අපේ වත්තක වටේ එලවනවානම් ඔහොම ගියාට කමක් නැ. එත් පාරට වාහනයක් දාපු ගමන් අපේ ජිවිත, අනිත් පැත්තෙන් එන වාහනේ සහ ජිවිත, පාරේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත වල වගකීම රියදුරා දරන්න ඕන. පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා හරියන්නේ නැ මචන්. එකට තමා ඔය නීති හදල තියෙන්නේ පාරේ ඉඩ නැති හින්දනේ බන් ඔය ඩබල් ලයින්, සිංගල් ලයින් දාල...,,,,,, හත් දෙයියනේ මෙතනදීවත් ඉස්සර නොකර ඉදපන් කියල දාල තියෙන්නේ. බස් එක හින්දා හොඳයි අහිංසක මනුස්සයෙක් වැන් එකක අවනම් මොකද වෙන්නේ වෙන්නේ බං. එතකොට ඒ මනුස්සයාගේ දරු පවුල්...?
මම නම් යාලුවෙකුගේ වාහනේක ගියත් හයියෙන් යනවනම් හෙමින් පල කියලා මුණටම කියනවා. ඩ්‍රයිවර් විතරක් නෙමේ හෙමින් යං කියලා නොකියපු defender එකේ අනිත් එවුන් ටිකත් මෙතන වැරදි.