මේ බං කිං අයියේ මම ගිය සිකුරාදා ඒ කිව්වේ මේ පෝය දවසේ අපේ ගෙවල් ගාව පන්සලේ තිබ්බ ලේ දන් දීමට ගියා ඇවිත් හිටියේ මල හෝන්තු ගෑණු දෙන්නෙක් ප්රෙශර් බලන්න සහ අර කොළේ බලන්න. ඒක උඩින් පල්ලෙන් බැලුවා. අද රෑට නිදි මරනවද? උස තැන් වල වැඩ කරනවද මොකුත් ඇහුවේ නෑ. අද ටිකක් වැඩිපුර වතුර බොන්න මොකුත් කිව්වේ නෑ. කොළේ ගත්තා අත තියන්න කිව්වා ප්රෙශර් බැලුවා යැව්වා.
ඒක නෙමෙයි සීන් එක මමත් ගොනා වගේ ගිහින් ලේ දෙද්දි නර්ස් කතාවට වැටුනා. කීපාරක් දීලා තියෙද අහද්දි මම 9 පාරක් කිව්වම ලේ වර්ගේ ඇහුවා. මම කිව්වා O+ වැඩක් නෑනේ කොමන්ම ලේ වර්ගෙනේ කියලා. එතකොට මේ ගෑණි කියාපි ලංකාවෙනේ ඒ O+ ලෝකේ කොමන්ම AB+ කියලා. මමත් ඉතින් ගොනා සේ ඔලුව වනලා මොකුත් නොකියා ආවා. අපිට කිව්ව විදිහට නම් ලෝකේ #1 O + සහ දෙවනියට A+ දැන් ඒක වෙනස් වෙලාද බං?

