියක් ගිහින් මැරුම් කන්න වුනොත් රක්ෂණය ලැබෙන්නේ නෑ නේද?

    (මේ ගැන දැනුම තියෙන අයගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි අවුරුදු 20,30කට රක්ෂණයක් දැම්මට පස්සේ, ඒ අවුරුදු 20,30න් පස්සේ ඒ ආයතනය ස්ථාවරව පවතීද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අපිට කරදරයක් වුනොත් ගෙවන්න පොරොන්දුවෙලා ඉන්න ගාන කිසි අවුලක් නැතුව ගෙවයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මම අහල තියෙන විදියට වලියක් ගිහින් මැරුම් කන්න වුනොත් රක්ෂණය ලැබෙන්නේ නෑ නේද?

    (මේ ගැන දැනුම තියෙන අයගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.)

    මොනා උනත් ඒක අසාදාරණ නැත්ද බන් :shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි අවුරුදු 20,30කට රක්ෂණයක් දැම්මට පස්සේ, ඒ අවුරුදු 20,30න් පස්සේ ඒ ආයතනය ස්ථාවරව පවතීද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අපිට කරදරයක් වුනොත් ගෙවන්න පොරොන්දුවෙලා ඉන්න ගාන කිසි අවුලක් නැතුව ගෙවයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මම අහල තියෙන විදියට වලියක් ගිහින් මැරුම් කන්න වුනොත් රක්ෂණය ලැබෙන්නේ නෑ නේද?

    (මේ ගැන දැනුම තියෙන අයගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.)

    මම දන්නා තරමින් රක්ෂණ වන්දි ගෙවන්නේ නැත්තේ සියදිවි නසාගැනීම් වලදී තමයි...එත් කල් පිරුනාම ගෙවූ මුදලෙන් යම් කොටසක් හිමිවෙනවා.. නැත්තම් අදාළ වෙන්නේ හදිසි අනතුරකින් වූ මරණයක්ද නැත්තම් ස්භාවික හේතුවක් නිසා උන මරණයක්ද කියල තමයි... මේ මගේ දැනීම ... එත් අපි ඒ ගැන තහවුරු කරගත යුතුයි..

    රක්ෂණ විසේසඥඥ මහතෙක් ත්‍රෙඩ් එක හා සම්භන්ද වන්නේනම් අගනේයි ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම වටිනවා මචං. උඹව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ මම මගේ අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම වගේ කපා හැරියා කිව්වොත් නිවැරදී. දැන් ලේසියෙන් කඩේකින් කෑම එකක් වත් කන්නෙ නෑ. අත්‍යවශ්‍ය නොව්න භාන්ඩ මිලදී ගන්නේ දෙපාරක් හොදට හිතලා. මොකද ජීවිතේ ප්ලෑන් බී ගැන උඹ නිතර කියන නිසා මට ඒක හොදට දැනිල තියන්නේ. තවම මම ජීවිත රක්ෂණයක් දාලා නෑ. මේ ත්‍රෙඩ් එක ජීවිත රක්ෂණයකට මාව යොමු කරන්න ලොකු පෙළඹවීමක් ඇති කරනවා. බොහෝම ස්තූතී මචං.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    1.රක්ෂණයක් ගන්න එක.
    2. ස්ථාවර තැන්පතුවක යම් මුදලක් තැන්පත් කර හදිස්සියකදී ගැනීම.

    මේ දෙකෙන් වාසි මොකද්ද?
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    හොඳ මාතෘකාවක් පොල් මාමේ... අපේ අම්ම මට එකක් දාල තියෙනවා මම එපා කියද්දීත්... හොද සහ නරක දෙකම තියෙනවා ඉතින් ඔකේ... කොහොම වුනත් ලංකාවේ වන්දියක් ගන්න කන්න වෙන කටුව හැම තැනම එකවගේ තමයි....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    dan aluthen market wena wealth planner kiyana cn1 hodaida mchnla..??

    මම ලංකාවෙන් පිට ඉන්න නිසා මේ ගැන දැනුවත් නැහැ මිත්‍රයා.. කව්රුහරි දන්නවද මේ අලුත් wealth planner එක ගැන යමක්.. අපිටත් දැනගන්න විස්තර කියන්න...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    rep added

    8WBGGf4.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උපයන අදායමෙන්,

    1. 2/4 ආයෝජනය
    2. 1/4 පරිබෝජනය
    3. 1/4 මතු භාවිතයට.

