ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    දරුවාට කන්න දෙන්නවත් සල්ලි නෑ - ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    ජනාධිපති ආරක්ෂක අංශයේ පස්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරන් දෙදෙනා පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

    එහිදී ඔවුන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.එම රියදුරන් අනතුර සම්බන්ධයෙන් කළ හෙළිදරවුව පහතින් දැක්වෙනවා.

    ඩිෆෙන්ඩර් රථය පැමිණි පෙදෙසින් පැමිණි බස් රථයේ රියැදුරු සුනිල්

    ඔබ මේ අනතුර දැක්කනෙ ඉස්සරහින් ආපු බස් එකට නතර කරගන්න බැරිද?

    බෑ.. එකපාරටම වංගුවනේ. එහෙම ආවහම නතර කරන්න බෑ. සාමාන්‍ය වේගෙකින් ආවනං මොනවා හරි කරන්න පුළුවන්. මීටර් දහයක් වගේ තමයි එතැන පේන්නේ. තනි තැන වංගුව. හිතන්නේ නෑ ඔච්චර වේගෙන් එයි කියලා. අනෙක් එක එයාට මාවත් පේනවනේ. ඉස්සර කරලා වාහනයක් එයි කියලා හිතන්නේ නෑ.

    ඔබ දැක්කද මේක එනවා?

    මම දැක්කා. ඒත් ඒ දකින කොටම ඒක මගේ ඉස්සරහ. එතකොට තමයි මම පැත්තකට ගත්තේ. ඒත් එතකොට වැදිලා ඉවරයි. ඩිෆෙන්ඩර් එක හැරෙනවා මගේ පැත්තට. මගේ වින්ඩ්ස්ක්‍රීන් එක, ෂෙල් එක, බෆර් එක කැඩෙනවා. මමත් හතළිහට වගේ ගියා.

    එතකොට මොකද කළේ?

    මම බැස්සා. බැහැපු ගමන් එතැන හිටපු අයව ගන්න උත්සාහ කළා. මම අහල පහළ අයටත් කතා කළා. මට මතක පස් දෙනෙක්ව පැටෙව්වා වගේ. දෙන්නෙක් එතැනම වැටිලා හිටියා. කෑලි කැඩිලා තිබුණෙ. ඩිමෝ බට්ටො දෙන්නෙක් ආවා. ඒකේ හිටපු ළමයිනුත් අපිට උදවු කළා. පොලිසිය ආවෙත් ඊට පස්සේ. මිනිස්සුන්ගේ කෑලි තිබුණ වැටිලා.

    අනෙක් බස් එක පාරට කැපුවද?

    නෑ එයා තක්කු මුක්කු වෙන්න ඇති.

    අනතුරත් එක්ක බයක් හිතුණෙ නැත්ද මිනිස්සු ගහයි කියලා?

    අපේ වරදක් නෑ. ඒත් අපි දන්නවා සමාජේ තියෙන අදහස. ඒත් අපිටනං කිසිම දෙයක් කළේ නෑ. හැමෝම හරි බුද්ධිමත්ව වැඩ කළේ.

    මොකක්ද මේ වාහනේ ආපු විදිය ගැන හිතුණේ?

    හිතාගන්න බෑ. මම නං දැකලවත් නෑ මෙහෙම යනවා. වේගෙන් යනවා තමයි. ඒත් පුළුවන් තැන්වල යනවා. අනෙක් තැන්වල හිමීට යනවා එහෙමනෙ.
    මේකේ හිටිය හුඟක් අය තරුණ ළමයි. අපේ දරුවො වගේ. මට මේ අනතුර දැක්කම මතක් වුණේ මගේ දරුවන්ව. ඒ දරුවන්ගේ වයසනේ. වයසක අයව දැක්ක නං මට තරහ යයි. ඒත් මේක දැක්කම පුදුම දුකක් හිතුණේ. මම දැක්කේ වාහනයක් හැප්පුණා වගේ නෙවෙයි. බෝම්බයක් ගැහුවා වාගේ.

