මිද්දෙනිය පොලිස් බල ප්‍රදේශයේ කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබරවාරි 18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දියණියක් ද මියගොස් තිබේ.
සිය පුතා සහ දියණිය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි.
එහිදී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය අතර දියණිය තංගල්ල රෝහලටත් පුතා ඇඹිලිපිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.
තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දියණිය ද පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන පුද්ගලයකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණියයි.
වෙඩිතැබීම සඳහා T56 ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පැවසෙන අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
- https://sinhala.lankanewsweb.net/02/19/153474/