    මේ විදිහට තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගෙන,
    ඔය තුන් වෙනි කොටස රක්ෂණයක ආයෝජනය කරනවා නම් හොදයි මම හිතන්නේ.

    උඹ කියන දේ හරි...ලංකාවේ ආර්ථික වටපිටාව එක්ක මිනිස්සුන්ට හරිම අමාරුයි බන් ජීවිතේ උඩට ගෙනියන්න... මිනිස්සුන්ට ජීවිතය සහ දරුවන්ගේ හෙට දවස ගැන වැටහීමක් නැති තරම්... දරුවෙක් වෙනුවෙන් මාසේ පඩියෙන් රුපියල් සීයක් හරි ඉතුරු කරන්න උත්සහ කරන මිනිස්සු හරිම අඩුයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොහෝම වටිනවා මචං. උඹව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ මම මගේ අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම වගේ කපා හැරියා කිව්වොත් නිවැරදී. දැන් ලේසියෙන් කඩේකින් කෑම එකක් වත් කන්නෙ නෑ. අත්‍යවශ්‍ය නොව්න භාන්ඩ මිලදී ගන්නේ දෙපාරක් හොදට හිතලා. මොකද ජීවිතේ ප්ලෑන් බී ගැන උඹ නිතර කියන නිසා මට ඒක හොදට දැනිල තියන්නේ. තවම මම ජීවිත රක්ෂණයක් දාලා නෑ. මේ ත්‍රෙඩ් එක ජීවිත රක්ෂණයකට මාව යොමු කරන්න ලොකු පෙළඹවීමක් ඇති කරනවා. බොහෝම ස්තූතී මචං.

    හොඳට හිතල වාසිම තීරණය ගන්න.. රක්ෂණ සමාගම් කොයිවෙලාවෙත් උත්සහා කරන්නේ ලාභය උපරිම කරගන්නයි.. ලංකාවේ ඉතිහාසයේ රක්ෂණ සමාගමක් පාඩු ලැබුවේ 1983 ජුලි කලබල නිසා වෙච්ච දේපල හානියෙන් විතරයි... ඊට පෙර හෝ පසු රක්ෂණ සමාගම් පාඩු ලබල නැහැ... ඒ හින්ද වාසිම සහ ලාබම ක්‍රමය තෝරාගන්න...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    වැදගත් මාතෘකාවක් මචං :) අනිවා insurance තියන එක ගොඩක් හොදයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1.රක්ෂණයක් ගන්න එක.
    2. ස්ථාවර තැන්පතුවක යම් මුදලක් තැන්පත් කර හදිස්සියකදී ගැනීම.

    මේ දෙකෙන් වාසි මොකද්ද?

    මේක වාසි සහ අවාසි දෙආකාරයි මචන්...

    ලක්ස පනහක් අද අතේ තියනවනම් ඉදිරි ජීවිත අහිමිවීමකදී ප්‍රයෝජනයට ගන්න ස්ථිර තන්තු දාන්න පුලුවනිනම් ඒක රක්ෂණයක් ගන්නවට වඩා ලාභයි අපේ තැන්පතුවට රක්ෂණයට වඩා පොලියක් එකතුවෙන නිසා..

    අද ලක්ස පනහක් අතේ නැත්තම් ජීවිත අවදානමට ලක්ස පනහක රැකවරණයක් අවශ්යිනම් ලක්ෂ පනහක් නැතුව පොඩි ගානකින් මාසෙට වාරිකය ගෙවල ලක්ස පනහක වන්දි අවදානමක් හිමිකරගෙන ජීවත් වෙන එක වාසියි ලක්ස පනහ අතේ ඉතුරු කරගන්න රක්ෂණයක් නැතුව අවදානම තමුන් ගන්නවට වඩා...

    වයස 35 -40 පහුවෙලා ජීවිත රක්ෂණයක් ගන්න ගියාම අපිට හිමිවෙන ප්‍රතිලාභ වලට වඩා ප්‍රතිලාභ වැඩියි තරුණ වයසෙන් රක්ෂණ ආවරණයක් ගන්න එකෙන්..