    මේ වෙලාවේ පොලිසිය වැඩ කරපු විදිය ගැන මොකද හිතෙන්නේ?

    බොහොම ගෞරවනීයයි. අපිට මනුස්සකමින් සැලකුවා. අපිව කූඩුවේ දැම්මේ රෑ. මොකද ඉතින් අපිව අල්ලගෙන ඉන්නද නැතුව. අපි නීතිය ඉදිරියට අරගෙන ගියා. අපිත් හිතුවෙ අපි දවස් 14කට ඇතුළට දායි කියලා. ඒත් එහෙම කළේ නෑ. මේ රජයට අපි ගරු කරනවා. මේ දේවල්වලට අනවශ්‍ය විදියට මැදිහත් නොවන එක ගැන.

    දැන් ලයිෂන් එක නෑ නේද?

    ඔව්.. දවස් කීපයකට අපිට රස්සාවක් නෑ තමයි. ඒත් අපි නීතියට ගරු කරන්න ඕනෑනේ.

    ඔයාලාගේ වරදක් ඇත්තෙම නැත්ද?

    නෑ.. මම නං දන්න තරමට නෑ. මට තේරෙන්නේ නෑ. මේක කොහොම කොහේ ගියාද කියලා. ඒත් වැඩිහිටියෙක් හිටිය නම් ඇයි නොකියන්නේ මෙහෙම යන්න එපා කියලා. ඔය ගමන යන්න වගකිවයුත්තෙක් ඉන්නවා ඇතිනේ. මේ තරුණ ළමයිනේ. අවුරුදු විසිදෙකයිද කොහෙද. අපි අපේ දරුවෙක්ට බයිසිකලේක යන්න දෙන්නේ නෑ.

    අනතුර ගැන මොකද හිතුණේ?

    ඒ වෙලාවට වඩා දැන් දුකයි. මැරුණ ළමයින් දකින කොට, මවුපියො දකින කොට එයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. මේ ළමයි රස්සාවට එන්න ඇත්තේ කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද? දැන් ඒවා ඔක්කොම ඉවරයිනේ..

    දැන් ආයෙත් ඒ පාරෙ බස් එළවන්න පුළුවන්ද?

    හ්ම්.. මට එහෙම එකක් නෑ. මට එහෙම තිබුුණා නම් තුවාලකාරයෝ වාහනවලට පටවන්නත් බෑනේ.

    ඩිෆෙන්ඩර් රථයට ඉදිරිපසින් පැමිණි බස් රථයේ රියැදුරු සංජීව

    ඔබ වංගුවෙන් වාහනය හරවනවා අපිට අර වීඩියෝ එකේ පේනවා. දැක්කෙ නැද්ද ඩිෆෙන්ඩර් එක එනවා?

    දැක්කෙ නෑ. බස් එක පාරට ගන්නවත් එක්කම මතුවුණා විතරයි දැක්කේ.

    සමහරු කියනවා ඒ වීඩියෝ එකේ තියෙන විදියට ඔයා අර ඩිෆෙන්ඩර් එක පැත්තට ටිකක් අල්ලනවා කියලා?

    නෑ එතැන ඒ වංගුව තියෙන විදියට කෙටි කරලා ගන්න බෑ. කොහොමත් අපි ඉරත් එක්කම තමයි ගන්නේ. නැත්නං බස් එකේ මැද වදිනවා. ඒ වීඩියෝ එකේ පේන්නේ ඉඩ තියෙනවා වගේ වුණාට එතැන ඉඩ නෑ.

    බස් එක නතර කරගන්න තිබුණෙ නැත්ද?

    ඒ වෙලාවේ වැස්ස තිබුණා. ඒ වැස්සත් එක්ක බ්රේක් ගහන්න බෑ. මට බ්රේක් එකට අඩිය තියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

    ඩිෆෙන්ඩර් එක කොච්චර විතර වේගෙන් ආවද?

