මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං.
මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්.
උඔ කාලයක් ඉන්දියන් බයික් වලට ආවඩන ගමන්, ඉන්දියන් කාර් වලට පතුරු යන්න බැන්නා. ඉන්දියන් කාර් කියන්නේ අඩු මලට අලුත් වාහනයක් පදින්න කැමති අයට ගන්න පුළුවන් වාහන. මම මුලින්ම ගත්තේ මරුටි සෙන් ( 2004 ) එකක්. මට ඕන උනේ නෑ මගේ වයසටත් වඩා පරණ AE100 වගේ එකක් ගන්න. ඒවට කැමති අය ඇති. ඒ වගේම අකමැති අයත් ඉන්නවා. මම මගේ වාහනේ කිසිම ලොකු රෙපෙයාර් එකක් නැතුව අවුරුදු 11ක්. කි.මි. 160,000 ක් දිව්වා. දුවලා සාධාරණ ගානකට දුන්නා. මාත් එක්ක AE100 වගේ ගත්ත සමහර එවුන් ගරාජ් වල පදිංචි වෙලා හිටියා බං. මචං මම කියන්නේ නෑ AE100 නරකයි කියලා. බොඩිය හයිය උනාට, පාට්ස් ලාබ උනාට, ලොකු ගනන් වලට ආයිත් විකුණන්න පුළුවන් උනාට, ඒ වාහන වලටත් එනවා ඇඩෙන ලෙඩ.
අනිත් දේ තමා ඔය පරණ ජපන් වාහන ලංකාවේ ඇරෙන්න ගොඩක් රට වල පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අපේ රටේ තමා ඕවට නොවටිනා මාකට් හදාගෙන් පට්ට ගගහා දුවන්නේ. අනිත් රට වල විසි කරන කුණු ගොඩවල් අපි මෙහේ ගෙනත් මාකට් හදාගෙන පාවිච්චි කරනවා.
අනික, හයිබ්‍රිඩ් ගැන. මට තේරෙන්නේ නෑ උඔ ඔය තරම් හයිබ්‍රිඩ් වලට අකමැති ඇයි කියලා. කමක් නෑ, කැමැත්ත අකමැත්ත උඹේ අතේ තියෙන්නේ .. නමුත් ඒවට කැමති එවුන්ට තෙල ගහන්න යන එක වැරදියි. මචං මිනිස්සු පෙට්‍රල්, ඩිසල් වාහන නැතුව හයිබ්‍රිඩ් වගේ දේවල් වලට නැමුනේ නිකන් පස්ස පැත්තේ අමාරුවකට නෙමේ. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට වඩා කාර්යක්ෂම වාහන ලෝකෙට අවශ්‍ය උන නිසා. දැං බලපන් මොන වාහන කාරයද හයිබ්‍රිඩ් ගහන්නේ නැත්තේ කියලා. කොච්චර සල්ලි කාරයෙක් උනත් අලුත් තාක්ෂණය ලං කර ගන්න කැමතියි. ඒක තමා පොඩි වාහනේ ඉඳන් SUV එනකල් හැම ජාතියකම හයිබ්‍රිඩ් එන්නේ.
අනික උඔ මොන සාධක ඇතුවද කියන්නේ hybrid වාහන කල් පවතින්නේ නෑ කියලා ? ඇක්වා, ප්‍රියස් කියෙන්නේ හොඳ වාහන. උඹ කියන්නේ ඒවා ගන්න හැමෝම එක්කෝ මෝඩයි නැත්නම් නොදැනුවත් කියලද ? මචං ඒ වගේ වාහනයකින් අවුරුදු ගානක් ඉතිරි වෙන සල්ලි ප්‍රමාණයෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. උඔ ඒවට සාඩින් ටින් කියන්නේ බොඩිය තුනී නිසාද ? එහෙනම් මට කියපන්, බුලට් පෘෘෆ් එකක් ඇරෙන්නෙ, බොඩිය ඉස්සර කොරොල්ලා වගේ හයියට එන වාහන මොනවද කියලා ? මචං දැං වාහන හදන්නේ සැහැල්ලුවට.. සල්ලි තියෙන එකා කාබන් ෆයිබර් ඒවා ගනීී.. අනිත් ඔක්කොමලා ගන්නේ සාඩින් ටින් තමා බං. ආරත්ෂාව වැඩි වෙන්න උපක්‍රම වැඩිපුර දාලා එවන්නේ ඒකයි. අනික, සැහැල්ලු, එබෙන සුළු බොඩියකින්, වාහනේ පදවන අයට අනතුරකදි එන shock එක සාහෙන අඩු වෙනවා.
දැං බහිමු ප්‍රධාන මාතෘකාවට.. මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්. 2017 ලීෆ් ඉලඟ generation එක එන්නේ සෑහෙන වැඩි මිලකට. ඒ නිසා මේ ලිෆ් එකේ ගානේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමා Nissan Leaf ZE0 and AZE0 වෙනස. දුවන්න පුළුවන් දුර වෙනස් උනාට ගාන වෙනස් වෙන්නේ බොහොම පොඩි ගානකින්.
Nissan Leaf කියන්නේ සෑහෙන්න සැප වාහනයක් ( BMW වගේ තරම් නෑ තමා, මම කියන්නේ සාමාන්‍යෙයන් ). වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ වෙන එකක් ඒ ගානට ගන්න බෑ. ඒ වගේම මම පාවිච්චි කරන නිසා දන්නවා මට මාසෙකට 10K වඩා ඉතුරු වෙනවා කලින්ට වඩා ( ඉස්සරහට smart meter එකත් එක්ක බැලුවම 20K විතර ඉතුරුවක් වෙනවා ), තව service කරන්න යන සල්ලි එහෙමම ඉතුරුයි තව කලින් කිවුවා වගේ බදු සහනය නිසා ලක්ෂ 30ක් විතර පටන් ගනිද්දිම ලාබයි.
මචං වාහන ජපනා එලියට දාන්නේ හොඳට test කරලා, software issues එන්න පුවවන් මොකද computer එකක් තියෙන නිසා. ඒ නිසා ඔය වාහන ගන්න එවුන් උඔ කියනවා වගේ පරීක්ෂණාගාර මීයෝ වෙන්නේ නෑ. එහෙම බැලුවම අර සිරා කියලා පරණ වාහනත පදින උනුත් ඒ කාලේ පරික්ෂණාගාර මීයෝ නේ බං.
මචං තාක්ෂණය ඉස්සරහට යනවා. ඒ එක්කම අලුත් දෙවල්, නවීන උපාංග, නවීන තාක්ෂණයත්, තියෙන වාහනත් එලියට එනවා. ඒවට බයේ හැංගිලා ඉඳලා වැඩක් නෑ මචං. ඒවත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනේ. තමන්ගේ වාහනේ, generation එන එන විදියට මාරු කරනවද නැත්ද කියන එක තමන්ගේ තිරණයක්. ඒකට විශේෂයෙන්ම තමන්ගේ වත්කම් ප්‍රමාණය බලපානවා. නමුත්, මිනිස්සු තමන්ට පුළුවන් විදියට අලුත් වාහන , අලුත් කාක්ණය එක්ක යන එකට වල කපන්න එමා මචං. කැමති එවුන් 1985, AE100 පදීවින අතරේ අනිත් අය Prius, Aqua, Leaf වගේ ඒවා පදීවි. ඒක තම තමන්ගේ කැමැත්ත. ඒකට පොඩ්ඩක් ගරු කරපන්.