    පැයට කිලෝමීටර 140ක් විතර නං ඇති.

    වැදුණ ගමන්ම මොකද කළේ?

    මම බස් එක වමට කැපුවා වගේ මතකයි.බස් එකේ වීදුරු කෑලි මගේ මූණට වැදුණා. ඉස්සරහ වීදුරුව බිඳුණා. මම හිතන්නේ මට කල්පනාව නැතිව ගියා. බස් එක ගිහිල්ලා වැටට හේත්තු වුණා. මම විනාඩි පහක් විතර එහෙමම හිටියා. හෑන්ඩ් බ්රේක් ඇදලා මම බස් එකෙන් බැස්සා. ඉස්සරහින් බහින්න බැරි නිසා පිටිපස්සෙන් බැස්සෙ. හතර පස් දෙනෙක් වැටිලා හිටියා. එතකොටත් තුන් හතර දෙනෙක් මැරිලා හිටියා කියලා තේරුණා. මම බස් එකෙන් බැහැලා එතෙන්ට ගියා. මට ඊට වඩා දෙයක් කරන්න බෑ. මම එතැන තිබුණ කඩේට ගිහිල්ලා ඉඳගත්තා.

    මිනිස්සු ඔබට මොකද කිව්වේ?

    මොනවත්ම කිව්වේ නෑ.

    ඔයා ඒ වෙලාවෙ කොච්චර වේගෙන් ආවද?

    මම හෝල්ට් එකක නතර කරලා මීටර් 800ක් යන්න ඇති. මම හතළිහටවත් ගියේ නැහැ. ගියර් හතර මාරු කළා විතරයි.

    බස් එකට නැග්ග නෝනා කෙනෙක්ට මාව දැකලා ඇඬුණා. මල්ලි ඔයාව දැක්කම මට පුදුමයි. බලන්න ඔයාට වුණ දෙයක්. අපි ඕන තැනක සාක්ෂි දෙන්න එනවා කිව්වා.

    දැන් ලයිෂන් එකට මොකද වුණේ?

    අපි උසාවියට ඉදිරිපත් කළා ඇප දුන්නා. මේ මාසේ 30 වෙනකම් ලයිෂන් එක ගත්තා.

    දැන් ජීවිකාව ?

    ජීවිකාවක් නෑ. අපි දවසෙ ගාණ හම්බකරපු අය. මට බත් එක ගේන්නෙත් බස්වල අනෙක් අය. අපි දැන් අසරණ වෙලා. මම දන්න විදියට අපේ බස් කට්ටිය අපිට සල්ලි එකතු කරලා තිබුණා.මට දරුවෙක් ඉන්නවා. අවුරුදු හතරක. එයාලටත් ජීවත් වෙන්න විදියක් නෑ අපිට වෙන ආදායමක් නෑ. මහ ගෙදරින් තමයි එයාලාව ජීවත් කරවන්නේ. මම බස් එක එළෙව්වෙ හරි පරිස්සමට. මොකද මේ ප්‍රශ්න ගැන මම දන්නවානේ. අන්තිමට මේ වෙච්ච දෙයින් ඒ හැමදේම ඉවරයි. අන්තිමට මම අසරණ වෙලා

    logo.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ape sonnayo tika ka gahuwe bus karayo hire damma kiyala lol

    දැන් ජීවිකාව ?

    ජීවිකාවක් නෑ. අපි දවසෙ ගාණ හම්බකරපු අය. මට බත් එක ගේන්නෙත් බස්වල අනෙක් අය. අපි දැන් අසරණ වෙලා. මම දන්න විදියට අපේ බස් කට්ටිය අපිට සල්ලි එකතු කරලා තිබුණා.මට දරුවෙක් ඉන්නවා. අවුරුදු හතරක. එයාලටත් ජීවත් වෙන්න විදියක් නෑ අපිට වෙන ආදායමක් නෑ. මහ ගෙදරින් තමයි එයාලාව ජීවත් කරවන්නේ. මම බස් එක එළෙව්වෙ හරි පරිස්සමට. මොකද මේ ප්‍රශ්න ගැන මම දන්නවානේ. අන්තිමට මේ වෙච්ච දෙයින් ඒ හැමදේම ඉවරයි. අන්තිමට මම අසරණ වෙලා

    :(:(:(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පව් බන් :(
    කොහෙද ඉන්න නැහැදිච්ච සොන්නයො ටිකක් නිසා අහින්සක මිනිස්සු දෙන්නෙක්ට කෙල වෙලා
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන් ජීවිකාව ?

    ජීවිකාවක් නෑ. අපි දවසෙ ගාණ හම්බකරපු අය. මට බත් එක ගේන්නෙත් බස්වල අනෙක් අය. අපි දැන් අසරණ වෙලා. මම දන්න විදියට අපේ බස් කට්ටිය අපිට සල්ලි එකතු කරලා තිබුණා.මට දරුවෙක් ඉන්නවා. අවුරුදු හතරක. එයාලටත් ජීවත් වෙන්න විදියක් නෑ අපිට වෙන ආදායමක් නෑ. මහ ගෙදරින් තමයි එයාලාව ජීවත් කරවන්නේ. මම බස් එක එළෙව්වෙ හරි පරිස්සමට. මොකද මේ ප්‍රශ්න ගැන මම දන්නවානේ. අන්තිමට මේ වෙච්ච දෙයින් ඒ හැමදේම ඉවරයි. අන්තිමට මම අසරණ වෙලා

    :(:(:(

    මචං හොරෙක් නිකන් හොරකම් කරන්නේ නැ නැති බැරි කමට හොරකම් කරන්නේ . එහෙමයි කියලා උසාවියෙන් දඩුවම් නොදී ඉන්නේ නැ. මනුස්සම නම් ඒ බස් කාරයෝ දෙන්නට යන්න දෙන එක. මොකද බස් කාරයොන්ට මාසේ පඩි නැ. එදා වෙල් හම්බකරන් කන්නේ. නමුත් නීතියට අනුව දවස් 14ක් හිරේ ඉන්න ඕනේ.

    උබම කියපන් දෙකෙන් මොකද්ද වෙන්න ඕනේ කියල
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් ජීවිකාව ?

    ජීවිකාවක් නෑ. අපි දවසෙ ගාණ හම්බකරපු අය. මට බත් එක ගේන්නෙත් බස්වල අනෙක් අය. අපි දැන් අසරණ වෙලා. මම දන්න විදියට අපේ බස් කට්ටිය අපිට සල්ලි එකතු කරලා තිබුණා.මට දරුවෙක් ඉන්නවා. අවුරුදු හතරක. එයාලටත් ජීවත් වෙන්න විදියක් නෑ අපිට වෙන ආදායමක් නෑ. මහ ගෙදරින් තමයි එයාලාව ජීවත් කරවන්නේ. මම බස් එක එළෙව්වෙ හරි පරිස්සමට. මොකද මේ ප්‍රශ්න ගැන මම දන්නවානේ. අන්තිමට මේ වෙච්ච දෙයින් ඒ හැමදේම ඉවරයි. අන්තිමට මම අසරණ වෙලා

    :(:(:(

    තාම නඩුව යනවා. බස් කාරයෝ වැරදි කාරයෝ වෙලා නෑ. එතකන් ලයිසන් නවත්තල තියන්නේ. නඩුව එවර උනාම ආපහු දේවි. මේක තමයි සාමාන්‍ය විදිහ. කොහොමත් මේ වගේ අනතුරක් උනාම එක පාරට ආපහු බස් එලවන්න දෙන එක හොඳ නෑ.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    :dull: දැක්කනේ..... බස් ඩ්‍රයිවර්ලා උනාට උනුත් මිනිස්සු....... :(

    උබ ඔහොම කිව්වට ඕකුන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන උන් නේමේ. අනිත් එකා යට කරගෙන හරි ඌගෙ ගමන යන්න හදන උන්. අනිත් දේ 30-40 ඇවිල්ලා වමට කපලා අනතුරක් වලක්ව ගන්න බැරි උන්ට මොන ඩ්‍රයිවින් ලයිසන්ද? මුගේ ලයිශන් එක ජිවිත කාලෙටම අවලංගු කරන්න ඕන.දැන් බොරුවට දුක් වෙනවා පරයා.ඕනෙ නම් ඕකට පුලුවන් මේසන් බාස්කෙනෙක්ට අත් උදව් දෙන්න.ඕකට එතකොට බැරියැයි විල්බැරොවක් වත් පදින්න.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    මාස දෙක තුනකට කලින් මහරගම පොලිසිය අසල බස් නැවතුම්පල අසලදි බස් එකක් තරුන එක් දරු මවක් බස් එකත යට කලා.එතනම මැරුනා.

    මම ඕක ගැන හෙව්වා.බස් හොල්ට් එකෙදි තමයි යට කරලා තියෙන්නෙ.ඌ අනිත් බස්කාරයට කලින් යන්න තමයි හදිසියට කපලා අරන් තියෙන්නෙ.අර කාන්තාවගේ ඔලුව කුඩු පට්ටම් වෙලා.මොන්ටිසොරි යන වයසේ ලමයෙකුගෙ අම්මා කෙනෙක්.අර දරුවගේ ජිවිතයම විනාසයි අර පර බස්කාරයා කරපු වැඩෙන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තාම නඩුව යනවා. බස් කාරයෝ වැරදි කාරයෝ වෙලා නෑ. එතකන් ලයිසන් නවත්තල තියන්නේ. නඩුව එවර උනාම ආපහු දේවි. මේක තමයි සාමාන්‍ය විදිහ. කොහොමත් මේ වගේ අනතුරක් උනාම එක පාරට ආපහු බස් එලවන්න දෙන එක හොඳ නෑ.

    මේ මිනිස්සුන්ට හරි නම් බස් අයිතිකාරයා ගානක් දෙන්න ඔනේ.. නීතියට අපි ඔක්කොම යටයි. අනික මේ අයව හිරේ දාලත් නැ. ඒකම ඇති මේ මිනිස්සුන්ට, අනික ගමේ මිනිස්සුන්ටත් ගරු කරන්න ඔනේ. සාමාන්යයෙන්, ලොරිකාරයෙක් බස්කාරයෙක් කිව්වම ගමේ උන් පැනලා හිරි ඇරගන්න දගලන ආතල් එකක් තියනවනේ. ඒ පැත්තෙන් බලපුවහම නීතීය හරි ආකාරයට හැමොම කරලා තියනවා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ඕක ගැන හෙව්වා.බස් හොල්ට් එකෙදි තමයි යට කරලා තියෙන්නෙ.ඌ අනිත් බස්කාරයට කලින් යන්න තමයි හදිසියට කපලා අරන් තියෙන්නෙ.අර කාන්තාවගේ ඔලුව කුඩු පට්ටම් වෙලා.මොන්ටිසොරි යන වයසේ ලමයෙකුගෙ අම්මා කෙනෙක්.අර දරුවගේ ජිවිතයම විනාසයි අර පර බස්කාරයා කරපු වැඩෙන්.

    E wage unwa e vidiyatama maranna one
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හපෝ.. මාර විදිහට දුක හිතුනා අර අන්තිම ටික ඇහැව්වාම...:sorry:
    කිසිම දෙයක් පිටින් ඉඳගෙන තීරණය කරන්න හොඳ නෑ...:(